Friday, November 23, 2012

My son


 *"This life is a dream.* *Only a sleeper considers it real."*
My Son
..................................My Son S Charuka Ashan Jayamalka Silva Who was bron on 28 September 1993 at North Colombo Central Hospital in Ragama........   I received a Message  on 20 September 1993 my wife was admitted his deliver.  at that time I was work in Sri  Lanka Army at Nugelanda Army Camp in Ampara District and ready Our troops moving Jaffna to participate " YALDAVI OPERATION " which was held in 1993
.........................Unfortunately I Have not permission to go on leave to see my wife crucial  condition who was in hospital deliver my first Child....

චූටි පුතා ඉපදෙන්න දවස් කිහිපයකට කලින් බිරිදට වෙලා රාගම ඉස්පිරිතාලයට ඇතුලත් කරලා තිබුනා.....එතකොට මම හිටපු ඒකකය උනේ  8 වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව අණදෙන නිළධාරි වශයෙන් හිටියේ කර්නල් කොතලාවල........ඉස්පිරිතාලයට බිරිදව ඇතුලත් කලා කියලා පනිවිඩය මට ලැබෙන විට අපේ ඒකකය යාපනයේ යාල්දේවි ක්‍රීයාන්විතය යන්න සුදානම් වෙලා තමයි හිටියේ....මම ඒ වනවිට ඒකකයේ සංඥා අංශයේ සැරයන් වශයෙන් රාජකාරා කරමින් හිටියේ........අපේ ගුවන් විදුලි යන්ත්‍රය ගලවන්නේ සියල්ලම ඉවර වෙලා අන්තිමටම ඒක සාමාන්‍යෙයන් හමුදාවක ක්‍රීයාවයි.....මමත් එදින අන්තිමටම ගුවන් විදුලි යන්ත්‍රය ගලවන්න සූදානම් වෙන විටම ආව පනිවිඩය තමයි පුතාව ලැබෙන්න  බිරිදව රෝහල් ගත කල බව.....එම පණිවිඩය අහපු මම උතුර දකුණ නැතිව ගියා එය මේ අවශ්ථාවේ මා කෙසේ පවසන්නද....එහෙත් නොකියා මම යාපනයේ යන්නේ කෙසේද...? ප්‍රශ්ණ ගොඩකට මා මැදිව කල්පනා කලෙමි...එහෙත් මොන ප්‍රශ්ණයක් වුවත් මම මෙය පැවසිය යුතුයි...........එක පැත්තකින් ක්‍රීයාන්වත රාජකාරිය............අනෙක් පැත්තෙන් මගේ ප්‍රථම දරැවා ලැබෙන්න බිරිද රෝහල් ගත කිරිම............
සියළුම අයවළුන් යාල්දේවි ක්‍රීයාන්විතය යන්නට සූදානමින් මම දෙලොවක් අතර ....ඔනෑම දෙයකට මම මුහුණ  දිය යුතුයි.....මෙය යුධ හමුදාව බැවින් එහි තත්වය මා දනිමි ......අවශානයේදී මම මගේ ප්‍රශ්ණය ඒකකයේ විධායක අධිකාරි හමුවිමෙන් පසුව අණදෙන නිළධාරි වන කර්නල් ඩී සී කොතලාවල හට පවසන ලදී....ඔහුගෙන් කිසිදු සහනදායි වචනයක් මා හට නොලැබෙන  බැව් මා දැන දැනත් මෙය යොමු කරන ලද්දේ එය මා විසින් පැවසිය යුතු වු නිසාවෙනි............අවශානයේදී මට ලැබුන පිලිතුර වුයේ ක්‍රියාන්විතය ගොස් ඉන් පසුව දරැවා බලන්න යැයි යන නියෝගයයි..........යුධ හමුදාවේ ඉහලින් ලද නියෝගයක් කඩකිරිම දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් බව මා හොදාකාරව දනිමි........මා පත්ව ඇති තත්ත්වය කා හට නම් පවසන්නද.......? එසේම එය කෙසේනම් කඩකරන්නද.....එවිට අප ඒකකය අයිත්තමලේ මහඔය පාලඩිවත්ත නුගේලන්දට යන කදවුරැවල සිට ක්‍රියාන්විතය යාම සදහා ත්‍රීමලය වෙත ගොස් ගුවන් මගින් යාපනය බලා යාමට සූදානමින් සිටියෙමි..........කදවුරින් පැනයාමටද හිතුන වාර ගනන කියන්නට බැරිය........එවිට යුද්ධයට බියෙන් පැන ගියායැයි අසන්නට ලැබෙන බැවින් එම අදහසද ඉවත් කරන ලදි.....

                   
               His Grand Mother She loves More than us
 එහෙත් සහනදායි පිලිතුරක් බලාපෙරොත්තුව මාගේ සුපුරැදු වචනයන් වු දෙවියනී ......දෙවියනි ඔබගේ කැමැත්ත මිස ......මාගේ කැමැත්ත අනුව නොම සිදුවේවා................මා මටම කිහිප වරක් පවසමින්........මා ගෙලබැදි කුරැසිය කිහිප වරක් සිප ගත්තෙමි..........මා යුධ හමුදාවට බැදුන දින සිට ඕනෑම  බැරැරැම් අවශ්ථාවන් වලදී මාගේ මුවින් පිටවු එම වචන පෙළ කී වාරයක් නම් තෙපලන්නට ඇත්ද.... මා පත්වී ඇති මෙම අවශ්ථාවේ එකම තීරණය......එකම පිහිට............
කුමකු කරන්නද යන්න මට හිතා ගැනීමටවත් නොහැකි අවශ්ථාවක් විය....සියළුම අයවළුන් සමග පිටත් විමට සුදානම් විය....මා අවසන් බස් රථයෙන් යාපනයේ පැවැත්වෙන යාල්දේවි ක්‍රීයාන්විතය සදහා පිටත්ව යාම පිණිස ත්‍රීකුණාමලයේ මංකිබ්‍රජ් කදවුර වෙතට යන ලදී ....මේ අවශ්ථාවේදී පුද්ගලයෙකුගේ මානසිකත්වය කෙසේ ඇත්දැයි යන්න තේරැම් ගැනීමට හැක්වන්නේ නම් ඒ එවන් අවශ්ථවයකට මුහුණ දුන් අයෙකු විනා වෙනත් අයෙකුට නම් සිතා ගැනීමටවත් අපහසු කටයුත්තක් වනු ඇත.
බසය ඉදිරියට යන විනාඩියක් විනාඩියක් පාසා මට ගෙදර බිරිද මැවි මැවි පෙනෙන්නට විය.....එහෙත් රාජකාරිය.....ක්‍රීයාන්විතය......ඒවා කෙසේ වුවත් මම නැවතත් නිළධාරිට මතක් කිරිමට අදිටන් කර ගතිමි......

විනාඩි කිහිපයකට පසුව මා හට අණදෙන නිළධාරි හමුවන ලෙස දන්වන ලදී...................මම එම නිළධාරි හමුවට යා යුතුය....එය මාගේ ප්‍රශ්ණයට සහනදායි පිලිතුරක් හෝ වෙනත් පණිවඩයක් විමටද ඉඩ ඇත. 



First he Studied primary education at Gampaha Gothami Vidyalaya


අණදෙන නිළධාරි වන ජේසී කොතලාවල හමුවීමෙන් අණතුරැව මා හට පවසා සිටියේ තමන් දැන් සංඥා අංශයේ රාජකාරින් කෝප්‍රල් තිලකරත්නට භාරදී අම්පාරට ගොස් පෙරියපිල්ලමලේ ඇති වාහනයත් රැගෙන අඹේපුස්සට යන ලෙසත් අඹේපුස්සට ගොස් ගුවන් විදුලියෙන් තමන් අමතන ලෙසත් ඉන්පසු ගෙදර ගොස් තම දරැවා බලා එන ලෙසත් දැන්ම දින 07 ක නිවාඩුවක් දමා යන ලෙසත්ය.
එම පනිවිඩය ලද විගස මා ලද සතුට කියන්නට තරම් මා හට වචනයන් නැත..............මා අදහන දෙවියන්ට ස්තුතිය ප්‍රකාශ කිරිමෙන් අනතුරැව නැවතත් මා අම්පාර බලා පිටත්විය.

ලී කොට තොගයක් සමග ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් භාරයට පත්වීම

අම්පාරට ගොස් පිල්ලුමලේ කදවුරට ගොස් මා විසින් රැගෙන යා යුතු වාහනය සොයා ගැනීම පිණිස එහි අණදෙන නිළධාරි හමුවිය. ඔහු විසින් මා රැගෙන යා යුතු වාහනය පෙන්වීමෙන් අණතුරැව මාගේ ඇගේ හීන්දාඩිය පිටවිය.එයට හේතුව වුයේ වාහනය පුරවා තිබූයේ කොට වගයක් සහ එම පලාතේ නිවෙස් වලින් ගලවා ගන්නා ලද ඉතා නවීන පන්නයේ ඉරන ලද ලී තෙගයක් මෙන්ම කළුවර කදන් කිහිපයක්ද එයට ඇතුලතින් දැක ගන්නට විය.










He got 172 Marks from five years scholarship exam which was held in 2003...and entered to Royal College Colombo












බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment