Saturday, March 21, 2015

ඇත්තම ඇත්ත කථාවක්

මගේ එකම පැතුම......සහ කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........ දුක් කම්කටොළු.........අසාධාරනයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
........දුප්පත් දෙමව් පියන් දෙන්නට පින් සිදු වෙන්නට ...........ඉගෙන ගැනීමට හැකියාව ලැබූ... මා .......දෙමව් පියන්ගේ කීම නොඅසා දුප්පත්කම මගේ හිත තදින් වෙලා ගත් බැවින් ඉගෙනීමට  නැවතීමේ තිත තැබුවෙමි........ දුක් කම් කටොළු මැදින් පැමිණ  ඉතා අපහසුවෙන් සොයාගත් බ්ලු ඩයමන්ඩ් ආයතනයේ රැකියාවට ආයුබෝවන් කියා ..........යුධ වාතාවරණය ඇති 1985 කාලසීමාවේ .... යූධ හමුදාවේ සෙසු නිලයෙකු ලෙස එක්වී.....උසස් කිරිමේ පාඨමාලාවන්.තුනකදී.ප්‍රථම හා දෙවන ස්ථනයන් ලබා සාර්ථකව  සමත් වී ......තෙවරක්  නීළධාරියෙකු ලෙස උසස් නිරිමට නිර්දේශ ලබා ....තෙවෙනිවර .......දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ officers' quality test එකට සහභාගී වී ..... කෙඩෙටි නිළධාරි  භෝජනාගාරයෙන් එක් වේලක් ආහාර ගෙන ........නිළධාරියෙකු විමට නොහැකි වූ නිසා .....වසර දෙළහකින් යුධ හමුදාවෙන් නිත්‍යානු කුලව ඉවත්ව ..........ධනපත් පන්තියට අයත් තරැපහේ හෝටලයක වසර 07 ක් සේවය කිරිමෙන් පසුව.....අණවසරයෙන් විදේශීය රටකට ගොස් ..දිවයිනක සිරවී සිට පිටුවහල් කිරිමෙන් අනතුරැව ........ නැවතත් යුධ වාතාවරණය ඇති කාළසීමාවේදී ...........යුද්ධය අවසන් කිරිමට දායක විමෙන් පසු .........සෙසු නිළයෙකු විසින් ලැබිය හැකි.......උසස්ම තනතුර වන බළළත් නිළධාරී 1 තනතුර දක්වා ....පැමීණිම සහ ඉන්පසු.........??? ........................??
වාසනාව අවාසනාව පොදි බැදනෙ එන අපේ ජිවත කාලය තුලදි මොන කරදර දුක්කම් කටොලු ආවත් ඒ හැම දෙයකටම සාර්ථකව මුහුණ දෙන ආකාරයක් අප දැනගත යුතු වෙනවා...නැත්නම් වෙන්නෙ පරාජිතයෙක් වාගෙ බලාගන ඉන්න තමයි....
වාසනාව අත ලගටම ගෙනවිත් දෙන්නෙත් නැහැ ...මෙන්න කියල.. වාසනාව හොයාගන යන්නත ඕනැ...වාසනාව හොයාගන ගිහින් ලැබුනෙ නැහැ කියලා ආපසු හැරෙන්නත් එපා...එහෙම හැරැනනම් ඒ අය ජිවිතයෙන්ම පරාද වෙනව....
උත්සහය සමග වාසනා මහිමයත් එකතු උනානම් නවතින තැන කියන්න බැරි වෙනවා ..ඒ වගේම වාසනාව නැහැ කියල ආපහු හැරෙන්නත් එපා...
ගත්තු උත්සාහයේ ප්‍රතිපලය භුක්ති විදින්නට ලැබෙනවා
වාසනාව අතින්ම අරනෙ එන අය ඉන්නවා ඒ අය දිහා බලල ඊර්ෂියා කරන්න නම් එපා තමන්ටත් වාසනා මහිමය තියෙනව කියල පොඩි විශ්වාසයක් පමනක් තියාගෙන උත්සාහයෙන් යුතුව කටයුතු කිරිම තමයි වැදගත් වෙන්නෙ.මෙහෙම ලියන්න හේතු ගොඩක් මට තියෙනවා ටිකින් ටික තමා ලියන්න වෙන්නෙ
           There will be times in the very near future I am sure that I will need to come back ... because I can't hide behind my feelings and also facing my lifetime .  but I never  forget every thing............... 
 if I am  hidden. I don't know why.... I thought that.....  

.......මට එය ස්ථිර වශයෙන්ම කීමට හැකියි.... මට සගවන්න බැහැ මගෙ ජිවිත කාලය තුලදි   මම මුහුණදුන් ,දැනුන හා මගෙ අදහස් ඒ දෙවල් කිසිම විටක මට අමතක නැහැ .........මම කවදාවත් අමතක කරන්නෙත් නැහැ....එහෙම කරනවනම්.... 
        මම හිතුවා මෙයත් ඒ හැම දෙයකම මතකය සහ විසදුම කියලා.. 

 I never shy to tell our family  and whole my lifetime ,,,, We faced and how to solved everything.I can tell.............. no anyone faced crucial time like me...........and before us.......,
      මම සහ අප තරම් මුහුණ දුන් කරදරකාරි ජිවිතයකට කවුරැත් මුහුණ දී නැතිව ඇති කියල මම තවමත් හිතනවා......මම සහ අප කොහොමද ඒ සෑම  දෙයක්ම   විසදගත්තෙ හා ජය ගත්තෙ කියලා ...අතිතය ගැන කියන්න..මම  කිසිවිටකත් ලැජ්ජාවට පත්වන්නෙ නැහැ....එය මට සතුටක් .....මිහිරි අත්දැකීමක්.
..ඇයි අතිතය අමතක පුද්ගලකුට අනාගතයක්ද නැහැ කියල අහල තිබුන මම..
                 Life is funny sometimes, or always.What you plan doesn't  work out or go as scheduled. 
....ජිවිතය එක් අවශ්ථාවකදී හරි හැම විටම  හරිම විනෝදකාරියි....අප සිතන පතන ඒවා සිදුවෙන්නේත් නැහැ...ඒත් අමතක කරන්න එපා නොවෙන්නෙත් නැහැ කියල මතක තියා ගන්න. සිනැහැ ඒ විදිහටම.....
        .මම මගෙ මතකය අළුත් කරගන්නත් එක්කම මගෙ දැනුම දියුනු කරගන්න කරන වැඩක් කිව්වත් වරදක් නැහැ... ඒ එක්කම මම හිතනව එය කාටහරි වැදගත් වෙයි කියල....
  අපිට අම්ම තාත්ත මෙන්න මේ ටික  උගන්වල තිබුන.....කන්න බොන්න නැතත් අනුනට අයිති කිසිම දෙයක් ගන්න එපා කියල......තමන්ට නැතිනම් හිගාකැවත් කමක් නැහැ......කුලී වැඩක් කරල කියක් හරි හම්බුකරගන කාපන් කියන එක......තවත් එකක් කිව්ව ඒ මොකක්ද දන්නවද  ??කාටවත් ඔලුව පාත්කරල එක එකා පස්සෙ ගිහින් ජිවත් වෙන්න පුරැදු වෙන්න එපා කියල ...පුළුවන්  විදිහට නැතිබැරි අයට උදව්කරන්න පුරැදුවෙන්න .......එක එදා ඉදලම අම්ම තාත්ත කියපු දෙයක්..........ඒ වාගෙම මැරෙන තුරැ ඒ ප්‍රතිපත්තියෙම හිටියා....ඉගෙන ගනිල්ලා......කියපු එක කියපු වාර ගනන නම් මතකයේ නැහැ.හැම දවසකම කටේ තිබුන වචනය....
       ජිවිතේ දුක් කරදර කම්කටොලු මැද ආපු ගමනනම් මහත් විඩාකාරියි.....මානසිකව මම කොයි තරම් පිඩා වින්දද ....මියගියානම් කියල හිතුන වාර ගනන ......ඒ හැම වේලාවකම මට...... මගේ මතකයට ආවේ .... ජේසුනී ඔබව .........දෙවියන් වහන්සේව ..........මරිතුමියව ...... ජපමාලය ...............,.,දෙවියනී......දෙවියනී  ඔබගේ කැමැත්ත මිස මාගේ කැමැත්ත නොම වේවා ....කියපු වාර ගනන කියන්න බැහැ.........ඊට පස්සෙ ඒ කිසිම දෙයකින් මමනම් සැලුනෙ නැහැ.මොකක්ද කියල මමවත් දන්නෙ නැහැ..........ඒ උනාට මොකක්ද ලොකු බලවෙගයක් මා තුල තියෙනව කියල මටනම් විශ්වාසයක් තියෙනව.නැත්නම් මේහෙම ලියන්නවත්  කවදාවක්වත් මට හමුවෙන එකක් නැහැ......

මගේ එකම පැතුම......සහ........කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ...... දුක් කම්කටොළු......අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන්... වචනයකින් හරි  සහයක් විම..... 
...............ටිකක් දිගයි කථාව ඒ උනාට කරන්න දෙයක් නැහැ......කවදා හරි එක් අයෙකු හෝ බැලුවනම් ඒ මට ඇති.....
 ජිවිතයට මුහුණ දීම.......ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... 
...වැදගත් වේවි කවදා හරි.... 
. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
අපේ ගම .........................
දෙමව්පියන්.........
මගේ ඥාතීන් ...........
පළමුවන ත්‍රස්ත්‍රවාදියාගේ මුණ ගැසීම .............
ජීව්තයෙන් ගැලවීම නාවට්කුලි....යාපනය ......
සාර්ථකව මුහුණ දුන් ලාන්ස් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම සහ තවත් අයෙකු එකම ලකුණු ලබාගත් අතර දෙදෙනාම නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය...හේතුව .....????)
7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එකතුවීම .........
අනුරගේ පිස්තෝලයට මාගේ ප්‍රති උත්තරය............
ක්‍රියාන්විත රාජකාරින් ...........
සාර්ථකව මුහුණ දුන් කෝප්‍රල් දක්වා   උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම දෙවන ස්ථානය ලබාගත් අතර එක සහ දෙක ලබා/ත් දෙදෙනාම  නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී...එහෙත් මාගේ නම කපා හරින ලදී.....හේතව...????)
යාපනය ක්‍රියාන්විත රාජකාරීන් සදහා සහභාගී වීම ........
නිළධාරියෙකු සමග ගුටි බැට හුවමාරැවක්.........
8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එකතුවීම .........
නැගෙනහිර පලාතේ ක්‍රියාන්විත රාජකාරීන් සදහා සහභාගී වීම .......
පූනරින් බේරාගැනිම සදහා ගුවන් මගින් පිටත් විමේදි ගුවන් යානය අනතුරකට ලක්වී  දිවි ගලවා ගැනීම.....
සාර්ථකව මුහුණ දුන් තෙවන උසස් කිරිමේ විභාගය...........(එම උසස් කිරිමේ විභාගයේදි මම ප්‍රථම ස්ථානය ලබාගත් අතර  නිළධාරියකු කිරිමට සුදුසු යැයි තෙවන වරටත් නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය .....හේතුව...???)
දියතලාව යුධ හමුදා විද්‍යා පීථයේ සති දෙකක Officers Quality Test විභාගය සාර්ථකව නිම කිරිම......
දියතලාව යුධ හමුදා විද්‍යා පීථයේ කෙඩෙට් භෝජනාගාරයෙන් ආහාර ගැනීම ...........
අවාසනාවන්ත සිදුවීමක් නිසා නැවතත් ඒකකයට යෑම..............
මාගේ විවාහය..........
චූටි පුතුගේ උපත.............(මට ජිවත් විමට වාසනාව උදාකරදුන් සිදුවීමකි)
ලී කොට තොගයක් සමග යුධ හමුදා පොලීසියට අසුවීම
 පුතා බලන්න ප්‍රමාදව පැමිණිම ගැන අම්මාගෙන් බැනුම් ඇසීම
සුදුසුකම් සියල්ල සපුරා තිබූ මා සිටියදී ආධුණික සෙබලකු හට නිළධාරියෙකු විම සදහා නාමයෝජනා ලබා දීම
යුධ හමුදාවෙන් ඉවත්ව යෑමට තීරණය කිරිම...........
යුධ හමුදා මුලස්ථානයේ එතෙර පාඨමාලා භාර ලිපිකරැ රාජකාරින් භාරගැනීම...........
විවෘත විශ්ව විද්‍යාලය වෙතින් මුලික ඉංග්‍රිසි පාඨමාලාව හදාරා උසස් ලෙස සමත් වීම...
දියණියගේ උපත සිදුවීම........
වසර 14 කුත් මාස 01 ක් සේවය කර යුධ හමුදාවෙන් නිත්‍යානුකුලව ඉවත්වී යෑම......
ගලධාරී හෝටලයේ රාජකාරියට යෑම..........
අමුතුම පුද්ගලයෙකුගේ හමුවීම...............
මාගේ සමාජ සේවය
ගමේ සමාජ සේවය කරන ලද සහ සමාජ සේවය කරමින් සිටින අයවළුන්
එල්ලේ ක්‍රීඩාව  වෙනුවෙන් පුවත්පත් නිර්මාණය කිරිම.......... 
සණස සමිතිය ගොඩනැගීම
ආදී ශිෂ්‍ය සංගමයක් ගොඩ නැගීම
දීපශිකා ක්‍රීඩා සමාජය සහ ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය නැවත ගොඩනැගිමට උත්සාහ කිරිම
රණවිරැවන් වෙනුවෙන් දිවයින පුරා පිලිගත් සමීතියක් ගොඩනැගීම
රණවිරැවන් වෙනුවෙන් රණහඩ නම් පුවත් පතක් එලිදක්වීම
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලියේ විදේශීය නිළධාරින් සමග සාකචිඡාවක්
එක් එක් දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීම............
ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට මිතුරන්ට උදව් කිරිම..............
ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට තීරණය කිරිම.........(සම්මුඛ පරික්ෂණ සදහා හාරදහසකට අධික හමුදාවෙන් විශාම ගොස් සිටි අයවළුන් සිටි අතර මා ඉන් දසවෙනියා වී සමත් විය).....
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑම...........
වීසා නොමැතිව ක්‍රිස්ට් නැමති  දූපතකට පිටුවහල් කිරිම.....
ආහාර සහ මුදල් නොමැති විට හිගා කෑම...........
පොලිස් අත්අඩංගුවට පත්වීම.....සහ රටින් පිටුවහල් කිරිම ............
ලංකාවට පැමිණි පසු ගමන් බලපත් අහෝසි කිරිම...........
ජීවිතය විනාස කර ගැනීමට අදහස් කිරිම.............
දරැවන් ගැන සිතා නැවතත් යුධ හමුදාවට එක් විම.....
රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍ර ශාඛාවේ  ප්‍රධාන ලිපිකරැ විම.............
අලියෙකු විසින් පහරදිම නිසා ගෑස් ටැංකි ගිනි ගැනීම....හා ..භෝජනාගාරය ගිනි ගැනිම.....
වෙනත් අයෙකුගේ හොරකමක් සම්භන්ධයෙන් යූධ හමුදා පොලීසියෙන්  අඩංගුවට ගැනීම........
යුධ හමුදා පොලිස් නිළධාරින් සමග බහින් බස් වීම......
මින්නේරිය කදවුරෙන් පිටත් විම ...........
විශ්‍රාම යන අයවළුන් සදහා ලබාදෙනු ලබන වෘත්තිය පාඨමාලාව තෝරා ගැනීම
ගාමිණි විදුහල් ආදී ශිෂ්‍ය සංගමය නැවත ආරම්භ කිරිම
වෘත්තීය පුහුණුව සදහා ආයතනයකට යෑම
රටේ අතීතය වර්ථමානය  අනාගතය පිළිබද සහ දේශපාලනය පිළිබද මගේ මතය


මා ලියූ මගේම අදහස්............

අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)


.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....
Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

විශ්‍රාම යන අයවළුන් සදහා ලබාදෙනු ලබන වෘත්තිය පාඨමාලාව තෝරා ගැනීම

බ්ලුඩයමන්ඩ් ආයතනයේ රැකියාව කරමින් සිට යුද්ධය පැවති කාලසිමාවේ එනම් 1985 වසරේ රට ජාතිය ගැන සිතා යුධ හමුදාවට බැදුන මා ඉතාමත් කැපවිමෙන් මාහට පැවරෙන රාජකාරින් කොටස ඉටුකරමින් සේවය කලද යුධ හමුදාව තුලින් මා ලබාගත් කිසිදු දෙයක් නොමැත..
එයට හේතුන් වශයෙන් මා දකින්නේ මා ඉහල නිළධාරින් සමග ඉතා කුළුපග නොවිමය...කිසිදු විට මා කිසිවකුන් සමගින් දොඩමළු නොවන අතර මාහට ලබාදුන් රාජකාරින් ඉතාමත් හොදින් කැපවීමෙන් කිරිම මාගේ අභිප්‍රාසය වුවද මා හට වැරදුන් තැනක් වන්නේද එයමය.එහෙත් මා සමග මට පිටුපසින් සිටි අයවළුන් වර්ථමානයේ මටත් වඩා ඉහලින් සිටිති...නමුත් ඔවුන් මා කවුදැයි හොදින්ම හදුනති...........මට මාගේ ආත්ම අශිමානය සියල්ලටම වඩා වැදගත් වන්නේ මම කිසිදු දෙයකින් අධෛයයමත් නොවන පුද්ගලයෙකු වන බැවිනි....
හොදම ආධුනික සෙබළුන් පස්දෙනා අතර කැපි පෙනීම
1.ආධූනික සෙබලකු වශයෙන් පුහුණූව ලබද්දී හොදම සෙබළුන් පස්දෙනා අතරට තේරැන මා ප්‍රධම වතාවට යුධ හමුදා ජිවිතයේදී පරාජයට මුහුණු දුන්න් මාගේ අදක්ෂ කමක් නිසානම් නොවන බව මා හොදාකාරවම දනිමි..................
සෙසු නිළයේ සිට නිළධාරියෙකු දක්වා උසස් කිරිමට නිර්දේශ කිරිම
2.ඉන් අනතුරැව ලාන්ස් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ පරික්ෂණයෙන් අප දෙදනකුම සම ලකුණු ලබා නීළධාරින් දක්වා උසස් කිරිමට සුදුසු යැයි නිර්දේශ කලද .......මා හට නිළධාරියෙකු විමට නෙහැකි වු අතර මා සමග එකම ලකුණු ලබාගත් මාගේ මිතුරා 2012 වන විට ලුතිතන් කර්නල් නිළයේ ජේ්‍යෂ්ඨ නිළධාරියෙකි.....
3.කෝපල් නිළයට උසස් කිරිමේ විභාගයෙන් මා දෙවන ස්ථානය ලබා නිළධාරියෙකු ලෙස උසස් කිරිමට සුදුසු යැයි නම් කළද බළඇණී මුලස්ථාන ලිපිකරැවන් විසින් මාගේ නම ඉවත් කර ඒ සදහා වෙනත් අයෙකුගේ නමක් ඉදිරිපත් කරන ලදී....ඔහු 2012 වන විට මේජර් නිළයේ සිටි.......
4.සැරයන් නිළයට උසස් කිරිමේ පරික්ෂණයෙන් මා පලමු වෙනියා විමෙන් අනතුරැව තෙවෙනි වරටද සෙසු නිළයේ සිට නිළධාරයෙකු ලෙස උසස් කිරිමට සුදුසු යැයි තෙවන වරටද නම් කරන ලදී..එවර දියතලාවේ බදවා ගැනීම් 41(Intake 41) නිළධාරින් තෝරා ගැනිමේ පරික්ෂණයට සිවිල් අයවළුන් ද සමග සහභාගි වෙමින් ඉන් සමත් වී සෙසු නිළයෙකුට ජිවිත කාලයට යාමට නොහැකි කෙඩෙට් නිළධාරි භෝජනාගාරයෙන් එක් වේලක් ආහාර අනුබව කොට... පුහුණුව සදහා යාමට සිටියද ...අවසන් මොහොතේ මාගේ නම ඉවත්ව තිබිම.....එය මෙලෙස වී ඇති එකම පුද්ගලයා මා විමට ඉඩ ඇත.
5.නියමිත පරිදි මාගේ උසස් වීම් නොලැබීම
6. කිසිදු දේශිය පාඨමාලාවක් සදහා නාමයෝජනා ලබා නොදිම
7. පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ එතෙර පාඨමාලා භාරව කටයුතු කල කාලසිමාවේ මෙන්ම ඒකකය හෝ රෙජිමේන්තු මධ්‍යස්ධානය විසින් කිසිදු එතෙර පාඨමාලාවකට නම් නොකිරිම
8හයිටි දේශයේ රාජකාරින් සදහා නම් නොකිරිම සහ යැමට නොහැකි විම

මෙවැනි කරැනු නිසා මා හට කිසි විටකත් යුධ හමුදාව පිළිබද කලකිරැනේ නැතත් එක් එක් නිළධාරින්ගේ ක්‍රුීයා කලාපයන් පිළිබදවනම් කලකිරිමෙන් සිටියෙමි...නම් වශයෙන් සදහන් කිරිම මා මෙහි සදහන් නොකරන අතර ඒ පි්ළිබදව කිසිවිටකත් බියක් නොදක්වමි.
 මා මුලදී සදහන් කලාක් මෙන් යුධ හමුදාවෙන් මා ලද එකම හා වැදගත්ම දෙයක්  වශයෙන් දකින්නට ලැබෙනුයේ විශ්‍රාම යාමට නියමිත සෙබළුන් වෙනුවෙන් ලබා දෙන්නාවු මෙම විශ්‍රාම පාඨමාලාවය.සැකයකින් වුවද මා විසින් ඉල්ලු එම විශ්‍රාම පාඨමාලාව මා හට ලැබුනි.......

මා විසින් තෝරාගන්නා ලද ශිතකරණ හා වායු සමිකරණ පාඨමාලාව වේයන්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙතින් පුහුණූව ලැබිමට නියමිතව තිබුනි................
මෙම පුහුණුවද මා විසින් සාර්ථකව හදාරා ඒ පිලිබද මනා දැනුමක් ලබා ගනිමි යන්න මා හට ස්තිරය...එය මා හට කෙසේ වුවද මා නියමිත පරිදි  හොදින් ඉගෙන ගනිමින් අනාගතයේ කුමන හෝ තරැණයෙකුට කියාදිමට හැකි වන්නේ නම් එය මා ලබනා ජයග්‍රහනයක් බව මා සිතා ගනිමින්........එම පාඨමාලාව හැදැරිම සදහා ඉතාමත් කටුක අත්දැකිමක්ද අවශානයේ ලබා මින්නේරිය කදවුරෙන් නික්ම පාඨමාලාවට සහභාගී වාම සදහා පිටත් වුයෙමි..............

එසේ පාඨමාලාව හැදැරිම සදහා පැමිණියද ......වාසනාව සමග අවශනාව පොදි බැදගෙන එන මා දිවියේ ...එයත් මහා අවාසනාවන්ත සිදුවීමක් විය....... එනම්



ඉන්පසු ජීවිතය

ජීවත් වෙන්න දන්නේ නැති කාල සිමාවක්...........ඒ උනාට අම්ම ..තාත්ත කියපු දේවල්නම් ඔළු කට්ට ඇතුලත නොතිබුනාම නෙමෙයි..........හැම වෙලාවකම කියන දෙයක්නේ............හැදියන් .........හොදමිනිහෙක් වෙයන්.....රටට දැයට සේවයක් කරපන්..........නිකරැනේ මැරිලා යන්න එපා........ඉගෙන ගනින් ......හොදට හිටියොත් උඔට තියෙනවනම් කාටහරි උදව්කරන්න පුළුවන්......නැත්නම් නැහැ.......තමන්ට තමන් විතරයි...........අයියෝ ඒ කාලෙනම් පිස්සු වාගේ........ඒ උනාට ඒවා මගේ ඔළුකට්ට තුල.........නොතිබුනා නෙමෙයි...........ඇයි හැම වෙලාවේම කියනකොට ඒව තැම්පත් වෙනවා...........නරක දෙයක් කිව්වනම් ඒවත් එහෙම තමයි..........

මේ වාගේ දේවල් කියන්න........ඒ අයට දැනුම කොහෙන්ද...........?මම....මමත් මගේ දරැවන්ට තමයි දැන් කියන්නෙත්...මටත් දැනුමක් ලැබුනෙ කොහෙන්ද.??

පාසැලින් අයින් වුනා කියලා කරන්න නම් විශේෂ බලාපොරොත්තු කිසිවක් තිබුනේ නැහැ.....එපා වෙල් හිටියේ ජිවියත් එක්කම......
....මගෙ  තවත් මිතුරෙක් හිටියා ඒ තමයි ඇන්ටා ඒකට කිව්වෙ අපි දොඩමා කියලයි ඇයි ඒ දන්නවද ඇන්ටගේ තාත්තා දොඩම් විකුනන නිසා.... ඒ උනාට ඇන්ටව තාත්ත දාල ගිහින් තිබුනා....මම සහ ඇන්ටනි ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ කැමල් අයියලාගේ ගෙදරදී තමයි..මම සහ ඇන්ටා ගියා රක්ෂාවක් හොයා ගෙන මාකවිට පැත්තේ තියෙන කොහු මෝලකට දිනකට වැටුප දෙනවා ..කොහු තලන්න පටවන්න ...කොහු ලෙලා ගොඩ දමන්න සතියක් දෙකක් ගියා  එපා උනා....සති දෙකේ පඩි අරගෙන ඉවර වෙලා අපි ගියේ නැහැ....ඒ මුදල් අරගෙන අලව්වේ ගියා පොල් අරගෙන ඇවිත් විකුනන්න කිහිප වාරයක් පොල් අරගෙන ඇවිත් වික්කා ගණේමුල්ල නගරයේ ඒ උනාට එපමණ ලාබයක් නම් ලැබුනේ නැහැ......
එක දවසක් සුපුරැදු පරිදි අලව්වට ගියා පොල් අරගෙන එන්න...ගම්මානයන් වලට යන්නෙ පොල් එකතු කරන්න මට මතක හැටියට ඒ ගමේ නම පින්තාලියද කොහේද...? ...ඒ දවස්වල අපි අලව්වට පුරැද්දක් වශයෙන් දුම්රියේ ටිකට් අරගෙන යන්නේ නැහැ...හොරට තමයි යන්නේ...ඒ මුදල අලව්වෙන් තේ දෙකක් බොන්න දෙන්නටම ප්‍රමානවත්...ඔහොම ගිය අපි දෙන්නව එක දවසක් අලව්වේදි චෙකර්ලාට අහුඋනා....කොපමන කන්නලව් කලත් අපි දෙන්නට නම් බේරැමක් ලැබුනේ නැහැ . අන්තිමේදි පොල් ගෙනෙන්න තිබුන මුදල් දීලා අපි දෙන්නා බේරිලා ආවා........එදායින් පස්සේ පොල් ගෙනෙන්න මුදල් නැහැ....කාගෙන් ඉල්ල ගන්නද..?අපිට කවුද ඒ දවස්වල ශතයක්වත් දෙන්නේ.......
ඉන් පස්සේ දෙන්නම ගම්පහ තේ කඩයක වැඩට ගියා....දෙන්නම දවස් කිපයක් වැඩකලා .හොදට  කන්න බොන්න තියෙන නිසා දෙන්නම සතියක් දෙකක් හිටියා....ඇන්ටට කන්න දන්නේම නැහැ....කොහෙන් ගියත් මුදලාලිට හොරෙන් මොනවා හෝ අරගෙන එනවා ඇවිත් දෙන්න එක්ක කනවා...එහෙම හොරෙන් කාල අහු උනොත් ඉදල ඉවරයි ඇන්ටවනම් කිහිප පාරක් අහුඋනා....කොහොම හරි මුදලාලිට ඇන්ටව තව පාරක් අහුඋනා..ඒ පාර ඇන්ටට සමාවක් ලැබුනේ නැහැ එතනින් එලවලා දැම්මා....මම එතන තනියම තවත් සතියක් වැඩ කලා නැත්නම් පඩි නැහැ.....ඒ සතිදෙකට ඉතාමත් සුළු මුදලක් ලැබුනත් අපි දෙන්නට පොල් ගෙනෙන්න එම මුදල් මදි....ඒ නිසා එයත් එතනින්ම අවසන් උනා.......
මේ දවස්වල අපේ තාත්තට රක්ෂාවක් නැහැ...මුදලුත් නැහැ...මමත් එක එක තැන්වල යනවා.සමහර අවශ්ථාවල ගෙදර එන්නෙත් නැහැ...කොහොම හරි අපේ අම්ම පල්ලියේ කාටහරි කියලා වේයන්ගොඩ පල්ලිය බලාගන්න වැඩක් හොයල දිලා තිබුනා..තාත්තට.ඒකට හේතුව වේයන්ගොඩ පල්ලියේ හිටියේ අපේ පල්ලියේ සේවය කරලා ගිය පිලිප් කියන සුවාමියි.එතුමා පල්ලිය බලාගෙන ඉන්න වයසක එක්කෙනෙක්ව හොයලා තිබුනා අපේ අම්මට පණිවිඩය කිව්වේ කවුද දන්නේනම් නැහැ...අපේ තාත්තා වේයන්ගොඩ පල්ලිය මුරකරැ වශයෙන් ගිහින් හිටියා....පිලිප් පාදර් නැවතිලා හිටියේ නිට්ටඔුවෙ තිබුන පල්ලියේයි..



මිනිසකුගේ තිරණයක් කොපමන දුරකට වෙනස් විම් සිදු වෙනවාද කියල හිතාගන්නත් බැහැ......


මිතුරන්ගේ උදවිවට ගොස් පිහියෙන් ඇනුම් කෑම


. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................







මිතුරන්ගේ උදව්වට ගොස් පිහියෙන් ඇනුම් කෑම .........

           Turning point of my life මගේ ජීවිතය වෙනස් මගකට යොමුකල .....එමෙන්ම හදවතින්ම දෙවියන්ට කන්නලව් කරනා ලද ප්‍රථම අවශ්ථාව.....අම්මාගේ බලකිරිමට පල්ලිනම් ගියා තමයි හැම දවසකම ඒ ගියේ දෙවියන් අදහන්න නම් නෙමේ අම්මාගේ බලකිරිමට....කියලයි මට දැන් හිතෙන්නේ....ගොඩක් අය එහෙමයි.......පිහියෙන් ඇනුම් කාපු වේදනාවට වඩා වේදනාවක් මම අත්වින්දා ඉන් පස්සේ .........එතකොට තමයි දෙවියන්ව මතක් උනේ.........
...මගේ ජිවිතයට අත්විදි නපුරැම නපුරැ අත් දැකීමක් කවුරැවත් මේ වාගේ අත් විදිමක් නම් ලබන්න හිතන්නත් එපා.............මෙයන් මම දැකපු අත් වදිම තරම් අත්විදිමක් කාටවත් දකිනනම් ලැබෙන එකක් ....නැහැ.............නමුත් ඇත්ත ජයගන්න බවනම් ..........එය සත්‍යයක් ......අපි කාට උදව් උපකාර කලත්  හොදක් අහන්නනම් කවදාවත් ලැබෙන එකක් නැහැ.............හැබැයි මමනම් කිසිවිටකත් සැළුනෙනම් නැහැ..........මානසිකවනම් විදවපු  වාර ගනන කියල වැඩක් නැහැ........ඒ උනාට මගේ හිත දිරිමත්........ඕනෑම දෙයකට........ 
         මම ඒ කාලෙත් හරිම හොදයි .......ඒ උනාට කාටවත් බයක් නම් නැහැ......දැනුත් ඒ දෙයම මට තියෙනවා......හරිම කරැමයක් තමයි.....අපේ අයියත් මට වැඩිය චන්ඩිපාට් දැමිමත්.... මමත් බයක් නම් නැහැ......අපේ මල්ලිත් එහෙම තමයි....තුන්දෙනාම හිටියනම් ලක්ෂනට තියෙයි.....
                   මම කියන්න ගියේ ඒක නෙමෙයි පිිහියෙන් අනුම් කාපු එක ගැන මට අද වාගේ මතකයි.........මම මේ හැම සිදුවිමක්ම මගේ බිරිදට දරැවන්ට කියල සැනසිමක් ලබනව වාගේම මුළු ලෝකයටම කියල සැනසිමක් ලබනවා.....
                    මම සහ අපි ඔක්කොම එදත් සතුටින් සංගීත සංදර්ශනය නරඹන්නට ගියා...අපි ඔක්කොම කියන්නේ ඒ කාලයේ අපිව ගනන් ගත්තු නෙමේ....ඒ කාලයේ  අපි සමග හිටපු කණ්ඩායම.....ඒ ගැන මම කියන්න යන්නේ නැහැ.....කියන්න ගියොත් මොනවා කියන්නද.....අපි මම අද ඉනනවද කියලත් හිත්නන බැරි කණ්ඩායම........ගමේ ගනන් නොගත්ත කණ්ඩායම...ඒ උනාට අම්ම තාත්ත අත නොහැරපු කණ්ඩායම......මොනව කලත් තමන්ගේ දරැවෝ කියල හිතපු දුප්පත්ම කණ්ඩායම......මමත් එක සාමාජිකයෙකු වශයෙන් එදා සංගීතය බලන්නට ගියා.......කොහොමත් ආසම දෙයක්නෙ තරැණ පරපුරේ........අදත් එහෙමනේ ඒ නරක ආදර්ශයෙන් පස්සේ මගේ දරැවෙකුවත් යනවට අකමැති අතර මම සංගීත සංදර්ශවයක් බලන්න යන්නෙත් නැහැ.......ගිය කාලයක් මතකත් නැහැ.....
ඒ සිදුවීම....................

මමත් කැමල් අයියත් තවත් කණ්ඩායමක් නම් වශයෙන් ලියන්නම්..........මමත් වර්ථමානයේ කරන කරකම වැඩක් කරලා කැමල් අයියාගේ වීල් චෙයාර්එක ලග කොස්ගස ලගට වෙලා ඉදගෙන හිටියා සංගීත සංදර්ශනය නරඔමින්........ඒක අපේ විනෝදාංශය නිසා.........අල්කාන්ත සහ ආනන්දත් අපිත් එක්කම ගියා..ගහගන්න උණ ගතියක් තියෙන කට්ටිය තමයි ඒ අපි සමග හිටියේ.....එදා සංගීත සංදර්ශනය දවසේ මම කැමල් අයිය ලගින් වාඩිවෙලා හිටියා... එතනින් යනවිටත් මට හැමදවසකම මතක් වෙනවා ආනන්ද අල්කාන්ත සංදර්ශනය තියෙන ස්ථානයේ ඇතුලේ නටන්න ගිහින් ....කොහොම හරි නටන ගමන් කුඩාබොල්ලතේ සුමතිපාල සමග රංඩුවකට ගිහින් තියෙනවා මමනම් දන්නේ නැහැ මම ඉදගෙන හිටියේ කැමල් අයියා ලග නිසා එතන කැමල් අයිය ලග තුන් හතර දෙනෙක් හිටියා......මමත් කථා කර කර හිටියා.....

 හදිසියේම අල්කාන්ත දුවගෙන ඇවිත් මට කිව්වා ජූඩ් ආනන්දලා ගහ ගන්නවා පාරේ එන්න කියලා මම කැමල් අයියට කියන්නෙත් නැතිව නැගිට්ට ගමන් එතනට දිව්වා.....කවුද කියලා මම දන්නෙත් නැහැ....මම යනවිට ආනන්ද සහ ඒ පුද්ගලයා ගහ ගන්නවා එකට එක මම සහ අල්කාන්ත ගිය ගමන් තවත් ඒකට ගහන්න ගත්තා ...මොකක්ද කියලා බැළුවෙත් නැහැ මමත් ගහන්න ගත්තා ......ඒකට මුහුණ දෙන්න බැරිඋනා අපි තුන්දෙනාට... මම බදාගත්ත ආනන්ද සහ අල්කාන්ත ගහන්න ගත්ත එක පාරක් මාව ගැලවුන ගමන් සුමතිපාල නැවුනා නැගිට්ට ගමන් ආනන්දට ඇන්නා ආනන්ද දිව්වා...ටිකක් එහාට.....මම නැවත බදාගත්තා...මගේ අත් පිට හා එක් එක් තැන් හිරි වැටෙන්න උනා...දන්නෙම නැතිව අත් ගැලවිලා ගියා ....සුමතිපාල පැනලා දිව්වා.....මගේ ඇග රත්වෙලා ලේ පෙරෙන්න ගත්තා....මම තුවාල අල්ලාගෙනම මම හිටපු කැමල් අයියා ලගට දිව්වා ...දුවලා ගිහින් කැමල් අයියට කිවිවා අපිට පිහියෙන් ඇන්නා කියලා.......ඒ වෙන කොටවත් මම දන්නේ නැහැ කවුද ඇන්නේ කියලා...........මට ටික වේලාවකින් සිහිය නැතිව ගියා....මට මතකයි මාව අරගෙන යනවා සුගත්ලාගේ ගෙදර හුඩ් එක යටට.....සිහි නැති වේගන යනවිට කවුදෝ පොලිස් කාරයෙක්ද කොහේද කියනවා බයට සිහි නැතිවෙන්න යනවා කියලා...ඊට පස්සේනම් මට කිසිම දෙයක් මතක නැහැ මතකයට ආවේ රාගම ඉස්පිරිතාලේදී......
          කෙසේ වෙතත් අන්තිමේදි මෙම සිද්දියේ සියළුම වැරැද්ද මා පිට පැටවී තිබුනි.ගමේ ප්‍රෙද්ශයේ අයවළුන් විසින් මෙන්ම මියගිය අයවළුන්ගේ පවුලේ උදවිය පවා මා පිට වරද පටවමින් ආනන්දගේ මියයාම පිළිබදව මා පිට වරද පටවමින් ගම පුරා ප්‍රශිද්ධියක් මා රෝහලෙන් පැමිනෙන විට ලබා දී ගිබු අතර එය නිවරදි කිරිමට මා කිසි විටකත් උත්සාහ නොගතිමි්‍...
        මින් අසරණභාවයට පත්වුයේ මා පමණක් නොව මාගේ පවුලේ සියළුම අයවළුන් මින් මහත් සේ අපහසුතාවයට පත්වු බව නොරහසකි.එහෙත් මාගේ මව ඉතාමත් ධෛය්‍ය සම්පන්න අයෙකු වු බැවින් සියළුම අපහාස හා උපහාසයන් විද දරාගත්තද මා විසින් පැවසූ වදන් කෙරෙහි ඇය විශ්වාසය තැබීම මා ලද මහත් භාග්‍යයක් විය.
           මා රෝහලින් බැහැරව දින කිහිපයක් නිවසේ සිටියද ...එහිදී මා විදි අපහාසයන් මා හට වචනයෙන් විස්තර කර දීමට නොහැක.කොහේ හෝ වරදක් සිදුවී ඇත. එය නිවරදි කරලිමට මා උත්සාහ නොගතිමි..මම දිනපතා දෙවියන් ඇදහීම පිණීස පුරැද්දක් වශයෙන් හා මාගේ අම්මාගේ පෙරැත්ත කිරිම මත දෙවියන් ඇදහිමට පල්ලියට ගියද කිසිදු දවසක දෙවියන් ඇදහිම නියමාකාරයෙන් කර නොමැති බව මා හට පසක් වූයේ පිහියෙන් ඇනුම් කෑ දිනයෙන් හා ඉන් පසුවය...මා හට කිසිවකුත් නැත ... ඉන්නේ දෙවියන්ම පමණක්ය......
  නිවසේ සිටි දින කිහිපය තුල මෙන්ම ගමේ එලියකට හෝ පල්ලියට යාමටවත් මා හට නොහැකි තත්වයක් උදාවිය...එයට හේතුව නම් මියගිය ආනන්දගේ නිවසියන් මෙන්ම අසල් වැසියන් විසින් මා හට දරැණු ලෙස චෝදනාපත් නගා තිබූ බැවිනී.........මා විදි මානසිකත්වය කොතෙක්ද යන්න පැහැදිලි කරදීමට මා ලග වචනයන් නැත ......ආනන්ද සමගම මාද මිය ගියේනම් යහපතකැයි සිතුන වාර ගනනද අනන්තය අප්‍රමාණය....ඒ ගැන හිතමින් අඩපු වාර ගනනද අනන්තය අප්‍රමාණය....
       අවම වශයෙන් මේ වනවිට මා හට පිහියෙන් ඇන්නේ කවුරැන්ද යන්නවත් මා දැන නොසිටි අතර ගැහැණු ළමයෙකුගේ ප්‍රශ්ණයක් මත මේ මිනිමැරැම සිදු වී ඇති බවත් මා එහි මුල්ම වැරදි කරැ බවත් ආනන්දගේ මව විසින් ප්‍රෙද්ශය පුරා මෙන්ම මා හමුවන සෑම අවශ්ථාවකදීම මහා  ජනකායක් ඉදිරියේ පවා මා හට අපහාසයට ලක් කිරිම වයස අවුරැදු 17 ක් වන මා කෙසේ ඉවසා දරා ගන්නද..ඇත්තෙන්ම මා කිසිම දෙයක් දන්නේ නැත .....කුමක්ද හේතුව....ඇයි ගහ ගන්නේ ....කා සමගද ගහගන්නේ .... කියා මා දන්නේ නැත ....මට කථා කලා මමත් ගියා ....ගහ ගන්නව ...මමත් ගැහුවා .....ගහගන්න යනතැන්වලදී පෙරට යාමේ මාගේ පුරැද්දට ප්‍රතිළුලය මාහට ලැබී ඇත.අපහාසය මා පිටය....උපහාසය මා පිටය....කෙසේ නම් මා දරා ගන්නද....කාට කියන්නද...අම්මා කියන්නද....කිව්වත් හොද දෙකක් අහගන්න පුළුවන් බව මා දනිමි...එහෙත් කිව්වොත් එයට විසදුමක් ඇති බවද මා දනිමි....
      අම්මාට එය කියන්නට ප්‍රථමයෙන් මෙය නිවරදි කර ගත යුතුයි.... යන්න මම හිතුවා එහෙම හිතලා කෙලින්ම ආනන්දලාගේ ගෙදරට ගියා.......ගිහින් මම ඇත්ත විස්තරය කිව්වා ...ගෙදර සියළුම දෙනා හිටියා..මම කියන දෙය අහගෙන හිටියා ....අල්කාන්තට මම කිව්වා උඔ ඇත්ත කියපන් අම්මට ....උඔනේ මාව එක්කරගෙන ගියේ.....මම දන්නේත් නැහැ මොකක්ද ප්‍රශ්නය කියලත්....මම හිටියේ කැමල් අයිය ලග ...උඔ කථාකල නිසයි මම ආවේ .....උඔලාගේ අම්මා එක එක තැන ගිහින් කියනවා....මගේ ගැනු ලමයෙකුගේ හුට පටයකට කියලා....ආනන්ද ගිහින් මම නිසා මැරැනා කියලා....මෙය නිවරදි කරන්නේ නැතිනම් මම කිසිම දවසක මේ ගැන කථා නොකරන බවත් ....මට සාක්කි දෙන්න තියෙන්නේ ....මම දන්නේ නැහැ ආනන්ද ගහගන්න තැනට  අල්කාන්ත මව එක්කරගෙන ...ගියා කියලයි ...මට කියන්න තියෙන්නෙත් එපමනයි.....මමනේ ප්‍රධාන සාක්කිකරැ....... 
                 එහෙම කියලා මම ඇවිත් ටික දවසක් ගියේ නැහැ ආනන්දගේ කඩේ ලගදී මට ආනන්දගේ අම්මා හමු උනා .....එතන කැගහන්න ගත්තා ...මම නිෂ්ශබ්දව ආවා...කඩේ හිටපු අදුනන අය බලන් හිටියා....ඒ වේදනාවට කැගහන්නේ ඒත් මම කුමක් කරන්නද...මට පව් නැහැ මම කරපු දෙයක් නැහැ...ඒක මම සහ උඩ ඉන්නා දෙවියන් දන්නා බව මා විශ්වාස කලා.........
       මේක මට දරාගන්න බැරි අපහාසයක් උනා....මම කල්පනා කලා අනුන්ට උදව් කරන්න ගිහින් මට උන විපතක මහත.....සියල්ලටම මුල යාළුවන් බවත් ..අම්මා තාත්තා කියන දෙයක් ඇහැව්වනම් මෙය නොවන බවත් තේරැම් ගියා ..ඒ උනාට සියල්ල සිදුවී හමාරයි...... දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි......
             අම්මාට මා විදින අපහාස මෙන්ම උපහාසයන් කීමට ප්‍රථමයෙන් මා එ් සෑම දිනකම කියූ එක දෙයක් ඇත .....මා අදහන දෙවියන් ඉදිරියේ මෙසේ කියා සිටින ලදී..... අනේ මාගේ දෙවියනී මම මේ කිසිම දෙයක් දන්නේ නැත....මා හරි අසරණයි...මේ සියළුම දෙයට මා වරද කරැවකු වී ඇත...මම කිසිදු දිනෙක මෙය නිවරදි කරන්නට නොයන්නමි....එහෙත් දෙවියනී කෙදිනක හෝ මාගේ නිවරදි තාවය පෙන්වා දුන මැනව......
     මට ගමේ ජීවත් විම එපාම විය...අවශානයේදී අපහාස උපහාසයන් ඉවසා දරා ගැනීමට නොහැකිම තැනකදී.....මා අම්මාට පැවසූයේ මට ගමේ ඉදලා එපා වෙලා....මල මගුල මැරිලා යනවානම් මීට වඩා සැපතක් තවත් නැහැ එක වෙලාවකට මැරෙන්න හිතෙනවා....කියන වචනය පමනයි.....
      අපේ අම්මාගේ ඥානය ....දෙවියන් වහන්සේ අපේ අම්මාට දුන් ඥානය....... කොතෙක්ද කියනවානම් මම දින දෙක්කවත් යන්න මත්තෙන් මා ඉපදුන ගමින් පිටමන් කරන ලද්දේ කිසිවකුටත් නොදැනෙන පරිද්දෙනි.එසේම මටද ගම එපා වි තිබූ බැවින් මමද අම්මා ගන්නා ලද තීරණයට එක පයින්ම කැමති විය....

දෙවනි වරට ගමෙන් පිටවීම 

බ්ලුඩයමන්ඩ් ආයතනයේ රැකියාව ලැබීම



සාර්ථකව මුහුණ දුන් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ විභාගය.........



සාර්ථකව මුහුණ දුන් කෝප්‍රල් දක්වා   උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම දෙවන ස්ථානය ලබාගත් අතර එක සහ දෙක ලබා/ත් දෙදෙනාම  නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී...එහෙත් මාගේ නම කපා හරින ලදී.....හේතව...????)

කෝප්‍රල් නිළයේ උසස් කිරිමේ පරික්ෂණය.......
        ලාන්ස් කෝප්‍රල් සිට කෝප්‍රල් නිළය දක්වා උසස් කිරිමේ පරික්ෂණය 1990 වසරේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් පැවැත්විමට කටයුතු සුදානම් කර තිබු  අතර ඒ සදහා මා  අයත් ඊ කණ්ඩායමෙන් පහලොස් දෙනෙකුද අනෙක් කණ්ඩායම් වලින්ද ලාන්ස් කෝප්‍රල් වරැන් පැමිනෙන ලදී.
     මා යුධ හමුදාවට පැමින පුහුණු විමමේදි හොදම ආධුනික සෙබලා තේරිමේ තරගයට සහභාගී විය එහෙත් එයින්ද සාර්ථක ප්‍රතිළුලය මා හට නොලැබුනද ඉන් අධ්‍යෛයමත් නොවු මා....ඉන් වසර තුනකින් පැවැත්වු
උසස් කිරිමේ පරික්ෂණයෙන් මා  සමග ප්‍රථම ස්ථානය ලබාගත් දෙදෙනා සෙසුනිළයින් නිළධාරින් සේ උසස් කිරිමට නිර්දේශ ඉදිරිපත් කර තිබුනද (Recomended Filed Commision) එසේම නිළධාරීන්සේ උසස් කිරිමට නිර්දේශ කරන ලද අනෙක් අය නිළධාරියෙකු වශයෙන් තරැ ලාංඡන පැලද ඇති කාලසීමාවක එනම් 1989 වසරේ දි මා යුධ හමුදාවට පැමිණ වසර හතරකින් පසු පවත්වන ලදි.
     මාගේ එකම අධිෂ්ථානය වුයේ නැති වු දෙය නැවත ලබා ගැනිමයි.එම නිසා මෙම උසස් කිරිමේ පරික්ෂණයට ඉතා සාර්ථකව මුහුණ දීමට මා සිතා ගතිමි.මෙම උසස් කිරිමේ පරික්ෂණය සදහා පෙනිසිටින සෑම අයෙකුටම වැදගත් කමක් ගනු ලබන පරික්ෂණයකි.එයට හේතුව වන්නේ මුලු රෙජිමේන්තුව තුල සෙසු නිළයාගේ ජ්‍යෙෂ්ථ තාවය තීරණය වන්නේ මෙම උසස් කිරිමේ ප්‍රතිළුළ මත බැවින් ඉතා තරගකාරි පරික්ෂණයක් කිව්වද වරදක් නැත.එය යුද හමුදාව තුල සැම අයෙකුම දන්නා බැවින් ඉතා සාර්ථකව ජයගැනිමට ඉටාගෙන සෑම අයෙකුම එයට මුහුණ දිමට පැමිනෙති.එසේම මුහුණ දෙති.
     කෙසේ වෙතත් මෙම පරික්ෂණය තරගකාරි මුහුණු වරක් ගත්තද අවසන් ප්‍රතිළුළ අනුව මා දෙවනියා විය.ප්‍රථමයා වශයෙන් කෝප්‍රල් අනුරද එයට ලකුණු දෙකක් අඩුවු මා දෙවනියාද විය.
       මෙවරද පළමුවෙනියා සහ දෙවනියා සෙසු නිළයේ සිට නිළධාරියෙකු වශයෙන් උසස් කිරිමට නිර්දේශ (Recomended for Filed Commision) කරන ලදි.එසේම එදින සිට කෝප්‍රල් නිළයේ නිළ ලාංඡන පැලදීමටද අනුමැතිය ලබා දි තිබුනි.
    යුධ හමුදාවට පැමින වසර හතරක් වැනි කෙටි කාලයක් තුලදී කිසිදු විනය කඩ කිරිමක් නොකොට මාගේ උත්සාහය මත කෝප්‍රල්  නිළය දක්වා උසස් වුවද මාගේ තවත් අධිෂ්ථානයක් තිබුනි.එය මා විසින් ඇතිකර ගත්තක් නොව මාගේ උත්සාහය මත මා වෙත යුධ හමුදාව තුලින් දිය යුතු යැයි නිර්දේශ කර තිබු දෙයක් බැවිනි. (Recomended for Filed Commision) යැයි දෙවනි වරටත් මාගේ වාර්ෂක රහස්‍ය වාර්ථාවේ සදහන් කර ගැනිම තවත් එක් දක්ෂතාවයක් වශයෙන් සැලකු මා ඊ කණ්ඩායම සමග එකතුව ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන ලදී.
    .මේ වනවිට එම වකවානුවේදී වසර හතරක් වැනි කෙටි කාලයකින් කෝප්‍රල් නිළය දක්වා මාගේ උසස් විම පිළිබද විවේචාත්මකව කථා කළ පිරිසක්ද සිටි බව මා හොදාකාරවම දැන සිටියද එය මට ප්‍රශ්ණයක් කර නොගෙන මට අයත් රාජකාරින් නිසි පරිදි ඉටු කරන ලදී.එබැවින් මෙවර සෙසුනිළයින් සිට නිළධාරින් දක්වා උසස් කිරිම සදහා සෙසු නිළයින්ගේ නාමයෝජනා ලබාදෙන ආකාරය පිළිබදව මා අවධානයකින් පසුවු අතර මා අයත් කණ්ඩායම් මුලස්ථානයෙන් කිහිප වරක් විමසන ලද අතර කිහිප විටක දිම මා හට ලබාදුන් පිළිතුර වුයේ මෙතෙක් නාම යෝජනාවන් කිසිවක් ඉදිරිපත් කර නොමැති බවකි.
   අවශානයේදි රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් විමසිමේදී මා හට දැන්වු දෙයින් පසු මුළු යුධ හමුදාව පිළිබද කලකිරිමක් මා තුල ඇතිවිය.එය නම් මා කෝප්‍රල් දක්වා උසස් කිරිම් කර ඇතත් කෝප්‍රල් නිළය ස්ථිර කර නොමැති බැවින් මාගේ නාම යෝජනාව ඒ සදහා ඉදිරිපත් කර නොමැති බවත් වෙනත් අයෙකුගේ නාමයෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවත්ය.
    මින් පෙර උසස් කිරිමේ පරික්ෂණයෙන් සාර්ථක ප්‍රතිපළ ලබා ගත්තද  නිළධාරියෙකු ලෙස උසස් කිරිමට නිර්දේශ කලද? ඒ සදහා මාගේ නාමයෝජනාව ඉදිරිපත් නොකරන ලදී. ඒ සදහා බළඇණි මුලස්ථානයේ මා සමග උසස් කිරිමේ පරික්ෂණයට පෙනි සිට ලාන්ස් කෝප්‍රල් වශයෙන් සිටි අයවලුන් නිළධාරියෙකු විම සදහා නම් කල අතර මෙවර මා ඉන් කිරිම සදහා වෙනත් ක්‍රමයක් අනුගමනය කොට උසස් නිළධාරින් නොමග යවා ඇති බව මා හට අවබොධ විය.එසේම බළඇණි මුලස්ථානයේ අයවලුන් හා ඔවුන්ට හිතවත් අයවලුන් ඒ සදහා නිර්දේශ ඉදිරිපත් කිරිම කෙතරම් අසාධාරනයක් දැයි මා විසින් කල්පනා කල අතර ඒ සදහා වාද විවාද කිරිමට ඉදිරිපත් නොවි කොයි දේ වෙන්නෙත් යහපතට යැයි කල්පනා කිරිමෙන් පසු අවශානයේදී "මාගේ දෙවියනි ... මාගේ දෙවියනි......මාගේ කැමැත්ත ලෙස නොව.......ඔබගේ කැමැත්ත ලෙස සියල්ල සිදුවේවා" යන්න කිහිප විටක් පවසමින් මාගේ මනස පියවි තත්වයට ගෙන මා හට අයත් රාජකාරින් නිසි අයුරින් ඉටු කරන ලදී....එසේ නම් කරන ලද අයවලුන් 2013 වන විට මේජර් නිළයේ සිටී.....


        ඇත්තෙන්ම මේ වෙනකොට සිටිය ස්ථනයන් කරපු රාජකාරින් නම් කියන්න ගියොත් සමහරවිට ඒව විශ්වාශ කරන්නත් අපහසු අමාරැ දේවල් ......සමහර විට විශ්වස කරන්නත් බැහැ.... සමහර විට අපටවත්.....ඒ තරමට පුදුමයි .... මම විතරක් නෙමෙයි මුළු යුධ හමුදාවම....... පස්සෙ බලමු.......

ජිවිතයට මුහුණ දීම.....

..ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... ඔබත් බලන්න
...වැදගත් වේවි කවදා හරි.... 

යාපනය ක්‍රීයාන්විත රාජකාරීන්


ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට ඇතුලත් වීම


       යුධ හමුදා ඇදුමේ ඇති වෙනස්කම් නිසාත් වේගවත්බව නිසාත් මා සිත තදිනම සිංහ රෙජිමේනතුව වෙත සිත ගියා යන්න කිව්වාට එහි වරදක් නැහැ.යුධ වාතාවරනය වුවද  මා එකක නම් කිරිමේ අවශ්ථාවේදී නම් කරන ලද්දේ සිංහ රෙජිමේන්තුව බැවින් මාහට පුහුණුව අවශානයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේනතුවම ලබුණී



     විසිරයිමේ පෙළපාලිය අම්පාර  ගුවන් හමුදාවට අයත් ගුවන් පථයේදි 1985 අගෝස්තු මස 31 වෙනි දින පවත්වන ලදී.එහෙත් මා ඒ බැව් ගෙදරටද නොපවසන ලද්දේ ගෙදරට එය කරදරයක් යැයි මා සිතු බැවිනි.අනෙකුත් සියළුම අයවළුන්ගේ ගෙවල් වලින් එක් එක් ඥාතීන් පැමිණ සිටි අතර මා හුදකලාව සිටියෙමි.

      විසිරයාමේ පෙළපාලිය අවශානයේදී ඒ ඒ ඒකකයන් වෙත රැගෙනයාම පිණිස බස්රථ සහ නිළධාරින් පැමිණ සිටින ලදී.අප අයත් සිං රෙජිමේන්තුවේ නිළධාරින් විසින් අප සියල්ල පරික්ෂා කර බලා පසු දින ඒකකය වෙත රැගෙන යන ලදී.

යුධ හමුදා ජීවිතයේ පළමුවන රාජකාරී ස්ථානය


ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනාකම අවභෝධ විම.......

පුහුණු වීම් අවශානයේ පළමුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට ඇතුලත් කිරිමෙන් අනතුරැව මා සමග පනස් දෙනෙකු  අඹේපුස්ස කදවුරවෙක රැගෙන එන ලදී.
        සති කිහිපයක රෙජිමේන්තු පුහුණු විම් නිම කිරිමෙන් පසුව කොළඹ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරින් සදහා පිටත් විය.කොළඹ 07 දැනට නිදහස් චතුරශ්‍රය පිහිටි මාවතේ එක් ගොඩනැගිල්ලක අප කණ්ඩායම නැවතී සිටි අතර අප කණ්ඩායමට ඉටු කිරිමට ඇති රාජකාරිය වුයේ ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලය (JOC)ආරක්ෂා කිරිමයි .එහෙත් මා ආධුණිකයෙකු වු බැවින් මා හට පැවරැනු මුර රාජකාරි වුයේ සෙබළුන්  නැවතී සිටි ගොඩනැගිල්ල ආරක්ෂා කිරිමයි.

එසේ මුර කරමින් සිටින එක් දිනක මා අසලට පැමිණි කොළඹ කාන්තාවක් වෙයාර් ඊස් ඉනර් පල්වර් රෝඩ් යනුවෙන් විමසන ලදී.එහෙත් ඒ කිසිදු දෙයක් පැහැදිලිව මට තේරැම් ගැනීමට ශක්තියක් නොමැති වුයේ ඉංග්‍රීසි  භාෂාව පිළිබදව මට කිසිදු දැනුමක් නොමැති වු බැවිනි.මා ඉංග්‍රීසි පංතියෙ උඩුගම ටිචර් පංතියට එනවිට ඉංග්‍රීසි භාෂාව මගහරිමින් ගිය හැටි මතක් විය.මට මා ගැනම මහත් වු ලැජ්ජාවක් ඇතිවිය.


ඉන් අනතුරැව දින කිහිපයක් ඒ පිළිබදව සිතමින් සිට ඉංග්‍රීසි පිළිබද දැනුමක් තිබු එවකට කෝප්‍රල් නිළයේ සිට පසුව බනි 1 නිළයෙන් විශ්‍රාම ගිය බංඩාර ගෙන් හ් පිළිබදව විමසන ලදී.ඔහු විසින් එහි තේරැම මා හට පවසන ලදී.කොහේද ඇතුලත මල් පාර යනුවෙන් අසා ඇති බවත් එම පාර පෙන්වීම සදහාද මා රැගෙන යන ලදී....මා සිටි තැන සිට මිටර් පහක් හෝ දහයක් ගියවිට එම පාර හමුවේ....මට මා ගැනම ලජේජාවක් මෙන්ම කේන්තියක්ද පැමිණි අතර අප ගාමිණි විදුහලේ උඩුගම ටිචර් මට මැවි මැවි පෙනුනි.අදටත් එහෙමයි...ඒ පාර .....ඒ වචනයන් කිසි දිනෙක අමතකව යන්නේ නැත.

එදින සිට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට මහත් ලැදියාවක්ද....අවශයතාවයක්ද ඇතිවිය..එම නිසා කුඩා ඩික්ෂනරියක් මා අත තබා ගැනීමටත්....එක් එක් වචනය බැගින් ඉගෙන ගැනීමටත් මා හුරැ පුරැදු විය....මෙය දුටු ඇතමුන් සිනහ විමටත් ...දැන්මම කොමිසන් යන්නට දගලන්නේද යන්න හා උපහාසාත්මකව එක් එක් වචනයන් කිමට පෙළඹුනද මම සිතු හා කරගෙන යන වැඩ පිලිවෙල කිසිදු අවශ්ථාවකදී නතර කරලීමට උත්සාහ නොකරන ලද අතර ඒ ඒ අනුව තව තවත් දිරිමත්ව කටයුතු කරන ලදී...

මිලග මාගේ අරමුණ වුයේ  අපොස (සාපෙ) විභාගය ඉංග්‍රිසි විෂයට ඉදිරිපත්වි අවම වශයෙන් ඉංග්‍රීසි විෂය සමත් ලෙස සටහන් කර ගැනිම විය.ඒ සදහා මම තනිවම මා විසින්ම පුරැදු පුහුණු වන ලදී....එක් එක් වචනයන් නෙදන්නා අයවළුන්ගෙන් අසා දැන ගන්නා ලදී

මීලගට අපොස(සාපෙ) ඉංග්‍රීසි විෂය යටතේ පෙනි සිටිම


මා මුහුණ දුන් යුධ හමුදාවේ උසස් කිරිමේ පරික්ෂණය ...................

ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

අපොස සාපෙ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට පෙනී සිට සම්මානයක් ලබා ගැනිම.........

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   


අවුරැදු දෙකක් තුනක් තනියම පාඩම් කරමින්  වචනයෙන් වචනය ඉංග්‍රීසි පාඩම් කලා ඒ පිළිබදව මම දක්වපු උනන්දුව නිසාම කිසිවක් දන්නේ නැතිව හිටපු මට යම් යම් වචනයන් මෙන්ම කියන දෙයක් පවා තේරැම් යන්නට පටන් අරගත්තා
 දිනපතාම අළුත් වචන දෙකක් හෝ තුනක් ලියා ගන්නා මම එය හවස් වන විට පාඩම් කර ගන්නවා හවසට එය පුරඅදු පුහුණු වෙන තතුරැ ලියනවා.පොත් පත්තර මෙන්ම ඉංඝ්‍රිසි පිළිබදව ගුවන් විදුලියේ රෑපවාහානියේ යමක් විකාශනට වෙන විට දන්නවා වාගේ අහගෙන ඉන්නවා .ඔන්න ඔහොම කාලය ගවිලා යන විට මෙලෝ සසරක ඉංග්‍රීසි භාෂාවක් නොදන්න මම ඉංග්‍රීසි  පංතියෙන් නැගිටල ගිය මම සාමාන්‍ය වශයෙන් අවභෝධය ලබන බව හා අවභෝධයක් ලැබෙමින් පවතින බව අවභෝධ උනා
මේ සදහා මට උදව් උපකාර කරන අය වාගේම අපහාස උපහාස ගැරහුම් කරන අය වැඩිපුරම හිටියත් මම මගේ දේවල් ඒ ආකාරයෙන්ම කරගෙන ගියා.
ඉන් පස්සේ මට අවභෝධ උනා යමක් කරන්න පුළුවන් නිසා අපොස(සාපෙ) විභාගයට ඉල්ලුම් පතක් දමන්න ...මාව චෙක් කරන්නත් එක්කම ...උත්සාහ කරන්න ඕනෑ නිසා කරල බලන්න ට්‍රයි කලා..... අපොස (සාපෙ) විභාගයේ භාහිර අපේක්ෂකයෙකු වශයෙන් ඉල්ලුම් පතක් දැම්මා
 2000 වසරේ තමයි මම ඒ උත්සාහය කලේ විභාගය කරන්න මට ඇවිත් තිබුනේ ගලහිටියාව හේමමාලී මහා විද්‍යාලය...විභාගයට වාඩිඋන තැනත් මට මතකයි...විභාගයේ ප්‍රතිපල ආවම තමයි මම දැක්කේ මට සම්මානයක් හිමිවෙලා තිබුනා.........ඉතිං පාසැල් ගිහින් ඉගෙන ගන්න ලමයින්ට කොහොම සම්මාන ගන්නට බැරිද.....උත්සාහය සහ කැපවීම තිබ්බනම් ඕනෑම අයෙකුට ඉගෙන ගන්න ඒ වාගේමඉදිරියට යන්න හැකිවෙනවා කියන එක විස්තර කරන්නට අවශ්‍ය නැහැ නේද.......??
ඉතිං සම්මානයක් ගත්තු මට ආඩම්බරයක් නැත්ද....?මම තව තවත් උනන්දු උනා ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගන්න.





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

ඉක්මනින් මුදල් හොයන්න ආසාවක් පැන නැගීම

ජීවත් වෙන්න දන්නේ නැති කාල සිමාවක්...........ඒ උනාට අම්ම ..තාත්ත කියපු දේවල්නම් ඔළු කට්ට ඇතුලත නොතිබුනාම නෙමෙයි..........හැම වෙලාවකම කියන දෙයක්නේ............හැදියන් .........හොදමිනිහෙක් වෙයන්.....රටට දැයට සේවයක් කරපන්..........නිකරැනේ මැරිලා යන්න එපා........ඉගෙන ගනින් ......හොදට හිටියොත් උඔට තියෙනවනම් කාටහරි උදව්කරන්න පුළුවන්......නැත්නම් නැහැ.......තමන්ට තමන් විතරයි...........අයියෝ ඒ කාලෙනම් පිස්සු වාගේ........ඒ උනාට ඒවා මගේ ඔළුකට්ට තුල.........නොතිබුනා නෙමෙයි...........ඇයි හැම වෙලාවේම කියනකොට ඒව තැම්පත් වෙනවා...........නරක දෙයක් කිව්වනම් ඒවත් එහෙම තමයි..........

මේ වාගේ දේවල් කියන්න........ඒ අයට දැනුම කොහෙන්ද...........?මම....මමත් මගේ දරැවන්ට තමයි දැන් කියන්නෙත්...මටත් දැනුමක් ලැබුනෙ කොහෙන්ද.??

තිබිබොටුගෙඩ පලාතේ සියළු දෙනාටම කලින් අරක්කු පෙරන්න ගෝඩා බැරල් එක දැම්මෙත් මම ....එහෙම පටන් ගත්තු ජීවිතය ඒ විදිඑට ගියානම් කොහොම තියෙයිද....අපි දෙන්නෙක් ඒක කලේ.....මෙලහකට අපි දෙන්නම නැහැ දැනට අපි දෙන්නම ජිවත් වෙනවා..
ඒ 1985 අවුරැද්දේ මම බ්ලුඩයමන්ඩ් එකට ගිහින් ටික කාලයයි...ඒ වෙනකොට අරක්කු පෙරන්න තිබුනේ වැලිකඩ සහ මිදෙල්ලවිටයි කුඩාබොල්ලතේ අනුර කියලා ටිකක් බරපතල පොරක් හිටියා ඒ ගැන පසුවට ලියන්නම් ඔහුවත් ඒ කාලේ අරක්කු පෙරැවේ නැහැ .....
 මට පඩියක් ලැබුනත් එය අපේ වියදමටවත් ප්‍රමාණවත් උනේ නැත්තේ අපේ වියදම් සැර උන නිසයි......මටත් ඔනෑ උනා ඉක්මනට පොහොසත් වෙන්න මාර්ගයක්..ඒ වාගේම මගේ යාළුවටත් අවශ්‍යය උනා ඒ වාගේම මුදල් හොයන්න....දෙන්නම එක දවසක් කථා කර කර ඉන්න ගමන් අරක්කු වඩියක් දමන්න කථා උනා..... එය ස්ථිර කරගෙන මගේ බ්ලුඩයමන්ඩ් එකේ පඩියක් අරගෙන සිනි මිටියක් ඊස්ට් සහ අවශ්‍ය වෙන ජාති ගෙනවිත් බැරල් එහෙකට දමලා පල් වෙන්න තිබ්බා ..... සතියක්ද දෙකක්ද තියන්න ඔනෑ පල්වෙන්න..........පල්වෙන්න තිබ්බෙත් මගේ මිතුරාගේ ගෙදරම කැලයට වෙන්න...ඒ දවස් වල දැන්වාගේ එපමන දුර දිගක් කල්පනා කලේ නැහැ.....
........මම දන්නේත් නැහැ ගෝඩා හැලිය මතක් උනෙත් නැහැ.... මම මටම හිතිලා යුධ හමුදාවට බැදුනා ඒ 1985 මැයි මාසේ ..යුධ හමුදාවට බැදෙන්න පහල උන සිතුවිල්ල ක්ෂණිකව ආපු සිතිවිල්ලක් නොවුනත් දින දෙකක් තුලදී පුහුණුවට අම්පාරටත් ගිහිල්ලයි නතර උනේ ..ගෝඩා හැලිය මතකයට ආවේ වත් නැහැ.....මම හමුදාවට ගියා කියලා කවුරැවත් දන්නේවත් නැහැ........බැරි වෙලාවත් මම ඒ මාර්ගයට යොමු උනා නම් මම අද මෙහෙමවත් නැහැ....එහෙම නොවෙන්න මම කොයි සිමාවේ ඉන්නවද කියලා මමවත් දන්නේ නැහැ.....හැබැයි ගෝඩා හැලියට කරපු දේ මේ මැත වකවානුවක තමයි අහගත්තේ.......
මිනිසකුගේ තිරණයක් කොපමන දුරකට වෙනස් විම් සිදු වෙනවාද කියල හිතාගන්නත් බැහැ......