Friday, November 23, 2012

බ්ලූඩයමන්ඩ් ආයතනයට ඇතුලත්වීම

             අන්තිමටම මම සීදූවෙ බ්ලුඩයමන්ඩ් ආතනයට සම්භන්ධ උනා.එක වාසනාසකට උන විදිහට.මුලින්ම හමුඋනා ජිල් බෝල කපන්න දියමන්ති හැඩයට.අපි ඔක්කොම 10 ක් විතර හිටියා සතුටින් අපි ඒක කලා.සතියකින් විතර අපිව  බ්ලුඩයමන්ඩ් ආතනයට වැඩට ගත්ත දියමන්ති ඔප දමන්න පුහුණු කරන්න . පුහුණු වෙනතුරැ රෑ 0800 උදේ 0600 පැය දක්වා මාස නවයක් පුහුණු උනා. ඒකත් අපි සතුටින් කරගන ගියා.දියමන්ති නැති  උනාම මුලු පැක්ටියම අතුගාපු වාර ගනන කියන්න බැරි තරම්.සමහර දිනවල නැතිඋන එකවත් හොයා ගන්න නැහැ.ඒතකොට අපි ඒවට වග කියන්න ඕනෑ.ඒ වගෙම සමහර දිනවලදී නැතිඋන එක වෙනුවට දියමන්ති ගල් දෙකක් තුනක් හමුවෙන දවසුත් තියෙනවා.ඒ වෙන අයවලුන්ගේ ඒවා.දියමන්ති ඔප දමනවිට ගලක් ගැලවුනොත් ලග වැටෙනව වාගෙම ගොඩක් දුර ගිහිල්ලත් වැටෙනවා.
          පුහුණු වෙන කාලය තුලත් අපට සෑහෙන්න වැටුපක් ලැබුනා.ඒ දවස්වල හැටියට ඒක සෑහෙන වැටුපක් මමත් ඉතාම ආසාවෙන් රක්ෂාව කලා.
           පුහුණුව ඉවර උනාට පසුව සිෆ්ට් විදිහට අපව වැඩට මාරැකලා. සතුටින් වැඩ කරගන ගියා ඒ දවස් වල හැටියට අපට පුමාණවත් වැටුපක් ලැබුනා.ඒ දවස්වල ජිවන් කුමාරණතුංග එයාගෙ අයිය වැඩ කෙලෙත් එම ආයතනෙමයි.කලාපය ඇතුලත තිබුන උසස්ම  ආයතනෙ තමයි එය.අපි සතුටින් ආයතනයට ආදරෙන් වැඩ කරගන ගියා.
   ඒ වෙන  කොට මට පුලුවන් කම තිබුනා කිසිම වෙනසක් නොකර Bottam එක ඔපදමන්න.ටෑන් එක කියන්නෙ Bottom එක ඔප දමන මැෂින් එකට ඒක මට තනිවම හදාගන්න පුලුවන් කම තිබුනා. ඒ ගැන බර්නාඩ් කියන ටැමිල් සුපර්වයිසර් ස්තුති කරලත් තිබුනා.සමහර අයටත් ටෑන් මම හදලා දුන්නා.සමහර සුපවයිසර්ලා ඒකට කැමති උනේ නැහැ.
    මේ දවස්වල අයිය කියපු දෙයක් තමයි අපිට ඉගෙන ගන්න බැරි උනාට නංගිට උගන්වමු කියන එක...  අයියත් ඉස්සරට වැඩිය ගොඩක් වෙනස් වෙලා තිබුනා...මම කිව්වෙ අයියා යුධ හමුදාවට ගියාට පස්සෙ මම දැක්කෙ එකම එක දවසක් විතරයි ඒ අයිය පුහුණු වෙන කාලයේ අපි දියතලාවට දවසක් බලන්න ගියා අම්ම මම හා තවත් කිහිප දෙනෙක් සමග ඊට පසු දැක්ක දවස පස්සෙ කියන්නම්........ 
      මම බ්ලුඩයමන්ඩ් එකේ හොදට වැඩකරන නිසා මට හමුඋනා එහි අලුතින් ආරම්භ කරන මේකබල් කියන අංශයට මාරැවක්. ඒ කියන්නෙ දියමන්ති කපන එකේ අමාරැම දියමන්ති ගල් ඔප දමන්න. බ්ලුඩයමන්ඩ් ආයතනයට අලුතින්ම ආරම්භ කරපු අංශය අපි හතර දෙනක්ව තෝරලා අරගත්ත ඒකට.
              Top Section එකට,Bottom Section එකට මම ,Bruooting Section එකට ,Star Section එකට  ඒ අංශයන්ට.ඒ දියමන්ති ගල් අනෙක් ඒවා වාගෙ ලෙහෙසියෙන් ඔප දමන්න බැහැ.ඒ දියමන්ති ගල ඔප දමන්න පුලුවන් දීශාව දැනගන්නට ඔනෑ.හරිම අමාරැයි.එකට අපිට ටාගට් එකක් දුන්නෙ නැහැ.අනික් හැම එකකටම ටාගට් එකට තමයි වැඩ කරන්න ඔනෑ.ටාගට් වලට වැඩ කලහම මම මුලදි කිව්ව වාගෙ හොද වැටුපක් අරගන්න පුලුවන්.කලාපය තුල අනෙක් ආයතන වලට වඩා.හැම පහසුකමක්ම තිබුනා අපිට.ජිවත් වෙන්න පුලුවන්.සතුටින් හිටියා. 
    1985 මැයි මස 14 වෙනි දින........
Armed terrorists invaded Anuradhapura town and shot dead 146 Sinhalese and injured 85 others.This included pilgrims who were at the Sacred Sri Maha Bodhi Premises..

        ජිවිතේ වෙනසක් ඇති කරපු දවසක් කිව්වට වරදක් නැහැ...ඇයි දන්නවද එල්ටිටිඊ තස්තවාදීන් විසින් අනුරාධපුර ශී මහා බෝධියට වන්දනාමාන කරන්න ආපු සිවිල් වැසියන් ඝාතනය කිරිම. එදින අහිංසක මිනිසුන් 146 ක් මිය ගිය අතර 85 කට වැඩ පිරිසක් තුවාල ලබා තිබුනා... 
           මම උදේ සිෆ්ට් 0600 - 0200  එකට වැඩට යනවා ග‍ණේමුල්ලෙ ඉදලා සීදුවට ...ජාඇල සිට සීදූවට යනකම් කී පාරක් නම් කියන්න ඇතිද ඔය විස්තරය....ගුවන් විදුලියෙ.
            වැඩට ගියත් මතකට එනව ඒක.....එදා මම වැඩ කරල සිෆ්ට් එක ඉවර වෙලා ගෙදර ගියා .....මතකයට එන්‍න්නෙම එය.......අමතක කර නිදාගන්න උත්සාහ කලද මතකය ඒකමයි.....
              



. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................



No comments:

Post a Comment