Sunday, October 4, 2015

වසර 14 කුත් මාස 01 ක් සේවය කර යුධ හමුදාවෙන් නිත්‍යානුකුලව ඉවත්වී යෑම......

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


වසර 14 කුත් මාස 01 ක් සේවය කර යුධ හමුදාවෙන් නිත්‍යානුකුලව ඉවත්වී යෑම......

      යුධ හමුදා මුලස්ථානයේ පුහුණු අංශයේ එතෙර පාඨමාලා භාර ජ්‍යෙෂ්ඨ කොමිසන් නොලත් නිළධාරී වශයෙන් රාජකාරින් කරමින් සිටි මා එම රාජකාරින්ට අමතරව සුදුසුතා වැටුප් අනුමත කිරිම රාජකාරිද ඉටුකෙලෙමි එසේම ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ එතෙර පාඨමාලාවන් සම්මන්ත්‍රන සහ සාකච්ඡාවන්ද විය..ඉතාමත් වගකිව යුතු යුධ හමුදාවේ ඉතාමත් වැදගත් රාජකාරියක් විය...මා එය ඉටු කරගෙන ගියෙහිනම් යුධ හමුදාවේ සේවයේ මට තව ඉතිරිව ඇත්තේ වසර අටක් වැනි කෙටි කාලයක් බැවින් එම කාල සීමාවම එම ස්ථානයේ ම රාජකාරින් ඉටුකරමින් සිටිමට හැකි වන බවද....එම ස්ථානයේ ලිපිකරැකු මුදවා හැරිමට කිසිවකුත් කැමැත්තක් නොදක්වන බැවින් එම විෂය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවද ... මා දැන සිටියද..මා ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරිම මාගේ මුලික අරමුණ වී තිබුනි...කෙසේ වෙතත් එය මා විසින්  නිසි අයුරින් ඉටුකෙලෙමි.....එම කාල වකවානුව වන විට රට තුල සාම සාකච්ඡාවන් පැවැත්නෙ බැවින් සාම කාලයක් වුවද මා ගන්නා ලද ගිරණය අනුව යුධ හමුදාවෙන් ඉවත්ව යාමට නියමිත කාල පැමිණ තිබුණි...එහෙත් මා යුධ හමුදා මුලස්ථානයෙ කරගෙන යනු ලබන රාජකාරින් භාරගැනීම පිණිස පැමිණි කිහිප දෙනකු විසින් එය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් මා ඉවත්වී යන කාලසීමාව පසු වුවද මාහට ඉවත්ව යාමට නොහැකි විය.....
         එසේම මාගේ වැටුප් නතරවී තිබු බැවින් හා මේ වන විට ගලධාරි හෝටලයේ ආරක්ෂක නිළධාරි තනතුරක් සදහා මා සම්මුඛ පරික්ෂනයන්ට මුහුණ දී තිබු අතර එම ආරක්ෂක නිළධාරී තනතුරට මා තෝරාගෙන තිබු බැවින් මා ඉක්මනින් යුධ හමුදාවෙන් ඉවත් වි යාම කල යුතුව තිබුනි..ඒ මාගේ හිතතුල තිබෙනා අදහස් ඉටු කිරිම පිණිසය........ඒ අනුව එක් එක් නිළධාරින් හමු වුවද කිසිදු පිළිතුරක් මා හට නොලැබුනි......
        පසුව පුහුණු අධ්‍යක්ෂක විසින් මාගේ සේවය තවත් මාසයකින් දිර්ඝ කරන මෙන් ඉල්ලා වැටුප් හා ලේඛන  කාර්යාලය වෙත දන්වා මාගේ වැටුප් සකස් කර දෙන ලදී......එහෙත් මාගේ අවශ්‍යතාවය වන්නේ රැදී සිටිම නොව හැකි කඩිනමින් යුධ හමුදාවෙන් ඉවත්ව යාම විය.....ගලධාරි හෝටලයට ගොස් එහි ආරක්ෂක කළමණාකාර තුමා හමුවී මා පත්ව ඇති තත්වයත් යුධ හමුදාවෙන් ඉවත්ව යාමද තවත් මාසයක පමණ කාලයක් ගතවන බවත් දන්වා මාගේ ගලධාරි හොටලයේ පත්වීම තවත් මාසයකින් දීර්ඝ කරගන්නා ලදී....එවිට ආරක්ෂක නිළධාරි තුමා පැවසුයේ මාසයක් පමණ එම ඇබැර්තුව තබාගන්නා බවත් හැකි කඩිනමින් යුධ හමුදාවෙන් ඉවත්ව පැමිනෙන  ලෙසත්ය.....එය මට මහත් සහනයක් විය 
         ඒ අනුව යුධ හමුදා මුලස්ථානයේ රාජකාරින් සදහා පිටත්ව ගිය මා විසින් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් එවකට පුහුණු අධ්‍යක්ෂක වූ මියගිය බ්‍රිෙග්ඩියර් පාරමී කුලතුංග යන නිළධාරී හමුවෙන ලදී.........එම නිළධාරියාගේ ඉල්ලීම වුයේ මා හට තව දුරටත් කල්පනා කර තීරණයක් ගතයුතු බවය ...එහෙත් මාගේ තීරණය මා විසින් පවසන ලදින් මාගේ ලිඛිත ප්‍රකාශනයේ සටහනක් දමා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුහට රාජකාරින් පිළිබද අවභෝධයක් ලබා දෙන ලෙසත්.....කවුරැන් හෝ ඒ සදහා පුරැදු පුහුණු කරන ලෙසත්ය ..ඒ වන විට සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඝෝඨාභය එතෙර පාඨමාලා පුහුණු අංශයට ගෙන පුහුණු වීම් කරගෙන සිටි බැවින් ඔහුට සියල්ල නැවතත් පුහුණු කර අදාල නිළධාරින් දෙදෙනාටද සියලුම රාජකාරින් පිළිබද දැනුවත් කිරිමෙන් අනතුරැව.....යුධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියළුම රාජකාර් වලට සමු දෙන ලදී..... එසේම යුධ හමුදාවෙන් ඉවත්ව යාම පිණිස ඒකකය වෙත යන ලදී......එවකට ඒකකය වව්නියා ප්‍රෙද්ශයේ ස්ථනගත කර සිටි බැවින් සියළුම ලිපි ලේඛන සකස් කර ගන්නා ලදී.... එය දින කිහිපයක් තුලදී ඉටු කර ගන්නා ලදී.........
 එහෙත් ඒකකයේ අණදෙන නිළධාරි එම කාලසීමාවේ නිවාඩු ගොස් සිටි බැවින් ලිපි ලේඛණ නිසි අයුරින් සකස් කර ගත්තද තවත් සතියක් පමණ යන බැවින් මා විසින් අණදෙන නිළධාරී හට දුරකථනයෙන් කථා කොට අණදෙන නිළධාරිගේ පානදුර නිවසට ගොස් සියළුම ලිපි ලේඛණයන් අත්සන් කර ගතිමි....ඉන් අනතුරැව එම වසර දොළහකින් පසුව යූධ හමුදාවෙන් ඉවත්ව යාමේ සියළුම ලිපි ලේඛණයන් වැටුප් හා ලේඛන කාර්යාලයට භාර දීමෙන් අනතුරැව මා තවත් දින දෙකක් පමණ නිසේ ගත කොට යුධ හමුදා රාජකාරියෙන් මිදී වෙනා හයවන දවසේ දී කොළඹ ගලධාරි හොටලයේ රාජකාරින් භාර ගතිමි.......... 


කොළඹ ගලධාරි හොටලයේ රාජකාරින් භාර ගැනීම.......... 


See My True Story....Home...

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment