Sunday, October 4, 2015

ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික පුවත්පත නිර්මානය කිරිම

ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික පුවත්පත නිර්මානය කිරිම

   මා ඉගෙන ගන්නා ලද ගාමිණි විදුහල දියුණුවට පත්කර උගත් දරැ පරපුරක් බිහිකර ගැනිමට කටයුතු කිරිම මාගේ අරමුන වුවද එය තවමත් ඉටු කිරිමට නොහැකි වුයේ ඇයිද යන්න මට ප්‍රශ්නයක්......
   එහෙත් ඒ සදහා තර්කයන් කිරිම මා සමග පමණක් විය යුතුයි....උත්සාහ  කලවිට ජයක් ලබන්නට හැකි වන බව මා දන්නා සතයයි.....ඒ අනුව කටයුතු කිරිම මාගේ ඒකායන අභිමතයයි....කණ්ඩායමක් වශයෙන් නොහැකි වුවහොත් මා තනිවම හෝ මා ඉගෙන ගන්නා ලද පාසැලට යමක් කරන්නට උත්සාහ ගන්නෙමි ..ඒ මාගේ කිර්තිය.....මාහට ජනප්‍රීය විමට හෝ මුදල් ඉපයිමට නම් නොවේ...වර්ථමානයේ යමක් කිරිමට යමෙකු පෙළඹෙන්නේ නම් ඔන්න ඔය කරැනු අරඹයා කටයුතු කරනා වැඩි පිරිසක් දිවි ගෙවනා රටක් ,ගමක් තුලදී මාවද නිවරදිව සමාජ මෙහෙවර කරනා අයවළුන් දක්න්නේ....එම කෝණයෙන් විම පිළීබදව මා මහත් සේ කණගාටුවට පත් වන්නෙමී......
     එහෙත් ජීවමාන වු දෙවි සමිදුන්ට ප්‍රසංශා කිරිම පිණීස මා එම අපහාසයන් මෙන්ම උපහාසයන් විද දරා ගැනීමට කැමැත්තෙමි.....මාගේ සමාජ මෙහෙවර....පටු ආකල්ප මත ගොඩ නැගි නොමැති බව දන්නා කවුරැන් හෝ මා පිටිපසින් සිටින බව මා විශ්වාස කරමි.......
           මා ආදි ශිෂ්‍ය සංගමය 2000 වසරේ ගොඩ නැගීමේදීද ගාමිණී නමින් පුවත් පතක් නිර්මානය කිරිමට උත්සාහ ගන්නා ලදී....එයට හේතුන් කිහිපයක් විය.....වර්ථමානයේත් එම හේතුන් ඒ ආකාරයෙන්ම විය.......මගේ උත්සාහය මා විසින් කෙසේ හෝ සළුල කර ගන්නා බවත් එය නිසි කාල සිමාවකදී මා වෙත ලැබෙනා බවත් මා සදහන් කර ඇත.....

ගාමිණි විදුහල් ආදි ශීෂ්‍ය සංගමය නැවතත් 2015 වර්ෂයේ ආරම්භ කිරිමට තටයුතු සියල්ල මා විසින් සුදානම් කල අතර එය ආරම්භ කරමින් නියමිත නිළධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලදී.....
   මෙවර පත්කර ගන්නා ලද නිළධාරි මණ්ඩලය සැහෙන උනන්දුවකින් කටයුතු කිරිම කැපිපෙනෙන ලක්ෂණයක් වි ඇත...එසේ නොවුවද මෙය මාගේ අවසන් උත්සාහය නොවනු ඇත්තේ මා මිය යන්නට ප්‍රථමයෙන් එය නිසි අයුරින් සකස් වෙන තෙක් මාගේ දෙනෙත් නොපියවෙන බව මා දන්නා කරැණක් බැවිනි....ඒ සදහා පිහිටක් මා වෙත ඇති බවද මා දන්නා කරැණකි........
         විශේෂයෙන් මගේ දු දරැවන් මෙන්ම අප සැමගේ අනාගත දු දරැවන් ගේ දරැ පරපුර වෙනුවෙන් මොනයම් අපහාසයන් උපහාසයන් විද දරා හෝ මගේ මෙම අදහස කරා යන්නේමි.....යන්න මා දරන මතයයි...එය බැහැර කිරිමට මා කිසි විටකත් සුදානම් නැත.....
     මාගේ එම යහපත් සිතුවිල්ල මත මා විසින් නැවතත් ගාමණී යන ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික පුවත් පත නිර්මානය කරමින් සිටින්නෙමි.....එය ප්‍රථම මහා සභා වාරයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන්නෙමි යන්න මාගේ ඒකායන අභිප්‍රාය වී ඇත....... 
               
                





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment