Friday, November 23, 2012

මා ලියු මාගේ අදහස් වූ නිසදැස් ටික..........

01.මගේ සිහිනය...........
එකම ඉරක්.....
එකම සදක්....
පායන තුරැ මේ දෙරණේ.....
නොනිදා මම පහන් කරමි........
එලිවෙන තුරැ සිහිනෙ මගේ..........
         ජාති බේදෙ - කුළ බේදය ...
         වපුරන ඒ බීජ වලින්............
         බිජු ලන්නට - නොදී හොදින්..............
         විසි කරපන් - ගිනි මැලයට................
විනාශ වී - යන එලියෙන්...............
පායන නව - හිරැ කිරනින්.......
උදාවෙනා - නව දිනයක්............
පතනෙමි මම - එකම සිතින්............


02.කුරැටු ගීත..........
පොඩි එකාගෙ කුරැටු ගීත.....
වෙයි සත්‍යය නොවී ඈත....
එපා මකන් කුරැටු ගීත.....
වියැකී යයි ඒ සත්‍යය........
       මනස හොදින් දියණු කරන්.....
       සත්‍යය වටහා ගනිමින් ........
       අනාගතය බාර ගන්න.....
       කුරැටු ගීය හොද හුරැවකි......
පොඩි ගහ දලු ලා වැඩෙනව.....
වැඩිලා මහ රැකක් වෙනව.....
සරැ පලදා ඉන් ලබනව.....
ඉන් පතිළුල සැම ලබනව....

     
මගේ පුතා ගෙදර බිත්තියේ හුණු කුරැ අරගෙන මුලු බිත්තියම වැහෙන්නට කුරැටු ගීත  ලියපු අවශ්ථාවකදී මගේ මතකයට ආ විට ලියු සංකල්පනාවකි.
      එම කුරැටු ගීත ඔහුහට තේරැම් ඇති කාලය වනතුරැම බිත්තියේ ඒ ආකාරයෙන්ම තිබෙන්නට සලස්වන ලදී.

03.රණවිරැ බිරිදක්.......
චුටි පුතුගෙ ටිකිරි සිනා....
පෙනෙනා විට නිවස පුරා.....
මැකී යාවී තනිකම මගෙ....
ගෙවනා විට දවස පුරා.....
        තනිකම පාලුව දැනුනත්......
        නුඹ නිවසේ නැති දිනවල....
        පියා නුඹේ සිටියෙ එවිට....
        රට රැක ගන්නයි සටනේ....
දිරිය පියෙකි නුඹගෙ පියා....
ඒවි නුඹව බලල යන්න....
බැහැ නොකියා ආව විගස....
සතුටු කරන් උඹ පියාව....


04.මගෙ චුටි දුවට.....
චුටි දුවගෙ මුකුළු හිනා.......
මගෙ දෝතට තුරැළු කරන්...
සැමදා ඉන්නේ සිහිනෙන්...
නුඹව දකින්නයි.......
      ඹබගෙ කිරි සුදු දත්පෙළ....
      සුදට සුදේ දිලිසෙන විට....
      මගේ දෙනෙත් ඒ එලිනේ....
      අවදි කරන්නයි....
හිනෙන් නොව සැම දිනකම .....
හැබහින් මම තුරැළු කරන්...
හද හාමී කතන්දරය........;
කියලා දෙන්නයි.......


05.අපේ නිදහස....
නිදහස් කම කරපිට නැග.....
ගුටි බැට දෙන හැටි  හොදටම....
අමතක වී ගියත් නුඹට......
නොවේ ඒක නිදහස්කම.....
           බේර ගන්න...රැක ගන්නට .....
          දිවි පුදලා - ගත් නිදහස...
          එහේ මෙහේ - යන්නට දී...
          බලා සිටී - නිකමුන් ලෙස....
මිල නොකලහැකි වටිනා කම....
ගන්නට ඇත සුලු මුදලට...
එහෙව් ඇත්තො -වෙසෙන රටක....
පවතීවිද....??? නිදහස්කම......?????



06.යුධ පිටියේදී.........
ඝණ අදුරේ සීතලයේ....
නිදි මරමින් සිටිනා සද...
කුමක් නිසා නිදි මරම්ද....????
මහ කැළයේ ගස් ගල්යට.....
       රැහැයි නදින් සිතුවිලි මගෙ...
       බිදී ගියත් එක මොහොතක....
       දැනේද ඒ... වෙහෙස ඔබට....
       චුටි පුතුගෙ උනුසුම මැද....


07.රණවිරැ බිරිදක්ගේ සිතුවිලි....
චුටි පුතුගෙ උපන් දිනේ....
නුබේ පියා ඈත ඉමේ...
තල් සෙවනේ බංකරයේ....
රට රැක ගන්නයි සටනේ.....
       පුතා දැකපු මුල් දිනයේ...
       කිරි එරැණත් මගෙ දෙතනේ....
       කදුළු බිදක් මතුවුයේ...
      ඔබේ පියා  ගැන සිතලයි......
බොදවු මගෙ දෙනෙත් වලින්....
සිගිති මුහුණ මට පෙනුනත්....
කදුලු තුලින්  මම දුටුවේ....
රට රකිනා නුඔගෙ පියයි.......

08.කරැණාබර පියතුමන්ට.....
දරැවන් ටික රැක ගන්නට...
ජිවිතයෙන් ජය ගෙනෙන්ට...
වෙහෙස වෙලා වැඩ කරනා..
කරැණාබර පියාණෙනී....
         ශරිරයම වැරහුණ මුත්...
         එහෙත් තවම වැඩෙහි යෙදී...
         කරනා දවසේ කුලියෙන්...
         රැක ගන්නට දරැවන් ටික...
කන්න දෙන්න එක වේලක්...
යවා ගන්න පාසැලකට..
අනාගතය සරැ කරවා...
නොම වන්නයි - මෙහෙම දුකක්....

10. දරැවන්ටයි මේ ඔවදන......
ටිකිරි සිනා - මුව කමල පුරා....
රැදෙනා විට - දවස පුරා
ගතේ වෙහෙස - හිතේ වෙහෙස
මැකිල යාවි එක - විලසම
       ඔබත් පුතේ ලොකු වූ පසු......
       දැනේවි ඒ වෙනස ඔබට .....
       නොම නොකරන් - සතුරැ කමක්...
       හැදූ වැඩූ - මව් පියනට....

11. ඩොලර් ඩිනාර් සොයන අයට....
රන් කහවනු - ඩෙලර් ඩිනාර්
කුට්ටි පිටින් ලැබෙනවාලු...
ගෙදර වැඩට - වත්තෙ වැඩට..
කම්කරැවොත් යවනවාලු...
      විදේශ විනිමයත් සොයන්.....
       රන් කරවනු පොදි බැදගෙන...
        තරැණ තරැණියන් අපගේ....
        බිලි දෙන්න් තරැණ කමයි....
තරැණදිවිය කැප කරලා..
රන් කහවනු මොටද පුතේ..
රට තුල  උපයන මුදලක්....
වටිනව ඒ සැමට වඩා....


12.රණබිම වෙත යාමට පෙර....
දරැ දෙදෙනගෙ දෙඅත් වලින්...
උණුසුම් විය මාගෙ දෙපා....
දෙදණ නමා සිරස නමා...
සමු දෙන්නයි සුදානම..
        දෙපා මෙන්ම හදවත මගෙ...
        නතර වුනේ එක මොහොතක්...
        සිතට දුකක් එය පියාට....
        සමු ගන්නා නිසයි එදින....
දැනුනත් මගෙ සිතට දුකක්...
මතු වූවත් කදුළු බිදක්...
වියකී යයි එය සැනෙකින්....
මා කරනා මෙහෙය සිතා.....

13 සෙබල සිතුවිල්ලකි....
සුරකිමි රට - දිවි හිමියෙන්
බේර ගන්න - සතුරො අතින්
කටුක වුවත් - දරැණු වුවත්
සුරකින්නෙමි - දිවිය ගියත්
        චුටි දුවගෙ - චුටි පුතුගෙ
        මුහුණු බලා - එන දිනයේ
        දැනුනේ මගෙ - හිතට දුකක්
        තනිකරදා - පැමිනි නිසයි
සිතන විටදි - අනාගතය
දරැවන් මෙන් - රටේ සැමගෙ
තනියක් නැත - වැලි කතරේ
පරදන විට - සතුරො අපේ


14.සිතුවිල්ලක්.....
නිසසල බව බිදිමින්....
මහ ගස් කොළ බිම හෙලමින්...
කදු හෙල් ටික පෙරලවමින්...
යන්තරවල හඩ ඇහෙනව....
ඉදි කරනට මහ ගෙඩනැලි....
    තරැණ තරැණියන් පෝලිමෙ...
   ජීවිතයෙන් ගොඩ යන්නට...
   හැඩට රැවට සැරසෙන්නට...
   ගේ දොර සරසා ගන්නට...
   දෙමව් පියන් රැක ගන්නට...
දුවත් පුතත් රැකියාවේ...
කුඹුරැ ටිකත් පුරන් වෙලා...
වී බිස්සත් හිස් විලා...
නැහැ බලන්න කිසිම අයෙක්...
   හැඩට රැවට ඇදුම් මසති..
   මහ මුහුදින් එහා අයට...
   එය බලලා ගැමි දරැවොත්...
   පැරණි සිරිත් අමතක කර..
   ඒ ක්‍රමයම හුරැ වේවී....
රජ කාලේ රජ දරැවන්..
සහල් යැවු ලෙසට එදා....
නැහැ දරැවන් පෙළඹෙන්නේ...
උජාරැවට සෙච්චමකට...
වහල් වෙලා පොඩි මැසිමට.....

මා ලියු මාගේ අදහස් වූ නිසදැස් ටික..........
තවත් බලන්නට ......
තවත් ලියා ඇත.... නිදහස් වේලාවකදී කියවන්න......
                     ජිවිතයට මුහුණ දීම.....
          ..ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... ඔබත් බලන්න
                 ...වැදගත් වේවි කවදා හරි.... 
.. මා ලියු මාගේ අදහස් වූ නිසදැස් ටික..........
ඉතිරි කොටස...............

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

        මා විසින් ලියන ලද තවත් නිසදැස් 

No comments:

Post a Comment