Sunday, October 4, 2015

ඉරාකයේ රාජකාරින් සදහා යෑමට මිතුරන්ට උදව් කිරිම..............

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට මිතුරන්ට උදව් කිරිම..............

             මා විසින් ඉටුකරනු ලැබු සියළුම සමාජ සේවයන් අතරට මිතුරන් කිහිප දෙනකු සදහා ඉරාකයේ රැකියා සදහා පිටත්ව යාමට උදව් කරන ලදී....
        එයට හේකුව වුයේ ඒ වන විට ඉරාකයේ රාජකාරින් සදහා කිහිප දෙනකු ගොස් සිටි බැවිනි..මා හට යාමට අවශ්ථාවක් තිබුනද ......ඒ වනවිට මා විසින් ගමේ සමාජ සේවයේ කටයුතු වශයෙන් ..... ගාමිණි විදුහල් ආදි ශීෂ්‍ය සංගමයක් ආරම්භකර එහි ලේඛම් වශයෙන්  හා සණස සමිතිය ආරම්භ කර එහි භාණෟඩාගාරික වශයෙන් කටයුතු කරමින් සිටි බැවින් ඉරාකයේ රාජකාරින් සදහා මා පිටත්ව ගියහොත් එම සමාජ සේවා කටයුතු අඩාල වන බව මා විසින් මම එම අවශ්ථාවන් ප්‍රතික්ෂේප කරන ලදී.
    කවුරැන් කෙසේ කිවිවද මාගේ අරමුණක් ඇතිබව දන්නේ මා පමණකි....එම නිසා එම අවශ්ථාවන් පැහැර හැරීමට මා කටයුතු කළද මිතුරන් පනස් දෙනකුහට මාගේ වියදමින් විදුලි පණිවිඩ යවමින් එය දැනුම් දෙන ලදී......ඒ අනුව කිහිප දෙනකු ඒ සදහා සහභාගී වෙමින් මුදල් උපයාගෙන ජීවිතය සාර්ථක කර ගන්නා ලදී......
      එක් මාගේ මිතරකු පමණක් ඉරාකයේ ගොස් පැමිණි පසු මා හට ත්‍යාගයක් වශයෙන් පිත්තල පොල්තෙල් පහනක් ගෙනැවිත් දෙන ලදී....අනෙකුත් අයවළුන් අදටද කථාවක් නැත ....එහෙත් මා ත්‍යාගයන් හෝ මුදල් උපකාරයන් බලාපොරොත්තුෙ වන්නේ නැතිව ඒ දේවල් කල බව නම් කිව යුතුයි.......
         මුදල් කාවෝ කති.......රත්තරන් ආදී ධන සම්පත් මලකඩ කති .....එහෙත් දෙවිපියානන්ගේ වචනය අනුව සැමට සේවය කරන්නන් අමරණියයි.....යනුවෙන් ශුද්ධවු බයිබලයේ සදහන්ව ඇත......





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment