Sunday, October 4, 2015

රටේ අතීතය වර්ථමානය අනාගතය පිළිබද සහ දේශපාලනය පිළිබද මගේ මතය



රටේ අතීතය වර්ථමානය  අනාගතය පිළිබද සහ දේශපාලනය පිළිබද මගේ මතය


මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

      කිසිදු දේශපාලන පක්ෂයකින් මට වැඩක් නැත... කිසිවකුගේ පසුපස ගොස් හිගාකෑමේ පුරැද්දක්ද මට නැති අතර ආත්ම විශ්වාසය පමණක් මට ඇත...........ඒ ඒ කාලසීමාව අනුව දේශපාලන තීරණයක් ගැනිම මාගේ කැමැත්ත මත විනා කිසිවෙකුගේ කිමට මා දේශපාලනය තෝරා ගන්නේ නැත......
   තවද අඩ සියවසකටත් වැඩි වර්ෂ ගනනක් නිදහසින් පසු මෙම රට පාලනය කරනා පාලකයින් ගැන මාගේ කිසිදු විශ්වාසයක් නොමැත්තේ මෙම රට සව්‍යංපෝශිත රටක් වශයෙන් අනාගත ශ්‍රූි ලාංකීය ජනතාවට උරැමකර දීම වෙනුවට දිනෙන් දින පසුපසට ගමන් ගන්නා ආකාරයක් දැකීම තුලදීය. මෙම රට පාලනය කරනා කිසිදු නායකයෙකුගේ ඉදිරි දැක්මක් නොමැති බව මාගේ විශ්වාසයයි......වන අතර ඒ  සදහා සියළුම ජනතාවද වගකිව යුතු වන්නේ ජන නායකයින් පත්කර ගනු ලබන්නේ මහජනතාව වන බැවිනි.............
            කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ජාතියක් වන අප කෘෂිකර්මාන්තය තුලින්ම ජය ලබා ගත යුතු වුවද ....ඒ පිළීබද පැහැදිලි ප්‍රතිපත්තයක් නොවිම තුලදී වර්ථමානය කෙසේ වෙතත් ....අනාගතය ගැන කෙසේ කථා කරාවිද යන්න මතුවන ගැටලුවකි......ධනපති රටවල් පවා කෘෂිකර්මාන්තය තුලින් ඉතාමත් සාර්ථක ගමනක් ගෙයන බව දන්නා අප පාලකයින් ඒ දෙස බලමින් ඇස් කන් පියාගෙන සිටිම කණගාටුවට කරැණකි......
      එසේම විදේශ විනිමය ඉපයිමේ ප්‍රධාන මාර්ගය ගෘහසේවය වශයෙන් සදහන් කරනා ජනනායකයින් ඉන්නා රටකට....කුමන අනාගතයක්ද යන්න කල්පනා කල යුත්තේ වහල් සේවය යනුවෙන් දෙවි සමිදානන් විසින් සලකා එම අයවළුන් වහල් යුගයෙන් බේරා ගත්තද වර්ථමානයේදීත් එය ඒ ආකාරයෙන්ම නොවුවද එයත් යම් ආකාරයේ වහල් සේවයක් වශයෙන් මා  අදහස් කරනා බැවිනි.....
     විශේෂයෙන්ම සදහන් කල යුතු කරැණ වන්නේ ජන නායකයින් පවා දුප්පත් මහජනතාවට හිමි මුදල් වංචා කරමින් මුදල් ගසා කමින් උපයමින් සිටින බව පුවත් පත් මගින් මෙන්ම ජනමාධ්‍යයන් තුලින් දැනගන්නට ලැබෙන අතර එයට සමගාමීව අනෙකුත් අයවළුන්ද මුදල් පසුපසම යමින් අකෙුන් මරා හෝ මත්දව්‍ය වස පවා මුදලට බෙදාහරිමින් මුදල් උපයන්නන් ජීවත් වෙන රටක් වන්නේ නම් හෝ දුප්පතුන්ට නැතිබැරි අයවළුන්හට පිහිටක් නොවි ....තම සැපත පමණක්ම මුල්කර ගනිමින් බොරැවෙන් දිවි ගෙවන්නාවු ජනතාවක් ඉන්නා රටක් වන්නේ නම් ....එයට දෙවියන්ගේම පිහිට පමණකි.......මෙය කියවන ඔබද ඔබගේ හිතට මදක් තට්ටුකර බලන්නේ නම් ඔබගේ සිත තුලින් සත්‍යතාවය හා අසත්‍යතාවය එලියට එනු ඇත.
         අධ්‍යාපනය අනාගතයේ දියුණුව වුවද උගතුන්ට කෙසේ වෙතත් තම ඇම්බැට්ටයින්ට හා ඥාතිත්වයට.සහෝදරත්වයට සැලකිම තුලදී උගතුන් බිහිවිම වෙනුවට නුගත් පරපුරක් රට දැයේ ඉදිරියට තැබීමේ ආදීනවයන්ට අනාගත පරපුරට බිලිවිමට බොහෝ සේ ඉඩ ඇත.
     විශේෂයෙන් අපොස උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයන්ට ඇතුලත්වන දරැ දැරියන්ට සමානව මෙන්ම ඊටත් වඩා දැනුමක් ඇති උගතුන් විශාල පිරිසක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීට හෝ මුදල් ගෙවා උසස් අධ්‍යාපනය හැදැරිමට නෙහැකිව අසරණව සිටින අතර එම අයවලුන් සදහා ගන්නා පැහැදිලි ක්‍රීයා මාර්ගයන් නැතිකම තුලදී ඔවුන්ගේ සෝ සුසුම් වා තලයේ රැව් පිලිරැව් දෙද්දී එහි ආදීනවයන්ට මුහුණ දීමට රටට ජනතාවට මෙන්ම අනාගත පරපුරට සිදුවනු ඇතිබවද යන්න මාගේ මතය වන අතර පීල්ඩ් මාර්ෂල් සරත් පෝන්සේකා නොසිටින්නට මොන ජගතා සිටියද යුද්ධය තවමත් එතනයි යන්න පවසන අතර අනාගතයේදී පවා එවන් තත්වයක් මගහරවා ගැනීම කටින් පමණක් කළ නොහැකි වනවා මෙන්ම එය ක්‍රීයාවෙන් ඉටුකර පෙන්විය යුතුයි....යන්න ...
  
 දෙමව්පියන් දරැවන්ටද දරැවන් දෙමව්පියන්ටද ගරැ නොකරන තත්වයන් ගොඩනැගෙන්නේද මෙම මුදල් පසුපස හබා යාමේ ආදීනව තුලය යන්න මාගේ විශ්වාසයයි....එයට බයිබලයේ මෙසේ ලියා ඇත.

තමන් උපයන ධනය කාවෝ කා දමනු ලබන බවත්....
රන් රිදි මලකඩ කන බවත් ....සොර සතුරන් විසින් ඩැහැගන්නා බවත් ජීවමාන වූ දෙවි සමිදානන් පවසා ඇත.....එසේනම් අවශ්‍ය වන්නේ මනුෂ්‍යකම....යහපත්කම පමණකි එවිට රටත් රාජ්‍යයත් සෘභාග්‍යමත් වන්නේය .....ඥානවන්තයින් බිහි වන්නේය..........

මේ සියල්ල මාගේ පුද්ගලික මතයන් බව කාරැණිකව සලකන්න..........


See My True Story....Home...

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment