Thursday, April 2, 2015

අවාසනාවන්ත සිදුවීමක් නිසා නැවතත් ඒකකයට යෑම..............

අවාසනාවන්ත සිදුවීමක් නිසා නැවතත් ඒකකයට යෑම..............

     කෙසේ වෙතත් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මා සිටියද ,කිහිප අවශ්ථාවක් විමසීම් කලද කිසිවක් දැන ගැනිමට මා හට නොලැබුන අතර අවශානයේදී මාගේ නම එම  අවශ්ථාවේදීද  ඉවත් වී අනෙකුත් අයවලුන් පුහුණුව ලබන බැව් දැන ගන්නා ලදී.එම මොහොතේදී මට දැනුන.... හැගුන හැගීම් ගැන මට විස්තර කරලීමට නොහැකි වන්නේ දරාගැනිමේ ශක්තියක් ඇතිව මා හොද පුහුණුවක් ලබා තිබු බැවිනි.
       තෙවනි වරටත් සිතුම් පැතුම් එසේ බොද වී යද්දි මාගේ අවසන් තිරණය වුයේ තවත් වසර දෙකකින් හෝ තුනකින් පසු මාගේ වසර දොළහක සේවා කාළය අවශානයේ  යුධ හමුදාවෙන් ඉවත්ව යන බවට ස්ථීර තීරණයක් ගැනිමෙන් අනතුරැවයි.කෙසේ වෙතත් යුධ හමුදාවට රටට සේවය කරමින් සාර්ථක හමුදා දිවියක් ගතකිරිමට එක සිතින්  සිතා කටයුතු කළ මා හට පත්වු තත්වය ගැන කල්පනා කරමින්  අවශානයේදී “සියලු දේ වෙන්නේ යහපතට යනුවෙන් මා සිතටම සීතා“ගැනිමෙන් අනතුරැව..“.දෙවියනී.....දෙවියනී.....මාගේ කමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා ...“.යනු වෙන් පවසා මා සිත සැහැල්ලු කර ගන්නා ලදී. යුධහමුදා සෙසු නිළයෙකුට කිසිම විටෙක නොලැබෙන එසේම ....
සේ යුධ හමුදා කෙඩෙට් නිළධාරි නිවස්නයෙන් ආහාර වේලක් ගෙන සෙසු නිළයෙකු වශයෙන්ම වීශ්‍රාම ගොස් සිටින තවත් අයවළුන් සිටින්නෙද යන්න මා මියෙන තුරැම සොයමින් සිටින්නෙමි.....ඒ එකම පුද්ගලයා හෝ සෙසු නිළයා මා වන්නේ නම් එයද මාගේ ජීවිතයේ ඉතිහාසගත වන කරැණක් වන බැවින්......මාගේ එම උත්සාහය පමණකි..... .....  සියල්ල මා දිවි ගලවාගන්නා ලද ජීවමාන වූ දෙවි පියානන්ට භාර කෙරැවෙමි..............






. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................

මා ලියූ මගේම අදහස්............

අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)


.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

No comments:

Post a Comment