Sunday, October 4, 2015

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)

මියයන තෙක් මගේ එකම ....අරමුණ...පැතුම.....සහ ....කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
........දුප්පත් දෙමව් පියන් දෙන්නට පින් සිදු වෙන්නට ...........ඉගෙන ගැනීමට හැකියාව ලැබූ... මා .......දෙමව් පියන්ගේ කීම නොඅසා දුප්පත්කම මගේ හිත තදින් වෙලා ගත් බැවින් උසස් අධ්‍යාපනයට   නැවතීමේ තිත තැබුවෙමි........ දුක් කම් කටොළු මැදින් පැමිණ  ඉතා අපහසුවෙන් සොයාගත් බ්ලු ඩයමන්ඩ් ආයතනයේ රැකියාවට ආයුබෝවන් කියා ..........යුධ වාතාවරණය ඇති 1985 කාලසීමාවේ .... යූධ හමුදාවේ සෙසු නිලයෙකු ලෙස එක්වී...මරණයේ බිය අත්විදි......මන්නාරම.අඩම්පන් යුධසටනින්......ජීවමාන දෙවිසමිදුන්ගේ පිහිටෙන්.....දිවිගලවාගත්......මා....යුධ හමුදා .උසස් කිරිමේ පාඨමාලාවන්.තුනකදී.ප්‍රථම ස්ථානය දෙවරක්ද.....???... දෙවන ස්ථනය එක් වරක්ද...?? ලබා සාර්ථකව  සමත් වී ......තෙවරක්  නීළධාරියෙකු ලෙස උසස් කිරිමට නිර්දේශ ලබා ....තෙවෙනිවර .......දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ officers' quality test එකට සහභාගී වී ..... යුධහමුදා සෙසු නිළයෙකුට  නොලැබෙන එසේම ....දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ  (Millitary Acadamy Cadet mess )කෙඩෙට් නිළධාරි භෝජනාගාරයෙන්  ආහාර වේලක් ගෙන  ......එක් එක්.......අසාධාරණ ක්‍රීයාවන් මත......නිළධාරියෙකු විමට නොහැකි වූ නිසා .....වසර දාහතරකින්  යුධ හමුදාවෙන් නිත්‍යානු කුලව ඉවත්ව ..........ධනපති පන්තියට අයත් තරැපහේ හෝටලයක වසර 07 ක් සේවය කිරිමෙන් පසුව.....අණවසරයෙන් විදේශීය රටකට ගොස් ..දිවයිනක සිරවී සිට පිටුවහල් කිරිමෙන් අනතුරැව ........ නැවතත් යුධ වාතාවරණය ඇති කාළසීමාවේදී ...........යුද්ධය අවසන් කිරිමට දායක විමෙන් පසු .........සෙසු නිළයෙකු විසින් ලැබිය හැකි.......උසස්ම තනතුර වන බළළත් නිළධාරී 1 තනතුර දක්වා ....පැමීණිම සහ යුධ හමුදාවේ සෙසු නිළයෙකු වශයෙන් විශ්‍රාම ගැනීම සහ ඉන්පසු.........??? ........................??
..........මෙය අවශානය නොවේ.....
         යුධ හමුදා .උසස් කිරිමේ පාඨමාලාවන්.තුනකදී.ප්‍රථම ස්ථානය දෙවරක්ද...දෙවන ස්ථනය එක් වරක්ද...ලබා සාර්ථකව  සමත් වී ......තෙවරක්  නීළධාරියෙකු ලෙස උසස් කිරිමට නිර්දේශ ලබා ..යුධහමුදා සෙසු නිළයෙකුට කිසිම විටෙක නොලැබෙන එසේම ....එසේ දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ  (Millitary Acadamy Cadet mess )කෙඩෙට් නිළධාරි භෝජනාගාරයෙන්  ආහාර වේලක් ගෙන සෙසු නිළයෙකු වශයෙන්ම වීශ්‍රාම ගොස් සිටින තවත් අයවළුන් සිටින්නෙද යන්න මා මියෙන තුරැම සොයමින් සිටින්නෙමි.....ඒ එකම පුද්ගලයා හෝ සෙසු නිළයා මා වන්නේ නම් එයද මාගේ ජීවිතයේ .....දී ....දෙවියනි  ඔබවහන්සේ මට දුන්නාවු මහගු තිලිණයක් වශයෙන් මා විශ්වාස කරන්නෙමි්‍....
       වාසනාව අවාසනාව පොදි බැදනෙ එන අපේ ජිවත කාලය තුලදි මොන කරදර දුක්කම් කටොලු ආවත් ඒ හැම දෙයකටම සාර්ථකව මුහුණ දෙන ආකාරයක් අප දැනගත යුතු වෙනවා...නැත්නම් වෙන්නෙ පරාජිතයෙක් වාගෙ බලාගන ඉන්න තමයි....
වාසනාව අත ලගටම ගෙනවිත් දෙන්නෙත් නැහැ ...මෙන්න කියල.. වාසනාව හොයාගන යන්නත ඕනැ...වාසනාව හොයාගන ගිහින් ලැබුනෙ නැහැ කියලා ආපසු හැරෙන්නත් එපා...එහෙම හැරැනනම් ඒ අය ජිවිතයෙන්ම පරාද වෙනව....
උත්සහය සමග වාසනා මහිමයත් එකතු උනානම් නවතින තැන කියන්න බැරි වෙනවා ..ඒ වගේම වාසනාව නැහැ කියල ආපහු හැරෙන්නත් එපා...
ගත්තු උත්සාහයේ ප්‍රතිපලය භුක්ති විදින්නට ලැබෙනවා
වාසනාව අතින්ම අරනෙ එන අය ඉන්නවා ඒ අය දිහා බලල ඊර්ෂියා කරන්න නම් එපා තමන්ටත් වාසනා මහිමය තියෙනව කියල පොඩි විශ්වාසයක් පමනක් තියාගෙන උත්සාහයෙන් යුතුව කටයුතු කිරිම තමයි වැදගත් වෙන්නෙ.මෙහෙම ලියන්න හේතු ගොඩක් මට තියෙනවා ටිකින් ටික තමා ලියන්න වෙන්නෙ
           There will be times in the very near future I am sure that I will need to come back ... because I can't hide behind my feelings and also facing my lifetime .  but I never  forget every thing............... 
 if I am  hidden. I don't know why.... I thought that.....  

.......මට එය ස්ථිර වශයෙන්ම කීමට හැකියි.... මට සගවන්න බැහැ මගෙ ජිවිත කාලය තුලදි   මම මුහුණදුන් ,දැනුන හා මගෙ අදහස් ඒ දෙවල් කිසිම විටක මට අමතක නැහැ .........මම කවදාවත් අමතක කරන්නෙත් නැහැ....එහෙම කරනවනම්...මම මා ආරක්ෂාකල ජිවමාන දෙවි සමිදුන් ඉදිරියේ බොරැ කාරයෙකු වනු ඇත..... 
        මම හිතුවා මෙයත් ඒ හැම දෙයකම මතකය සහ විසදුම කියලා.. 

 I never shy to tell our family  and whole my lifetime ,,,, We faced and how to solved everything.I can tell.............. no anyone faced crucial time like me...........and before us.......,
      මම සහ අප තරම් මුහුණ දුන් කරදරකාරි ජිවිතයකට කවුරැත් මුහුණ දී නැතිව ඇති කියල මම තවමත් හිතනවා......මම සහ අප කොහොමද ඒ සෑම  දෙයක්ම   විසදගත්තෙ හා ජය ගත්තෙ කියලා ...අතිතය ගැන කියන්න..මම  කිසිවිටකත් ලැජ්ජාවට පත්වන්නෙ නැහැ....එය මට සතුටක් .....මිහිරි අත්දැකීමක්.
..ඇයි අතිතය අමතක පුද්ගලකුට අනාගතයක්ද නැහැ කියල අහල තිබුන මම..
                 Life is funny sometimes, or always.What you plan doesn't  work out or go as scheduled. 
....ජිවිතය එක් අවශ්ථාවකදී හරි හැම විටම  හරිම විනෝදකාරියි....අප සිතන පතන ඒවා සිදුවෙන්නේත් නැහැ...ඒත් අමතක කරන්න එපා නොවෙන්නෙත් නැහැ කියල මතක තියා ගන්න. සිනැහැ ඒ විදිහටම.....
        .මම මගෙ හිත හදාගන්න...මතකය අළුත් කරගන්නත්.... එක්කම මගෙ දැනුම දියුනු කරගන්න කරන වැඩක් කිව්වත් වරදක් නැහැ... ඒ එක්කම මම හිතනව එය කාටහරි වැදගත් වෙයි කියල....
  අපිට අම්ම තාත්ත මෙන්න මේ ටික  උගන්වල තිබුන.....කන්න බොන්න නැතත් අනුනට අයිති කිසිම දෙයක් ගන්න එපා කියල......තමන්ට නැතිනම් හිගාකැවත් කමක් නැහැ......කුලී වැඩක් කරල කියක් හරි හම්බුකරගන කාපන් කියන එක......තවත් එකක් කිව්ව ඒ මොකක්ද දන්නවද  ??කාටවත් ඔලුව පාත්කරල එක එකා පස්සෙ ගිහින් ජිවත් වෙන්න පුරැදු වෙන්න එපා කියල ...පුළුවන්  විදිහට නැතිබැරි අයට උදව්කරන්න පුරැදුවෙන්න .......එක එදා ඉදලම අම්ම තාත්ත කියපු දෙයක්..........ඒ වාගෙම මැරෙන තුරැ ඒ ප්‍රතිපත්තියෙම හිටියා....ඉගෙන ගනිල්ලා......කියපු එක කියපු වාර ගනන නම් මතකයේ නැහැ.හැම දවසකම කටේ තිබුන වචනය....
       ජිවිතේ දුක් කරදර කම්කටොලු මැද ආපු ගමනනම් මහත් විඩාකාරියි.....මානසිකව මම කොයි තරම් පිඩා වින්දද ....මියගියානම් කියල හිතුන වාර ගනන ......ඒ හැම වේලාවකම මට...... මගේ මතකයට ආවේ .... ජේසුනී ඔබව .........දෙවියන් වහන්සේව ..........මරිතුමියව ...... ජපමාලය ...............,.,දෙවියනී......දෙවියනී  ඔබගේ කැමැත්ත මිස මාගේ කැමැත්ත නොම වේවා ....කියපු වාර ගනන කියන්න බැහැ.........ඊට පස්සෙ ඒ කිසිම දෙයකින් මමනම් සැලුනෙ නැහැ.මොකක්ද කියල මමවත් දන්නෙ නැහැ..........ඒ උනාට මොකක්ද ලොකු බලවෙගයක් මා තුල තියෙනව කියල මටනම් විශ්වාසයක් තියෙනව.නැත්නම් මේහෙම ලියන්නවත්  කවදාවක්වත් මට හමුවෙන එකක් නැහැ......

මගේ එකම පැතුම......සහ........කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ...... දුක් කම්කටොළු......අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන්... වචනයකින් හරි  සහයක් විම..... 
...............ටිකක් දිගයි කථාව ඒ උනාට කරන්න දෙයක් නැහැ......කවදා හරි එක් අයෙකු හෝ බැලුවනම් ඒ මට ඇති.....
 ජිවිතයට මුහුණ දීම.......ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... 
...වැදගත් වේවි කවදා හරි.... 





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

රණවිරැ ස්මාරකය ගොඩනැගීමට පූර්ණ සහය ලබා දීම..

රණවිරැ ස්මාරකය ගොඩනැගීමට පූර්ණ සහය ලබා දීම..
 මියයන තෙක් මගේ එකම ....අරමුණ...පැතුම.....සහ ....කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
අපේ අයිය රංජිත් සිල්වා යෝජනාවක් ගෙනාව රණවිරැ ස්මාරකයක් හදන්න ඔනෑ අපේ ගමේ ආරක්ෂක හමුදාවට එක්වෙලා රට වෙනුවෙන් මියගිය අයවළුන් සිහිකරන්න.ඒක අපි විසින් ඉටුකල යුතු යුතුකමක් කියලා.ඒකට අපේ අම්ම තාත්ත සිහිවෙන්න ගේ ලගින් ඉඩම් කැල්ලක් දෙන්න පුළුවන්ද කියලා මගෙන් ප්‍රථමයෙන් ඇහුවා.....මම කිවිවා ඉඩම් කැල්ලක් නම් දෙන්න පුළුවන් අපේ ඉඩමෙන් නම් බැහැ. මොකද ඒක අපේ ලමයින්ට කරදරයක් වෙනවා ඒ නිසා ජසින්ත අක්කලාගේ වත්තෙන් කැල්ලක් විකුනනවානම් මම ඒ කෙන් ඉඩම් කැල්ලක් අරගෙන දෙන්නම් කියලා අයියට කිව්වා.....
     ඒ අනුව අපි අපේ ගමේ අයට රට ජාතිය වෙනුවෙන් මිය ගිය අය අමතක උනාට අපි ඒක කරමු කියලා අයියාගේ අදහසට මම ඔහු දිරිමත් කලා.
    ඉතිං ඊට පස්සේ මම උත්සාහ කලේ අපේ ගේ ලග තියෙන ඉඩමෙන් විකුනනවා නම් පමනක් කොටසක් අරගන්න..මම මගේ බිරිදට මේ ගැන කිව්වා...මම ලලිතා අක්කටත් මගේ බිරිද අතින් පණිවිඩයක් දුන්නා ඉඩම විකුකකනවනම් පමණක් කාටවත් දෙන්න එපා මට දෙන්න අපි ගන්නවා ..එය වෙනත් කාට හරි දෙනවනම් එය අපිට මෙන්ම ඔබලාටත් අපේ දරැවන්ටත් කරදරයක් වෙන නිසා අපිට දෙන්න කියලා....ඒත් එහෙම කිව්වේ ඉඩම විකුනනවනම් පමණයි...නැත්නම් එපා..කාට දුන්නත් මම කියක් හරි දිලා ගන්නවා කියන මතය මම මගේ බිරිදට දුන්නා ඒ එහෙම කිව්වේ මගේ සහ අයියගේ යම් කිසි බලාපොරොත්තුවක් තිබුන නිසයි.....
   කොහොම හරි ඉඩම විකුනන්න තිරණය කරලා තිබුනා ටිකක් කල් ගිහිල්ලා ..අයියත් හැම වේලාවේම ඇහුවේ එයයි .එයාටතත් ඔනෑවෙලා තිබුනේ ගමේ රණවිරැ ස්මාරකය හදන්නයි...මමත් ඒ පිළිබදව මගේ බිරිදට කිව්වා... පස්සේ ඉඩම දෙන්න පොරොන්දු උනා අපිට..මම එතකොට මින්නේරිය කදවුරේ රාජකාරින් කරනවා....මම දන්නවා මම මොකක් හෝ කිව්වානම් මගේ බිරිද ඒ අනුව කටයුතු කරන බව ....
             ඒ අනුව අපි මුදල් හොයන්න උනන්දු උනා මගේ බිරිද මුදල් හොයා ගත්තා...අපේ ඔප්පුව දුන්නා ඒ අයට ඒ සැම දෙයක්ම හරිගස්සන්න කියලා .......ඒ අයත් අපේ ඔප්පුව අරගෙන ගියා අපිට ඉඩම දෙන්නම් කියලා...පොරොන්දු වෙලා....මම ඒ ගැන අයියටත් කිව්වා...ස්මාරකය හදන්න ඉඩම දෙන්නම් කියලා......
     මම අයියට කිව්වා තවත් ටික කාලයක් ඉන්න .....ඒ වන විට අයියාට ටිකක් හදිස්සියක් තිබුනා....ඒ මොකද කියපු දේ කරන්න අපේ මහත් ආසාවක් තියෙනවා මටත් එහෙමයි...අයියාට ඊටත් වඩා....ඒ වෙනකොට ඉඩම් දෙකක් හමුවෙලා තිබුනා රණවිරැ ස්මාරකය හදන්න......
   පස්සේ ලලිතා අක්කාලා තීරණය කරලා ඉඩම විකුනන්නේ නැහැ කියලා මගේ බිරිදට කියලා ..ඒ වෙනකොට මම මුදල් හොයාගෙන අවසානයි ඉඩම අරගන්න.......අවසානයේ දී ලලිතක්ක කියලා තිබුනා ඉඩම විකුනන්නේ නැහැ කියලා... ඔප්පුව අපිට ගෙනවිත් දීලා තිබුනා... මම කිව්වා විකුනන්නේ නැතිනම් කමක් නැහැ විකුනනවනම් පමණක් අපිට දෙන්න වෙන කාටවත් දෙන්න එපා කියන්න.......ඉඩම් අවශ්‍යතාවයට නෙමේ වෙන කවුරැන් හෝ ආවොත් ඔතනට අපේ දරැවන්ට හා අසල් වැසියන්ට කරදරයක් වෙන නිසා ඒ නිසා ඒ ගැන බලන්න කියලා....
           මම එතකොට මින්නේරියේ හිටියේ එන්නේ මාසයකට දෙපාරකට සැරයක් විතරයි........කොහොමහරි ඉඩම අපිට දෙන්නේ නැතිව වෙන අයෙකුට දිලා ඒ ඉඩමි කැල්ල සුද්ධ කරනවා කියලා මට ආරංචි උනා මින්නේරියට.....මම අයිරට බැන්නා ඒ ගැන බැළුවේ නැහැ කියලා....ඒ උනාට එයාට කරන්න දෙයක් නැති උනා...
    මට ගමත් එපා උනා අපේ ඉඩම විකුනලා යන්න මම තීරණය කලා ඒත් සමන්තලාගේ දරැවන් සහ අපේ දරැවන්ට ඒක ප්‍රශ්ණයක් වෙන නිසා මම ඒ අදහස අත් හැරියා.....මට මතක් උනා සරත් අයියලාගේ ඉඩම ගන්න ගිහිල්ලා සිද්ධඋන සිදුවීම.....ඒ පාර ලග ඉඩම් කොටස් දෙක මම ගන්න ඉල්ලලා අම්මාව කී පාරක් සරත් අයියා ලගට යැව්වාද ......එතකොට කිව්වේ කොටස් කරලා දෙන්නේ නැහැ කියලා......මම එතකොට හිටියේ යාපනයේ ..මගේ බිරිදත් හිටියා.....මම අම්මට කිව්වා කොහොම හරි ගන්න සරත් අයියට කියන්න කියලයි.......ඒත් හැම පාරකම කියලා තිබුනේ කොටස් දෙන්නේ නැහැ කියලයි.....ඒ උනාට ඒක කොටස් කරලා විකුනලා තිබුනා....මම ගොඩක් කණගාටුවට පත්වුනා......ඒ එදා.....යාපනයේදි .....මම දෙවියන්ට කිව්වා කමක් නැහැ දෙවියන් මට හිත හදාගන්න පිහිට උනා .....ඒ මුදල් ගත්තේ මගේ බිරිදගේ අවුරැදු පහේ ණය මුදලින්....අපි ඔක්කොම අම්ම මම සහ මගේ බිරිද දුක්උනා ඒ ඉඩම කොටස් කරලා වෙන අයට දෙන කොට.....එදත් මම අම්ම මගේ බිරිද සමග නොක්කඩු උනත් මම හිත හදා ගත්තා දෙවියන් සිහිකරලා.......ඒ මුදල් වලින් තමයි පොල්ගහවෙල ඉඩම අරගත්තේ......ඉන්පසු සුදුවිම් පස්සේ ලියන්නම්
..මෙම ගේ ලග ඉඩමත් ඒ ආකාරයෙන්ම සිදුඋනා මම බොහෝ සෙයින් කණගාටුවට පත් උනා කිව්වොත් මගේ බිරිද මගෙන් හොදටම බැනුම් ඇහුවා ...පස්සේ මට තේරැම් ගියා.....දෙවියන්ගේ කැමැත්ත මත සියල්ලම සිදුවන බව... මම හිත හදා ගත්තා ....මම ඒ මුදල් වෙනත් වැඩකට යොදවන්න තීරණය කලා.....මම පොලොන්නරැවෙන් කුඔුරැ අක්කර දෙක් කුලියට අරගෙන වැඩ කරන්න තීරණය කරලා ඒ මුදල් ගෙනා ගත්තා මින්නේරියට.....එය දෙවියන්ගේ කැමැත්ත කියා මම හිත හදා ගත්තත් මගේ හිත නම් හැම දිනකම ඇයි මේ රෝමානු කතෝලික ආගම වැළදගෙන ඉන්නා අයවළුන් මෙතරම් අදමිටු වන්නේ කියලායි.... 
  රණවිරැ ස්මාරකය හදන්න ....මම උත්සාහ කරපු ඉඩම නොලැබෙන බවත් මගේ ඉඩමෙන් එයට කොටසක් දුන්නොත් එය අනාගතයේදී අපගේ දරැවන්ට ප්‍රශ්නයක් වෙන බැවින් වෙන ස්ථානයක හදන්නට බලමු යන්න...අයියාට කිව්වාම ..එයට වෙනත් තැනක් හොරගොල්ලෙන් බෙනඩික් අයියා දීපු ස්ථානය තෝරා ගත්තා මමත් එතන හොද බැවි තීරණය කරලා එය අපේ යුතුකම බැවින් එයට මුලිකත්වයක් දෙන්න තීරණය කලා.....

ඒ අනුව අපි ගමේ ඉන්නා සියළුම රණ විරැවන් කැදවලා රණවිරැ ස්මාරකය හදන්න පටන් ගත්තා ....රණවිරැ ස්මාරකය හදන්න කිහිප දෙනෙක් මුල්වුනා..ඒ අතර ලක්ස්මන් සිල්වා කිව්වා අපි කොහොම හරි හදමු....මමත් ඒ මතයේම හිටියා ...අයියත් එමෙයි....තවත් අය හිටියා ..තවත් කිහිප දෙනෙක් හිටියා හදන්න ඔනෑ කියපු ඒ වාගේම එක එක ප්‍රශ්නයන් යෙමුකරන ලද ....ආරම්භක දවසේදි ඒ සියල්ලම ඇවිත් ඉතාමත් හොදින් ආරම්භය කලා.....
සියළුම දෙනා යුධ ගුවන් හා නාවික හමුදාවෙනේ මම හිතුවා අපි වාගෙම හිතන අය වෙන්න ඇති කියලා..ඒ උනාට බලන් ගියහම පුදුම පොරවල් ටිකක් හිටියේ තමන් ගැන ආඩම්බරයක් නැති අයවළුන් වශයෙන් මට හදුන්වන්න පුළුවන්...පරිසක් තමවි ඉදලා තියෙන්නේ.....දෙවෙනි දවසේ හදන්න හිටියේ හතර දෙනෙක් විතරයි.....ඉන් පස්සේ අපි තුන් දෙනාට බැස්සා දවසින් දවස අපි තුන් දෙනා වැඩ කලා මම අයියා ලක්ස්මන් සිල්වා සමග සැම්සන් මයිකල් හරිම විනෝදයෙන් වැඩ කරගෙන ගියා......වැඩෙත් දවසින් දවස ක්‍රමක් ක්‍රමයෙන් අවසන් උනා..... දැන් අනික් අයට එන්න හිත තිබුනට එන්න කැමති නැහැ...ඇයි ඒ අය දන්නවා එයාලාගේ හිත ගැන....... ඒ අය කරපු දෙය මේ වෙනුවෙන් .....අපිට මුදල් වැඩක් නැහැ ඒ උනාට අප එදාම තීරණය කලා මුදල් එක් අයෙකුගෙන් රැපියල් පන්දාහක් අවශ්‍ය වෙනවා කියලා ...ඒ නිසාද දන්නෙත් නැහැ......මම කිව්වේ මුදල් කිව්වොත් පුදුම පෙරේත කමක් තියෙන්නේ.......සමහර අයගේ ඒ වාගෙම බොරැ කයිය විතරයි....සමහර අයවළුන් දේශපාලකයින් පසු පස්සේ....ආරක්ෂක හමුදාවක හිටියා කියලා ආත්ම ගරැත්වයක්වත් නැහැ සමහර අයගේ්‍.........තමන්ගේ රට වෙනුවෙන් ගමේ ජිවත්වෙලා හදන රණවිරැ ස්මාරකයට සහයක් නොදෙන රණවිරැවන්ගේ තතත්වය කොහොමද කියලා හොයා ගන්න හිතා ගන්න පුළුවන්......එත් අපි තිදෙනාගේ තීරණය මෙය කෙසේ හෝ ඉටු කරනවා යන්නයි........

         




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

වසර 14 කුත් මාස 01 ක් සේවය කර යුධ හමුදාවෙන් නිත්‍යානුකුලව ඉවත්වී යෑම......

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


වසර 14 කුත් මාස 01 ක් සේවය කර යුධ හමුදාවෙන් නිත්‍යානුකුලව ඉවත්වී යෑම......

      යුධ හමුදා මුලස්ථානයේ පුහුණු අංශයේ එතෙර පාඨමාලා භාර ජ්‍යෙෂ්ඨ කොමිසන් නොලත් නිළධාරී වශයෙන් රාජකාරින් කරමින් සිටි මා එම රාජකාරින්ට අමතරව සුදුසුතා වැටුප් අනුමත කිරිම රාජකාරිද ඉටුකෙලෙමි එසේම ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ එතෙර පාඨමාලාවන් සම්මන්ත්‍රන සහ සාකච්ඡාවන්ද විය..ඉතාමත් වගකිව යුතු යුධ හමුදාවේ ඉතාමත් වැදගත් රාජකාරියක් විය...මා එය ඉටු කරගෙන ගියෙහිනම් යුධ හමුදාවේ සේවයේ මට තව ඉතිරිව ඇත්තේ වසර අටක් වැනි කෙටි කාලයක් බැවින් එම කාල සීමාවම එම ස්ථානයේ ම රාජකාරින් ඉටුකරමින් සිටිමට හැකි වන බවද....එම ස්ථානයේ ලිපිකරැකු මුදවා හැරිමට කිසිවකුත් කැමැත්තක් නොදක්වන බැවින් එම විෂය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවද ... මා දැන සිටියද..මා ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරිම මාගේ මුලික අරමුණ වී තිබුනි...කෙසේ වෙතත් එය මා විසින්  නිසි අයුරින් ඉටුකෙලෙමි.....එම කාල වකවානුව වන විට රට තුල සාම සාකච්ඡාවන් පැවැත්නෙ බැවින් සාම කාලයක් වුවද මා ගන්නා ලද ගිරණය අනුව යුධ හමුදාවෙන් ඉවත්ව යාමට නියමිත කාල පැමිණ තිබුණි...එහෙත් මා යුධ හමුදා මුලස්ථානයෙ කරගෙන යනු ලබන රාජකාරින් භාරගැනීම පිණිස පැමිණි කිහිප දෙනකු විසින් එය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් මා ඉවත්වී යන කාලසීමාව පසු වුවද මාහට ඉවත්ව යාමට නොහැකි විය.....
         එසේම මාගේ වැටුප් නතරවී තිබු බැවින් හා මේ වන විට ගලධාරි හෝටලයේ ආරක්ෂක නිළධාරි තනතුරක් සදහා මා සම්මුඛ පරික්ෂනයන්ට මුහුණ දී තිබු අතර එම ආරක්ෂක නිළධාරී තනතුරට මා තෝරාගෙන තිබු බැවින් මා ඉක්මනින් යුධ හමුදාවෙන් ඉවත් වි යාම කල යුතුව තිබුනි..ඒ මාගේ හිතතුල තිබෙනා අදහස් ඉටු කිරිම පිණිසය........ඒ අනුව එක් එක් නිළධාරින් හමු වුවද කිසිදු පිළිතුරක් මා හට නොලැබුනි......
        පසුව පුහුණු අධ්‍යක්ෂක විසින් මාගේ සේවය තවත් මාසයකින් දිර්ඝ කරන මෙන් ඉල්ලා වැටුප් හා ලේඛන  කාර්යාලය වෙත දන්වා මාගේ වැටුප් සකස් කර දෙන ලදී......එහෙත් මාගේ අවශ්‍යතාවය වන්නේ රැදී සිටිම නොව හැකි කඩිනමින් යුධ හමුදාවෙන් ඉවත්ව යාම විය.....ගලධාරි හෝටලයට ගොස් එහි ආරක්ෂක කළමණාකාර තුමා හමුවී මා පත්ව ඇති තත්වයත් යුධ හමුදාවෙන් ඉවත්ව යාමද තවත් මාසයක පමණ කාලයක් ගතවන බවත් දන්වා මාගේ ගලධාරි හොටලයේ පත්වීම තවත් මාසයකින් දීර්ඝ කරගන්නා ලදී....එවිට ආරක්ෂක නිළධාරි තුමා පැවසුයේ මාසයක් පමණ එම ඇබැර්තුව තබාගන්නා බවත් හැකි කඩිනමින් යුධ හමුදාවෙන් ඉවත්ව පැමිනෙන  ලෙසත්ය.....එය මට මහත් සහනයක් විය 
         ඒ අනුව යුධ හමුදා මුලස්ථානයේ රාජකාරින් සදහා පිටත්ව ගිය මා විසින් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් එවකට පුහුණු අධ්‍යක්ෂක වූ මියගිය බ්‍රිෙග්ඩියර් පාරමී කුලතුංග යන නිළධාරී හමුවෙන ලදී.........එම නිළධාරියාගේ ඉල්ලීම වුයේ මා හට තව දුරටත් කල්පනා කර තීරණයක් ගතයුතු බවය ...එහෙත් මාගේ තීරණය මා විසින් පවසන ලදින් මාගේ ලිඛිත ප්‍රකාශනයේ සටහනක් දමා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුහට රාජකාරින් පිළිබද අවභෝධයක් ලබා දෙන ලෙසත්.....කවුරැන් හෝ ඒ සදහා පුරැදු පුහුණු කරන ලෙසත්ය ..ඒ වන විට සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඝෝඨාභය එතෙර පාඨමාලා පුහුණු අංශයට ගෙන පුහුණු වීම් කරගෙන සිටි බැවින් ඔහුට සියල්ල නැවතත් පුහුණු කර අදාල නිළධාරින් දෙදෙනාටද සියලුම රාජකාරින් පිළිබද දැනුවත් කිරිමෙන් අනතුරැව.....යුධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියළුම රාජකාර් වලට සමු දෙන ලදී..... එසේම යුධ හමුදාවෙන් ඉවත්ව යාම පිණිස ඒකකය වෙත යන ලදී......එවකට ඒකකය වව්නියා ප්‍රෙද්ශයේ ස්ථනගත කර සිටි බැවින් සියළුම ලිපි ලේඛන සකස් කර ගන්නා ලදී.... එය දින කිහිපයක් තුලදී ඉටු කර ගන්නා ලදී.........
 එහෙත් ඒකකයේ අණදෙන නිළධාරි එම කාලසීමාවේ නිවාඩු ගොස් සිටි බැවින් ලිපි ලේඛණ නිසි අයුරින් සකස් කර ගත්තද තවත් සතියක් පමණ යන බැවින් මා විසින් අණදෙන නිළධාරී හට දුරකථනයෙන් කථා කොට අණදෙන නිළධාරිගේ පානදුර නිවසට ගොස් සියළුම ලිපි ලේඛණයන් අත්සන් කර ගතිමි....ඉන් අනතුරැව එම වසර දොළහකින් පසුව යූධ හමුදාවෙන් ඉවත්ව යාමේ සියළුම ලිපි ලේඛණයන් වැටුප් හා ලේඛන කාර්යාලයට භාර දීමෙන් අනතුරැව මා තවත් දින දෙකක් පමණ නිසේ ගත කොට යුධ හමුදා රාජකාරියෙන් මිදී වෙනා හයවන දවසේ දී කොළඹ ගලධාරි හොටලයේ රාජකාරින් භාර ගතිමි.......... 


කොළඹ ගලධාරි හොටලයේ රාජකාරින් භාර ගැනීම.......... 


See My True Story....Home...

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

ගලධාරී හෝටලයේ රාජකාරියට යෑම..........

ගලධාරී හෝටලයේ රාජකාරියට යෑම..........

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
කොළඹ ගලධාරි හොටලයේ රාජකාරින් භාර ගැනිමෙන් අනතුරැව මා හට පැවරි තිබු රාජකාරිය වුයේ ආරක්ෂක අංශයේ ලිපි ලේඛණයන් ....රාජකාරින් සකස් කරමින් ආරක්ෂක කළමනාකාර තුමාගේ වැඩවලට සහය වීමය......ආරක්ෂක නිළධාරිකෙු ලෙස බදවා ගත් මා ආරක්ෂක කළමණාකාර තුමාගේ පරිඝණකයේ සියළුම ලිපි සකස් කරමින් එම කාර්යාලයේ රාජකාරින් ඉටුකරමින් සිටින ලද කාල සීමාව සතියක් හෝ දෙකක් පමන ඇත...මා රාත්‍රි මුර රාජකාරින් සදහා නම් කළද එම කාලසීමාවන් තුලද මා හට පැවරි ඇති රාජකාරි වුයේ ආරක්ෂක කළමනාකාර තුමා විසින් මා හට ලබා දී ඇති ලිපි පරිඝණකය මගින් මුද්‍රණය කර දීම විය....
 මේ කාලසීමා වන විට ආරක්ෂක කළමනාකාර තුමාට අයත් කාර්යාලයේ යතුර ගැනීම මට හා ආරක්ෂක කළමනාකාර තුමාට පමණක් සීමා ව තිබු අතර එය මා විසින් හෝටලයේ විමසීම් කවුන්ටරයෙන් ලබා ගත යුතුව තිබුනි....රාත්‍රී කාලයේ එම කාර්යාලයේ රාජකාරින් කිරිමේදී කිසිවෙකුත් ඒ තුලට ගෙන්වා ගැනීම තහනම් කරන ලදි.....මෙම කාමරය පිහිටා තිබුනේ දෙවන මහලේ වන අතර හෝටලයේම අංක 204 දරන කාමරයක් විය.........මා විසින් රාත්‍රි කාලයේ පරිඝණකයේ වැඩ කරමින් සිටින අතර තුරදී එම රාත්‍රී මුර රාජකාරියේ නියුතු මුර සෙබළුන් විසින් මාහට දොරට තට්ටු කරමින් දොර ඇරගන්නා අතර මා සමග සුහදව කථා කිරිමටත් හුරැ පුරැදු වුයේ මා රාජකාරියට ගොස් මාසයකට ආසන්න කාලයක් ගතවු බැවිනි....එසේම මුර අණදෙන්නන් වු අයවළුන්ද නිතර නිතර පැමිනිම කරන ලදී .......
 එම කාලවකවානුවේදී කණ්ෂ්ඨ ආරක්ෂක මුර අණදෙන්නෙකු වු එසේම වර්ථමානයේ ගළධාරි හොටලයේ ආරක්ෂක කළමනාකරැ වශයෙන් රාජකාරි කරනු ලබන අය පවා එම කාලසිමාවේ එම කාමරයට පැමිණියේ මා වෙතින් ලද අවසරය මතය.
ඔහු මා සමග සුහදව කථා කලද හදවත තුල යමක් ඇති බව මාහට අවභෝධ විය.මා සමග වැඩි වේලාවක් කථාකරමින් සිටින අතර පරිඝණකය පිළිබද ලිපි මුද්‍රනය පිළිබද ප්‍රශ්ණයන් නගමින් සිටින ලදී(මෙම අයවළුන් වර්ථමානයේ ගළධාරි හොටලයේ ආරක්ෂක කළමණාකරැ වශයෙන් රාජකාරි කරනු ලබයි...  එම අයවළුන්හට එම කාමරයට එන්නට  එපා යන්න සදහන් කිරිමට නොහැකි වුයේ මා තුල වු මනුෂ්‍යකම වුවද එය ඔවුන්ගේ හදවත් තුල නොමැති බව පසක් වන්නට මා හට වැඩි කලක් ගත නොවීය......
    .දිනපතා මුර රාජකාරින් තුනකට වෙන්කර තිබු මුර රාජකාරියේ වැඩි කොටසක් උදය වරැව මා හට හිමි වුවද සවස් කාලය මෙන්ම රාත්‍රී මුරයන්ද නම් කිරිම කරනු ලබන බැවින් මම එම මුර රාජකාරින් සදහා පැමිනෙන ලදී.
  එහෙත් ආරක්ෂක කළමනාකාර තුමා පවසා සිටියේ උදය වරැවේ පමණක් පැමිනෙන ලෙසත් ඒ බව මුර සකස් කරන අයවළුන්ට දැනුම් දෙන බවත්ය......එය මා මුර රාජකාරින් සකස් කරන අයවළුන් වෙත කිමට කිසි විටකත් නොගියෙමී....
   එහෙත් ඒ වන විට මාසයේ මුර රාජකාරින් සකස් කිරිමට ගලධාරි හෝටලයට පැරණී මෙන්ම ප්‍රථමයෙන් ආරක්ෂක කලමනාකරැ වශයෙන් රාජකාරි කරමින් සිටින ලද ආරක්ෂක කළමනාකරැගේ  ලේකම් වශයෙන් හා ඔහු අසලින් රාජකාරි කරමින් සිටි කාන්තාවක් සිටි අතර ඇය විසින එම රාජකාරින් ඉටුකරන ලදී..පැරණී අනෙකුත් මුර නියාමකයින් මෙන්ම සුපවයිසර්ලා යනුවෙන් හදුන්වන අයවළුන් විසින් මැඩම් යනුවෙන් ඇයට ආමන්ත්‍රනය කරන ලද අතර(නම සදහන් කිරිමට අකමැති අතර වර්ථමානයේ ගලධාරි හෝටලයේ කළමණාකරන මණ්ඩලයේ ඉහල තනතුරක් දරමින් සිටි)මම කිසි විටකත් ඇය හමු විමට නොගියේය. සැම අයෙකුගේම තරහක් මා සමග ඇතිබව නම් මා හට අවභෝධ වුයේ තමන්ට අයිති දෙයක් පැහැර ගන්නට පැමිණි තැනැත්තෙකු දෙස බලන ආකාරයක් ඔවුන් තුලින් මා දුටු බැවිනි....ඇත්තෙන්ම එය එසේමය මා විසින් එය අයිතිකර ගෙන ඇත....
එහෙත් යම් වැරැද්දක් සිදුවන බව මා හට අවභෝධ විය....
මා නම්කර ඇති සැම දිනකම අනෙකුත් මුර සෙබළුන් මෙන් දවසේ ආරක්ෂක නියාමකගේ උපදෙස් වලට සහභාගී වීම කලයුතු වුවද ....මුර රාජකාරින් සදහා මා නම් නොකොට ආරක්ෂක කළමනාකාර තුමාගේ කාර්යාලයේ රාජකාරින් සදහා නම් කිරිම ආරක්ෂක නියාමකයින් කිහිප දෙනෙකුහට මෙන්ම මරයේ අණදෙන්නන්ට ප්‍රශ්ණයක් වි ඇති බව මා හට අවභෝධ විය....
 එසේම ගළධාරි හෝටලය තුල අනෙකුත් අංශයන්හි රාජකාරියේ නියුතු අයවළුන්ටද මා පුශණයක් වී ඇති බව මා හට අවභෝද විය.......කුමක් කරන්නද මාහට ලැබුන අවශ්ථාව නිසා මම කරගෙන යනවා......මෙසේ මාස කිහිපයක් මා මාගේ රාජකාරින් නිසි අයුරින් ඉටුකරගෙන ගියද ප්‍රශණය තව තවත් උග්‍ර තත්වයත් ඇතිවිය.......
ඒ නම් ......එහි ප්‍රථමයෙන් ආරක්ෂක කලමනාකරැ වශයෙන් රාජකාරි කරමින් සිටින ලද ආරක්ෂක කළමනාකරැගේ  ලේකම් වශයෙන් හා ඔහු අසලින් සිට (නම සදහන් කිරිමට අකමැති අතර වර්ථමානයේ ගලධාරි හෝටලයේ කළමණාකරන මණ්ඩලයේ ඉහල තනතුරක් දරමින් සිටි) කාන්තාව ආරක්ෂක කළමනාකාර තුමා විසින් මුර රාජකාරින් සදහා නම් කිරිමය. එයට හේතව මා නම් දන්නේ නැත....
මේ අවශ්ථාව වන විට ගලධාරි හෝටලයේ මුර රාජකාරින් සදහා කාන්තාවන් තිදෙනෙකු සිටි අතර ඉහත මැඩම් යනුවෙන් හදුන්වනු ලැබු කන්තාව වසර පහලොවක් පමන ගලධාරි හෝටලයේ රාජකාරි කර හොද පලපුරැද්දක් හා එක් එක් කළමනාකාර මහතුන්ගේ ඉතාමත් අසලින් ඇසුරැ කල කාන්තාවක් වු බැවින් මෙම ක්‍රීයා මාර්ගය ඉතාමත් බරපතල කාර්යයක් විය.....එහෙත් එය ක්‍රියාත්මක විය......
මෙසේ රාජකාරින් කරමින් සිටින අතර තුරදී එක් රාත්‍රි මුර කාල සිමාවක මා විසින් මට නියමිත ලිපි ලේඛනයන් පරිඝණක ගතකොට අවසන් වු පසු ගලධාරි හෝටලය තුල ඇවිදිමට හිතා ප්‍රධන ගේට්ටුව අසලට යන ලදි.....එහි ඩොර්මන් වශයෙන් හදුන්වනු ලබන අයෙකු මා එනු දැක මෙසේ පවසන ලදී.......හෝ....හෝ.....ටිකක් ඇතට පලයන්......උඩ කැමරාව.......පහල ස්පීකර් එක යනුවෙන් .....පවසන ලදී....
මෙම කාලසීමා වන විට හෝටලය තුල පැරණි සේවකයින් තුල එසේ වුවද ....මා සෑම අයෙකුටම ප්‍රශ්ණයක් විය... ඇත්තෙන්ම මම ප්‍රශ්ණයක් වන බව මාද දනිමි....එය එසේම වුවද මා විසින් කිසිවක් ගනන් නොගෙන සිටින ලදී......යුධ හමුදාවෙන් නොලැබුන දෙය මට මෙතනින් මෙකටද යන්න සිතා ගත් මා  මොකක්ද උඔ කිව්වෙ ....ආයිත් කියපන් බලන්න..... යනුවෙන් පවසමින් ඔහු අසලටම ගියෙමි......නැවතත් ඔහු විසින් මම කිව්වෙද ....උඩ කැමරාව.......පහල ස්පීකර් එක....යන්න නැවත පවසන ලදින් මම ඔහු සමග දැඩි ලෙස වචන හුවමාරැවක් මෙන්ම ගහ ගැනීමට මෙන්  ගලධාරි හෝටලය ඉදිරි මහල් පෙරලියක් සිදුකරන ලදී
.....මේ අවශ්ථාව වන විට රාත්‍රී 12 පසු වී තිබු බැවින් සංචාරකයින් කිහිප දෙනෙකු පමනක් සිටින ලදී .....එසේම අනෙකුත් මුර බෙළුන් මෙන්ම .....දොරටුව ආරක්ෂා කරනු ලබන ඩෝර්මන්ලා පැමින අප දෙදෙනාගේ බැන ගැනීම අවසන් කළද එදින රාත්‍රී ලොබි මැනේජර්(එදිනට හෝටලය භාරව සිටින කළමනා කරැ) පැමිණ අප දෙදෙනාගෙන් විස්තර ලබා ගන්නා ලදී......
එම සිදුවිම උදැසන රැස්වන කළමනාකරණ රැස්වීමෙන් පසුව ආරක්ෂක කළමනාකාර තුමා පැමිණ මාගෙන් විමසන ලදී.මා විසින සත්‍ය තොරතුරැ පැවසුවද මා විසින් වරදක් කර ඇත්තේ එම ස්ථානයට යැමයි...එය ඉහල සවිකර ඇති කැමරාවන්හි සටහන් ව තිබුනි....
කෙසේ වෙතත් මා සුපුරැදු පරිද එම රාජකාරින් කරගෙන ගියද මා හිතට වද දෙන ප්‍රශ්ණ වැලක් විය.....එනම් මා මෙතනින් ඉවත්ව එම අයවළුන්හට එය ලබා දිය යුතුයි...යන්න මා තිරණය  කරමින් ආරක්ෂක කළමනාකරැ විසින පවරන රාජකාරින් හා ලිපි ලේඛනයන් හිතා මතා පැහැර හැරියෙමි.....කාර්යාලයේ වැඩ නැති බව පවසමින් මුර රාජකාරින් ඉල්ලාගෙන ඉටු කෙලෙමි.....මම ක්‍රමක් ක්‍රමයෙන් ආරක්ෂක කළමනාකාර තුමාගෙන් ඇත්වන්නට තීරණය කෙලෙමි....මම එසේ කළමණාකාර තුමාගෙන් ඇත්වන්න.... ඇත්වන්නට මම ඉහලින් සදහන් කරනා අයවළුන් ආරක්ෂක කළමනාකාර තුමාගේ කිට්ටුවට යන ලදී..එලෙස ගොස් මාගේ වැරදි ආරක්ෂක කළමනාකාර තුමාට පවසමින් මා සහ ආරක්ෂක කළමණාකාර තුමා අතර ඇති සම්භන්ධය තව තවත් ඇතට ඇද දමන ලදී....එහෙත් ඒ කිසිම දෙයකින් මා නොසැලුනේ මා අදහස් කල පරිද්දෙන්ම එය ඉටුකල බැවිනි........
    පසු කාලීනව මා ඉහතින් සදහන් කරන ලද කාන්තාව ආරක්ෂක කලමනාකරැගේ ඉතාමත් කුළුපග මිතුරිය බවට පත්විය....එය ඉතාමත් ලග සුහද ඇසුරක් තරමටම පත්වු අතර මම සහ අනෙකුත් ආරක්ෂක අණදෙන්නන් අතර නිතර නිතර බැන ගැනීම් සහ ඝස්ඨනයන් ඇතිවන්නට විය..එය එක් අවස්ථාවක් දුර දිග ගොස් හෝටලයේ කළමණාකරන මණ්ඩලය වෙත පවා ගොස් මාගේ වැඩ දින කිහිපයකට නවත්වන ලදී........
    ඒ කිසිවකින් මා නොසැලුන අතර මා මගේ තීරණය එසේ ක්‍රීයාත්මක කරන ලද්දේ මා ගැන අනවශ්‍ය වචනයක් අසන්නට මා අකමැත්තෙන් සිටිම මෙන්ම......හෝටලයේ සේවකයින් විසින් මා කෙරෙහි තබා තිබූ වැරදි කෝණය නිවරදී කර ගැනීමට මට අවශ්‍ය වු බැවිනි....එය මා එසේම කරන ලදි ..ඉන් අනතුරැව හෝටලයේ කළමනාකාර මණ්ඩලයේ කිහිප දෙනකු හැර අනෙකුත් සාමාන්‍ය සේවකයින්ගේ හිත දිනගන්නා ලද හොදම ආරක්ෂක නිළධාරියෙකු වශයෙන් වර්ථමානයේ ගලධාරි හෝටලයට ගියද පිලිගැනීමක් කරනු ලබන්නේ ..නිළ තනතුරැ ලබ ප්‍රෙයා්ජන මත යැපෙමින් නොසිට මම විසින් ගන්නා ලද එම තීරණයට පින් සිදු වන්නටය.....එම ආත්ම තෘප්තිය මිල මුදලට වස්තුවට හෝ කිසියම් තනතුරකට ලබාගත නොහැකි බව මා පසක් කර ගන්නා ලද ආකාරයට කවෙරෙකු හෝ සිතන්නේ නම් එය ඇත්තෙන්ම අහඹු සිදුවිමක් වනු ඇත.
    වර්ථමානයේ .......................








බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

අමුතුම පුද්ගලයෙකුගේ හමුවීම...............



අමුතුම පුද්ගලයෙකුගේ හමුවීම...............

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   







බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)