Sunday, June 26, 2016

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)

මියයන තෙක් මගේ එකම ....අරමුණ...පැතුම.....සහ ....කැපවීම ......

  මම වගේ...දුප්පතෙකුව ඉපිද...දුක් කම්කටොළු..අසාධාරණයන් වලට මුහුණ නොදි ....ජිවිතය ගොඩනගන්න..මගේ දරැවන්ටත්...ඒ වාගේම... මම ඉපදුන ගමට...රටට...මෙන්ම...ගමේ ...රටේ  දුප්පත් දරුවන්ටත්  මට හැකි උපරිම පරිදි ... හෝ ...අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම...


මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
........දුප්පත් දෙමව් පියන් දෙන්නට පින් සිදු වෙන්නට ...........ඉගෙන ගැනීමට හැකියාව ලැබූ... මා .......දෙමව් පියන්ගේ කීම නොඅසා දුප්පත්කම මගේ හිත තදින් වෙලා ගත් බැවින් උසස් අධ්‍යාපනයට   නැවතීමේ තිත තැබුවෙමි........ දුක් කම් කටොළු මැදින් පැමිණ  ඉතා අපහසුවෙන් සොයාගත් බ්ලු ඩයමන්ඩ් ආයතනයේ රැකියාවට ආයුබෝවන් කියා ..........යුධ වාතාවරණය ඇති 1985 කාලසීමාවේ .... යූධ හමුදාවේ සෙසු නිලයෙකු ලෙස එක්වී...මරණයේ බිය අත්විදි......මන්නාරම.අඩම්පන් යුධසටනින්......ජීවමාන දෙවිසමිදුන්ගේ පිහිටෙන්.....දිවිගලවාගත්......මා....යුධ හමුදා .උසස් කිරිමේ පාඨමාලාවන්.තුනකදී.ප්‍රථම ස්ථානය දෙවරක්ද.....???... දෙවන ස්ථනය එක් වරක්ද...?? ලබා සාර්ථකව  සමත් වී ......තෙවරක්  නීළධාරියෙකු ලෙස උසස් කිරිමට නිර්දේශ ලබා ....තෙවෙනිවර .......දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ officers' quality test එකට සහභාගී වී ..... යුධහමුදා සෙසු නිළයෙකුට  නොලැබෙන එසේම ....දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ  (Millitary Acadamy Cadet mess )කෙඩෙට් නිළධාරි භෝජනාගාරයෙන්  ආහාර වේලක් ගෙන  ......එක් එක්.......අසාධාරණ ක්‍රීයාවන් මත......නිළධාරියෙකු විමට නොහැකි වූ නිසා .....වසර දාහතරකින්  යුධ හමුදාවෙන් නිත්‍යානු කුලව ඉවත්ව ..........ධනපති පන්තියට අයත් තරැපහේ හෝටලයක වසර 07 ක් සේවය කිරිමෙන් පසුව.....අණවසරයෙන් විදේශීය රටකට ගොස් ..දිවයිනක සිරවී සිට පිටුවහල් කිරිමෙන් අනතුරැව ........ නැවතත් යුධ වාතාවරණය ඇති කාළසීමාවේදී ...........යුද්ධය අවසන් කිරිමට දායක විමෙන් පසු .........සෙසු නිළයෙකු විසින් ලැබිය හැකි.......උසස්ම තනතුර වන බළළත් නිළධාරී 1 තනතුර දක්වා ....පැමීණිම සහ යුධ හමුදාවේ සෙසු නිළයෙකු වශයෙන් විශ්‍රාම ගැනීම සහ ඉන්පසු.........??? ........................??
..........මෙය අවශානය නොවේ.....
         යුධ හමුදා .උසස් කිරිමේ පාඨමාලාවන්.තුනකදී.ප්‍රථම ස්ථානය දෙවරක්ද...දෙවන ස්ථනය එක් වරක්ද...ලබා සාර්ථකව  සමත් වී ......තෙවරක්  නීළධාරියෙකු ලෙස උසස් කිරිමට නිර්දේශ ලබා ..යුධහමුදා සෙසු නිළයෙකුට කිසිම විටෙක නොලැබෙන එසේම ....එසේ දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ  (Millitary Acadamy Cadet mess )කෙඩෙට් නිළධාරි භෝජනාගාරයෙන්  ආහාර වේලක් ගෙන සෙසු නිළයෙකු වශයෙන්ම වීශ්‍රාම ගොස් සිටින තවත් අයවළුන් සිටින්නෙද යන්න මා මියෙන තුරැම සොයමින් සිටින්නෙමි.....ඒ එකම පුද්ගලයා හෝ සෙසු නිළයා මා වන්නේ නම් එයද මාගේ ජීවිතයේ .....දී ....දෙවියනි  ඔබවහන්සේ මට දුන්නාවු මහගු තිලිණයක් වශයෙන් මා විශ්වාස කරන්නෙමි්‍....
       වාසනාව අවාසනාව පොදි බැදනෙ එන අපේ ජිවත කාලය තුලදි මොන කරදර දුක්කම් කටොලු ආවත් ඒ හැම දෙයකටම සාර්ථකව මුහුණ දෙන ආකාරයක් අප දැනගත යුතු වෙනවා...නැත්නම් වෙන්නෙ පරාජිතයෙක් වාගෙ බලාගන ඉන්න තමයි....
වාසනාව අත ලගටම ගෙනවිත් දෙන්නෙත් නැහැ ...මෙන්න කියල.. වාසනාව හොයාගන යන්නත ඕනැ...වාසනාව හොයාගන ගිහින් ලැබුනෙ නැහැ කියලා ආපසු හැරෙන්නත් එපා...එහෙම හැරැනනම් ඒ අය ජිවිතයෙන්ම පරාද වෙනව....
උත්සහය සමග වාසනා මහිමයත් එකතු උනානම් නවතින තැන කියන්න බැරි වෙනවා ..ඒ වගේම වාසනාව නැහැ කියල ආපහු හැරෙන්නත් එපා...
ගත්තු උත්සාහයේ ප්‍රතිපලය භුක්ති විදින්නට ලැබෙනවා
වාසනාව අතින්ම අරනෙ එන අය ඉන්නවා ඒ අය දිහා බලල ඊර්ෂියා කරන්න නම් එපා තමන්ටත් වාසනා මහිමය තියෙනව කියල පොඩි විශ්වාසයක් පමනක් තියාගෙන උත්සාහයෙන් යුතුව කටයුතු කිරිම තමයි වැදගත් වෙන්නෙ.මෙහෙම ලියන්න හේතු ගොඩක් මට තියෙනවා ටිකින් ටික තමා ලියන්න වෙන්නෙ
           There will be times in the very near future I am sure that I will need to come back ... because I can't hide behind my feelings and also facing my lifetime .  but I never  forget every thing............... 
 if I am  hidden. I don't know why.... I thought that.....  

.......මට එය ස්ථිර වශයෙන්ම කීමට හැකියි.... මට සගවන්න බැහැ මගෙ ජිවිත කාලය තුලදි   මම මුහුණදුන් ,දැනුන හා මගෙ අදහස් ඒ දෙවල් කිසිම විටක මට අමතක නැහැ .........මම කවදාවත් අමතක කරන්නෙත් නැහැ....එහෙම කරනවනම්...මම මා ආරක්ෂාකල ජිවමාන දෙවි සමිදුන් ඉදිරියේ බොරැ කාරයෙකු වනු ඇත..... 
        මම හිතුවා මෙයත් ඒ හැම දෙයකම මතකය සහ විසදුම කියලා.. 

 I never shy to tell our family  and whole my lifetime ,,,, We faced and how to solved everything.I can tell.............. no anyone faced crucial time like me...........and before us.......,
      මම සහ අප තරම් මුහුණ දුන් කරදරකාරි ජිවිතයකට කවුරැත් මුහුණ දී නැතිව ඇති කියල මම තවමත් හිතනවා......මම සහ අප කොහොමද ඒ සෑම  දෙයක්ම   විසදගත්තෙ හා ජය ගත්තෙ කියලා ...අතිතය ගැන කියන්න..මම  කිසිවිටකත් ලැජ්ජාවට පත්වන්නෙ නැහැ....එය මට සතුටක් .....මිහිරි අත්දැකීමක්.
..ඇයි අතිතය අමතක පුද්ගලකුට අනාගතයක්ද නැහැ කියල අහල තිබුන මම..
                 Life is funny sometimes, or always.What you plan doesn't  work out or go as scheduled. 
....ජිවිතය එක් අවශ්ථාවකදී හරි හැම විටම  හරිම විනෝදකාරියි....අප සිතන පතන ඒවා සිදුවෙන්නේත් නැහැ...ඒත් අමතක කරන්න එපා නොවෙන්නෙත් නැහැ කියල මතක තියා ගන්න. සිනැහැ ඒ විදිහටම.....
        .මම මගෙ හිත හදාගන්න...මතකය අළුත් කරගන්නත්.... එක්කම මගෙ දැනුම දියුනු කරගන්න කරන වැඩක් කිව්වත් වරදක් නැහැ... ඒ එක්කම මම හිතනව එය කාටහරි වැදගත් වෙයි කියල....
  අපිට අම්ම තාත්ත මෙන්න මේ ටික  උගන්වල තිබුන.....කන්න බොන්න නැතත් අනුනට අයිති කිසිම දෙයක් ගන්න එපා කියල......තමන්ට නැතිනම් හිගාකැවත් කමක් නැහැ......කුලී වැඩක් කරල කියක් හරි හම්බුකරගන කාපන් කියන එක......තවත් එකක් කිව්ව ඒ මොකක්ද දන්නවද  ??කාටවත් ඔලුව පාත්කරල එක එකා පස්සෙ ගිහින් ජිවත් වෙන්න පුරැදු වෙන්න එපා කියල ...පුළුවන්  විදිහට නැතිබැරි අයට උදව්කරන්න පුරැදුවෙන්න .......එක එදා ඉදලම අම්ම තාත්ත කියපු දෙයක්..........ඒ වාගෙම මැරෙන තුරැ ඒ ප්‍රතිපත්තියෙම හිටියා....ඉගෙන ගනිල්ලා......කියපු එක කියපු වාර ගනන නම් මතකයේ නැහැ.හැම දවසකම කටේ තිබුන වචනය....
       ජිවිතේ දුක් කරදර කම්කටොලු මැද ආපු ගමනනම් මහත් විඩාකාරියි.....මානසිකව මම කොයි තරම් පිඩා වින්දද ....මියගියානම් කියල හිතුන වාර ගනන ......ඒ හැම වේලාවකම මට...... මගේ මතකයට ආවේ .... ජේසුනී ඔබව .........දෙවියන් වහන්සේව ..........මරිතුමියව ...... ජපමාලය ...............,.,දෙවියනී......දෙවියනී  ඔබගේ කැමැත්ත මිස මාගේ කැමැත්ත නොම වේවා ....කියපු වාර ගනන කියන්න බැහැ.........ඊට පස්සෙ ඒ කිසිම දෙයකින් මමනම් සැලුනෙ නැහැ.මොකක්ද කියල මමවත් දන්නෙ නැහැ..........ඒ උනාට මොකක්ද ලොකු බලවෙගයක් මා තුල තියෙනව කියල මටනම් විශ්වාසයක් තියෙනව.නැත්නම් මේහෙම ලියන්නවත්  කවදාවක්වත් මට හමුවෙන එකක් නැහැ......

මගේ එකම පැතුම......සහ........කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ...... දුක් කම්කටොළු......අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන්... වචනයකින් හරි  සහයක් විම..... 
...............ටිකක් දිගයි කථාව ඒ උනාට කරන්න දෙයක් නැහැ......කවදා හරි එක් අයෙකු හෝ බැලුවනම් ඒ මට ඇති.....
 ජිවිතයට මුහුණ දීම.......ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... 
...වැදගත් වේවි කවදා හරි.... 





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment