Monday, November 19, 2012

පළමුවන රාජකාරිය....සේරැවාවිල පන්සලේ.....

සේරුවාවිල රජමහා විහාර
සේරුවාවිල රජමහා විහාර
         
මගේ මුල්ම රාජකාරය උනේ සේරුවාවිල රජමහා විහාර ආරකෂක කටයුතු වල නිරත වෙන්නයි.අපි අලුතින් ආපු සියලුම දෙනාව එක පැත්තකට දැම්මා පන්සල කිට්ටුවම.පලමුවන රාත්‍රී මුරයත් කරනු ලැබුවා.

කෝප්‍රල් කුලතුංග අප භාරව සිටින ලද කෝප්‍රල් වන අතර නිළධාරින්ගේ නම් එපමන මතකයක් නොමැත.
   රජ මහා විහාරයේ හැම තැනක්ම වැද පුදා ගනු ලැබුවා.සතුටින් මාස දෙකක් පමණ හිටියා.ඉන් අනතුරැව අපි අළුතින් පැමිනෙන ලද කිහිප දෙනෙක් සිංහ රෙජිමේන්තුවේ ඊ කියන ඛණ්ඩායමට ඇතුලත් කලා.............ඒ අයට සේරැවාවිල රජමහා විහාරයේ රාජකාරින් වලින් මිදී යාපනයේ ඊ ඛණ්ඩායම සිටින ස්ථානයට යන්න සිදුවුනා........මම ඇතුළු දහදෙනෙක් .........ඒ අතර වුනා........

සේරුවිල රජ මහා විහාරය එදා සහ අද මා ශ්‍රී ලංකා යුධ හමුදාවට 1985 මැයි මාසයේ 17 වෙනි දින බැදී පුහුණුවෙන් අනතුරුව මාගේ පලමු ක්‍රියාන්විත රාජකාරිය මෙන්ම පලමු වරට අවියක් අත දරා හමුදා ලෙබලකු වශයෙන් රටට ජාතියට සේවයක් කරන ලද්දේ සේරුවිල රජ මහා විහාරස්ථානයේය... මම මගේ ජීවිත කතාව අන්තර්ජාලයට යොමු කරමින් මේ බැව් සදහන් කර ඇත.මම යුධ හමුදාවට බැදෙන්නේද ඉන් විශ්‍රම යන්නේද අමතක කල නොහැකි මතකයන් ගොන්නක් කර පින්නා ගෙනය...ඒ වාගේම මාගේ ජීවිත කතාව අසන්නේ කියවන්නේ නම් ඉන් වැදගත් පණීවිඩ කිහිපයක් සදහන්ව ඇත. සේරුවිල වැනි බුදුන් වහන්සේ වැඩි ඒ වාගේම උන්වහන්සේගේ ලාලා ධාතුන් වහන්සේ වැඩසිටි මෙම විහාරස්ථානයේ මාගේ පළමුවන රාජකාරිය ඉටුකරන්නට ලැබීමත් ඉතාමත් වාසනාවන්තයෙකු වූයෙමි... සේරුවිල රජමහා විහාරස්ථානයට කන්තලේ සිට කිලෝ මිටර් පණහක් හෝ හැටකට ආසන්න ගනනක් ඇති අතර සූරියපුර,සෝමපුර,සිත්තාරුව,(1988 - 1889 කාලවකවානුවේදී නැවතත් මම මෙහි රාජකාරින් ඉටුකරන ලදී)සේරුනුවර,අලිඔලුව,සේරුවිල දක්වා යන ගමන් මාර්ගය වේ... මෙම සේරුවාවිල රජමහා විහාරද්ථානයේ ඒ වන විට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කණ්ඩායමක් ආරක්ෂාව සදහා ස්ථනගත කර සිටි අතර එය මේජර් ගණේගොඩ මහතාගේ බී කණ්ඩායම විය..මා ඇතුලු කිහිප දෙනෙක් මෙම කණ්ඩායමට අතුලත් කරන ලදී... විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ ආවාස ගෙට දකුණූ පැත්තේ පිහිටා ඇති බණ ශාලාවේ මා ඇතුලු සියලුම දෙනාට නවාතැන් ගන්නට සිදුවිය... ඒ සදහා එවකට කෝප්‍රල් නිළයේ සිටි කෝප්‍රල් කුලතුංග සහ කෝප්‍රල් වේරගොඩ සිටි අතර ඔවුන් විසින් අප දැනුවත් කර ආරක්ෂක ස්ථානයන් සදහා යොමු කරන ලදී.... මාගේ පළමුවන මුර රාජකාරියට නම්කරන ලද අතර මා හට සිදුවීයේ රාත්‍රී අට දහය රාජකාරියත් ඉන්පසු පාන්දර දෙක හතර රාජකාරියත්ය.... මෙය මගේ මතකයේ තැන්පත්ව ඇත.මුර රාජකාරින් කරන ලද ස්ථානය පවා මතකයේ ඇත. මා විසින් මුර රාජකාරින් කරන අතර තුරදී මාගේ මනස දිව යන්නේම මෙම විහාරස්ථානය පිළීබදව හැදින්විමේදී ආරක්ෂාව සම්භන්ධයෙන් කටයුතු කිරීම හා විහාරස්ථානයේ වැදගත්කම පිළීබදව දුන් විස්තරයට අනුව විහාරස්ථානය නිවි සැනසිල්ලේ දැක බලා වන්දනාමාන කිරීමයි... එහෙත් එය එකපාරටම කල නොහැකි වුවත් කෙසේ හෝ බලා වන්දනාමානයන් ටු කිරීමට අවශ්ථාවක් ලබාදෙන බවත් ඒ දිනය පිලිබද සිහින මවමිනි.... කෙසේ වෙතත් අපගේ පළමුවෙනි මුර රාජකාරින් නිමවා විවේකයන් ගෙන සවස් වරුවේ අප සියල්ලන්වම මෙම විහාරස්ථානය වටා රැගෙන යන ලද්දේ අප භාරව සිටි කෝප්‍රල් වරුන් දෙදෙනා විසිනි...ඒවා බලමින් සිටන අපට ඒවා පිළීබද විස්තර කර දීමද ඔවුන් විසින් ඉටු කරන ලදී.. එවකට ත්‍රස්ත්‍රවාදීන්ගේ ඉලක්කයක්ව තිබී මෙම ප්‍රෙද්ශයේ වැදගත් කම මෙම කණ්ඩායම දැන සිටි අතර එහි අහිංසක සිංහල ජනතාවට ප්‍රහාර එල්ල කරමින් මරා දැමීම.. වනාශ කිරීම.. පලවා හැරීම කර එම ප්‍රෙද්ශ අත්පත් කර ගැනීමට එක් එක් අවශ්ථාවන් වලදී පුහාර එල්ල කරන ලදී... දින කිහිපයක් යන විට අමතක නොවන සිදුවීම් පමණක් නොව වර්ථමානයේ සිහිකරන විට මහා පුදුම සහගත දේවල් මෙම භුමිය තුලදී අත්විද ඇත.... දින සති මාස කිහිපයක් ගත වෙද්දී මෙම පුදබිම අපේම ස්ථානයක් බවට පත්විය...ගම් වැසියන්ගේ මෙන්ම මහානායක ස්වාමින් වහන්සේලාගේද සහය අපට නොඅඩුවම ලාබාදෙන ලදී..
.................................................
සේරුවිල ප්‍රෙද්ශයේ අවට ගම්මාන සහ පුද්ගලයන් පිලිබදව
................................................... මා මේ සදහන් කරන්නේ අදින් වසර තිස්පහකට පමණ පෙර සේරාවිල රජමහා විහාරය හා එහි ගම්වැසියන් පිලිබදව විස්තරයි.... සේරුවාවිල රජමහා විහාරස්ථානය ඉදිරිපිට ඉතාමත් දිලිදු බව කියාපානා කඩ කිහිපයක් තිබුණී.ඒ කඩ පහක් හෝ හයක් විය....එහි සිටි කිහිප නෙකු මාගේ මතකයේ ඇත....දුප්පත් බව.එහි සිටි මිනිසුන්ගේ ඇදුම් ආයිත්තම් වලින් ඒ බැව් මනාවට පැහැදිලි විය...හිසේ ඇති කෙස් පවා වියලි බවින් යුක්තයි...අහිංසක දිවි පෙවත්ක ගත කිරීම...කඩපිලට එකතුව දාන් සෙල්ලම් කිරීම..ඔවුන්ගේ හැසීරීම් රටාව මා විසින් අධ්‍යයනය කරන ලදී... මෙම විහාරස්ථානය සතු ඉඩම් හෝ කුඹුරු අස්වැද්දමින් තම ජීවිතය ගෙවා දමමින් සිටි අතර පන්සලේ දානමය කටයුතු පවා බොහෝ අවශ්ථාවන්හි ඉටු කරන ලද්දේ හමුදා කදවුර විසින්ය..සමහර දිනවලදී දානමය කටයුතු සදහා කිහිප දෙනෙක් පැමීණීම සිරිතක් විය... ගම් වැසියන් කිහිප දෙනෙක් ඉද හිට හෝ මෙම විහාරස්ථානයට පැමිණෙන අතර විහාරස්ථානයට දිනපතා ආවතේව කරන කාන්තාවන් වැඩිහිටියන් ලමා ලපටින් සිටිනු දැක ඇත...අප සමගින් ඉතාමත් කුලුපගව කතා බහ කරමින් අප සහ ඔවුන් අතර මිත්ත්‍රත්වය ගොඩනගා ගන්නා ලදී... ඒ ඔවුන් හා අප ඡායාරුපයන් පවාගන්නා තරමටත්,ඔවුන්ගෙන එන ආහාර අපවෙත දීමත් තරම් අමතක නොවන මතකයක් ඇත්තේ අපට ඉතාමත් ගරුසරුව කතා කරමින් ඔවුන්ගේ අවංක භාවය අප වෙත පිරිනමන බැවිනී....එය අමතක කල නොහැකි තවත් මතතකයන්ය... මෙම ජනතාවගේ ගැමි සුවද මෙන්ම දුගී දුප්පත් බව කෙසේ වෙතත් මහත්මා ගතිය පැරණි සිරිත් විරිත් අගය කල යුතුයි....මා මට හැකි සෑම අවශ්ථාවකදීම විහාරස්ථානයේ මෙන්ම වැඩිහිටියන් මුණගැසී කථා කරනු ලබන්නේ විස්තර දැන ගැනීමේ පිපාසයක් මාතුල තිබූ බැවිණී.... .................................................................................................................... ප්‍රෙද්ශයේ පිහිටීම..... 01.සේරුවාවිල රජමහා විහාරස්ථානයට මුහුණලා සිට ගන්නේ නම් දකුණූ අත පැත්තේ ඇත්තේ සිංහල ගම්මානයන්ය..... ඒවා නම් සෝමපුර ...එතනින් හැරී ලංකාපුර ගම්මානය හරහර දෙහිවත්ත එම ස්ථානයේද යුධ හමුදා අණු කණ්ඩයක් තිබෙන ලදී.....එහි පාසැලක් ඇත...
සියලුම අයවලුන් ගොවිතැන මුල්කර ගනිමින් ජිවිකාව ගෙනයන අතර..මසුන් ඇල්ලීම වෙළද කටයුතුද කරමින් සිටියද දුප්පත් මෙන්න යමක් කමක් ඇති අයවලුන්ද එහි දක්නට හැක....ඉතාමත් පිරිසිදු දිය මාර්ගයක් ගලා යන අතර එහි ජලය ඉතාමත් නිල්වන් පැහැයෙන් යුක්තව ඇත...කුඹූරු යාය අවසන් වූ පසු ඇත්තේ මහා වනයයි...න් පස්සේ ඇත්තේ දෙමල මිනිසුන් දිවි ගෙවනා ගම්මානයි.... සේරුණූවර සහ සෝමපුර තවත් ගම්මා දෙකකි..මේවා තරමක් ඇතින් පිහිටා ඇතත් ඒවා වෙත කිසිවෙකුටත් වාහන ගමන් බිමන් යන්නේ නැති තරමට භයානක කමක් ගන්නේ ත්‍රස්ත්‍ර ස්‍රියා නිසාය... ඉදහිට පැමිණෙන ත්‍රස්ත්‍රවාදින් මිනිසුන් මරා දැමීම..බිය ගැන්වීම මේ කාලයතුලදී සිදුවෙනලදී.... එතනිනන් කන්තලේ දක්වා ප්‍රධාන පාර ඇතත් ආරක්ෂක හමුදාවේ උපදෙස් නොමැතිව ගමන් යන්නේද නැත...පාර දෙපස ඇත්තේ මහා කැලය වන බවින් කිසිදු ගෙයක් දොරක් එම මාර්ගයේ සිත්තාරු පාලම පසුකර සූරියපුරට යන තෙක් නොමැත....මෙම මහා වනයෙන් සේරුවාවිල සිට කන්තලේ දක්වා එනවිට දකුණූ අත පැත්තේ තිබෙන්නේ දෙමල ගම්මානයන්ය.... ........................................................................................................................ 02.සේරුවාවිල රජමහා විහාරස්ථානයට මුහුණලා සිට ගන්නේ නම් වම් අත පැත්තේ ඇත්තේ දෙමල සහ මුස්ලිම් ගම්මානයන්ය..... ඒවා නම් සෙල්වනගර්....තොප්පූර්...මුතුර්...සහ ත්‍රීකුණාමලයයි... මෙම ගම්මාන අතුරින් දෙමල සහ මුස්ලිම් ජනතාව කිසිදු දිනෙක මම දන්නා කාලසීමාවේ මෙම මාර්ගයේ ගමන් ගන්නේ නැත.එම අයවලුන් තම අවශ්‍යතා ටු කර ගන්නේ ත්‍රීකුණාමලය හරහා ගොස්ය..ඒ හමුදා කදවුරු එම මාර්ගය්නහි පිහිටා ඇති නිසාද තමන්ගේ පහසුව නිසාද යන්න මා නොදනිමි... මෙම කාලසීමාව තුලදී මුස්ලිම් නිවාස කිහිපයක් සහ දෙමල නිවාස කිහිපයක්ද...මුස්ලිම් සිංහල අය විවාහ මෙන්ම දෙමල සිංහල විවාහයන් කිහිපයක් ඇතිබැව් අසා ඇතත් දැක හෝ කතා කර නොමැත...ඒ එම අයවලුන් අප සමගින් වැඩි කුලුපග බවක් නොදක්වන බැවින් මෙන්ම මෙම විස්තර ලබා ගන්නේද මෙම ගමේ විසූ විඩිහිටියෙක්ගේ මාර්ගයෙනී...එම සෑම අයෙකුම නිදසේ සිටියහ.එහෙත් යම් යම් කලබල කිරී තත්වන් වෙන අවශ්ථාවන් වලදී බියට පත් වෙන බවද සදහන් කරන ලදී.... මෙම කාලසීමා තුලදී දිලිදු මිනිසුන්ගේ මෙන්ම දෙමව්පියන් තම දරුවන් පාසැල් යැවීමට කටයුතු කරන ආකාරය දක්නට ලැබුනත් බොහෝ අයවලුන් පාසැල් යාමට මැලි කමක් දක්වන බව සදහන් කල හැක... සේරුවිල පාසැල මෙන්ම දෙහිවත්ත පාසැලත් දහම් පාසැල් සදහා විහාරස්ථානයත් ඇතත් පැමිනෙන සිසුන් තාමත් අවම මට්ටමක තිබුනාද එම ප්‍රෙද්ශයේ ජන ප්‍රමාණයද යන්න කිව නෙහෙැක.... මෙම විහාරස්ථානයේ රාජකාරින් කිරමේදී එක් එක් අමතක නොවන සිදුවීම් කිහිපයක් අතරින් මාගේ මතකය වත්මන් වන විට දිව යන්නේ මා සමග සිටි අයෙකු සෑම දිනකම හොල්මන් දැක බිය වීමයි...එනම් මහා රාත්‍රි කාලයේ ගිනි බෝලයන් මෙන්ම මහා විකාර දේවල් මේ භුමියේ ඇති බවයි....සෑම දිනකම නොවුනත් එක් එක් දිනවලදී මේවා දකින මොහු බියටපත් වෙමින් සිටින ලදී...එදා පටන් අදටත් යුධ හමුදාවෙන් විශ්‍රාම සුවයෙන් සිටියද ඔහුගේ නම අප ඔහු අමතන්නේ හොල්මන් යන අරුත ඇති හොලා යනුවෙනී..අදටත් අප මිතුරන්ව එසේ කථාකරනු ඇත...
.................................................................................................................................
එකල වෙනත් මාර්ගයන්හි ගමන් ගත් මුස්ලිම් ජාතිකයන් මෙවැනි විහාරස්ථානයන් වෙත පැමිණීම එතරම් යහපත් වන්නේ නැත....
...............................................................................................................................
මෙම සටහන අද දින ලියන්නට තරම් මා හට අදහසක් පහලවුයේ ඇයිද යන්න පුශ්ණයක් වුවත් මෙවැනි දේ නොදන්නා අයවලුන්ට පෙන්වා දීම අපගේ යුතුකම වන බැවිණී....අද 2012 මැයි මස 16 දින මම යුධ හමුදාවට බැදීමට ගිය දිනය...හා බැදුන දිනය...පුහුණූව ආරම්භකල දිනය 1985 මැයි මස 17 දිනය... මේවා පැවසීම අනාගත පරපුරට පෙන්වා දීම අපගේ යුතුකම වන්නේ මෙවැනි වටිනා ඉතිහාසගත සිද්ධස්ථානයන් මෙන්ම රටේ ඉතිහාසය වෙනත් ජාතින් විසින් අත්පත් කර ගනිමින් සිටි........ එයට හේතුව වන්නේ අපගේ අපේ රටේ දුප්පත්කම බිලිබා ගැනීමට තරම් ලොකයේ මිනිසුන් ධනවතුන්ව ඇති බැවිණි...
..මුදලට වශ්තුවට සියල්ලම බිලීබා ගත හැකි වුවත් අවසානයේ ඉතිරි වන්නේ තම තමන්ගේ අවංක චේතනාවට හා කරනා ලද යහපත් දේවල් වල ප්‍රතිපලය පමණයි.... තේරුම් ගැනීම ඔබ සතුව ඇත..
අතීතයේ මෙයට වසර තිස් පහකට පෙර මාදුටු සේරුවාවිල රජමහා විහාරස්ථානය වර්ථමානය වෙන විට වෙනස් වුවද...
මතක අතීතය..... කිසිවෙකුටවත් අමතක කර දැමිය නොහැකිය.... යන්න සදහන් කරමී.... මම මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත. එය විශ්වයේ ජීව බල ශක්තිය උූපයෝගී කරගනිමින් කරන වෙදකමයි..
The Healing Of Universal Life Force Energy විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා වෙබ් පිටුව www.srilankaelle.com යූ ටියුබ් Sri Lanka Elle දුරකතන අංකය 0718669451


යාපනයේ ප්‍රථම රාජකාරින් නාවට්කුලි ...................


ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment