Sunday, October 4, 2015

ගමෙන් පිටවීයාම

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


ගමෙන් පිටවීයාම     
      කළුතර ලොකු අම්මගෙ පුතාට ඒ කියන්නෙ ෂෙල්ටන් අයියට තිබුනා ඇණ මැෂින් එකක්.ඒක සවිකරලා තිබුනෙ මොරටුවෙ කොරලවැල්ලෙ.ගෙවල් ..තිබුනෙ ගොරකානෙ ටිකක් දුරයි.අම්ම එයාලට කියල මාව ගෙනිහින් දැම්මා එහාට ඒකෙ වැඩ කරන්න.ඒ මාව ඉස්පිරිතාලෙන් අරගෙන ඇවිත් ටික දවසක් ගියාට ගමේ සිදුඋන සිදුව්ම් සහ මා විසින් කිව්වාට පස්සේ.......
   මම කොරලවැල්ලෙ නතරවෙලා තමා ගොඩක් වෙලාවට හිටියේ.ඒකනම් ඉගෙන ගත්තා හොදට තනියම වැඩකරන්නත් පුළුවන්.පඩිනම් හමු උනේ නැහැ.වැඩනම් කලා තමන්ගෙ වාගෙම.
        එහෙම ටික දවසක් වැඩකරගෙන යනකොට එම මැෂින් එක කළුතර කටුකුරැන්දට අරගෙන ගියා.ලොකු අම්මලාගේ ගෙවල් ලගටම.මම කොහොමත් කටුකුරැන්දට කැමතියි ඇයි අපි පොඩි දවස්වල ලොකු අම්මලාගේ ගෙදර එක්කරගෙන යනවා..අපේ අම්ම දැන් දිගටම මැෂින් එක මෙහේ නිසා මම ලොකු අම්මලාගේ ගෙදර ඉදලා තමා වැඩට එන්නේ,කෑම කන්නේ එහෙම එහෙන් තමා.රා එහෙම තියෙනවා වැඩයෙන්ම බොන්න බැහැ ලොකු අම්ම අපිට ආදරේ උනාට අපේ අම්ම වාගෙම සැරයි ටිකක්.කොහොමත් මම ටිකක් ඉල්ල ගන්නවා රා මදින එක්කෙනාගෙන්.ඉස්සර දැන්වාගේ සල්ලි ඉල්ලන්නේ නැහැ..මුට්ටිය බාන ගහ ලගට ගියහම ලොකු වීදුරැවක් විතර පුරවලා දෙනවා .මම ඉදහිටලා ලොකු අම්මට කියනවා අරගෙන තියන්න කියලා...අපි පොඩි කාලේ ගියහමත් ආසාවට එහෙම කියලා අරගෙන ටිකක් බොනවා...
 ඒ නිසා කොරලවැල්ලට වඩා කටුකුරැන්දට මම කැමැත්තක් දැක්වුවා... ඔහොම ඉදලා එතනින් මම ගෙදර ආවා විශේෂ කරැනක් තිබුනේ නැහැ මට....
           




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)



No comments:

Post a Comment