Saturday, March 21, 2015

පුතා බලන්න ප්‍රමාදව පැමිණිම ගැන අම්මාගෙන් බැනුම් ඇසීම

අපේ අම්මා මගේ බිරිදට දක්වන්නේ පුදුමාකාර ආදරයකි.ඇයත් ඒ හා සමානය. නැන්දම්මා ලේලි පිළිබද මා හට ඇත්තේ ඉතාමත් සුන්දර අත්දැකිමකි .නැන්ද ලේලි හබයක් ගැන කිව්වත් මටනම් ඒක විශ්වාස කරන්නත් බැහැ ....මම එහෙම එකක් අවලවත් නැහැ..මා ලබපු එම අත්දැකීම්  එලෙස කවරෙකු විසින් හෝ අත් දකින්නට ඇත්නම එය මහත්වු වාසනාවක් වශයෙන් මා හට පැවසීමට හැක්කේ මම ඒ තුලින් ලබාගන්නා ලද සතුට හා සැනසුම  කොපමනදැයි කිමට නොහැකි නිසාය.. මම යුධ හමුදාවේ  වැඩි හරියක්ම රාජකාරි කරන ලද්දේ යුධ වාතාවරණය ඇති ක්‍රීයාන්විත ප්‍රදේශ වල වුවද කිසිදු දවසක මාහට ප්‍රශ්ණයක් පැන නැගි නොමැත. තම කුස උපන් දියණියට වඩා ආදරයක් ඇය මා බිරිදට දැක්වන්නීය.ඇයද ඒ ආකාරයටම  ආදරය කරැණාව මගේ අම්මාට දක්වන්නීය.
ඉතිං දින ගනනක් ගියද මා අම්පාර සිට එනතුරැ සිතමින් පැමිණියේ  ගෙදරට එන කාලවේලාව අනුව නිවසට හෝ රෝහලට යමියි සිතමිනි.එහෙත් මා නිවසට ආසන්න කඩවතට පැමිනෙන විට වේලාව පස්වරැ 0200 ත් 0300 අතර වු වේලාවක් බැවින් රෝහලේ ලෙඩුන් බලන වෙල්ව සදහා තවත් පැය ගනනක් ඇති බැවින් නිවසට ගොස් අම්මාද සමගින් රෝහලට යන්නෙමියි සිතා ගෙදරට යන්නට තීරණය කර ගෙදර ගියෙමී.
මම නිවසට ගිය අවශ්ථාව වන මොහොතට තත්පර ගනනකට පෙර මාගේ බිරිදත්  පුතාවත් රෝහලින් රැගෙන අම්මා පැමිණ තිබූ අතර ඒ වන විටත් පුතා අම්මාගේ අතේ විය.අපේ ගේ අසලම සිටින  මම්මාද දරැවා රැගෙන ආ බව ආරංචිවී  අපේ ගෙදරට ඇවිත් තිබුනේ අළුතින් රැගෙන ආ දරැවා බැලීමටය.මමද ඒ අවශ්ථාවේම එතනට ගිය ගමන් ආ ඔන්න උබේ තාත්ත ඇවිත් ඉන්නවා.. දැන් තමයි තාත්තට මතක්වෙලා තියෙන්නේ....ඇයි දැන්ම ආවේ....තව ටික දවසක් ඉදලා එන්නනේ තිබුනේ....උබ දන්නවද අපි විදපු දුකක්....මේ කෙල්ල මැරෙන්න ගියා...දවස් ගානක් දුක් වින්ද...මමත් එහෙමමයි....යකෝ අඩුම ගානේ පනිවඩයක්වත් .....තව පොඩ්ඩෙන් දෙන්නම ඉවරයි.....උබල කොහේද දන්නේ ඒවයේ තියෙන අමාරැව........මෙන්න කියාගෙන කියාගෙන යන්න ගියා.....
මම කොහොමත් දන්නවා අම්මාගේ හැටි...... අපේ අම්ම හරිම සැරයි...ගමේ කවුරැත් ඒක දන්නවා......එත් ලේලිටනම් පුදුම ආදරයක් තියෙන්නේ......
මමත් සද්දයක් නැතිව ඉදලා මටත් මාර වැඩ ටිකක් උනේ අම්මලා දන්නේ නැහැ යනුවෙන් පවසමින් දරැවා බලන්න ගියද...ඔන්න පුතේ උබේ තාත්තා  දැන් අපි ඔක්කොම දහ දුක් විදලා ආවට පස්සේ පරක්කු වෙලා ඇවිත් උබ බලන්න ... ඔන්න යන්නේ එහෙම නැහැ පැත්ත පලාතකට කියමින් ....දරැවාව තවත් සරතල් කරන ලද්දේ කටකොනකින් මතුවන සුපුරැදු සිනාහව මතුකර ගනිමිනි....මා ඒ සිනාහව හොදාකාරයෙන් හදුනමි...අම්මාගේ කේන්තිය නිවිගොස් ඇති බවද... මාගේ ප්‍රමාදය පිළිබද ඈ අවභෝධ කරග.් ආකාරය ඒ සිනහව තුල ගැබ් වී තිබුනි....

No comments:

Post a Comment