Sunday, June 26, 2016

විශ්වයේ ජීව බල ශක්තිය (Universel Enargy Life Force) උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර


බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටත් ලොව පවතින අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ කිසිදු බෙහෙතක් නොබී ශරීරය නිරෝගීව තබා ගැනීමේ ක්‍රම වේදයන් වන අතර යම් රෝගයක් වැලදී ඇත්නම් ඒවා කෙතරම් බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන්න විශ්වයේ ජීව බල ශක්තිය (Universel Enargy Life Force) උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැකි අතර මේ එක් ක්‍රමවේදයක් පමණක් වේ.

කිසිදු ඔෘෂධ වර්ගයක් භාවිතයට නොගෙන විශ්වයේ ඇති ජීව බලශක්තිය (Universel  Life Force Enargy) උපයෝගී කර ගනිමින් කරනු ලබන ප්‍රතිකාර.මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබදව ශ්‍රී ලංකාවේ මුල්වරට හදුන්වා දෙනු ලබන්නේ වසර විසි දෙකක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ බළලත් නිළධාරියෙකු ලෙසින් සේවය කොට විශ්‍රාම ලබා සිටින එස් ජූඩ් සිල්වා විසිනි.දිනය 1919 ජනවාරි මස 22 වන දින සිට මේ පිළීබදව අධ්‍යයනය කරමින් එය සාර්ථක අන්දමින් පවත්වා මහගු ප්‍රතිපලයන් ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මහජනතාව මෙන්ම ලෝකයේ මහජනතාවගේ හිතසුව පිණිස ප්‍රශිද්ධීයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පළමුවරට හෙලි කරන තවත් සත්‍ය හෙලිදරව්වකි.සොයා ගැනීම ආරක්ෂාවිම අනාගත පරපුර ආරක්ෂා කිරීම ඔබසතු යුතුකමකි.ගස්වැල් සතා සිව්පාවුන්,ගංගා ඇළ දොළ මෙන්ම මනසක් ඇති මිනිසා පවා විශ්වයේ එක් නිර්මාණයක් මෙන්ම ජීවීන්ය.මෙම ජීවීන් අතර පෙනෙන සහ නොපෙනෙන ජීවීන් විශාල වශයෙන් සිටින අතර ඒවා මනස දියුණු යැයි කියාගන්නා මිනිසාට පමණක් පෙනෙන ජීවීන් පවා විශ්වයේ ඇතත් මනසක් තිබූ පලියට එම ජීවීන් සහ වශ්තූන් පෙනෙන්නේ නැත.තම මනස දියුණූ කර ගැනීමට කටයුතු කරනා කවර පුද්ගලයෙක්වේද ඔහුට හෝ ඇයට මෙම සත්‍ය අවභෝධ වෙනු ඇතත් අනෙක් කිසිවෙකුටත් එය අවභෝධකර ගැනීමට අපහසු කරුණක් වනු ඇත.

මෙම වෛද්‍ය ප්‍රතිකාර මෙතෙක් ලෝකයේ තාක්ෂනයෙන් ඉහල ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් පරීක්ෂණයන් පවත්වමින් සිටින අතර ශ්‍රී ලංකාවේ මේ වන විට සිදු කරමින් පවති. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ මේ පිළීබද සිතිමට පවා අපහසු වී ඇත්තේ අප රටේ දිවි ගෙවන බොහෝ මිනිසුන්ගේ මනසේ සහ සිතුවිලි තුල යම් දුර්වලතාවයක් ඇති බැවින් ඒවා ප්‍රතිකෂේප කිරිමට තරම් හේතුවක් වි ඇති අතර ඒ අනුව දිනෙන් දින බරපතල ලෙසින් රෝගයන්ට ගොදුරක්ව මියයාම දක්නට ලැබීමද කණගාටුදායකය. 

යම් අයෙකුහට රෝගයක් වැළදීම සිදු වන්නේ ශක්තිය විෂම වු අවශ්තාවන් හිදි අපගේ ප්‍රතිශක්තිකරණ පදිධතියට එය මර්ධනය කරගැනීම අපහසුතාවයන්ට ලක්වූ විටයි.මෙම ප්‍රතිකාර ක්‍රමයේදී විෂම වූ ශරීරය සම තත්වයට ගෙන යාම සදහා ශරීරයට පමණක් නොව මනසටද ප්‍රතිකාරයක් ලබා දීම සිදුකල යුතුයි.ශරීරයේ ඕනෑම දුර්වලතාවයක් මග හැරීමට මෙම ශක්තීන්ට බලයක් ඇත.මේ පිළීබදව දැනුවත්ව නිවරදිව කටයුතු කරන්නාවු යම් අයෙක් වන්නේද ඔහු හෝ ඇය කිසිදු බෙහෙතක් නොබී සුවය ලැබීමටත් නිරෝගී සිරුරක් හිමි අයෙක් නම් සදාකාලිකව බෙහෙත් නොබොමින් ජිවිතය රැගෙන යාමටත් හැකියාවක් ලැබෙන බැවින් සෑම අයෙකු විසින්ම මේ ප්‍රතිකාර ක්‍රමය පිළීබදව දැනුවත් විය යුතුය.එසේ නොමැතිනම් සත්‍ය අසත්‍යතාවය පිලිබදව සොයා දැනගත යුතුයි.එය වත්මන් සහ අනාගත දරු පරපුරට උරුමකර දිය යුතු අපගේ යුතුකමක් වන්නේය. එලෙසින් කටයුතු නොකරන්නේ නම් කුඩා අවධිදිම බරපතල ලෙසින් රෝගා භාධයන්ට ලක්වීම වැලැක්විය නොහැකි කරුණක් වන්නේය.

විශ්වය විසින් විශ්වයට පැමිණෙන ජීවීන්ට යම් ශක්තියක් ලබා දුන්නද එම ශක්තීන් නිසි අයුරින් පරිහරනය කර නොගනිමින් විනාශකර ගනිමින් හා විශ්වයට නුසුදුසු පරදි කටයුතු කරන්නවු යමෙක් වන්නේද එවන් අයවලුන් විශ්වයේ නීතියට අනුව දඩුවම් ලැබීමට උරුමකම් ලබනු ඇත.එය උස් පහත් බාල මහලු මෙන්ම දුප්පත් පොහොසත් කිසිදු බේදයක් නොලකමින් ලබා දීමටද විශ්වය මැලි වන්නේ නැති බව හොදින්ම මතක තබා ගත යුතුය.(විශ්වයේ නිති දොළහ පිළීබදව මිලග ලිපියෙන් දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමි.)

විශ්වයේ ජීව බල ශක්තිය යනු කුමක්ද? (What is Universel  Life Force Enargy?) 

එය කොටස් දෙකකි.එනම් පෙනෙන නොපෙනෙ සහ දැනෙන නොදැනෙන වශයෙන් වර්ග කිරීමකට ලක්කල හැක.

මෙම විශ්වයේ ඇති වාතය හිරුඑළිය සෑම ජීවයක් ගස් වැල් සතා සිව්පාවුන් ඇල දොළ ගංගා මහ පොළවටද ජීවයක් මෙන්ම යමක් කිරීමේ ශක්තියක් විශ්වය විසින් ලබාදී ඇති අතර එය එක් එක් ජීවින්ට යම් යම් ක්‍රම මගින් ලබා දී ඇත.

උදාහරණයන් වශයෙන් ගතහොත් හිරුඑළිය සහ වාතය විශ්වයේ ජීවින්ට නොපෙනුනද එය ශරීරය ස්පර්ශකරමින් ශරීරයට දැනීමක් ඇති කරයි.ජලය සහ ගස්වැල් සතා සිව්පාවුන් ගත හොත් එම ජීවින් පෙනෙන ජීවින් වර්ගයට අයත්ය.මේ විශ්වයේ ඒ ඒ ජීවීන්ට මෙන්ම මනස උසස් යැයි සම්මත මිනිසාටද පැවරුන යම් කාර්යක් විශ්වය විසින් ලබා දී ඇත.එය අප විසින් අවභෝධ කර ගත යුතුයි.

වාතයට ඇති කාර්ය වාතය විසින් ඉටු කල යුතු අතර හිරුඑළියට ලබාදී ඇති කාර්ය එය ඉටුකල යුතුය.මිනිසාට ලබා දී ඇති කාරිය ඔහු විසින් ඉටුකල යුතුයි.ජලය ගස්වැල් හා සතා සිව්පාවුන් සදහා ලබාදී ඇති රාජකාරින් ඒවා විසින් ඉටුකල යුතුයි.ඒවා තේරුම් ගැනීමේ පහසුව සදහා මෙලෙසින් පෙන්වා දිය හැක.වන ජීවින්ට ලබාදී ඇති කාර්ය ඔවුන් විසින්ද?ගස් වැල් වෙත ලබාදී ඇති කාර්ය ඒවා විසින්ද ඉටුකල යුතුයි.අඹ ගස විසින් අඹ ලබා දිය යුතු අතර පොල් ගස විසින් පොල් ලබා දිය යුතුයි.අනෙක් ශාක වර්ගයන්ද එසේමය.ඇල දොළ ගංගා සහ උල්පත් වලින් ජලය ලබා දිය යුතු අතර ඒවා ජීවීන්ගේ එක් එක් අවශ්‍යතා සදහා යොදාගත හැකි පරිද්දෙන් විශ්වය විසින් නිර්මාණය කර ඇත.එය එසේ නිර්මාණය කර ඇත්තේ මනස දියුණූ යැයි කියා ගන්නා මිනිසාට පමණක් නොව විශ්වයේ පැවැත්ම උදෙසාම පමණක් වන්නේය.


=================================================

මගේ එකම පැතුම......සහ........කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ...... දුක් කම්කටොළු......අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරුවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරුවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන්... වචනයකින් හරි  සහයක් විම..... 

...............ටිකක් දිගයි කථාව ඒ උනාට කරන්න දෙයක් නැහැ......කවදා හරි එක් අයෙකු හෝ බැලුවනම් ඒ මට ඇති.....
 ජිවිතයට මුහුණ දීම.......ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... 
...වැදගත් වේවි කවදා හරි.... 

මා අදහන දහම හා බෙෘද්ධාගම පිළීබදව

මා බැතිමත් රෝමාණු කතෝලිකයෙක් වෙමි. මා පිය උරුමයෙන් මට ලැබුන මෙම දහමට බැති සිතින් ගරු කරන්නෙමි. මාගේ ජීවිතයටත් වඩා මා මාගේ දෙවි පියානන්ට ආදරය දක්වමි.ඒ මා කුඩාකල සිට පිය උරුමයෙන් මා හට දායාද වූ බැවිනි. මා නිසා මෙන්ම අප නිසා දිවි පරිත්‍යාගය කරන ලද ජේසුස් වහනසේට අප සදා කාලයටම නය ගැති වෙමි.එය එසේ වුවද බුදු දහම පිළිබදව පවා මා විශ්වාසයක් මෙන්ම මහත් ගරුකිීමක් මාගේ හිත තුල ඇත.



බුදුහිමියන් ජෙසුස් වහන්සේ මෙන්ම සෑම ආගමික නායකයෙකුටම විශ්වයේ සත්‍ය හා නීතිය පිළීබදව මනා දැනුමක් තිබී ඇත.ඒ පිළීබදව යම් අයෙකු කුමන මතයක් දරන්නේද?ඒ එම අයවලුන්ගේ දැනීම හා විශ්වාසය අනුවම පමණක් වේ.
ජේසුස් වහන්සේ ප්‍රේමය මහජනතාව අත බෙදා හැරිය අතර බුදු රජානන් වහන්සේ විසින්  මෛතීය දේශනා කරන ලදී.
 ආදරය දයාව කරුණාව සහ සමාව දීම  සැම ජනකාවකටම පොදුය. එබැවින් දෙවියන් වහන්සේ කිසිදු ආගමකට අයත් නොවන අතර රොමාණු කතෝලිකයෙක් හෝ බයිබල කාරයෙකුද පෙන්ත කොස්ත කාරයෙකුද නොවනු ඇත.එසේ වෙන් කොට හදුනන්නේ නම් එය පුද්ගලික වාසින් තකා දෙවි පියානන් බෙදා වෙන් කර ගන්නා බව මාගේ හැගීමය.
 අප දේශයට මෙම දහම පැමිණීම හා ව්‍යාප්ත විම පිළීබදව යම් යම් ගැටලුන් මතු වුවද එය එක්  අයවලුනගේ පුද්ගලික මති මතාන්තර යන්හි ප්‍රතිපලයක් ලෙසන් මා විසින් පෙන්වා දීමට කටයුතු කරමි. එලෙසින් සදහන් කරනු ලබන එකම පුද්ගලයා මා මිස වෙනත් කිසිවෙකුත් නොවන බව නම් සක් සුදක් සේ පැහැදිලි වනු නොඅනුමානය.  
මෙම දේශයට විදේශීය ආක්‍රමණයන් ඒමට වසර සිය දහස් ගනනකට පෙර සිටම මෙම රට තුල මෙම දහම ව්‍යාප්තව තිබු බවට හේතු සාධකයන් කොතෙකුත් ඇතත් ඒවා වල දමනු විනා එය ගොඩ ගැනීමට හෝ වර්ථමානයේ පවතින මෙම වැරදි අදහස නිරවුල් කිරිමට කිසිවෙකුත් ඉදිරිපත් නොවෙනු ඇත.
         මේ සදහා ඇති එකම  උදාහරණයක් වශයෙන් සදහන් කිරිමට හැක්කේ මෙම දේශය පෘතුගීින්  ලංදේශින් සහ ඉංග්‍රීසි ජාතින් විසින් ආක්‍රමණය කිරිමට පෙර පටන් අප පැරණී රජ දරුවන් විසින් රෝම අධිරාජ්‍යය සමගින් සම්භන්ධතා පවත්වා ඇති බවයි.
       එය බොරුවක් බව පෙන්වා දීමට උත්සාහ කරනා යම් අයෙක් වන්නේ නම් අප මාතෘ භූමියේ අතීත සිද්ධින්ද අමතක කරන්නා වු අයවලුන් මෙන්ම අප රටේ අතීතය විනාශ කරන්නා වූ අයවලුන් වශයෙන්ද අප රටට අතීතයක් නොමැති වර්ථමානයේ ඔහේ ඉබාගාතේ ඉදිරියට ඇදෙන රටක් වශයෙන් ඉතාමත් කණගාටුවෙන් වුවද සදහන් කිරිමට කැමැත්තෙමි.
          යම් අයවලුනට මේ පිළීබද ප්‍රශ්ණයක් වන්නේ නම් අප රටේ අතීතය සිහිකරමින් වර්ථමානයේ සිදුවන්නේ කුමක්ද යන්නද සිහිකරමින් අනාගතයට කුමක් වේද යන්න මෙනෙහි කරන්නේ නම් නිසි පිළීතුර තම සිත තුලට නිරියාසයෙන් ගලා ගෙන පැමිනෙන බවද මා විසින් සදහන් කරන්නෙමි.
   එසේම අප දේශය පාලනය කරනා රජ දරුවන් විසින් කරන ලද ඉතා අයහපත්  සිද්ධින්හි ප්‍රතිපලයක් ලෙසින් ආක්‍රමණයන් පැමිණී බව අප සැම දන්නා කරැණයි.එයද යම් කිසිවෙකු බොරුවක් වන්නේ යැයි සදහන් කරන්නේ නම් ඒ සදහාද හේතු සාධකයන් කොතෙකුක් ඇත.වර්ථමානයේ සිදුවන්නේද එයම නොවන්නේද යන්න මදකට කල්පනා කල යුතුයිඑසේ නොවන්නට වර්ථමානයේ පවා රජ දරුවන්ගේ එක් එක් පන්ති බේදයන්ට කොටු වෙමින් සිටිමට සිදුවන බව නොරහසකි.
    එම පන්ති බේදයන්  අතර රජුගේ රෙදි සෝදන්නා රදා කුලයටද අයත්ව සැම අයෙකුගේම රෙදි සේදිමටද?රජුට බෙර ගසන්නන් බෙර වායන් වශයෙන්ද?ගොවිතැන් කරන්නන් තවත් එක් කුලයකටද?වශයෙන් මහජනතාව බෙදා  වැඩ ගත් ආකාරයත් එම සේවය තම ජීවිත කාලයටම මෙන්ම පරම් පරා ගනනකට කරන්නට සිදුවීම කෙතරම් අපරාධයක්ද යන්න මදකට සිහි කල යුතුය. මෙය කෙතරම් පහත් ක්‍රියාවක්ද යන්න මදකට මෙනෙහි කරන්න මාගේ මතකය තිබෙන තාක් කලක් එය අමතක කිරිමට මට නොහැකි වන්නා සේම මෙම බොරුවන්ද පෙන්වා දීම මාගේ එක් කටයුත්තක් වනු ඇත.
 ආගම් පතුරවන ලද සාස්තෘවරයන් කිසිවෙකුත් එය බෙදා වෙන් කරමින් පැහැදිලිව දේශනාවන් කර නොමැති අතර එය එක් එක් ජාතීන් විසින් බෙදා වෙන් කර ගැනීමට යාමෙන් මහත් විපතක් මෙම ලෝ තලය තුල   වර්තමානයේ දක්නට ලැබෙන්නා සේම අනාගතයේදී තව තවත් විශාලව ජාතීන් අතර මහත් විරසකයන් ගොඩ නැගෙන බව නම් සදහන් කල හැක.
     එය පිළීගත යුතු සත්‍යයි එසේ නොවන්නේ යැයි යමෙකු තර්කයන් ඉදිපත් කරන්නේ නම් ඒ සදහා පිළීතුරු දිමට මා නොපැකිලෙමි. විශේසයෙන් ඉතා යහපත් දැහැමින් අප රට පාලනය කරමින් රට ජාතිය ආරක්ෂා කරන ලද රජ දරුවන් අප දේශය පාලනය කර ඇති අතර ඉතාමත් කෲර අන්දමින් මිනිසුන් තලා පෙලමින් රට පාලනය කර ඇති බව දන්නා කරුනය.
       රට පාලනය කිරිමට රජ දරැවන් කුලල් කා ගන්නා අතර එහි ප්‍රයෝජන වශයෙන් දක්නට හැක්කේ වෙනත් රටක ජාතින් විසින් මෙම රට ආක්‍රමනය කිරිමයි ඒ අනුව මා අදහන දහම මෙරටට පැමිණීම සදහන් කලද එය කිසි විටකත් මා විසින්ම පිළීගැනීමට සුදානම් නැත එහෙත් අතිතය වර්ථමානය දෙස බලමින් සතුටට පත් වන්නේ ජේසුස්  වහන්සේ  හදුනා ගන්නට ලැබීම මතය.වර්තමානයේ සිදුවන්නේද එයම බැවින් සත්‍ය අප හදුනා ගත යුතුය.
           බුදුන් වහන්සෙගේ දර්ශනයටද මා ගරු කරන්නෙමි.  බුදුන් වහන්සේද බෙෘදධයෙකු නොවන අතර මෛත්‍රීය ලොවට බෙදා දිම සදහා මෛත්‍රිය හදුන්වා දිම සදහා මුලිකත්වය ගත්තද එසේ කටයුතු කරනු ලබන්නේ කීයෙන් කී දෙනකුද යන්න සැලකිය යුතුය.
     ශ්‍රී ලංකාව බුදුනගේ දේශය වශයෙන් හදුන්වුවද..එසේ හදුන්වා දීම අනෙක් රටවල් වෙත එය පෙන්වා දිමට තරම් එම දර්ශනයෙන් ප්‍රයෝජනයන ගන්නා ලද අදහන්නන් සමත් වී නොමැති බවට හෙදම සාධකය වන්නේ අප රටෙහි ඇති දේශපාලනික කුලල් කා ගැනීමයි.. එය කණගාටුවට කරුණක් වන අතර එය අදහන දහමටද නිගරුවක් වනු ඇත.
   බුදුන් වහන්සේගේ බොධිශත්ව ගුනයන් ගෙන් කිසිදු ගුණයක් නොමැති විශාල පිරිසක් අප දිවයින තුල දිවි ගෙවිම මෙන්ම රට පාලනය කරනු ලබන පාලකයින්ද? අප රටේ පරිහානියට ලක් කිරිමද මෙම දහම් දිවයිනට මහත් හානියක්ව ඇත.
මා විසින් බුදුහිමියන් විසින් දේශනා කරන ලද පන්සිල් පද පහ මෙන්ම බෝධසත්ව පැතුම්  විශාල වශයෙන් අනුගමනය කිරිමට උත්සාහයන් දරනු ලබන අතර ඒ තුලින්ද විශාල පල ප්‍රයොජනයන් ගෙන ඇත.එහෙත් බුදුන්ගේ දර්ශනය මහත්සේ අදහන්නවූ අයවලුන් අතර මෙම බෝධිශත්ව පැතුම ඇත්තේද යන්න සිහිකල යුතුමයි.
1. බිය ජනක දේට අභිතව මුහුණ දෙනවා විනා එයින් සැගව පලා යාමට මට ඉඩ නොහරින්න.
2. ප්‍රශ්ණ ගැටලු වලින් මාගේ සිතපසු බාන්නට දෙන්නේ නැතිව එම ප්‍රශ්ණ ගැටලු වලට සාරථකව මුහුණ දීමට ආත්ම ශක්තිය මා වෙත ලබා දෙන්න.
2. ස්ව ශක්තිය මත පිහිටා කටයුතු කරනවා විනා අන් අයගේ පිහිටෙන් නැගී සිටිමට මට ඉඩ නොහරින්න.
3. අනියත බියකින් වැද වැටෙනවා වෙනුවට ජිවිතය අවභෝධ කරගෙන එය දිනා ගැනීමට හැකි ශක්තිය ලබා දෙන්න.
මේ පිළිබදව දිනපතා මෙනෙහි කරන්නේ නම් නිවරද්ද කුමක්ද යන්න අවභෝධ වනු ඇත. එහෙත් එය එසේ නොවීම පිළිබදව මහත් සේ කණගාටුවට පත් වුවද ඇත්ත ඇති සැටියෙන් කියා දීම මෙන්ම ඒ පිළිබදව කිසිදු බියක් මා තුල පැන නැගෙන්නේද නැත.
      එසේම පැහැදිලි සිතකින් සහ යහපත් මනසකින් වර්ථමානය දෙස බලන්නෙකුට පෙන්වා දීමට හැකි එකම කරුනක් නම් මෙම දිවයින විදේශීය ජාතීන් විසින් ආක්‍රමණය නොකර සිටියේ නම් වර්ථමානය වන විට අප දිවයිනද වෙනත් ආසියාතික රටවල් මෙන් මුස්ලිම් රාජ්‍යයක් වී ඇති බවය.
          බටහිර ජාතීන් මෙම රට ආක්‍රමණය කිරිමේ හේතුවෙන් මුස්ලිම් ජාතිකයින් මෙම දිවයිනට විශාල වශයෙන් නොපැමිණී අතර ඔවුන් එම කාලය වන විට බෙෘද්ධ රාජ්‍යයන් වු ඇප්ගනිස්ථානය.ඉන්දුනීසියාව වැනි රටවල් තුලට සංක්‍රමණය වෙමින් වර්ථමානයේ මුස්ලිම් රාජ්‍යයන් දක්වා වර්ධනය කර ගනිමින් ඇති ආකාරයත් අපට දැන ගැනීමට දැක ගැනීමට හැක.
           එසේ නම් එම සත්‍යයන් අප විසින් පිලිගත යුතුමය.සත්‍යය පිලි ගැනීම නොපිලි ගැනීම පිළිබද කිසිදු ගැටලුවක් නොමැති වුවද ස්භාවධර්මයාට බොරු කීමට හෝ පෙන්වා දීමට කිසිවෙකුටත් නොහැකි වන බැවින් එසේ කරමින් සිටින්නේ නම් එය ජාතියක් වෙනුවෙන් කරන්නවූ මහත් අපරාධයක් වන බවද,ඒ සදහා අනාගත පරපුරටම උත්තර සහ එහි ආදීනයන් වලට මුහුණ දීමට සිදුවන බවද දන්වා සිටිමට කිසි විටකත් මා නොපැකිලෙමි.
              සෑම ආගමකටම ජාතියකටම පොදු කරුණක් වන්නේ දැහැමින් දිවි ගෙවිමයි එහෙත් එසේ සිතනා අයවලුන් ඇත්නම් එම ප්‍රමාණය ඉතා අතලොස්සක් වන බව මා සදහන් කරන්නෙමි.
     යහපත් සිතුවිල්ලෙන් දිවි ගෙවනා ජාතියක් ආගමක් ඇති රටක් වන්නේ නම් ප්‍රඥා වන්තයින්ගේ බිහි විමේ සිට රටක සංවරධනය දක්වාම ස්භාවයෙන්ම සාරථක ප්‍රතිපල ලබා දිමේ ක්‍රමය මා විසින් අත් විද ඇත
එය සත්‍යයකි නිවරදිය.
බුදුදහමේ පන්සිල් පද මෙන්ම රෝමාණු කතෝලික ආගමේ ඇත්තේ පනත් දහයකි.මේ  ක්‍රම දෙකෙහිම ගැබ්ව ඇත්තේ එකම  දෙයක බැව් පසක් කර ගත හැක්කේ යහපත් මනසකින් බලන්නෙකුට පමණක් වනු ඇත.
කෙසේ වෙතත් විශ්වය ආම්භයේදී සෑම මනුස්‍යෙයක්ම එකම ජාතියක එකම ආගම වු බව අප විසින් පිළිගත යුතු සත්‍යයි..කුමන ආගමක් දහමක් ඇදහුවද ඔවුන් උප්පත්තියෙන් ආගමක් කරපින්නා ගන්නේ තම මව් පියන්ගේ ඇදහීම් සහ ඔවුන්ගේ තෝරාගැනීම් අනුවයි.මේ සැම අයෙකුම විශ්වයට ජිවියෙක් පමනක්ම වනු ඇත.එම සත්‍යය කෙදිනෙක හෝ ජය ගන්නවා ඇත යන්න මගේ විශ්වාසයයි.එය විශ්වය විසින්ම ඉටුකර දෙන තෙක් අපිට බලා සිටිමට සිදුවන්නේ මිහිපිට ජීවත්වෙන මිනිසා විසින් ජාති කුල මල ආගම් වශයෙන් බෙදීමේ උපරිම සීමාව දක්වා ගමන් කරමින් සිටිනා බැවින් හා ඒවා බෙදා ගනිමින් මිනිසුන් ඇන කොටා ගන්නා බැවිනි.
බුදු දහම තුල මෙන්ම මා අදහන දහම අනුවද යම් සත්‍යයක් ඇති බව මා දන්නා අතර එය ගෙනීමට ලැබීම පිළීබදව මා සතුටටපත් වෙමි.ඒ මාගේ පිය උරුමයෙන්ය..එහෙත් ශ්‍රී ලාංකීකයෙකු වෙන බැවින් මා බුදු දහමද ඉගෙනීමට හා අධ්‍යයනය කිරිමට ලැබීම මා ලැබූ මහත් භාග්‍යයක් ලෙසින් සලකමි.යම් අයෙකු ඒ පිළීබදව තර්ක විතර්කයන් ඉදිරිපත් කිරිමට පෙළබීමට හැකියාවක් ඇතත් මා විසින් අත්දැකීම් හා ප්‍රතිපලයන් ලබා ඇති බැවින්ද එය මාගේ අදහස බැවින්ද තර්ක විතර්කයන් මාගේ මනසින් බැහැර කිරීමට කිසි විටකති පසුබට නොවෙමි.


මගේ එකම පැතුම......සහ........කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ...... දුක් කම්කටොළු......අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරුවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරුවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන්... වචනයකින් හරි  සහයක් විම..... 


...............ටිකක් දිගයි කථාව ඒ උනාට කරන්න දෙයක් නැහැ......කවදා හරි එක් අයෙකු හෝ බැලුවනම් ඒ මට ඇති.....
 ජිවිතයට මුහුණ දීම.......ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... 
...වැදගත් වේවි කවදා හරි.... 



            
                  

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)

මියයන තෙක් මගේ එකම ....අරමුණ...පැතුම.....සහ ....කැපවීම ......

  මම වගේ...දුප්පතෙකුව ඉපිද...දුක් කම්කටොළු..අසාධාරණයන් වලට මුහුණ නොදි ....ජිවිතය ගොඩනගන්න..මගේ දරැවන්ටත්...ඒ වාගේම... මම ඉපදුන ගමට...රටට...මෙන්ම...ගමේ ...රටේ  දුප්පත් දරුවන්ටත්  මට හැකි උපරිම පරිදි ... හෝ ...අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම...


මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
........දුප්පත් දෙමව් පියන් දෙන්නට පින් සිදු වෙන්නට ...........ඉගෙන ගැනීමට හැකියාව ලැබූ... මා .......දෙමව් පියන්ගේ කීම නොඅසා දුප්පත්කම මගේ හිත තදින් වෙලා ගත් බැවින් උසස් අධ්‍යාපනයට   නැවතීමේ තිත තැබුවෙමි........ දුක් කම් කටොළු මැදින් පැමිණ  ඉතා අපහසුවෙන් සොයාගත් බ්ලු ඩයමන්ඩ් ආයතනයේ රැකියාවට ආයුබෝවන් කියා ..........යුධ වාතාවරණය ඇති 1985 කාලසීමාවේ .... යූධ හමුදාවේ සෙසු නිලයෙකු ලෙස එක්වී...මරණයේ බිය අත්විදි......මන්නාරම.අඩම්පන් යුධසටනින්......ජීවමාන දෙවිසමිදුන්ගේ පිහිටෙන්.....දිවිගලවාගත්......මා....යුධ හමුදා .උසස් කිරිමේ පාඨමාලාවන්.තුනකදී.ප්‍රථම ස්ථානය දෙවරක්ද.....???... දෙවන ස්ථනය එක් වරක්ද...?? ලබා සාර්ථකව  සමත් වී ......තෙවරක්  නීළධාරියෙකු ලෙස උසස් කිරිමට නිර්දේශ ලබා ....තෙවෙනිවර .......දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ officers' quality test එකට සහභාගී වී ..... යුධහමුදා සෙසු නිළයෙකුට  නොලැබෙන එසේම ....දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ  (Millitary Acadamy Cadet mess )කෙඩෙට් නිළධාරි භෝජනාගාරයෙන්  ආහාර වේලක් ගෙන  ......එක් එක්.......අසාධාරණ ක්‍රීයාවන් මත......නිළධාරියෙකු විමට නොහැකි වූ නිසා .....වසර දාහතරකින්  යුධ හමුදාවෙන් නිත්‍යානු කුලව ඉවත්ව ..........ධනපති පන්තියට අයත් තරැපහේ හෝටලයක වසර 07 ක් සේවය කිරිමෙන් පසුව.....අණවසරයෙන් විදේශීය රටකට ගොස් ..දිවයිනක සිරවී සිට පිටුවහල් කිරිමෙන් අනතුරැව ........ නැවතත් යුධ වාතාවරණය ඇති කාළසීමාවේදී ...........යුද්ධය අවසන් කිරිමට දායක විමෙන් පසු .........සෙසු නිළයෙකු විසින් ලැබිය හැකි.......උසස්ම තනතුර වන බළළත් නිළධාරී 1 තනතුර දක්වා ....පැමීණිම සහ යුධ හමුදාවේ සෙසු නිළයෙකු වශයෙන් විශ්‍රාම ගැනීම සහ ඉන්පසු.........??? ........................??
..........මෙය අවශානය නොවේ.....
         යුධ හමුදා .උසස් කිරිමේ පාඨමාලාවන්.තුනකදී.ප්‍රථම ස්ථානය දෙවරක්ද...දෙවන ස්ථනය එක් වරක්ද...ලබා සාර්ථකව  සමත් වී ......තෙවරක්  නීළධාරියෙකු ලෙස උසස් කිරිමට නිර්දේශ ලබා ..යුධහමුදා සෙසු නිළයෙකුට කිසිම විටෙක නොලැබෙන එසේම ....එසේ දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ  (Millitary Acadamy Cadet mess )කෙඩෙට් නිළධාරි භෝජනාගාරයෙන්  ආහාර වේලක් ගෙන සෙසු නිළයෙකු වශයෙන්ම වීශ්‍රාම ගොස් සිටින තවත් අයවළුන් සිටින්නෙද යන්න මා මියෙන තුරැම සොයමින් සිටින්නෙමි.....ඒ එකම පුද්ගලයා හෝ සෙසු නිළයා මා වන්නේ නම් එයද මාගේ ජීවිතයේ .....දී ....දෙවියනි  ඔබවහන්සේ මට දුන්නාවු මහගු තිලිණයක් වශයෙන් මා විශ්වාස කරන්නෙමි්‍....
       වාසනාව අවාසනාව පොදි බැදනෙ එන අපේ ජිවත කාලය තුලදි මොන කරදර දුක්කම් කටොලු ආවත් ඒ හැම දෙයකටම සාර්ථකව මුහුණ දෙන ආකාරයක් අප දැනගත යුතු වෙනවා...නැත්නම් වෙන්නෙ පරාජිතයෙක් වාගෙ බලාගන ඉන්න තමයි....
වාසනාව අත ලගටම ගෙනවිත් දෙන්නෙත් නැහැ ...මෙන්න කියල.. වාසනාව හොයාගන යන්නත ඕනැ...වාසනාව හොයාගන ගිහින් ලැබුනෙ නැහැ කියලා ආපසු හැරෙන්නත් එපා...එහෙම හැරැනනම් ඒ අය ජිවිතයෙන්ම පරාද වෙනව....
උත්සහය සමග වාසනා මහිමයත් එකතු උනානම් නවතින තැන කියන්න බැරි වෙනවා ..ඒ වගේම වාසනාව නැහැ කියල ආපහු හැරෙන්නත් එපා...
ගත්තු උත්සාහයේ ප්‍රතිපලය භුක්ති විදින්නට ලැබෙනවා
වාසනාව අතින්ම අරනෙ එන අය ඉන්නවා ඒ අය දිහා බලල ඊර්ෂියා කරන්න නම් එපා තමන්ටත් වාසනා මහිමය තියෙනව කියල පොඩි විශ්වාසයක් පමනක් තියාගෙන උත්සාහයෙන් යුතුව කටයුතු කිරිම තමයි වැදගත් වෙන්නෙ.මෙහෙම ලියන්න හේතු ගොඩක් මට තියෙනවා ටිකින් ටික තමා ලියන්න වෙන්නෙ
           There will be times in the very near future I am sure that I will need to come back ... because I can't hide behind my feelings and also facing my lifetime .  but I never  forget every thing............... 
 if I am  hidden. I don't know why.... I thought that.....  

.......මට එය ස්ථිර වශයෙන්ම කීමට හැකියි.... මට සගවන්න බැහැ මගෙ ජිවිත කාලය තුලදි   මම මුහුණදුන් ,දැනුන හා මගෙ අදහස් ඒ දෙවල් කිසිම විටක මට අමතක නැහැ .........මම කවදාවත් අමතක කරන්නෙත් නැහැ....එහෙම කරනවනම්...මම මා ආරක්ෂාකල ජිවමාන දෙවි සමිදුන් ඉදිරියේ බොරැ කාරයෙකු වනු ඇත..... 
        මම හිතුවා මෙයත් ඒ හැම දෙයකම මතකය සහ විසදුම කියලා.. 

 I never shy to tell our family  and whole my lifetime ,,,, We faced and how to solved everything.I can tell.............. no anyone faced crucial time like me...........and before us.......,
      මම සහ අප තරම් මුහුණ දුන් කරදරකාරි ජිවිතයකට කවුරැත් මුහුණ දී නැතිව ඇති කියල මම තවමත් හිතනවා......මම සහ අප කොහොමද ඒ සෑම  දෙයක්ම   විසදගත්තෙ හා ජය ගත්තෙ කියලා ...අතිතය ගැන කියන්න..මම  කිසිවිටකත් ලැජ්ජාවට පත්වන්නෙ නැහැ....එය මට සතුටක් .....මිහිරි අත්දැකීමක්.
..ඇයි අතිතය අමතක පුද්ගලකුට අනාගතයක්ද නැහැ කියල අහල තිබුන මම..
                 Life is funny sometimes, or always.What you plan doesn't  work out or go as scheduled. 
....ජිවිතය එක් අවශ්ථාවකදී හරි හැම විටම  හරිම විනෝදකාරියි....අප සිතන පතන ඒවා සිදුවෙන්නේත් නැහැ...ඒත් අමතක කරන්න එපා නොවෙන්නෙත් නැහැ කියල මතක තියා ගන්න. සිනැහැ ඒ විදිහටම.....
        .මම මගෙ හිත හදාගන්න...මතකය අළුත් කරගන්නත්.... එක්කම මගෙ දැනුම දියුනු කරගන්න කරන වැඩක් කිව්වත් වරදක් නැහැ... ඒ එක්කම මම හිතනව එය කාටහරි වැදගත් වෙයි කියල....
  අපිට අම්ම තාත්ත මෙන්න මේ ටික  උගන්වල තිබුන.....කන්න බොන්න නැතත් අනුනට අයිති කිසිම දෙයක් ගන්න එපා කියල......තමන්ට නැතිනම් හිගාකැවත් කමක් නැහැ......කුලී වැඩක් කරල කියක් හරි හම්බුකරගන කාපන් කියන එක......තවත් එකක් කිව්ව ඒ මොකක්ද දන්නවද  ??කාටවත් ඔලුව පාත්කරල එක එකා පස්සෙ ගිහින් ජිවත් වෙන්න පුරැදු වෙන්න එපා කියල ...පුළුවන්  විදිහට නැතිබැරි අයට උදව්කරන්න පුරැදුවෙන්න .......එක එදා ඉදලම අම්ම තාත්ත කියපු දෙයක්..........ඒ වාගෙම මැරෙන තුරැ ඒ ප්‍රතිපත්තියෙම හිටියා....ඉගෙන ගනිල්ලා......කියපු එක කියපු වාර ගනන නම් මතකයේ නැහැ.හැම දවසකම කටේ තිබුන වචනය....
       ජිවිතේ දුක් කරදර කම්කටොලු මැද ආපු ගමනනම් මහත් විඩාකාරියි.....මානසිකව මම කොයි තරම් පිඩා වින්දද ....මියගියානම් කියල හිතුන වාර ගනන ......ඒ හැම වේලාවකම මට...... මගේ මතකයට ආවේ .... ජේසුනී ඔබව .........දෙවියන් වහන්සේව ..........මරිතුමියව ...... ජපමාලය ...............,.,දෙවියනී......දෙවියනී  ඔබගේ කැමැත්ත මිස මාගේ කැමැත්ත නොම වේවා ....කියපු වාර ගනන කියන්න බැහැ.........ඊට පස්සෙ ඒ කිසිම දෙයකින් මමනම් සැලුනෙ නැහැ.මොකක්ද කියල මමවත් දන්නෙ නැහැ..........ඒ උනාට මොකක්ද ලොකු බලවෙගයක් මා තුල තියෙනව කියල මටනම් විශ්වාසයක් තියෙනව.නැත්නම් මේහෙම ලියන්නවත්  කවදාවක්වත් මට හමුවෙන එකක් නැහැ......

මගේ එකම පැතුම......සහ........කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ...... දුක් කම්කටොළු......අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන්... වචනයකින් හරි  සහයක් විම..... 
...............ටිකක් දිගයි කථාව ඒ උනාට කරන්න දෙයක් නැහැ......කවදා හරි එක් අයෙකු හෝ බැලුවනම් ඒ මට ඇති.....
 ජිවිතයට මුහුණ දීම.......ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... 
...වැදගත් වේවි කවදා හරි.... 





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

දරැණු ලෙස නිළධාරියෙකුගේ පහරදීමකට ලක්වීම හා දරැවන් ගැන මෙන්ම දෙවියන්ගේ සිහිකරමින් එයට ප්‍රතිප්‍රහාරයයක් දීමට නොපෙළඹීම ...........

යුධ හමුදාවට ආදරය කල මම වසර 12 ක සේවා කාලයකින් අනතුරැව ඉවත්ව යන්නට අදහස් කරන ලද්දේ මා හට කරන ලද බලවත්ම අසාධාරණයන් කිහිපයකට ලක් වීම නිසාය.
 එය කෙදිනක හෝ මා විසින් ලොවට පෙන්වා දීම මාගේ යුතුකම විය යුතුමය.එසේ නොවන්නේ නම් මෙලෙසින් අසාධාරණයන් වලට මුහුණ දීමට සෑම දුප්පතෙකුටම සිදුවෙන බැවින් එය පෙන්වා දීම මාගේ යුතුකමක් විය යුතුමය.
              මා නැවතත් යුධ හමුදාවට එක්වීමට තීරණය කරන ලද්දේ මා පත්වු අසරණ තත්වය නිසා මෙන්ම මා පත්වු අසරණභවය නොවන්නට කිසිදු දීනෙක නැවතත් හමුදාවට එක් නොවීමට තීරණය කර තිබුනි.
කෙසේ වෙතත් නැවතත් රාජකාරින් සදහා යෑමට සිදු වීම  තවත් එක්   දෛවෝපසහගත කරැණක් වශයෙන් මා දකින්නේමි.
              මාගේ ගෝලයින් පවා නිළධාරින් වී ඇති අතර මා ඔවුන් යටතේ වැඩ කරමින් සිටියෙමී.වසර 12 න් ඉවත්ව නැවතත් රාජකාරින් භාරගැනීමෙන් අනතුරැව රෙජිමේන්තු මුලස්ථානයේ ප්‍ර ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ රාකාරිය මා විසින් භාරගන්නා ලද්දේ මාගේ එකම බදවා ගැනීමේ සිටි හේරත් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන ලිපිකරැ තනතුර සදහා සුදුසුකම් සපුරා තිබු බැවිනි.
             එවකට රෙජිමේන්තු මුලස්ථානයේ රෙජිමේන්තු අඥාපති වශයෙන් රාජකාරින් ඉටු කරන ලද්දේ මේජර් ජෙනරාල් ජයනාත් පෙරේරා මා හොදින් දැන සිටි නිළධාරියෙකු වුවද මා කිසි විටකත් නිළධාරින් පසුපසින් ගොස් පුරැද්දක් නොමැති බැවින් මෙවරද කිසිදු අවශ්ථාවකදී ඒ පසුපසින් නොගියෙමි.
          මෙම කාලය වන විට රෙජිමේන්තුවේ ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ තනතුර මා විසින් නියමාකාරයෙන් කරගෙන යනු ලැබූ අතර යුධ වාතාවරනය නිමවී මානුෂීය මෙහෙයුමෙන් අනතුරැව දේශපාලනමය තතත්වය මත එක් එක් නිළධාරින් යුධ හමුදාවෙන් වත් කිරිමටත් තවත් අයවලු වෙනුවෙන් උසස් වීම් ලබා දීමටත් පදවි තානාන්තර මාරැකර දීමටත් පතවන නව ජනාධිපතිවරයා විසින් කටයුතු කරන ලදී.
            මෙලෙසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතද නව නිළධාරින් වෙත පත්වීම් ලද අතර එම නිළධාරින් අතරින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පත්වෙන ලද රෙජිමේන්තු සේනාවිධායක තුමන් මෙන්ම රෙජිමේන්තු මුලස්ථානයේ විධායක අධිකාරී පවා වෙනස් වීම් සිදුකරන ලදී.මෙම නව පත් වීම් ලද නිළධාරින් කිහිප දෙනකු මා පිළීබද හොදින් දන්නා අතර තවත් නිළධාරීන් මා පිළීබදව කිසිදු තොරතුරක් නොදන්නා නිළධාරීන් විය.
       කෙසේ වෙතත් මා මාගේ රාජකාරීන් නොපිරිහෙලා ඉටු කරන ලදී.එසේ ඉටු කරමින් සිටින අතර තුරදී මාගේ වරදක් යැයි පවසමින් මා රෙජි මුලස්ථානයේ නිළධාරී නිවස්නය වෙත පැමිනෙන ලෙසින් අණ කරමින් එවකට ලුතිතන් කර්නල් නිළයේ සිටි නිළධාරියෙකු වන ලුතිතන් කර්නල් ........... යන ජේ්‍ෂ්ඨ නිළධාරියා නිළධාරී නිවස්නයේ ඔහුගේ කාමරය අසලදී දරැණූ ලෙසින් පහර දෙන ලදී.
මෙම අවශ්ථාවේදී තවත් එක් මේජර් වරයෙකු වන මේජර් ........ එය දෙස බලා සිටින ලදී.
මේ වන විට මා බනි 11 නිළයේ සිටි අතර මාගේ වයස අවුරැදු 45 ක් පමණ විය.එම නිළධාරියාගේ වයස අවුරැදු 32 ක් පමනයැයි මා විසින් අනුමානය කරමි.කෙසේ වෙතත් මා කිසිවෙකු වෙතින් කිසිදු අවශ්ථාවකදී පහර කැමකට ලක්වී නොමැති අතර මාගේ දරැ දෙදෙනා සහ බිරිද සිහිකරමින් සියලුම පහර දීම් ඉවසා දරා ගන්නා ලදී.
මෙම පහර දීමේ දරැණූ භාවය කෙසේදයත් මාගේ මුහුණූ ප්‍රදේශයට පළමුව පහර එල්ල කරන ලදී.ඉන් අනතුරැව දරැණූ ලෙසින් බඩ ප්‍රදේශයට පා පහරක් එල්ල විය.වේදනාව දරා ගත නොහැකි වුවද මාගේ දරැ දෙදෙනා සහ බිරිද මෙන්ම මාගේ අනාගතය වෙනුවෙන් සිතා මා සිහි කරන ලද්දේ මා විසින් අදහන දෙවියන් වහන්සේ පමණකි.ඔවුන්ගේ අසභ්‍ය වචනයන් පවා මාහට හොදින් සවනය වුවද මා දෑස් තද කර ගනිමින් බයිබලයේ ඇති බලවත්ම යාක්ඥාව වන අහස පොළව මැව් මතක් කර ගනිමින් මා හට ඉවසීම ලබා දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරන ලදී.ඒ අතර තුරදී තවත් පා පහරවල් කිහිපයක් මෙන්ම කමුමුල් පහරවල් කිහිපයක් මා වෙත එල්ල වෙන ලදී.පපු ප්‍රදේශයට එල්ල වෙන ලද දරැණූ පා පහරකින් මාගේ හුස්ම ගැනීම පවා මදකට නතරවන බව මාහට තේරැම් ගියද තවත් දරැණූ පා පහරකින් මා බිම පතිත විය.
මේ අවශ්ථාවේදී දරැණූ ලෙසින් පහරකෑමට ලක් වුවද මාගේ ඉවසීමේ සීමාව ක්‍රමක් ක්‍රමයෙන් ඉවත්ව යන ලදී.අනේ දෙවියනේ තවත් පහරක් මට එල්ල වුව හොත් මමද ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන බව සිහිකර ගන්නා ලදී.එසේ එල්ල කල හොත් මට සිදුවෙන දේ පවා මා දනිමි මමද ඕනෑම දෙයකට සුදානම් වුවද යුධ හමුදාවේ ක්‍රමය මා දනිමි.මෙලෙසින් පහර එල්ල කිරිමට නොහැකි බවද මා දනිමි.මා විසින් නැවත පහර දීමේදීද එහි විපාකයද මම දනිමි.මා දෙවියන් නැවත සිහිකරමින් සිටින අවශ්ථාවේදී එම නිළධාරියා විසින් ඔසවන ලද පහර නවත්වන ලද්දේ ඇයිද යන්න මා  තවමත් දෙවියන යදිමින් සිහි කරන්නේ එම පහරදීම එදින සිදු  කලේනම් මෙලෙසින් සටහන් ලබන්නට මා හට කිසිදු දිනෙක ඉඩ නොලැබෙන බැවිනි.එයට හේතුව මා නැවත ප්‍රහාරයක් එල්ල කිරිමට දැඩි තිරණයක් ගැනීම නිසා.ඇත්තෙන්ම එසේ  එම පහර මා වෙත එල්ල වුයේ නම් මාගේ ප්‍රති ප්‍රහාරයද එල්ල කරන බව මා දන්නා බැවිණී.එය මාගේ තීරනයයි.එහෙත් දෙවියන්ගේ තිරණය එය නොවීය.
කෙසේ වෙතත් පහර දීම නතර කලද බැනවැදීම එලෙසින්ම විය.මේජර් නිළයේ නිළධාරියා මා දෙස බලාගෙන සිටී.මටද ආත්ම අභීමානයක් තිබුනද එය ගිලිහිගොස් ඇත.අම්මා මට කියන ලද ලෙද මා ඉදිරියේ මැවි ඇත.එයනම් කිසිවෙකුටවත් යටත් නොවි දිවි ගෙවිම යන්නයි.එහෙත් මා විසින් මෙලෙසින් ඉවසන ලද්දේ මාගේ කුජීත කමකට නොව මාගේ බිරිද දරැවන් වෙනුවෙනි.එය දන්නේ මා පමණකි.එසේ නොවන්නට නිළධාරියෙකු හෝ මොකෙකුද යන්න මට ප්‍රශ්ණයක් නොවනු ඇත.කිසිවෙකුත් කිසිවෙකුගෙන් ගුටි කැමට තරම් අවශ්‍යතාවයක් නොමැත් අතර මෙය මෙම නිළධාරියා විසින් ඉටු කරන ලද බලවත් වරදක් සේ මා දකිමි.එසේම නිළධාරි නිවස්නය වෙත ගෙනගොස් ජේ්‍ෂ්ඨ බළලත් නිළධාරියෙකු වෙත පහර දීමද තත් නිළධාරියා විසින් කරන ලද බලවත් වරදක් සේ මා දකිමි.යුධ හමුදාවේ ඉහල නිළධාරි ඉටු කරන ලද බලවත් වරදවල් මා හොදින් දැක ඇති අතර ඒ අතරින් සමහර නිළධාරින්හට එහි ප්‍රතිවිපාකයන්ට මුහුණ දිමට සිදුවූ ආකාරයද මා විසින් දැක ඇත.
    කෙසේ වෙතත දරැණූ පහර දීමේන පසු මා නැවතත් බනි සැරයන් නිවස්නයට පැමිණී අතර මා කිසිවෙකුටවත් පැවසීමට කටයුතු නොකරන ලදී.එහෙත් වේදනාව එසේම විය.මා මේ බැව් මානව හිමිකම් කොමිසම වෙත පැවසීමට සිත් අයදුම්පතක් සොයන ලදී.ඒ අතර මාගේ තවත් සිතුවිල්ලක් වූයේ මා එලෙසින් නැවත තවත කරදරයක් මා පිට පවරා ගැනීමට කටයුතු කරන බවය.
     නැවත නැවත සිතා බලන ලදී අවසන් තීරණය වුයේ දෙවියන්ට සියල්ල භාර දෙමින් කෙදීනක හෝ මම මාගේ නිසි තත්වයට පැමිණ මෙම නිළධාරියා හමුවෙ බවත් ඔහුට ඒ බැව් දන්වන අතර මේ පිළිබදව රටේ සියලුම බළධාරින් දැනුවත් කර මා වෙනුවෙන් වන්දී ලබා ගැනීමය.ඒ මා මාගේ සුදුසු තත්වයට පැමිණිමෙන් පසුව බවට මා විසින් ඒකමතිකව තීරණය කරන ලදී.
        නැවතත් මේ වන විට ප්‍රමානි 11 වශයෙන් රාජකාරින් ඉටු කරන ලද නිළධාරී විසින් මා රෙජිමේන්තු මුලස්ථානයට මා කැදවන ලදී.ඔහු විසින් පවසන ලද්දේ රෙජිමේන්තු ආඥාපති මෙන්ම රෙජිමේන්තු විධායක අධීකාරිද මා දැකීමට පවා කැමැත්තක් නොදක්වන බැවින් රෙජිමේන්තු ප්‍ර ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ තනතුර අද දිනම භාරදීමටත් වෙනත් ස්ථානයක් කරා මා ස්ථාන මාරැවීම් කිරිමට උපදෙස් ලද බවය.
කොයි දේ වෙන්නේත් හොදට යැයි අපහසු අවශෟථාවන් තුලදී සිහි කරන මා දෙවියන් ගේ කැමැත්ත එසේ වේවා යන්න මා සිහි කර ගනිමින් හැකි කඩිනමින් රෙජිමේන්තු මුලස්ථානයෙන් නික්ම යාමට පිණීස ක්‍රීයාත්මක වෙන ලදී.
මේ වන විට මා විසින් යුධ හමුදා මුලස්ථානයේ රාජකාරින් සදහා යා කිරිමට අනුමැතියද මාහට හිමිව තිබුනද අවසානයේ මින්නේරිය පාබල පුහුණූ මධ්‍යස්ථානය වෙත මා යවන ලදී.මමද ඉතා කැමැත්තේන් පිටත්ව යන ලද්දේ  මෙවැනි නිළධාරින් සමගින් සිටිම ඉමහත් අපහසු කටයුත්තක් වන බැවිනි.
මා පසු දින මින්නේරිය කදවුර බලා පිටත්වීමට සුදානම් විය.මාගේ මතකය පසු දින දක්වා දිව ගියද එය කිසිදු දිනෙක මාගේ සිතින් බැහැරව නොයනු ඇත.එසේම එම නිළධාරියා මා මියයාමට මොහොතකට හෝ පෙර හමු විය යුතු අතර ඔහු ඒ සදහා මාගෙන් සමාවද ගත යුතු බවට මා සිතා ගත්තෙමි.එසේ නොවන්නේ නම් ඒ පිළීබදව බළධාරින් දැනුවත් කිරිමටත් මුලු ලෝකයම දැනුවත් කිරිමටත් මා විසින් පියවර ගැනීම සදහා දෙවියන් ඉදිරියේ සහතික කරන ලද්දේ මෙවන් අසාධාරණ ක්‍රියාවන් ඉටු නොකීරිම සදහාමය.
මෙම මා විසින්  ඉටු නොකර මිය යන්නේ නම් මාගේ ජීවිතයෙන් පලක් මෙන්ම මාගේ ක්‍රියාවෙන්ද පලක් නොවනු ඇත .දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් මා වෙතින් මෙය පමා වීමට හේතුන් කිහිපයක් ඇත.එහෙත් මාගේ විශ්වසය ඉතාමත් නුදුරැ දිනෙක මට ඔහු හමුවෙන බවය.මා දෙවියන් ඉදිරියේ ඉල්ලු කිසිදු දෙයක් මා වෙත ලබා දීමට මැලිකමක් නොදක්වන දෙවි සමිදුන් මෙයද මතු දිනෙක මාවෙත ලබා දෙන බව නොරහසකි.එය මා දනිමි.
    එය කෙසේ වේවිද යන්න මම මා වෙතින් ප්‍රශ්නයන් ගොනු කරමින් සිටින්නෙමී.එම නිළධාරියා කුමන තරාතිරමක සිටියද මට ප්‍රශ්ණයක් නොමැත.මම මා සීතු සෑම දෙයක්ම මා වෙත මේ වන විට ලැබී ඇත. මා  මෙන්ම දෙවියන්ට සිදුවු පොරොන්දුව ඉටු කරන්නෙමී.එය කොතෙක් දුරට සාධාරන කමක් ගන්නේදැයි මෙය කියවන ඔබ විසින් සිතා ගත යුතුයී.
     මා කෙසේ සිතන්නද.මා එදිනට සිදුකරනා ආකාරය මේ වන විටත් මා විසින් සිතා හමාරය. අවසන් වශයෙන් එදි මා අත්විදි වේදනාව දන්නේ මා පමණකි.එදින මාගේ ඉවසීම කොතෙක් දුරකට පල ලබා ඇත්ද යන්න කිසිවෙකුටවත් තේරැම් ගැනිමට අපහසු නෙවනු ඇත.එමෙන් තත් නිළධාරියා පත්වෙන අපහසුතාවය පිළීබදව සිතන්නේ නම්..........එය මට සිතා ගැනීමටවත් නොහැකි කරැණක් වනු ඇත.
   එදින වීරයෙක් වශයෙන් හැසුරැන එම නිළධාරියා මෙදින කුමන තත්වයකට පත්වේද යන්න මා මනසින් සිහි කරන්නෙමි. මම සුදුසු නිසි ක්‍රියා මාර්ගයක් නම් ගන්නා බව ස්ථීර වශයෙන්ම කීමට හැක.

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට - 2020 පාර්ලිමේන්තු මැතිවරණ

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.එහි මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වසර විසි දෙකක් ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින බළලත් නිළධාර් 1 එස් ජේ සිල්වා විසිනි.මොහුගේ මව් එක්කය වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය.
එහෙත් දේශපාලනමය වශයෙන් මේ පිළීබදව කිිසිවෙකුත් මේ දක්වා සටහන් කර නොමැත් වුවද මෙම මැතිවරණයත් සමගින් විශාල වශයෙන් මහජනතාව මේ පිළීබදව උනන්දුවක් දක්වනු ඇති බවද සදහන් කිරිමට හැකියාවක් ඇත.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පිළිබදව විස්තර ඉදිරිපත් කරමින් සිටින පිරිස ඉතා විශාල වුවද එම අතීතය අමතක කීරිම එතරම් සුදුසු නොවන්නේ වර්තමානයේ අප රට පත්ව ඇති තත්වය අනුව බලන විටය.කෙසේ වෙතත් මෙම සත්‍ය ඉතිහාසය පිළිබදව ගවේෂණය කරනා විදේශ ජාතින් විසින් ඒ පිළිබදව දැන සිටියද?දන ගත්තද රටේ වත්මන් පාලකයින් ඒ පිළිබදව උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරණක් වුවද?අපගේ යුතුකම වන්නේ එම සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන අයවලුන් සමගින් එකමුතුව මෙම අතීතය හාරා ගොඩ දැමීමය.එසේ නොවන්නේ නම් වත්මන් මෙන්ම අනාගත පරපුර විසින් වර්තමානයේ දිවි ගෙවමින් සිටි සෑම දෙනකුටම සාප කරනු ඇත.ඉන් මිදිමට නම් තම තමන් විසින් මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා දැන ගත යුතුයි
දේශපාලන වේදිකාවට ගෙන ඒම
ශ්‍රී ලංකාව යටත් විජිතයක් වශයෙන් වසර 500 කට අධික කාලයක් සිටියද බටහිර ජාතින් විසින් මෙම ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් යට දමා හෙළ ජාතිය පහත හෙලීමට කටයුතු කරන ලද්දේ හෙළ ජාතියේ සිතිමේ ශක්තියද ජානයන්හි අති ශක්තිමත් භාවයද ඉතා හොදින් අධ්‍යයනය කිරිමෙන් පසුය.එමෙන්ම හ්‍රී ලංකාවේ පිහිටිම එහි ඇති සම්පත් විශ්ව ශක්තිය අවශෝසනය කිරිමේ හැකියාව පිළිබදව සොයා බැලීමෙන් පසුවය.
කෙසේ කොහොම කීවත් සිංහල ජාතිය ක්‍රමක් ක්‍රමයෙන් විනාශය කරා රැගෙන යාමට කටයුතු සැලසුම් කලද හෙළ ලේ ඇති මිනිසුන් ක්‍රමක් ක්‍රමයෙන් බිහිවෙමින් පවතින අතර එම අයවලුන් විසින් තම තමනගේ කාර්යය ඉටු කරමින් සිටින බැවින් එම සෑම අයෙකුටම තව තවත් දිරිමත් කිරිමක් වශයෙන් මෙවර මැතිවරණයට මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ ජාතියේ සත්‍ය ඉතිහාසයට පන දීමක් වශයෙන් බව සදහන් කල හැක.
See My Details ..මගේ පුද්ගලික විස්තර බලන්න..
අතීත මුතුන් මිත්තන් මෙන් මනස දියුණූ කර ගැනීඹ
වර්තමානයේ සෑම දෙයක්ම දේශපාලනීය කර ඇති බැවින් අපගේ සත්‍ය ඉතිහාසයද දේශපාලන කරලියට රැගෙන ආ හේතුව පිළීබදව විස්තර දක්වමින් එස් ජූඩ් සිල්වා සදහන් කරන ලද්දේ වර්තමානයේ සෑම දෙයක්ම දේශපාලනිය කරනයෙන් පමනක් ඉටුකර ගත හැකි කරුණක් වන බැවින් මේ සදහා කටයුතු කිරිමට තීරණයක් ගන්නා ලද බවය.විශේෂයෙන්ම අපගේ මනස දියුණූ කර ගැනීම තුලින් සියලුම දෙවල් කරගත හැකි බැවින් එයද ඉටු කිරිම මෙන්ම අතීත අප මුතුන් මිත්තන් විසින් මේ රටේ සිදුකර ඇත්තේත් වර්තමානයේ අනෙකුත් ධනවත් රටවල් තුලින් සිදුකරනු ලබන්නේත් එයම බැවින් එය තේරුම් කර දීමද මෙහි තවත් අරමුණක්.
කවුරු කොහොම කෙසේ කිව්වද අප රට තවත් වසර කිහිපයකින් විනාශය කරා යන බවක් දක්නට ලැබීම කණගාටුවට කරුණක්.ඒ උනාට එය දේශපාලන කෝණයකින් බලන කිසිවෙකුටවත් පෙනෙන්නේ නැහැ.ඒවා තේරුම් කර දීම මගේ යුතුකමක් ලෙසයි මම දකින්නේ.මගේ රාජකාරියත් එයයි.රටේ අතීතය පෙන්වා දෙන සෑම අයෙකුගේම සහය මේ සදහා ලබා ගන්නට අදහස් කරමින් සෑම දේශපාලන පක්ෂයකම නායකයෙකුටම මේ පිළිබදව අවධානය යොමු කරමින් කටයුතු කරන්නට අදහසක් දෙන්නට තමයි මම කටයුතු කරන්න අදහස් කරන්නෙ.
තවත් කරුණක් වන්නේ අපේ සත්‍ය ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් එක් එක් රටවල අවශ්‍යතාවය මත විනාශය කරා ගෙන ගොස් ඇතත් මටනම් එය බලාගෙන ඉන්න බැහැ මෙය දැනගත්තු සහ අධ්‍යනය කරන්න පටන් ගත්තු දින සිට කොහොමද මෙය කරන්නේ කියල හිත හිත හිටියත් ඒ සදහා මට මේ ලැබුන අවශ්ථාවෙන් මම ප්‍රයෝජන ගන්නවා.ඒ වාගේම අපේ රටට ආදරය කරන නායකයෙක් අපට ලැබිලා තියෙනවා එතුමාට සහය දෙමින් අපේ රට හා අනාගත පරපුර නියම මාර්ගයට යොමු කරමින් මහජනයා දනුවත් කිරීමට අදහස් කරනවා.හැබැයි හිතන තරම් ලෙහෙසිත් නැහැ ඒ වාගේම අමාරුත් නැහැ.මම දන්නවා මම විශ්වාස කරනවා නැහැ බැහැ කියලා දෙයක් මාගේ පොතේ නැහැ.හිතුවොත් එය කරන්න පුලුවන්.ඒ වාගේම විශ්වයේ සහය අනිවාර්්‍යයෙන්ම මට හා මේ යන ගමනට ලැබෙන බවත් මම දන්නවා.
බලන්න අපේ රටේ ලෝක උරුමයන් වශයෙන් හදුන්වනු ලබන සිගිරිය වාගේ ෙඓතිහාසික ස්ථාන දිහා මේවා කවුද නිර්මානය කලේ කොහොමද? වර්තමානයේ දියුණු තාක්ෂණයටවත් ඒව ගොඩ නගපු විදිහ හොයා ගන්න බැරිවෙලා තියෙනවා.එහෙනම් මොකක්ද මේ රහස. මේ රහස ගැන කථා කරන්න එන සෑම අයෙකුවම නිහඩ කරන්න වසර ගනනක සිට මාන බලමින් ඉන්නේ.ඒ උනාට එය කොහොම හරි දේ උඩට එනවා. හරියට දිය යට දමපු රබර් බෝලය වාගේ . 
ඒ වාගේම තමයි සංවර්ධනය මුවා වෙන් අපේ රටේ ඉතිහාසය කොපමණ දුරකට වල දාලා තියෙනවද?ඒ වාගේම අපේ රටෙන් අරගෙන ගිය ධන නිධානයන් තොගය තවත් තියෙනවා. ඒ උනාට මෙම නායකයින් අපේ මිනිසුන්ව ගොන්නුන්ට අන්දගෙන වැඩ ගන්නවා.ඒත් අමතක කරන්න එපා එහි ප්‍රති විපාකාපයන් ඒ අයටම එනවා. හරියට භුමරංගය වාගේ.දැන් එන්නට පටන් අරගෙන තියෙන බව අමතක කරන්න එපා අපේ රටේ ඉතිහාසය මෙන්ම වටිනා වශ්තුව කොල්ල කෑම,වටිනා පුස්කොළ පොත් විනාශ කිරීම සහ රැගෙනයාම. ඒවායේ තියෙන රහස් අනුව වැඩ කටයුතු කරමින් නව නව නිර්මාණයන් කරමින් ලොවට ඉදිරිපත් කිරිම. සදහන් කල හැකියි.මේවාට කවුද කථා කරන්නේ?අපිටම තමයි කථා කරන්න වෙන්නේ එහෙනම් අපි කථා කරමු. 
අපේ පරිසරය විනාශකරමින් කෘමිනාසක වැඩිපුර යෙදවමින් ජලය අපවිත්‍රකර අපේ මහජනතාව වෙත අසනී තත්වයන් අතිකිරිම අපේ ජාන ශක්තිය විනාශ කිරීම.මේවා කවුද කතා කරන්නේ මහ සඝරුවන කෝ කථා කරනවද? නැහැ ජාතියක් විනාශයට බලාගෙන සැන සෙන්නට පුලුවන් කාටද?මටනම් බැහැ කට විතරක් නෙමේ හරියට වැඩ කරන්න ඕනෑ.අපි ඉපදෙනව මිය යනව කී දෙනෙක් එහෙම මිය ගියාද?ඒ අයට කරන අගෘරවයක් කියල හිතෙනනේ නැතිද?බල්ලෙක් මී හරකෙක් වගේ ඉපදිලා තිරිසනෙක් වාගේ මිය යනවද?රටට ගෝකයට වැඩක් කරල මිය යනවද?කියල තීරණය කරන්න ඕනෑ වෙන්නේ ඔබ සහ ඔබගේ මනස විසිනුයි.
පරාගපෝෂණය කරන මී මැස්සන් විනාශ කරන ශාක ගෙනවිත් හිටවනව.කවුද මේවා නිවරදි කරන්නේ? කවදද මේවා කරන්නේ?හිතා ගන්නවත් බැහැ. එහෙනම් අපි එය කල යුතුමයි. 
ඒ වාගේම ක්ලෝරින් ජලය මගින් ජලය පිරිසිදු කරමින් අපේ මෙන්ම අපේ දරැවන්ගේද අනාගත පරම්පරාවේද සිතිමේ ශක්තිය ඇති තුන්වෙනි ඇස(Third eye)අක්‍රීය කරවීමට කටයුතු කරන්නේද? අපගේ හෙළ ජාතිය මහත් බලසම්පන්න වන බැවින් එය අඩපන කිරිමටයි.යන්න සදහන් කරන්න කැමතියි. මේ ගැන හොයන්න වෙනවා අද පටන් මෙය හොයන්න ඒ වාගේම ඔබගේ :ාතීන් මිතුරන්ට මෙය කියන්න හොයන්න ඇත්ත නැත්ත දැනගන්න මේවා නිවරදි කර ගන්නේ නම් අප කිසිදු ජාතියකට යටත් වීමට අවශ්‍යතාවයක් නැහැ අපගේ කෘෂිකර්මාන්තය තවත බොහෝ දේ ඇත අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට මේ සැම ඇතුගත් කර දී තිබෙනවා 
අපේ රට නිදහස් දවසේ ඉදලා රට පාලනය කරපු අයට මම බනින්න යනනේ නැහැ හැබැයි ඒ අය කරපු වැරදි එකින් එක කියලා දෙන්න මට පුලුවන්.එහෙම කියලා දෙන්න මම කිසි විටකත් පැකිලෙන්නේ නැහැ.මෙයට විරුද්ධව කටයුතු කරනා කවුරුන් හෝ ඉන්නවා නම් ඒ හැම අයෙකුම කරනු ලබන්නේ තම තමන්ගේ දරුවන්ට මෙන්ම අනාගත පරපුරටත් ශී ලංකාවටත් අපේ අතීත මුතුන මිත්තන්ටත් කරනු ලබන ද්‍රෝහී කමක් ලෙසටයි මම දකින්නේ ඒ විතරක් නෙමෙයි එය පෙන්වා දෙන්නත් මම සුදානම්. 
මම කිසිවිටකත් අපේ රටේ මජනතාවට බනින්නේ නැහැ එයට හේතුවක් තියෙනවා එය තමයි වසර 500 ක් අපේ රට එක් එක විදේශය ජාතින්ගේ ආක්‍රමණයන්ට ලක්වෙලා අපේ මනස විනාශ කරලා තියෙන්නේ.ඒ උනාට හොද අනාගත තරුණ පරපුරක් අපට ඉන්නවා කියලා මාගේ විශ්වායක් තියෙනවා.මම දන්නවා ඒක.ඔවුන් මනස දියුණූ කරමින් කටයුතු කරන්න දන්නවා.
මෙය මම කලයුතු දෙයක් නෙමේ මේක කරන්න ඕනෑ අපේ රටේ ආගමික නායකයො සහ වැදගත් උගත් බුද්ධිමත් කියන අයයි.ඒ උනාට ඒ අය නිහඩයි.මට නිහඩ වෙන්න බැහැ මම මැරෙන්න කලින් මගේ යුතුකම මගේ දරැවන්ට ඉටු කරන්න ඕනෑ.එහෙ කලේ නැත්නම් මම මගේ යුතුකම ඉටුනොකර මියයන ගොඩට මාවත් වැටෙනවා.මම ඒකට කොහෙත්ම කැමති නැහැ.මේ පිළීබදව ඕනෑම අයෙකුට මාත් සමග තර්ක විතර්ක කරන්න පුලුවන්.ඒ මේ පිළීබදව කතා කරන්නයි.ඒ තුලින් මටත් මම දනනේ නැති දෙයක් දැන ගන්න ලැබෙන බව මම දන්නවා. 
අවසන් වශයෙන් කියන්න රටේ මහජනතාවට කියන්න දෙයක් තනෙවා ඒ නම් විශ්වයත් සමග මෙන්ම තම සිතට අවංකව වැඩ කරන්න ඉගෙන ගන්න.නැතිනම් විශ්වය විසින් බරපතල ලෙසින් දඩුවම් දීමට බලාගෙන ඉන්නවා.එයට ලොකු පොඩි ධනවත් උගත් බුද්ධිමත් ප්‍රශ්නයක් වන්නේ නැහැ.
මේ රට නිසි අයුරින් හැදෙන්න නම් හදා ගන්න අවශ්‍යය නම් මෙන්න මේ අපගේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙන්න ඕනැ කියල මම අදහස් කරනවා.එය එහෙම වෙන තුරු මේ විදිහට මහජනතාව දැනුවත් කරන්න මම කටයුතු කරනවා .ඒ සදහා මතයක් නිර්මානය කරනවා.එය කොහොමද කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇති.ඒ උනත් මම විශ්වාස කරන දහමක් තියෙනවා එය තමා විශ්ව දහම.විශ්ව දහම කියන්නේ තම තමන් අදහන ආගම දහමයි.ඒ සෑම ඒ සදහා උදව් උපකාර කරන බව මම දන්නවා.
සමහර අයට මෙය හිතාගන්න බැරි වාව ගන්න බරි දෙයක් කියලා මම දන්නවා.එයට හේතුවත් මම දනනවා.එක් හේතුවක් තමයි තමන්ගේ ආත්ම අභිමානය සහ තමන් තුල ඇති ශක්තිය පිළීබදව නොදන්නා අයවලුන්.එය උගන්වන්න වෙනවා.අනික් කොටස තමයි මේ ක්‍රමයෙන් රටට හෙන ගැහුවත් පුද්ගලික වාසි ලබා ගන්නා අයවලුන්.මේ දෙකොටසටම වෙනනේ අවසන් වශයෙන් අවශානයේදී කණගාටුවට පක්වෙන්නයි.තමන්ගේම දරුවන් තම ජාතිය මෙන්ම තම පරම්පරාව පවා අදුරේ හෙලා ගන්නයි.වර්තමානයේ මේ සත්‍ය පෙන්වා දෙන් පුලුවන් බොහෝ අය ඉන්නවා මම ඒ අයව දන්නවා.මම දන්නේ තාමත් අල්පයයි.ඉන් මම රටට,ගමට,මගේ දරුවන්ට,අනාගත පරම්පරාව වෙනුවෙන් වැඩක් කරනවා.මොකද මම මෙයට පෙර කියලා ඇති මම මගේ යුතුකම් කොටස නිසි අයුරින් ඉටු නොකර බලාගෙන ඉන්න මිය යන්න මට බැහැ.දැන් බලන් හිටිය කාලය හොදටම ඇති කියල මම විශ්වාස කරනවා.
ඒ වාගේම තමයි මේ රට පාලනය කරන ලද සක්විති රාවණා රජතුමන් මෙයට වසර දහස් ගනනකට ඉහතදී මේ ලක්දිව මෙන්ම තවත් රටවල් කිහිපයක්ද යටත් කරගෙන මනස දියුණූ කරගෙන ඒ තුලින් මහා ශක්තියක් ඇති සක්විති රජ කෙනෙක් වුවත් වර්තමානයේ අමතක කර දමා සිටිම නම් එපමන හොදක් අප රටට වන්නේ නැත. 
එසේම මෙම රාවණා රජතුමන් ශ්‍රී ලංකාවේ නැතත් අනෙත් රටවල් තුලදී දකනට හැකියාව ඇත..ඉතාමත් කණගාටු දායක කරැණ නම් ඉංදියාවේ සමහර මිනිසුන් විසින් දුෂ්ඨ රාවණා යනුවෙන් සදහන් කොට "දුශේරා" නමින් රාජ්‍ය උත්සවයන් පවත්වා පඔයන් ලෙසින් සෑදු මහා රාවණා රජතුමන්ගේ ශරීරයට ගිනි තැබීම මහත් කණගාටුදායක කරුණකි එය එසේ වුවද අපේ පාලකයන්ට මෙය නොපෙනීම අභාග්‍ය සම්පන්නය.ඒ කෙසේ වුවත් මේ සදහා අප මින් ඉදිරියට ශක්විති ශේෂ්ඨ රාවණා යනුවෙන් සිහි ගන්වමින ""සශ්‍රේරා" යනුවෙන් නම් කරමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්සව මාලාවක් සංවිධානය කිරීමටත් එය වාර්ෂීකව පැවැත්වීමටත් සැලසුම් කර ඇත 
ඉංදියාවේ සමහර මිනිසුන් විසින් රාවණා රජතුමන්ට සමානව පඹයන් සාදා දුෂ්ඨ රාවණා යනුවෙන් සදහන් කර ඒවාට ගිනි තබමින් පවත්වනු ලබන "දුශේරා" රාජ්‍ය උත්සවය
දුශේරා උත්සවය ඉංදියාව
දුශේරා උත්සවය 2018
ඉංදියාව රාජ්‍ය නායකයින් සහ එහි මහජනතාව විසින් එසේ රාවණ රජතුමන්ගේ පඹයන් සාදා ගිනි තැබීම කිසිදු සදාචාරාත්මක බවක් නොගන්නා අතර,අප රටේ ජන නායකයින් විසින් රාවණ රජතුමන් සිහිකිරිමට කටයුතු නොකරන්නේ නම් අප විසින් හෝ රාවණ රජතුමන් සිහිකරමින් උපහාර පුද කිරීම.අපගේ පරම යුතුකමක් වන බව හොදින් මතක තබා ගන්න. 
.එසේම සත්‍ය ඉතිහාසය සදහන් සියත ගුවන් විදුලියේ ප්‍රචාරය වූ අපේ සත්‍ය ඉතිහාසයේ විඩියෝ පට ලක්ෂයක් බෙදා දිමටත් කටයුතු සකස් කරමින් සිටින අතර එම විඩියෝ පට ලබා ගැනීමට කැමැත්තේනම් වෙබ් පිටුව හෝ යූ ටියුබ් චැනලය බලන්න 
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සශ්‍රේරා උත්සවය
සශ්‍රේරා උත්සවය ශ්‍රී ලංකාව
සශ්‍රේරා උත්සවය ශ්‍රී ලංකාව
රාවණා සත්‍ය ඉතිහාස කථාව
දේශපාලන වේදිකාවට ගෙන ඒම

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට ගෙනයන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

දේශපාලනයට පිවිසීම 2020 -  මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය
01.ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් කෘෂිකර්මානතයට මෙන්ම දෙශිය ගොවිතැනට,.ගොවි මහතුන්ට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරනු ලබන අතර කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අයවලුන්ගේ සුභසාධන කටයුතු සිදු කිරීම.ඔවුන්ගේ දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා ආධාර උපකාර කිරීම.
02.නිදහසින් පසු වසර 72 ක් පුරා විනාශකර විකුනා දමන ලද කර්මාන්ත නගා සිටුවීම සහ දේශිය කර්මාන්තයන්ට මුලිකත්වය දෙමින් නව දේශීය කරමාන්ත බිහි කිරීම...
03.හොරකම වංචාව,දූෂණයට සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව කටයුකු ක්‍රියාත්මක කිරීම සහ දිවයිනෙන් මත්ද්‍රව්‍ය බැහැර කිරීම සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම මෙන්ම මත්ද්‍රව්‍ය පනත් සංශෝධනය කිරීම..
04.ස්භාවික සම්පත් රැක ගැනීම සදහා කටයුතු කිරීම කිසිදු ස්භාවික සම්පතක් හෝ ස්භාවික සම්පත් හිමි භුමියක් විදේශයකට හෝ පුද්ගලෙයෙකුට ආයතනයකට අයිතියක් නොමැති අතර ඒ සදහා සියලුම හිමිකම රජය සතුවෙන අතර එවැනි ඉඩම් රජය සතුකර ගැනීමට කටයුතු කරනු ඇත.,ඒ සදහා වෙනස් කල නොහැකි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරනු ඇත.
05.දේශයේ සෑම ඉඩමක්ම රජය සතුවෙන අතර කිසිදු ඉඩමක් විදේශීය ආයතනයකට හෝ විදේශිය රටකට බදුදීම විකිනිම හෝ කුලියට දිමට කටයුකු නොකරන අතර ඓතිහාසික වටිනාකමක් ඇති ඉඩ කඩම් මේ වන විටත් පුද්ගලයින් වෙනත් ආයතනයන් හෝ විදේශිකයන් විසින් ලබාගෙන ඇත්නම් එම ඉඩම් රජය සතු කිරිම කල යුතුයි..
06.ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සහ අපනයන භෝගයන් රාජ්‍ය මට්ටමින් සිදුකිරීම කල යුතු අතර න් ලැබෙන අමතර ආදායම් මහජනතාව අතර බෙදීයාමට හැකිවෙන පරිද වැඩ පිලිවෙලක් සකස් කිරීම..
07.රටේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නිවාස මෙන්ම සුභසාධක කටයුතු ක්‍රියාත්මක කිරිමට වැඩ පිලවෙලවල් සකස් කිරීම.
08.ග්‍රාමීය වෙරලාසන්න ධීවර ප්‍රජාවගේ සහ වවිලි කර්මාන්ත කෂේත්‍රය ආශ්‍රිත පවුල් එකක සවිබල ගන්වනනාවූ සුභසාධක වැඩ පිලිවෙලක් සහ නිවාස යෝජනා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
09.ශ්‍රී ලංකාව අවට මහ මුහුදේ ඇති සම්පත් රජය සතුවන අතර කිසිදු විදේශිය සමාගමකට හෝ ආයතනයකට එහි අයිතිය ලබා නොදීම.මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරිම සහ ඒ ආශ්‍රීත රැකියාවන් නිර්මාණය කිරීම.
10.කඩොලාන රක්ෂීත වගුරු බ්ම් සහ මඩ ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ..එම ප්‍රදේශ ආශ්‍රීත කරදිය මත්ස්‍ය සම්පත සංරක්ෂණය කිරීම සහ එම වෘත්තියන්හි නිරතව සිටින්නන්ට සහන ලබා දීම..
11.ත්‍රී වීල් රථ රියදුරන්...දෛනිකව වැටුප් ලබා ගන්නා අයවලුන්න් කුලීසේවයේ යෙදී සිටින්නන්, පුද්ගලික ආරක්ෂක අංශ,මෑන් පවර් සේවයේ නියුතු අයවලුන්ට විශ්‍රාම වැටුප් යොජනා වලියක් රාජය අනුග්‍රහය මත ක්‍රියාත්මක කිරීම මෙන්ම එම අයවලුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීම පිණීස ආධාර උපකාර කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
12.ශ්‍රී ලංකාවේ ඉතිහාසය වසර දස දහස් ගනනකට ඈත එපිට ඉතිහාසයක් වන බැවින් එය ඝවේෂණය කරමින් සනාථකර පාසැල් පෙළ පොතට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබන අතර පුරා වශ්තුන් ආරක්ෂා කිරීම, එම පුරා වශ්තුන් අනාගත පරපුර වෙත ලබා දීම සදහා නිසි වැඩ පිලිවෙලක් සකස් කිරීම සහ එම ඓතිහාසික ඉඩ කඩම් කිසිවෙකුටත් අත්කර ගැනීම සපුරා තහනම් කිරීම. එම ඓතිහාසික ස්ථානයන් මේ වනවිටත් යම් අයෙකු අයවලුන් හෝ විදේශිය ජාතීන් විසින් අත්පත් කරගෙන ඇත්නම් ඒවා නැවත රජය සතු කිරීම මෙන්ම බුදු රජානන් වහන්සේ ඉපදීම බුදුවීම සහ පිරිනිවන් පෑම සිදුවුයේ ඉන්දියාවේද? ශ්‍රී ලංකාවේද යන්න සොයා බැලීම පිණීස ආජ්‍ය අනුග්‍රහය ලබාදීම.
13.මනස හා ආකල්පයන් දියුණූ කිරිමට කටයුතු කරනු ලැබීමටත් එය පාසැල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබන අතර මහජනතාව දැනුවත් කිරීම සහ ඒ සදහා හුරු පුරුදු කිරීමට වැඩ සටහන් ක්‍රියා කිරීම.
14.මනස දියුණු වීමත් සමගින් එක් එක් නව නිර්මානයන් කිරිමට හැකියාවක් ලැබෙන අතර එම නව නිපැයුම් කරුවන් දිරිමත් කිරීම සහ ආධාර උපකාර ලබා දීම..
15.ස්භාවධර්මයා රැක ගැනීම සදහා කටයුතු කිරීමටත්.. කිසිදු වන රක්ෂීතයන් එළි පෙහෙලි කිරිම සපුරා තහනම්.මේ වන විටත් වන රක්ෂිතයන් පුද්ගලිකව හෝ දේශපාලනමය වශයෙන් අත්පත් කරගෙන ඇත්නම් එම වන ඉඩම් රජය සතු කිරීමට කටයුතු කරනු ලැබීමටත් කිසිදු වන ජීවියෙකුට හිංසාවක් හෝ විනාශ කිරීම සපුරා තහනම් වෙනු ඇත..එසේම දේශිය ශාඛ වර්ගයන් වගා කිරීමටත් ඒවාට හානි කිරිමකිසිදු විටෙක නොකල යුතු අතර දේශිය ඔසු පැල වගා කිරිමටද ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු ඇත දේශයට අහිතකර විදේශීය ශාකයන් තෝරා බේරා හැකි කඩිනමින් දිවයිනෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර පළමුවෙන්ම මී මැස්සන් විනාශ කිරීමට හැකියාවක් ඇති ඇකේශීයා ශාකය දිවයිනෙන් ඉවත් කිරීමටත් ගොවිතැන් කටයුතු සදහා ප්‍රයෝජනවත් වෙන පොහොර නිෂ්පාදනය නයිට්රිජන් මෙන්ම පැය විසිහතර පුරා ඔක්ෂීජන් නිකුත් කරන මී ශාඛය හැකි කඩිනමින් රෝපනය කිරීමට වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම..
16.දේශීය ශාකයන් දෙශිය ඹසුපැල වගා කිරීමට කටයුතු කරනු ලබන අතර ඒවාට හානි කිරීම සපුරා තහනම් වෙනු ඇත.දේශයට අහිතකර ආක්‍රමණික විදේශීය ශාකයන් තෝරා බේරා ගනිමින් කඩිනමින් දිවයිනෙන් ඉවත් කිරිමට කටයුතු සලස්වන අතර ප්‍රථමයෙන් කෘෂිකර්මාන්තයට හිතැති පරාගනය පෝෂණය කරනු ලබන මී මැස්සන් විනාශ කරන ඇකේසියා ශාකය දිවයිනෙන් ඉවත් කිරීම සහ බටහිර ජාතින් විසික් විනාශ කර දමන ලද කෘෂිකර්මාන්තයට මහත් සේවයක් සලසන මී ශාකය දිවයිනේ සුදුසු ස්ථානයන් හි වගා කිරිමට කටයුතු කිරීම.
17.පිරිසිදු ආහාර,පිරිසිදු ජලය මෙන්ම දියුණු කරගන්නා නිරෝගී මනසක් ඇත්නම් එය නිරෝගීව සිටිමට මහත් දායාදයක් වන බැවින් ඒ පිළීබදව මහජනතාව දැනුවත් කිරීම ආහාර සහ ජලය පිරිසිදුව ලබා ගැනීමට අවශ්‍ය වැඩ පිලිවෙලක් මෙන්ම මනස දියුණූ කිරීමට වැඩ සටහන් ක්‍රීයාත්මක කර ගනිමින් මහජනතාව නිරෝගීව තබා ගැනීමට කටයුතු කිරීම.
18.දිවයින පුරා ජලය දැනුවත්ව හෝ නොදැනුවත්ව අපවිත්‍ර කරගෙන අති බැවින් බරපතල ලෙඩ රෝගයන්ට කුඩා දරුවාගේ පටන් වැඩි මහලු අය දක්වාම බලවත් අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටී.පිරිසිදු ආහාර,පිරිසිදු ජලය මෙන්ම තමන් විසින් දියුණු කරගන්නා නිරෝගී මනසක් ඇත්නම් එය නිරෝගීව සිටිමට මහත් දායාදයක් වන බැවින් ඒ පිළීබදව මහජනතාව දැනුවත් කිරීම..පිරිසිදු ජලයේ ගුණාත්මක භාවය පිළීබද වැඩසටහන් මෙන්ම ආහාර සහ ජලය පිරිසිදුව ලබා ගැනීමට අවශ්‍ය වැඩ පිලිවෙලවල් සකස් කිරීම. මනස දියුණූ කිරීමට වැඩ සටහන් ක්‍රීයාත්මක කර ගනිමින් මහජනතාව නිරෝගීව තබා ගැනීමට කටයුතු කිරීම.
19.වසර 500 කට ආසන්න කාලයක් විදේශ රටවල් විසින් යටත් විජිතයක් වශයෙන් අප රට පාලනය කරන ලද අතර එම කාලසීමාවන්හි යටත් විජිතවාදී රටවලල් වලින් ගෙනයන ලද ඓතිහාසික වටිනාකමක් ඇති පුරා වශ්තුන් මෙන්ම හෙළ රහස් ඇතුලත් පුස්කොළ පොත් නැවත දිවයිනට ලබා ගැනීමට කටයුතු කිරීම සහ දේශීය විශ්ව විද්‍යාලයක් සකස් කරමින් හෙළබස පිළීබදව වත්මන් සහ අනාගත පරපුර දැනුවත් කිරිම සහ පුස්කොළ පොත් ආරක්ෂා කිරීම පිණීස පුස්තකාලයක් ස්ථාපනය කරමින් හෙළබස සමාජගත කිරීම 
20.පලාත් සභා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමාජයට සේවය කරන්නන් ලෙසින් පැමිනෙන අයවලුන් වන බැවින් එම අයවලුන්ගේ සියදුම වරප්‍රසාධයන් රාජ්‍ය සේවකයින් මෙන් විය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විසින් ලබාගන්නා වූ වසර පහක් සම්පූර් විමෙන් පසු ලබා ගන්නා වූ විශ්‍රාම වැටුප අවලංගු කිරීම.අනෙකුත් රාජ්‍ය සෙවකයන් මෙන් පාර්ලිමේන්තුව තුල වසර විස්සක කාලයක් නොකඩවා සේවය කර ඇති අයවලුන්ට පමණක් විශ්‍රාම වැටුපකට හිමකම් ලැබෙන සේ ව්‍යවශ්ථාවන් සංශෝධනය කිරිම 
21.රටක පැවැත්මට ජනමාධ්‍යට ඉටුකල හැකි කාර්යභාරය ඉතා විශාල වන බැවින් ජනමාධ්‍ය හිමිකාරිත්වය ශ්‍රී ලාංකකයිනට පමණක් විමිවන අතර පනවන ලද නීති රීතීනට අනුව ක්‍රීයා කල යුතුය..එම නිති රීතීන්ට අනුකුලව ජනමාධ්‍ය හැසිරවිය යුතුයි.. එසේ නොවන්නේ නම් බලපත්‍රය අහොසි කිරිමට කටයුතු කිරීම. 
22.හෙළබිමේ සක්විති රජ වන මහා රාවණා රජතුමන් දුෂ්ඨයෙකු ලෙස සලකමින් ඉංදියාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගිනි තැබීමේ උළෙලක් "දුශේරා" වශයෙන් සෑම වසරකම මහා ජනකායක් දිරියේදී පවත්වනු ලබන අතර එම උත්සවයට සමගාමීව සක්විති ශේෂ්ඨ රාවණා යන තේරුම ඇති "සශේරා" යන නමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්සවයක් සෑම වසරකදීම පැවැත්වීම.
23.අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන එල්ලේ ක්‍රීඩාව ඇතුලු සියලුම දේශීය ක්‍රීඩාවන් ආරක්ෂා කිරීම..එසේ නොවන්නේ නම් වෙනත් ට ාජ්‍යයන් වසින් ඒ සදහා අයිතවාසිකම් කීමට ඉඩක් ඇත.එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය වෙනුවෙන් සාර්ථක වැඩ පිලිවෙලක් ක්‍රීයාත්මක කිරීම.රැකියා ලබාදීමේ වැඩ පිලිවෙලක් සහ සුභසාධන කටයුතු ඉටු කිරිම
24.විශාල ලෙසින් මහජන මුදල් විනාශ කරනු ලබන ක්‍රමවේදයක් වන බැවින් පලාත්සභා ක්‍රමවේදය අහෝසි කිරිම.
25.ශ්‍රී ලංකාවේ ජනගහනය පිළීබදව සලකා බලමින් කටයුතු කරනු ලබන අතර රට සංවර්ධනය කරා ගෙන යනු ලබන තෙක් සෑම පවුලකටම දරුවන් තිදෙනකු පමණක් සිටිය යුතු අතර ඉන් වැඩිපුර දරුවන් සදා ගැනීමට කැමැත්තක් දක්වන අයවලුනට රජයට බද්දක් ගෙවීමට සිදුවනු ඇත.
26.රටේ ජීවත් වෙන සෑම ජාතියකටම සෑම ආගමකටම එකම නිතියක් විය යුතුයි.
27.පවුල් සංස්ථාව දෙදරා යන බැවින්ද දූ දරැවන් යහමගට ගැනීමට අපහසුවන බැවින් කාන්තාවන් ගෘහ සේවය සදහා මැදපෙරදිග සහ අනෙකුත් රටවලටයැවීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.දේශීය වශයෙන් කාන්තාවන් වෙනුවෙන් රැකියා ලබා දීමේ ක්‍රම වේදයන් අති කිරිමට කටයුතු කරනු ඇත..
28.මහජනතාව බරපතල ලෙසින් රොගාභාධයන්ට මුහුණ දෙන විෂ සහිත ආහාර සහ බීම ද්‍රව්‍ය ආනයනය කිරිම පුරා තහනම් වෙන අතර අනෙකුත් අනවශ්‍ය භාණ්ඩද ආනයනය කිරීමට සිමාවන් පැනවීමට කටයුතු කෙරේ...අපනයනය වැඩි කිරිමටත් දේශීය අපනයන නිෂ්පාදන වැඩි වශයෙන් නිෂපාදනය කිරිමට දිරගැන්විම් කිරීම
29.රාජ්‍ය අංශයේ හෝ පුදගලික අංශයේ රාජකාරන් ඉටු කලද? නොකලද? ජේෂ්ඨ පුරවැසියන් සදහා විශ්‍රාම වැටුපක් ලබාදිමට ක්‍රයා කිරීම
30.වසර තිහකට ආසන්න කාලයක් රටේ පැවති කුරිරු යුධ වාතාවරණය කාලසීමාවේදී රට ජාතිය වෙනුවෙන් ආරක්ෂක හමුදාවට වසර දොළහක කාලයක් සේවය කරඇති එහෙත් විශ්‍රාම වැටුප් අහිමි සෑම රණවිරුවෙකුහටම විශ්‍රාම වැටුපක් ලබාදීම..එම රණවිරුවන් රණවිරුසේවා අධිකාරිය යටතට ඇතුලත් කොට සුභ සාධන කටයුතු ඉටු කිරිම මෙන්ම එම අයගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු සදහා ආධාර උපකාර කිරිම සහ සියලුම රණවිරුවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම.
31.යම් පුද්ගලයෙක් කණ්ඩායමක් හෝ ආයතනයක් විසින් මහජනතාවට අයත් රජයේ මුදල් හොරකමින් හෝ වංචා සහගත ලෙසන් ලබාගැනීම උපයා ගැනීම කර ඇති බවට නිතියෙන සනාථ වුව හොත් ඔහුගේ එම මුදල මෙන්ම නිශ්චල හා චංචල දේපල සියල්ලම රාජසංතක වන අතර එවා දුප්පත මහජනතාව අතරේ බෙදා දීමට කටයුතු කරනු ඇත
32.ශ්‍රී ලංකාව වටා ඇති ගොඩබිම මුහුද විසින් විශාල වශයෙන් ඛාදනය වීමට ලක්වෙන බැවින් එම ස්ථානයන් නිසි අයුරින් සකස් කිරීම පිණිස මහ මුහුදින් වැලි පොම්පකර එම ස්ථානයන් නිසි අයුරින් සකස් කිරීම හෝ වෙනත් රටවල් විසින් අප රට තුල කරනු ලබන රටේ සංවර්ධන කටයුතු වන අධිවේගී මාර්ගයන් නව නගර ගොඩ කිරීම ඇතුලත් කිසිදු ගොඩ කිරීමකට මුහුදින් වැලි පොම්ප කිරීම සපුරා තහනම් වෙනු ඇත.එයට ප්‍රධානම හේතුන් වන්නේ මුහුදුන් එම ලබා ගන්නා වැලි තොගයම නැවතත් මහ මුහුද විසින් ලංකාව අවට ගොඩබිම ඛාදනය කරමින් හෝ ලබා ගැනීමට කටයුතු සිදු කිරීම විශ්වයේ නිතියකි.වැලි ලබාගත් ස්ථානය නිසි අයුරින් පුරවා ගන්නා තෙක් ගොඩබිම මුහුදට ඛාදනය වෙනු ඇත.උදා හරහණයක් වශයෙන් කොළඹ නගරයේ ඉදිකරනු ලබන කොළඹ නගරය අක්කර 600 කටත් වැඩිවෙන බැවින් එම අක්කර 600 ලංකාවේ කොළඹ සිට ගාල්ල දක්වා මහ මුහුද විසින් ගිලගනු ඇත..එසේම මෙයට වසර දහස් ගනනකට කලින් ගිලුන නැව්වල මෙන්ම නගරයන්හි වටිනා වශ්තුව මහ මුහුදේ ඇති මුතු වටිනා ගල්පර මෙන්ම සම්පත් මුහුදින් වැලි පොම්ප කිරිමේදී නැව තුලට පොම්ප කර ගැනීමේ හැකියාවක් ඇති බැවිනි..මෙය සත්‍යයක් වුවද උපකල්පනයක් යැයි සිතුවද කෙසේවත් මුහුදින් වැලි පොම්ප කිරීම සපුරා තහනම් වෙනු ඇත..
33.රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් හෝ රටේ හෙළ ඉතිහාසය මකා දැමීමේ පරමාර්තයෙන් රටේ ඇති වටිනා වශ්තුව මංකොල්ල කෑමේ පරමාර්ථයෙන් ෙඓතිහාසික ස්ථානයන් මංකොල්ල කැමේ පරමාර්ථයෙන් විදේශීය.රටවලින් ආධාර සහන මත හෝ නොමිලයේ ලබා දෙනු ලබන කිසිදු සංවර්ධන කටයුත්තක් ඉටු නොකල යුතුයි.ඒවා කොපමණ වීශාල මුදලක් වුවත් වටිනා කමින් ඉහල වුවත් එම සංවර්ධන කටයුතු කිසි විටකත් ඉටු නොකරනු ඇත...එසේ ඉටු කරන්නේ ඇයිද යන්න මහජනතාවට තේරුම් කර දීමටද කටයුතු කරනු ඇත..
34.විදේශීය රටවල් වෙතින් අප රටට ආවේණීක දේශීය ශාකයන් සතුන් කෘමීන් ඇතුලත් බොහෝ ගනනකට පේටන්ට් බලප්‍රය ලබාගෙන ඇති බැව් නිරික්ෂණය වි ඇති බැවින් මින් පසු කිසිදු අවශ්ථාවකදී කිසිදු ශාඛයක් කෘමින් හෝ සතුන් විදේශීය රටවල් වෙත ගෙනයාම සපුරා තහනම් වේ..එසේ රැගෙන යන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකාවට එය අයත් බවට පේටන්ට් බලපතක් හිමිනම් පමණක් වනු ඇත.එසේ රැගෙන ගෙස් අසු වන්නේ නම් කිසිදු සමාවක් නොලැබෙන බරපතල දඩුවම් වලට ලක්විමටත් සිදුවෙනු ඇත.
35.විදේශීය රටවල් වෙතින් අප රටට ආවේණීක දේශීය ශාකයන් සතුන් කෘමීන් ඇතුලත් බොහෝ ගනනකට පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති බැව් නිරික්ෂණය වි ඇති බැවින් මින් පසු කිසිදු අවශ්ථාවකදී කිසිදු ශාඛයක් කෘමින් හෝ සතුන් විදේශීය රටවල් වෙත ගෙනයාම සපුරා තහනම් වේ..එසේ රැගෙන යන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකාවට එය අයත් බවට පේටන්ට් බලපතක් හිමිනම් පමණක් වනු ඇත.මෙයද යම් යම් අයවලුන් විසින් උපකල්පනයක් සේ හැදිනවීමට හැකි වුවත් එය උපකල්පනයක් වුවත් සත්‍යක් වුවත් එසේ රැගෙන යාම සපුරා තහනම් වෙනු ඇත.. එසේ ගෙස් අසු වන්නේ නම් කිසිදු සමාවක් නොලැබෙන බරපතල දඩුවම් වලට ලක්විමටත් සිදුවෙනු ඇති වරදක් සේ සලකනු ලැබේ.
36.රටේ පවතින අක්‍රමවත් ගමනා ගමන පද්ධතිය නිසි අයුරින් පවත්වාගෙන යාමට වැඩ පිලිවෙලවල් සකස් කරනු ලබන අතර රටේ ලෙඩ රෝගයන් බො නොවන ලෙසින් සෙෘඛ්‍යය අංශය සවිමත් කිරීම.හෙළ වෙදකමට හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන් නිසි ස්ථානයක් ලබා දීම.ඉදිකිරීම කටයුතු සිදු කිරිමේදි වංචාවෙන් හා දුෂනයෙන් තොර වි යුතු අතර සෑම ඉදිකිරිමක්ම ප්‍රමිතියට අදාල විය යුතුයි එම දිකිරීම් අවම වශයෙන් වසර සියයක් පැවැත්මක ප්‍රමිතියෙන් විය යුතුයි.එමෙන්ම රටේ මහජනතාවට අවශ්‍ය සෑම අත්‍යවශ්‍ය කරැණු කෙරෙහි අවධානය යොමු කිරීම පිණීස රටට ආදරය ඇති පිරිසක් ස්ව්‍යං කැමැත්ත මත මණ්ඩල ලෙසින් පත්කිරීමට කටයුතු කෙරෙනු ඇත.
37.ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ආගමික නායකයින් සදහන් කල අයුරින් ඒ අනුව යමින් තම මනස දියුණූ කර ගනිමින් හා අධ්‍යාත්මය දියුණූ කර ගන්නා ලද පිරිසක් මෙම දිවයින තුල වර්තමානයේ දිවි ගෙවන බැවින් රටේ සංවර්ධනයට මහජනතාවගේ ආකල්පයන් වැඩි දියුණූ කිරීම පිණීස එම අයවලුන්ගේ උපදෙස් අනුශාසනා ලබා ගත යුතු අතර රටේ ජන නායකයාද මනස දියුණූවට පත් අධ්‍යාත්මික අතින් උසස් අයෙකු විය යුතුයි.
38.ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා අවශ්‍ය වන සෑම වැදගත් කරුණූ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තීන් සකස් කරනු ඇත.ඒම ජාතික ප්‍රතිපත්තීන් කලින් කලට පත්වෙන දේශපාලන පක්ෂයන්ට දේශපාලන පක්ෂ නායකයන්ගේ අභිමතය පරිදි වෙනස් කල නොහැකි ජාතික ප්‍රතිපත්තීන් සකස් කරනු ඇත.
රටේ සංවර්ධනයට මගේ දායකත්වය" www.srilankaelle.com වෙබ් පිටුවේ නවතම වැඩසටහන අපේ සිහින පාර්ලිමේන්තුව "Our Dream Parliament"රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.සිහින සත්‍යයක් වෙන බව අමතක කරන්න එපා..යු ටියුබ් Sri Lanka Elle වෙතින් සම්පූර්ණ විස්තරය අසන්න පුලුවන්...සිහින කියන්නේ නිදාගෙන ඉන්න විට පෙනෙන සිහින නෙමෙයි..තමන් ජීවත් වෙලා ඉන්න කාලේ ජීවිතය පවත්වාගෙන යාමට දකින සිහිනයි...ඒවා සාර්ථක වේ...විශ්වයේ නිතිය එයයි.එස් ජේ සිල්වා සංස්කාරක එල්ලය පුවත් සහ වෙබ් පිටු..

රණවිරැ සංගමයේ නිළතල වලින් ඉවත් වීමට තීරණය කිරිම