Sunday, October 4, 2015

වෙනත් අයෙකුගේ හොරකමක් සම්භන්ධයෙන් යූධ හමුදා පොලීසියෙන් අඩංගුවට ගැනීම........

වෙනත් අයෙකුගේ හොරකමක් සම්භන්ධයෙන් යූධ හමුදා පොලීසියෙන්  අඩංගුවට ගැනීම.....
...
වාසනාව අවාසනාව පොදි බැදගෙන එන අපේ ජීවිත කාලය තුලදී මාගේ ජීවමාන වු දෙවියන්ට දින දෙකක් නිරහාරව කන්නලවු කල මාගේ ජිවිතයේ තවත් එක් පෙරලියක පුංචි කථාවක්....නමුත් මෙය මාගේ ජිවිත කාලය තුල තවත් එකම එක් බැරැරැම් අවශ්ථාවක් පමණක්ම විය.....
               පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය යුධ හමුදා කදවුරේ රාජකාරින් කිරිමේදි මා එහි ප්‍රධාන ලිපිකරැ වශයෙන් රාජකාරින් නිවරදිව ඉටු කරමින් සිටින අවස්ථාවක  සිදුවු යම් යම් හොරකම් නිසා එම රාජකාරිම එවකට සේනාවිධායක තුමා වන බ්‍රීෙග්ඩියර් එල්ඒඑබ්එස් වනිගසිංහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් මාගේ අකමැත්ත මත මා වෙත පවරන ලදී....වසර දෙකක් පුරා කිසිදු හොරකමක් වංචාවක් සිදු නොකල මා එය නිසි අයුරින් කරගෙන ගියෙමි.
      එහෙත් මා විශ්‍රාම පාඨමාලාව සදහා මින්නේර්ය පාබල පුහුණු මධ්‍යස්ථානයේ රාජකාරින් භාරදීමට කටයුතු කරන ලද දිනම එක් බළලත් නිළධාරියෙකු විසින් රැගෙන යනු ලැබු හොරකම් කරන ලද කුකුලන් පස්දෙනෙකු,පොල්තෙල් ස්වල්පයක්.ඉස්සන් ගැම් පන්සියයක්,ඇපල් ගෙඩි හයක් සහ තවත් කුළුබඩු සමග ශ්‍රී ලංකා යුධ හමුදා පොලීසිය වෙතින් අත්අඩංගුවට ගැනීම හා එම ද්‍රව්‍ය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සලාක අංශයට අයත් ඒවා වීම.
              ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද මෙම බළලත් නිළධාරි අදාල බඩු භාහිරාදිය සහ ගමන් ගන්නා ලද බයිසිකලයද සමගින් ගිරිතලේ යුධ හමුදා කදවුර වෙත රැගෙන යන ලදී.....මේ බැව් එක් එක් නිළධාරින් විසින් මා වෙතින් විමසන ලද අතර ඒ සම්භන්ධයෙන් මා කිසිවක් නොදන්නා බව පවසන ලදී..මෙම සෙරකමට අයත් ද්‍රව්‍ය අතර කුකුලන් ඉස්සන් පොල්තෙල් ඇපල්
      කෙසේ නමුත් ඉහත සිදුවිම බරපතල ලෙස යුධ හමුදා පොලීසිය විසින් විභාගයට ගනිමින් සිටි අතර මින්නේරිය කදවුර භාර සේනාවිධායක විසින්ද නිවරදි තෙරතුරක් සොයා වැරදි කරැවන් හට දඩුවම් ලබා දිය යුතු බවද ගිරිතලේ යුධ හමුදා පොලීසිය වෙත දන්වා ඇත.
          බනි සහ සැරයන් භෝජනාගාරය වෙත මා විසින් නිකුත් කරනු ලැබූ සලාක අතරින් ලබාගන්නා ලද ද්‍රව්‍ය වලින් කොටසක් වෙනත් අයෙකු විසින් ගෙදරට රැගෙන යාමේදී 2013 දෙසැමිබර් මස දින කදවුරින් ලබා දී තිබු ඔත්තුවක් මත ශ්‍රී ලංකා යුධ හමුදා පොලීසිය විසින් එම රැගෙන යන අයවළුන්  අත් අඩංගුවට ගන්නා ලදී.තත් අය මට වඩා ජ්‍යෙස්ඨයෙකු වු නිසාත්, මම අයත් රෙජිමේන්තුවට අයත් වන නිසාත් මම සලාක අංශය භාර බළලත් නිළධාරි වන නිසාත් මේ සම්භන්ධයෙන් මා පිළිබදව සැක සිතන ලදී.
           මා විසින් වසර දෙකක් තුල සලාක අංශයේ කිසිදු සොරකමක් හෝ මුදල් වංචාවන් මෙන්ම කිසිවෙකුටත් එසේ කිරිමට ඉඩ ලබා දි නොමැත.එසේම මා විසින්ද කිසිදු මුදලක් ඒ තුලින් ලබා ගෙන නොමැති අතර කෙසේ නමුත් සලාක අංශයේ රාජකාරින් කිරිමේදි ඔනැම අයෙකහට මුදල් සොරකම් කිරිමේ අවශ්ථාවයන් ඇති අතර මා විසින් එසේ කිසිදු වංචා සහගත ලෙස තබ සතයක දෙයක් ලබාගෙන නොමැති බව මා සහ මා අදහන ජිවමාන දෙවියන් වහන්සේ පමණක් දන්නා කරැණකි.ඒසේ කිසිවකුත් පිලි නොගන්නා තරමට මෙම සිදුවීම බරපතල විය..


             මෙම පුහුණු මධ්‍යස්ථානයේ දිනකට දහසකට ආසන්න ගනනක් ඒ වන විට ආහාර ගැනීම සිදු කරනු ලබන අතර සලාක අංශය භාර ඕනෑම අයෙකු හට ඇස්දෙක පියාගෙන දිනකට රැපියල් පන්දහසකට අධික මුදලක් වංචාකරමින් උපයා ගත හැක.එය යුධ හමුදා කදවුරක සලාක අංශයේ පවතින ක්‍රමය බැවින් ඔනැම අයෙකු ඉතාමත් කැමැත්තෙන් භාර ගන්නා රාජකාරියක් වුවද මා ඉතාමත් අකමැතිම යුධ හමුදාවේ රාජකාරිය වශයෙන් සදහන් කළ හැක.යුධ හමුදාවේ ඕනෑම රාජකාරියක් ශාරගෙන කිරිමේ හැකියාව මට ඇතත් මා විසින් ප්‍රතික්ෂේප කරන ලද එකම රාජකාරියද එය වනු ඇත්තේ මා විසින් ඉහත සදහන් කරන ලද කරැනු නිසාවෙනි....මට ප්‍රථමයෙන් මෙම ස්ථානයේ සලාක අංශ බළලත් නිළධාරි වශයෙන් රාජකාරි කරනා ලද අයවළුන් විසින් විශාල වශයෙන් මුදල් උපයා ගන්නා ලද බව මා පමණක් නොව කදවුරේ සිටිනා සියළුම අයවළුන් දන්නා කරැණකි...එහෙක් මා විසින් වසර දෙකක් පුරා මෙම රාජකාරිය කළද මා අතින් මාගේ පඩියෙන් මුදල් වැය කලා මිස මෙම අංශයෙන් තබ සතයක මුදලක් මා නොගත් බව මා දන්නා කරැණකි.එය දන්නා තවත් අයෙකු සිටින බව මා විශ්වස කරමි ඒ නම් මා අදහන ජීවමාන දෙවියන් වහන්සේය..






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment