Sunday, June 26, 2016

දරැණු ලෙස නිළධාරියෙකුගේ පහරදීමකට ලක්වීම හා දරැවන් ගැන මෙන්ම දෙවියන්ගේ සිහිකරමින් එයට ප්‍රතිප්‍රහාරයයක් දීමට නොපෙළඹීම ...........

යුධ හමුදාවට ආදරය කල මම වසර 12 ක සේවා කාලයකින් අනතුරැව ඉවත්ව යන්නට අදහස් කරන ලද්දේ මා හට කරන ලද බලවත්ම අසාධාරණයන් කිහිපයකට ලක් වීම නිසාය.
 එය කෙදිනක හෝ මා විසින් ලොවට පෙන්වා දීම මාගේ යුතුකම විය යුතුමය.එසේ නොවන්නේ නම් මෙලෙසින් අසාධාරණයන් වලට මුහුණ දීමට සෑම දුප්පතෙකුටම සිදුවෙන බැවින් එය පෙන්වා දීම මාගේ යුතුකමක් විය යුතුමය.
              මා නැවතත් යුධ හමුදාවට එක්වීමට තීරණය කරන ලද්දේ මා පත්වු අසරණ තත්වය නිසා මෙන්ම මා පත්වු අසරණභවය නොවන්නට කිසිදු දීනෙක නැවතත් හමුදාවට එක් නොවීමට තීරණය කර තිබුනි.
කෙසේ වෙතත් නැවතත් රාජකාරින් සදහා යෑමට සිදු වීම  තවත් එක්   දෛවෝපසහගත කරැණක් වශයෙන් මා දකින්නේමි.
              මාගේ ගෝලයින් පවා නිළධාරින් වී ඇති අතර මා ඔවුන් යටතේ වැඩ කරමින් සිටියෙමී.වසර 12 න් ඉවත්ව නැවතත් රාජකාරින් භාරගැනීමෙන් අනතුරැව රෙජිමේන්තු මුලස්ථානයේ ප්‍ර ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ රාකාරිය මා විසින් භාරගන්නා ලද්දේ මාගේ එකම බදවා ගැනීමේ සිටි හේරත් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන ලිපිකරැ තනතුර සදහා සුදුසුකම් සපුරා තිබු බැවිනි.
             එවකට රෙජිමේන්තු මුලස්ථානයේ රෙජිමේන්තු අඥාපති වශයෙන් රාජකාරින් ඉටු කරන ලද්දේ මේජර් ජෙනරාල් ජයනාත් පෙරේරා මා හොදින් දැන සිටි නිළධාරියෙකු වුවද මා කිසි විටකත් නිළධාරින් පසුපසින් ගොස් පුරැද්දක් නොමැති බැවින් මෙවරද කිසිදු අවශ්ථාවකදී ඒ පසුපසින් නොගියෙමි.
          මෙම කාලය වන විට රෙජිමේන්තුවේ ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ තනතුර මා විසින් නියමාකාරයෙන් කරගෙන යනු ලැබූ අතර යුධ වාතාවරනය නිමවී මානුෂීය මෙහෙයුමෙන් අනතුරැව දේශපාලනමය තතත්වය මත එක් එක් නිළධාරින් යුධ හමුදාවෙන් වත් කිරිමටත් තවත් අයවලු වෙනුවෙන් උසස් වීම් ලබා දීමටත් පදවි තානාන්තර මාරැකර දීමටත් පතවන නව ජනාධිපතිවරයා විසින් කටයුතු කරන ලදී.
            මෙලෙසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතද නව නිළධාරින් වෙත පත්වීම් ලද අතර එම නිළධාරින් අතරින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පත්වෙන ලද රෙජිමේන්තු සේනාවිධායක තුමන් මෙන්ම රෙජිමේන්තු මුලස්ථානයේ විධායක අධිකාරී පවා වෙනස් වීම් සිදුකරන ලදී.මෙම නව පත් වීම් ලද නිළධාරින් කිහිප දෙනකු මා පිළීබද හොදින් දන්නා අතර තවත් නිළධාරීන් මා පිළීබදව කිසිදු තොරතුරක් නොදන්නා නිළධාරීන් විය.
       කෙසේ වෙතත් මා මාගේ රාජකාරීන් නොපිරිහෙලා ඉටු කරන ලදී.එසේ ඉටු කරමින් සිටින අතර තුරදී මාගේ වරදක් යැයි පවසමින් මා රෙජි මුලස්ථානයේ නිළධාරී නිවස්නය වෙත පැමිනෙන ලෙසින් අණ කරමින් එවකට ලුතිතන් කර්නල් නිළයේ සිටි නිළධාරියෙකු වන ලුතිතන් කර්නල් ........... යන ජේ්‍ෂ්ඨ නිළධාරියා නිළධාරී නිවස්නයේ ඔහුගේ කාමරය අසලදී දරැණූ ලෙසින් පහර දෙන ලදී.
මෙම අවශ්ථාවේදී තවත් එක් මේජර් වරයෙකු වන මේජර් ........ එය දෙස බලා සිටින ලදී.
මේ වන විට මා බනි 11 නිළයේ සිටි අතර මාගේ වයස අවුරැදු 45 ක් පමණ විය.එම නිළධාරියාගේ වයස අවුරැදු 32 ක් පමනයැයි මා විසින් අනුමානය කරමි.කෙසේ වෙතත් මා කිසිවෙකු වෙතින් කිසිදු අවශ්ථාවකදී පහර කැමකට ලක්වී නොමැති අතර මාගේ දරැ දෙදෙනා සහ බිරිද සිහිකරමින් සියලුම පහර දීම් ඉවසා දරා ගන්නා ලදී.
මෙම පහර දීමේ දරැණූ භාවය කෙසේදයත් මාගේ මුහුණූ ප්‍රදේශයට පළමුව පහර එල්ල කරන ලදී.ඉන් අනතුරැව දරැණූ ලෙසින් බඩ ප්‍රදේශයට පා පහරක් එල්ල විය.වේදනාව දරා ගත නොහැකි වුවද මාගේ දරැ දෙදෙනා සහ බිරිද මෙන්ම මාගේ අනාගතය වෙනුවෙන් සිතා මා සිහි කරන ලද්දේ මා විසින් අදහන දෙවියන් වහන්සේ පමණකි.ඔවුන්ගේ අසභ්‍ය වචනයන් පවා මාහට හොදින් සවනය වුවද මා දෑස් තද කර ගනිමින් බයිබලයේ ඇති බලවත්ම යාක්ඥාව වන අහස පොළව මැව් මතක් කර ගනිමින් මා හට ඉවසීම ලබා දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරන ලදී.ඒ අතර තුරදී තවත් පා පහරවල් කිහිපයක් මෙන්ම කමුමුල් පහරවල් කිහිපයක් මා වෙත එල්ල වෙන ලදී.පපු ප්‍රදේශයට එල්ල වෙන ලද දරැණූ පා පහරකින් මාගේ හුස්ම ගැනීම පවා මදකට නතරවන බව මාහට තේරැම් ගියද තවත් දරැණූ පා පහරකින් මා බිම පතිත විය.
මේ අවශ්ථාවේදී දරැණූ ලෙසින් පහරකෑමට ලක් වුවද මාගේ ඉවසීමේ සීමාව ක්‍රමක් ක්‍රමයෙන් ඉවත්ව යන ලදී.අනේ දෙවියනේ තවත් පහරක් මට එල්ල වුව හොත් මමද ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන බව සිහිකර ගන්නා ලදී.එසේ එල්ල කල හොත් මට සිදුවෙන දේ පවා මා දනිමි මමද ඕනෑම දෙයකට සුදානම් වුවද යුධ හමුදාවේ ක්‍රමය මා දනිමි.මෙලෙසින් පහර එල්ල කිරිමට නොහැකි බවද මා දනිමි.මා විසින් නැවත පහර දීමේදීද එහි විපාකයද මම දනිමි.මා දෙවියන් නැවත සිහිකරමින් සිටින අවශ්ථාවේදී එම නිළධාරියා විසින් ඔසවන ලද පහර නවත්වන ලද්දේ ඇයිද යන්න මා  තවමත් දෙවියන යදිමින් සිහි කරන්නේ එම පහරදීම එදින සිදු  කලේනම් මෙලෙසින් සටහන් ලබන්නට මා හට කිසිදු දිනෙක ඉඩ නොලැබෙන බැවිනි.එයට හේතුව මා නැවත ප්‍රහාරයක් එල්ල කිරිමට දැඩි තිරණයක් ගැනීම නිසා.ඇත්තෙන්ම එසේ  එම පහර මා වෙත එල්ල වුයේ නම් මාගේ ප්‍රති ප්‍රහාරයද එල්ල කරන බව මා දන්නා බැවිණී.එය මාගේ තීරනයයි.එහෙත් දෙවියන්ගේ තිරණය එය නොවීය.
කෙසේ වෙතත් පහර දීම නතර කලද බැනවැදීම එලෙසින්ම විය.මේජර් නිළයේ නිළධාරියා මා දෙස බලාගෙන සිටී.මටද ආත්ම අභීමානයක් තිබුනද එය ගිලිහිගොස් ඇත.අම්මා මට කියන ලද ලෙද මා ඉදිරියේ මැවි ඇත.එයනම් කිසිවෙකුටවත් යටත් නොවි දිවි ගෙවිම යන්නයි.එහෙත් මා විසින් මෙලෙසින් ඉවසන ලද්දේ මාගේ කුජීත කමකට නොව මාගේ බිරිද දරැවන් වෙනුවෙනි.එය දන්නේ මා පමණකි.එසේ නොවන්නට නිළධාරියෙකු හෝ මොකෙකුද යන්න මට ප්‍රශ්ණයක් නොවනු ඇත.කිසිවෙකුත් කිසිවෙකුගෙන් ගුටි කැමට තරම් අවශ්‍යතාවයක් නොමැත් අතර මෙය මෙම නිළධාරියා විසින් ඉටු කරන ලද බලවත් වරදක් සේ මා දකිමි.එසේම නිළධාරි නිවස්නය වෙත ගෙනගොස් ජේ්‍ෂ්ඨ බළලත් නිළධාරියෙකු වෙත පහර දීමද තත් නිළධාරියා විසින් කරන ලද බලවත් වරදක් සේ මා දකිමි.යුධ හමුදාවේ ඉහල නිළධාරි ඉටු කරන ලද බලවත් වරදවල් මා හොදින් දැක ඇති අතර ඒ අතරින් සමහර නිළධාරින්හට එහි ප්‍රතිවිපාකයන්ට මුහුණ දිමට සිදුවූ ආකාරයද මා විසින් දැක ඇත.
    කෙසේ වෙතත දරැණූ පහර දීමේන පසු මා නැවතත් බනි සැරයන් නිවස්නයට පැමිණී අතර මා කිසිවෙකුටවත් පැවසීමට කටයුතු නොකරන ලදී.එහෙත් වේදනාව එසේම විය.මා මේ බැව් මානව හිමිකම් කොමිසම වෙත පැවසීමට සිත් අයදුම්පතක් සොයන ලදී.ඒ අතර මාගේ තවත් සිතුවිල්ලක් වූයේ මා එලෙසින් නැවත තවත කරදරයක් මා පිට පවරා ගැනීමට කටයුතු කරන බවය.
     නැවත නැවත සිතා බලන ලදී අවසන් තීරණය වුයේ දෙවියන්ට සියල්ල භාර දෙමින් කෙදීනක හෝ මම මාගේ නිසි තත්වයට පැමිණ මෙම නිළධාරියා හමුවෙ බවත් ඔහුට ඒ බැව් දන්වන අතර මේ පිළිබදව රටේ සියලුම බළධාරින් දැනුවත් කර මා වෙනුවෙන් වන්දී ලබා ගැනීමය.ඒ මා මාගේ සුදුසු තත්වයට පැමිණිමෙන් පසුව බවට මා විසින් ඒකමතිකව තීරණය කරන ලදී.
        නැවතත් මේ වන විට ප්‍රමානි 11 වශයෙන් රාජකාරින් ඉටු කරන ලද නිළධාරී විසින් මා රෙජිමේන්තු මුලස්ථානයට මා කැදවන ලදී.ඔහු විසින් පවසන ලද්දේ රෙජිමේන්තු ආඥාපති මෙන්ම රෙජිමේන්තු විධායක අධීකාරිද මා දැකීමට පවා කැමැත්තක් නොදක්වන බැවින් රෙජිමේන්තු ප්‍ර ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ තනතුර අද දිනම භාරදීමටත් වෙනත් ස්ථානයක් කරා මා ස්ථාන මාරැවීම් කිරිමට උපදෙස් ලද බවය.
කොයි දේ වෙන්නේත් හොදට යැයි අපහසු අවශෟථාවන් තුලදී සිහි කරන මා දෙවියන් ගේ කැමැත්ත එසේ වේවා යන්න මා සිහි කර ගනිමින් හැකි කඩිනමින් රෙජිමේන්තු මුලස්ථානයෙන් නික්ම යාමට පිණීස ක්‍රීයාත්මක වෙන ලදී.
මේ වන විට මා විසින් යුධ හමුදා මුලස්ථානයේ රාජකාරින් සදහා යා කිරිමට අනුමැතියද මාහට හිමිව තිබුනද අවසානයේ මින්නේරිය පාබල පුහුණූ මධ්‍යස්ථානය වෙත මා යවන ලදී.මමද ඉතා කැමැත්තේන් පිටත්ව යන ලද්දේ  මෙවැනි නිළධාරින් සමගින් සිටිම ඉමහත් අපහසු කටයුත්තක් වන බැවිනි.
මා පසු දින මින්නේරිය කදවුර බලා පිටත්වීමට සුදානම් විය.මාගේ මතකය පසු දින දක්වා දිව ගියද එය කිසිදු දිනෙක මාගේ සිතින් බැහැරව නොයනු ඇත.එසේම එම නිළධාරියා මා මියයාමට මොහොතකට හෝ පෙර හමු විය යුතු අතර ඔහු ඒ සදහා මාගෙන් සමාවද ගත යුතු බවට මා සිතා ගත්තෙමි.එසේ නොවන්නේ නම් ඒ පිළීබදව බළධාරින් දැනුවත් කිරිමටත් මුලු ලෝකයම දැනුවත් කිරිමටත් මා විසින් පියවර ගැනීම සදහා දෙවියන් ඉදිරියේ සහතික කරන ලද්දේ මෙවන් අසාධාරණ ක්‍රියාවන් ඉටු නොකීරිම සදහාමය.
මෙම මා විසින්  ඉටු නොකර මිය යන්නේ නම් මාගේ ජීවිතයෙන් පලක් මෙන්ම මාගේ ක්‍රියාවෙන්ද පලක් නොවනු ඇත .දිනෙන් දින ක්‍රමක් ක්‍රමයෙන් මා වෙතින් මෙය පමා වීමට හේතුන් කිහිපයක් ඇත.එහෙත් මාගේ විශ්වසය ඉතාමත් නුදුරැ දිනෙක මට ඔහු හමුවෙන බවය.මා දෙවියන් ඉදිරියේ ඉල්ලු කිසිදු දෙයක් මා වෙත ලබා දීමට මැලිකමක් නොදක්වන දෙවි සමිදුන් මෙයද මතු දිනෙක මාවෙත ලබා දෙන බව නොරහසකි.එය මා දනිමි.
    එය කෙසේ වේවිද යන්න මම මා වෙතින් ප්‍රශ්නයන් ගොනු කරමින් සිටින්නෙමී.එම නිළධාරියා කුමන තරාතිරමක සිටියද මට ප්‍රශ්ණයක් නොමැත.මම මා සීතු සෑම දෙයක්ම මා වෙත මේ වන විට ලැබී ඇත. මා  මෙන්ම දෙවියන්ට සිදුවු පොරොන්දුව ඉටු කරන්නෙමී.එය කොතෙක් දුරට සාධාරන කමක් ගන්නේදැයි මෙය කියවන ඔබ විසින් සිතා ගත යුතුයී.
     මා කෙසේ සිතන්නද.මා එදිනට සිදුකරනා ආකාරය මේ වන විටත් මා විසින් සිතා හමාරය. අවසන් වශයෙන් එදි මා අත්විදි වේදනාව දන්නේ මා පමණකි.එදින මාගේ ඉවසීම කොතෙක් දුරකට පල ලබා ඇත්ද යන්න කිසිවෙකුටවත් තේරැම් ගැනිමට අපහසු නෙවනු ඇත.එමෙන් තත් නිළධාරියා පත්වෙන අපහසුතාවය පිළීබදව සිතන්නේ නම්..........එය මට සිතා ගැනීමටවත් නොහැකි කරැණක් වනු ඇත.
   එදින වීරයෙක් වශයෙන් හැසුරැන එම නිළධාරියා මෙදින කුමන තත්වයකට පත්වේද යන්න මා මනසින් සිහි කරන්නෙමි. මම සුදුසු නිසි ක්‍රියා මාර්ගයක් නම් ගන්නා බව ස්ථීර වශයෙන්ම කීමට හැක.

No comments:

Post a Comment