
ඒ වාගේම රූපස්ලාගේ තාත්තත් ඒ දවස් වල ගමේ හිටිය හොද එල්ලේ ක්‍රීඩකයෙක් .....ශ්‍රීයානන්දගේ තාත්ත එඩිමාත් නිල් රූපස්ගේ තාත්තා පිටර් සිල්වාත් හොද එල්ලේ ක්‍රීඩකයො..... තව ගොඩක් අය හිටියා.
මේ තරග සදහා සහභාගී උන අයවලුන් අතර වැඩිහිටි අය හිටියා රූපස්ලාගේ තාත්තා හැම වේලාවකම හිටියේ ඔලුවේ ජටාවක් බැදගෙනයි.....දයානන්ද ශ්‍රියානන්දනලාගේ තාත්තා වුන එඩි මාමා හැම වෙලාවකම කඩියෙක් වාගේ හැම තැනකම දුවනවා...එල්වින් මාමත් හිටියා ඇල්පෙන් මාමා...නීල් රුපස්ලාගේ තාත්තා පීටර් සිල්වා...පෝල් අයියා...මාර්ෂල් සුනිල් අයියා....සුනිල් ධර්මසිරි අයියා....විමලේ අයියා ඒ අතර හිටියා තවත් නම් ලියන්න තියෙනවා........
ඔන්න ඔය විදිහට තරග නරඹලා අපිටත් ඒ ආභාෂයම ලැබුනා ....අපිත් ගෙදර ඇවිත් .......එල්ලේ ගහනවා ......වාගේම පාසැල් ගිහින් ඇවිත් දුවන්නේ නිශ්සන්කලාගේ වත්තට.....ඒ දවස්වල එයාගේ නම ජෝන් පීටර් .......එතන එල්ලේ ගහනවා.........ගමේ කොල්ලො අපේ වයසෙ හා ටිකක් වැඩිමල් අය..... ගෙඩක් එනවා ඒ අය අතර මම අපේ අයියා රංජිත් සිල්වා.බොනිපස් ඇන්ටනි.කැලිස්ටර් සිල්වා.පිටර් සිල්වා ජෝසප් පැට්ට්‍රක්.ආනන්ද.හැරිසන්.තවත් නම් වශයෙන් පසුවට ලියන්නම්.......
බෝල හොයා ගන්න නැති උනහම කොළවලින් ඔතාගත්තු බෝලයක් අරගන අපි සෙල්ලම් කරනවා නැතිනම් ප්ලාස්ටික් බෝලයක් අරගන්නවා..........පොල් පිත්තේන් තමයි එල්ලේ ගහන්නේ ........නිශ්සංකලාගේ වත්තේ සෙල්ලම් කරනවිට සමහර අවශ්ථාවන් වලදී අපේ අම්ම හොගෙන එනවා පාඩම් කරන්න කියලා එලවන වේලාවලුත් තියෙනවා..........වටේම තියෙන්නේ කුරුදු වතු ඒ වතුවලට බෝලේ ගියත් හොයා ගන්න පුලුවන්... වැහි දවස් වලට මේ හැම තැනකම වතුර පිරෙනවා... හැම වත්තකම වතුර පිරිසිදු වතුර ගලාගෙන යනවා...ඒ වතු තියෙන තැන්වල මාලුත් න්නවා දන්ඩි හදනලයි තිත්තයෝ වගෙම ලොකු මාලුත් ඉන්නවා ... සමහර වෙලාවට අපි අල්ලනවා ..ඒ ඇල්ලුවාට උන්ට හිිරිහැරයක් නම් කරන්නේ නැහැ...ඒ වතුර වලවල් වල බැහැලා අපි වතුර ගව ගන්නවා වලවල් තිබුනොත් පැනලා මඩ වෙනතුරු නානවා...නිශ්සංකලාගේ වත්තේ එහෙම වලක් තියෙනවා..අපි ඒකට පනිනවා...පස්සේ ගෙදරින් හොදටම බැනුම් සමගින් කෝටු පාර වදිනවා...ඒ වැහි කාලයට...වතුවලින් ගලාගෙන යන වතුර හරිම පිරිසිදුයි...සමහර වෙලාවට අපි ඒවා බීමටත් ගන්නවා.....
....ඉතින් රූපස්ලාගේ ගෙවල් ලගත් එල්ලේ ගහනවා අපේ කට්ටියගෙන් එතන සෙල්ලම් කරන්න ගන්නේ ටික දෙනකු පමනයි .......අපි ගොඩක් වෙලාවට කරන්නේ බලාගෙන ඉන්න එක... මට මතක හැටියට මම එතන සෙල්ලම් කරලා තියෙන්නේ එක පාරක් හරි දෙපාරක් හරි පමණයි .......ඒ පැත්තේ අය ගෙඩක් ඉන්න නිසා අපිට එතන සෙල්ලම් කරන්න අවශ්ථාවක් නැහැ...........දැන් වාගේ ඒ පැත්තේ ගෙවල් නැහැ තුනක් හතරක් තමයි තිබුනේ හොදට ඉඩකඩ තිබුනා.....සෙල්ලම් කරන්න....වටේම ටිකක් කැලය තමා ඒ කුරැදු ඉඩම්......කජු පුහුලම් ගස් අඹ ගස් පේර දොඩම් හැම තැනකම වාගේ තිබුනා.........ඒ වාගේම කොස් ගස් ඇති තරම් තිබුනා.....වැල වරකා නම් කොපමන කෑවත් එපා නම් වෙන්නේ නැහැ..........
....අපේ ගමට මම හරිම ආදරෙයි...පුදුමාකාර ගමක් මම දන්න හා විශ්වාස කරන හැටියට..හරිම සාරවත්...ගම ගැන වෙනම ලියන්න වෙනවා...ගමේ හිටිය පැරැන්නොත් එහෙමයි...පුදුමාකාර අමාරුවකින් දිවි ගෙව්වත් වර්ථමානය තම් පීඩනයක් නම් නැහැ...
නීල් රූපස් ..ඩොනල්ඩ් අයිවන් ..සිසිර කුමාර.. ක්‍රීස්ටි.. බොනීපස් කුමාරපේලි සිල්වා..නිමල් සිල්වා...සරත් කුමාර..ප්‍රසන්න ඩයස්..එරික් මර්වින් සිල්වා... එහෙම සෙල්ලම් කරන්නේ හොරගොල්ල කණ්ඩායමට. ඒ කණ්ඩායමට කවුරු හරි මදි උනහම අපේ අයිය රංජිත් සිල්වාව ඒකට අර ගන්නවා ....එයා තමයි අපේ කණ්ඩායමේ ටිකක් හොදට සෙල්ලම් කරන්නේ....ලක්ෂ්මන් සිල්වා බුංවල කණ්ඩායමෙන්....ඒ වාගේම තිබ්බොටුගොඩ ගාමීණි විද්‍යාලයේ එකම පන්තියේ හිටපු ගෙඩක් අය හිටියේ හොරගොල්ලේ ඒ කණ්ඩායමේ.......අපේ ඇදුනුම්කම් ඒ නිසා වැඩියි...............ඒත් හොරගොල්ල කණ්ඩායමට අපෙන් ඇතුලත් කර ගන්නෙත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණයි......ඒ අතර මම එස් ජූඩ් සිල්වා..ජගත් කුමාර...ඔස්කා සිල්වා...නාමල් බංඩාර..ග්‍රේෂන්. ඇන්තනිත් ඉන්නවා..
හොරගොල්ලේ ඩෙනල්ලාගේ වත්තේ එල්ලේ තරග පැවැත්වෙනවා.........ඩෙනල්ලාගේ තාත්තා ඇල්පෙන් සිල්වා ඒ ගැන උනන්දු වෙලා වැඩ කරනවා ඒ වාගේම නීල් රූපස්ගේ තාත්තා පිටර් සිල්වා එයත් එහෙමයි........ඒ තරග හැම ඉරිදාවකම පවත්වන්න පටන් ගත්තා.........එම ස්ථානයේ ගණේමුල්ල එහා හොරගොල්ල කුඩාබොල්ලත මිදෙල්ලවිට පන්සල්වත්ත යන එල්ලේ කණ්ඩායම් සැම ඉරු දිනම තරග පවත්වන්න කටයුතු කලා...........අපේ ටිම් එකේ හිටපු දක්ෂතම ක්‍රීඩකයා උන රංජිත් සිලවාත් ඒ කණ්ඩායමට අරගත්තා ටිකෙන් ටික.....ඒ වාගේම ලක්ෂ්මන් සිල්වාව බුංවල ටීම් එකෙන් අරගත්තා.......ඒ එකම පංතියක හිටපු නිසා ......ඒ අය ඒ කණ්ඩායමට සෙල්ලම් කරන්න යනවිට අපිත් ඒ අය සමග හොරගොල්ලේ කණ්ඩායමට ගියා.....
කැමල් අයියාට රෝද පුටුවක් ලබාදීම |
හොරගොල්ල දීපශීකා ක්‍රීඩා සමාජය ආරම්භවීමට මුලික කරුණක් වුයේ වැඩි හිටියන් විසින් පවත්වාගෙන ගිය කණ්ඩායම වුනේ හොරගොල්ල ශාන්ති එල්ලේ කණ්ඩායමයි.ඒ කණ්ඩායම දිවයිනේ දක්ෂතම කණ්ඩායමක් තමයි..ඒ උනාට ඒ පලාතට අපිට කිට්ටු වෙන්න බැහැ.අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්න ගමන් අපිත් පුහුණු වීම් කරනවා..
හොරගොල්ල දීපශිකා ක්‍රීඩා සමාජයේ ආරම්භය එතනින් පටන්ගත්තා......අවශානයේදී නීල් රැපස්ගේ නායකත්වයෙන් ජාතික ශුරතාවය අරගන්නා තුරු ඉතා අපහසු ගමණක් ආවා මම යුධ හමුදාවට ඇතුලත් වෙනතුරු දීපශිකා ක්‍රිඩා සමාජයේ හිටියා.....තරග කිහිපයකට පමණක් සෙල්ලම් කරන්න අවශ්ථාව ලැබුනා.එහෙත් බොහෝ තරග මට තරග කරන්න අවශ්ථාවක් ලැබුනේ නැත්තේ මගේ අදක්ෂකමක් නිසා නෙමෙයි.කියලා මම දන්නවා..මම පොත්වල වැඩට ලකුණු දමන්න..පොත හදන්න...ලක්ෂණට කරනවා...එක පිලිවෙලකට...වෙන කවුරුවත් එය කරන්නේ නැහැ...ඒක නීල් දන්නවා...මට කියනවා සමහර දවස්වල මට කියලත් වෙන අයව දමපු අවශ්තාවයන් තියෙනවා...මා සමගින් සිටි නාමල් බංඩාර...ඔස්කා ද සිල්වා ..ජගත් කුමාර වැනි අයව දමනවා..සමහර අය මා තරම්වත් දක්ෂද කියලා මම දන්නේ නැහැ...ඒත් මට කණගාටුවක් ඇති උනාට මම මගේ රාජකාරිය උසස් අන්දමින් ආදරයෙන් කරගෙන ගියා...නිවේදකයෝ නැති උනාමත් මම එය කරනවා...මුල් කාලයේදී පසුව දක්ෂ ක්‍රීඩකයින් ....නිවේදකයින් එනවිට අප ටිකෙන් ටික ඒවායින් අයින් උනත් ...මම මගේ රාජකාරිය...දීපශිකා ක්‍රීඩා සමාජය වෙනුවෙන් කරගෙන ගියා..තරගයකට දැම්මේ නැහැ කියලා හිතේ දුකක් තිබුනත්...කණ්ඩායම දමල කවදාවක්වත් ගිහින් නැහැ..ඔවුන් සමගින්ම හිටියා හැම දෙයකටම උපදෙස් දෙමින්...කණ්ඩායම දිනෙන් දින දක්ෂ ක්‍රීඩකයින් එක් වෙන්න පටන් ගත්තා..මම තවත් එයට හැකි හැම විටකම උදව් කලි මගේ දැනුුමේ හැටියට....මම ඉන් ඉගෙන ගත්තු දෙයක් මම එල්ලේ ක්‍රීඩාවට.. සමාජයට මෙන්ම රට වෙනුවෙන්ද ඉටු කරන්න උත්වාසාහ කලා..
තරගයකින් අනතුරුව සහ තරගයක් පැවැත්වීමට පෙර අපි සියල්ලන්ම රැස් වෙන්නේ හොරගොල්ලේ කැමල් අයියලාගේ ගෙදරයි..එහේ පොඩි පොඩි කතන්දර කරමින් කාලය ගත කරනවා.....කැරම් ගහනවා දාම් අදිනවා..කැමල් අයියා බෝල සකස් කරනවා...මට ඒ දිනවල කැරම් හොදට සෙල්ලම් කරන්නත් පුලුවන්...පැරදුන කණඩායම නැගිටින්න ඕනේ ඒ වාගේම දාම් අදින්නත් යනවා..රාත්‍ර නවය දහය වෙනකම් එහෙමම ගත කරනවා....
නීල් රැපස් ලංකාවේ දක්ෂතම ක්‍රීඩකයා වෙලා දීපශිකා එල්ලේ කණ්ඩායම ලංකාවෙන්ම දක්ෂතම කණ්ඩායම වෙන විට අපෙන් වෙන්න ඔනෑ යුතුකම මම නොපිරිහෙලා ඉටුකලා......නීල් රැපස් එල්ලේ සම්මේලනයේ භාන්ඩාගාරික වෙලා ඉන්න කොට එල්ලේ සම්මේලනයේ සභාපති වෙලා හිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ........මම නිල් හමු උන හැම වෙලාවකම කථාකලේ එල්ලේ ක්‍රීඩාවේ අනාගතය සහ එල්ලේ ක්‍රිඩකයින්ගේ අනාගතය ගැනයි.......මම එක එක යෝජනා ඉදිරිපත් කලා ඔහු ඒවා එල්ලේ සම්මේලනය සමග කථාකලා......ඒ වාගේම දිපශිකා ක්‍රීඩා සමාජයේ සංවත්සරය වෙනුවෙන් පුවත්පතක් පවා නිකුත් කලා......එය එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් නිකුත් උන ප්‍රථම එල්ලේ සගරාවයි........................
.....මම විශේෂයෙන්ම කියපු දෙයක් තමයි එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙන යන්න සෑම කෙනකුගේම ආශාව..... ඒ නිසා ඒ ගැන ක්‍රීයා කරන්න....කියපු එක ඔහුත් ඒ මතයේම හිටියා ....ඒ ගැන ක්‍රීයා කලා ....ඉංදියාවේ තරගයක් පවත්වන්න සිංගප්පූරැවේ තරගයක් පවත්වන්න සැලසුම් කලා....මම කියපු...අනික් එක ....එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනියන්න අන්තර් ජාලය උපයෝගි කරගන්න කියපු එක.............මම එතකොට යුධ හමුදා මුලස්ථානයේ රාජකාරි කලේ....නීල් රැපස් වැඩකලේ වරාය අධිකාරියේ වැඩ ඇරිලා එන සෑම අවශ්ථාවකදිම මම කිව්ව කාරනයත් එයයි.........ඔහුත් එය පිලි ගත්තා............
ඒත් නීල් රැපස් මියයන තුරැත් එය ක්‍රීයාත්මක වුයේ නැහැ.........හදිසි අනතුරකින් .තුවාල ලැබූ නීල් රැපස් කොළඹ මහ රෝහලේ ඉන්න විට මම බලන්න ගියා ....දක්කහම දුකක් කණගාටුවක් හිතුනත් කරන්න දෙයක් නැහැ .......මමත් කණගාටුවෙන් බලාගෙන ඉදලා එන්න ආවා.........ටික දවසකින් නීල් රෑපස් මියගියා....කණගාටු දායක පුවතක් උනත් ඒ හැම දෙයකටම අපි මුහුණ දිය යුතුයි..........ඔහුගේ අවමංගල්‍ය කටයුතු ඉතාත් හොදින් කරන්න අපි සිතා ගත්තා........ මමත් අපේ අයියා රංජිත් සිල්වාත් එය සංවිධානය කලා දීපශිකා ක්‍රීඩා සමාජයේ අනෙක් අයවළුන් සෑම සහයෝගයක්ම දුන්නා........ලංකාවේ එවකට හිටපු කණ්ඩායම්.දක්ෂ ක්‍රීඩකයින් ඒ සදහා සහභාගී උනා......ඉතාමත් ගාමිභීර විදිහට එල්ලේ ක්‍රීඩකයෙකුට ලබාදිය හැකි උසස්ම ගෙෘරවය ලබා දෙන්න හැකි විදිහට එය සංවිධානය කරලා ...........අවමගුල් උත්සවය ආරම්ශක කථාව මම කලා... ඇවිත් හිටපු දේශපාලකයින්ට කථාවන් භාර දුන්නා ....ඉන් පසුව අවමගුල් උත්සවයේ කටයුතු කරගෙන ගියේ අපේ අයියා............
එවකට එල්ලේ සම්මේලනයේ සභාපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් ආවා..............අවමගුල් උත්සවයෙන් පසු ටික කාලයකින් දීපශිකා එල්ලේ කණ්ඩායම ටිකෙන් ටික පස්සට ගිහින් නැත්තටම නැතිව ගියා.............
නැවතත් හොරගොල්ල දීපශිකා ක්‍රීඩා සමාජය ගොඩ නගන්න අප කිහිප දෙනෙක් උත්සාහ කලත් ....ආරම්භ කර ටික දිනකින් එය නැවත ගොඩ නගා ගන්න බැරි තත්වයකට පත්වුනා.........එයට විශේෂ හේතුන් කිහිපයක් තිබුනා ඉන් එකක් නම් කණ්ඩායමේ සිටි කිසිවකුත් පරාජය දකින්නට කැමති උනේ නැහැ .........ඒ අය දැනගෙන හිටියේ නැහැ ....පරාජය ජයග්‍රහනයේ ජය මාවත කියලා...........
ඉන් පසුව මම තිරනය කලා එල්ලේ ක්‍රිඩාව අන්තර්ජාලයට ඇතුලත් කරලා මම මගේ යුතුකම ඉටු කරනවා කියලා ඒ අනුව එය තනියම හෝ කරන්න .......අපේ පැරැන්නන් මතක්කරන්න....එය අනාගත පරපුරට පෙන්වන්න ඔනැ නිසා ........කිසිම දෙයක් කාගෙන්වත් බලාපොරොත්තුවක් නැතිව ........ඒ වැඩය කරන්නට උත්සාහ ගත්තා............
වර්ථමානයේ මම අවංකවම සතුටට පත් වෙනවා එල්ලේ ක්‍රීඩාව ලොවට පෙන්වන්න මම ගත්තු උත්සාහය සහ එය කොපමන දුරකට සාර්ථක උනාද කියනවානම් ........ලෝකයේ එල්ලේ ක්‍රීඩාව නෙදැකපු නොදන්න අය ට දැනගන්න
ඔබත් එල්ලේ ක්‍රීඩාව පිලිබද තොරතුරැ බලන්න
Facebook Sri Lanka Elle බලන්න
Youtube Sri Lanka ELle (එල්ලේ තරග විඩියෝ බලන්න
blog/web එල්ලේ ක්‍රිඩා තොරතුරැ සිංහල හෝ ඉංග්‍රිසියෙන් බලන්න
Wikipedia අන්තර්ජාල එල්ලේ ශබ්ද කෝෂය බලන්න
එවකට එල්ලේ සම්මේලනයේ සභාපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් ආවා..............අවමගුල් උත්සවයෙන් පසු ටික කාලයකින් දීපශිකා එල්ලේ කණ්ඩායම ටිකෙන් ටික පස්සට ගිහින් නැත්තටම නැතිව ගියා.............
නැවතත් හොරගොල්ල දීපශිකා ක්‍රීඩා සමාජය ගොඩ නගන්න අප කිහිප දෙනෙක් උත්සාහ කලත් ....ආරම්භ කර ටික දිනකින් එය නැවත ගොඩ නගා ගන්න බැරි තත්වයකට පත්වුනා.........එයට විශේෂ හේතුන් කිහිපයක් තිබුනා ඉන් එකක් නම් කණ්ඩායමේ සිටි කිසිවකුත් පරාජය දකින්නට කැමති උනේ නැහැ .........ඒ අය දැනගෙන හිටියේ නැහැ ....පරාජය ජයග්‍රහනයේ ජය මාවත කියලා...........
ඉන් පසුව මම තිරනය කලා එල්ලේ ක්‍රිඩාව අන්තර්ජාලයට ඇතුලත් කරලා මම මගේ යුතුකම ඉටු කරනවා කියලා ඒ අනුව එය තනියම හෝ කරන්න .......අපේ පැරැන්නන් මතක්කරන්න....එය අනාගත පරපුරට පෙන්වන්න ඔනැ නිසා ........කිසිම දෙයක් කාගෙන්වත් බලාපොරොත්තුවක් නැතිව ........ඒ වැඩය කරන්නට උත්සාහ ගත්තා............
වර්ථමානයේ මම අවංකවම සතුටට පත් වෙනවා එල්ලේ ක්‍රීඩාව ලොවට පෙන්වන්න මම ගත්තු උත්සාහය සහ එය කොපමන දුරකට සාර්ථක උනාද කියනවානම් ........ලෝකයේ එල්ලේ ක්‍රීඩාව නෙදැකපු නොදන්න අය ට දැනගන්න
ඔබත් එල්ලේ ක්‍රීඩාව පිලිබද තොරතුරැ බලන්න
Facebook Sri Lanka Elle බලන්න
Youtube Sri Lanka ELle (එල්ලේ තරග විඩියෝ බලන්න
blog/web එල්ලේ ක්‍රිඩා තොරතුරැ සිංහල හෝ ඉංග්‍රිසියෙන් බලන්න
Wikipedia අන්තර්ජාල එල්ලේ ශබ්ද කෝෂය බලන්න
එල්ලේ ක්‍රීඩාව ගැන එල්ලේ ක්‍රිඩකයින් පිළිබද තොරතුරැ සෑම විස්තරයක්ම අඩංතු කර ඇතත් තවත් විස්තර ඇතුලත් කිරිමට මා උත්සාහ ගනිමින් සිටින අතර මෙසේ හෝ එල්ලේ ක්‍රීඩා තොරතුරැ අන්තර්ජාලයට යොමුකරන්නට ලැබිම ගැන...... මම සැබැවින්ම සතුටට පත්වන්නේ එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන්......හා පැරණි ක්‍රීඩකයින් වෙනුවෙන් තරග නරඹන්නන් වෙනුවෙන් මා විසින් ඉටුකල යුතු යුතුකමක් යැයි මා සිතන නිසයි.......
එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් නිර්මානය කරඇති පුවත් පත එලිදැක්වීම ......
.
එසේම...මා නිර්මානය අන්තර්ජාල පිටුව අන්තර්ජාලයට මුදාහැරිම මාගේ මිලග බලාපොරොත්තුවයි......
මාගේ මෙම බලාපොරොත්තුවද මල්පල ගන්වමින් වසර දහසු ගනනක අතිතයක් ඇති එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් සිංහල සහ ඉංග්‍රීසි මාධයයෙන් ලියවුන ප්‍රථම එල්ලේ අන්තර්ජාල පිටුව ලෝක ජනතාවට දැක බලා ගැනීම සදහා මුදා හරින ලදි.
මා මෙයින් ලබනා ආත්ම තෘප්තිය කොතෙක්ද කියලා කියන්නට නම් මට බැරිය.එය කිසිම දිනක මුදලට ගත නොහැකි දෙයකි.......... මා මුදල් පසුපස හබා ගියෙහි නම් එවැන් තෘප්තියක් මා කෙසේනම් ලබා ගන්නේද.....?මුදලින් මිලකල නොහැකි මෙම ආත්ම තෘප්තිය පිළිබදව මා කෙසේ නමි විග්‍රහ කරන්නේද යන්න මා නිරතුරැවම කල්පනා කරමි............දෙවියනී.....................ඔබට මා සදා නයගැතියි..............ඔබ වෙනුවෙන් මා තව තවත් කැප වෙන්නෙමි.........මා හට ඉටු කිරිමට තවත් බොහො රාජකාරින් ඇත........ඒ සදහා මා හට ඥාන ශක්තිය මෙන්ම ඉවසීම ලබා දුන මැනව මා ආරක්ෂා කල මැනව..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
No comments:
Post a Comment