Sunday, June 26, 2016

මා අදහන දහම හා බෙෘද්ධාගම පිළීබදව

මා බැතිමත් රෝමාණු කතෝලිකයෙක් වෙමි මා පිය උරැමයෙන් මට ලැබුන මෙම දහමට බැති සිතින් ගරැ කරන්නෙමි මාගේ ජීවිතයටත් වඩා මා මාගේ දෙවි පියානන්ට ආදරය දක්වමි මා නිසා මෙන්ම අප නිසා දිවි පරිත්‍යාගය කරන ලද ජේසුස් වහනසේට අප සදා කාලයටම නය ගැති වෙමි 

 ආදරය දයාව කරැණාව සහ සමාව දීම  සැම ජනකාවකටම පොදුය එබැවින් දෙවියන් වහන්සේ කිසිදු ආගමකට අයත් නොවන අතර රොමාණු කතෝලිකයෙක් හෝ බයිබල කාරයෙකුද පෙන්ත කොස්ත කාරයෙකුද නොවනු ඇත එසේ වෙන් කොට හදුනන්නේ නම් එය පුදගලික වාසින තකා දෙවි පියානන් බෙදා වෙන් කර ගන්නා බව මාගේ හැගීමය.
 අප දේශයට මෙම දහම පැමිණීම හා ව්‍යාප්ත විම පිළීබදව යම් යම් ගැටලුන් මතු වුවද එය දෙවි පියානනගේ කැමැත්ත මිස අන් කිසිවක් නොවනු ඇති බව මාගේ විශ්වාශයයි.
   එසේම අප දෙශය පාලනය කරනා රජ දරැවන් විසින් කරන ලද ඉතා අයහපත්  සිද්ධින්හි ප්‍රතිපලයක් ලෙසින් මෙම දහම ශ්‍රී ලක් දිවයිනට පැමිණී බව නම් නොරහකි එසේ නොවන්නට වර්ථමානයේ පවා රජ දරැවන්ගේ එක් එක් පන්ති බේදයන්ට කොටු වෙමින් සිටිමට සිදුවන බව නොරහසකි.
     එය පිළීගත යුතු සත්‍යයි එසේ නොවන්නේ යැයි යමෙකු තර්කයන් ඉදිපත් කරන්නේ නම් ඒ සදහා පිළීතුරැ දිමට මා නොපැකිලෙමි විශේසයෙන් ඉතා යහපත් දැහැමින් අප රට පාලනය කරමින් රට ජාතිය ආරක්ෂා කරන ලද රජ දරැවන් අප දේශය පාලනය කර ඇති අතර ඉතාමත් කෲර අන්දමින් මිනිසුන් තලා පෙලමින් රට පාලනය කර ඇති බව දන්නා කරැනය.
       රට පාලනය කිරිමට රජ දරැවන් කුලල් කා ගන්නා අතර එහි ප්‍රයෝජන වශයෙන් දක්නට හැක්කේ වෙනත් රටක ජාතින් විසින් මෙම රට ආක්‍රමනය කිරිමයි ඒ අනුව මා අදහන දහම මෙරටට පැමිණීම සදහන් කලද මම අතිතය වර්ථමානය දෙස බලමින් සතුටට පත් වන්නේ ජේසුස්  වහන්සේ  හදුනා ගන්නට ලැබීම මතය.වර්තමානයේ සිදුවන්නේද එයම බැවින් සත්‍ය අප හදුනා ගත යුතුය.
           බුදුන් වහන්සෙගේ දර්ශනයටද මා ගරැ කරන්නෙමි  බුදුන් වහන්සේද බෙෘදධයෙකු නොවන අතර මෛත්‍රීය ලොවට බෙදා දිම සදහා මෛත්‍රිය හදුන්වා දිම සදහා මුලිකත්වය ගත්තද එසේ කටයුතු කරනු ලබන්නේ කීයෙන් කී දෙනකුද යන්න සැලකිය යුතුය.
     ශ්‍රී ලංකාව බුදුනගේ දේශය වශයෙන් හදුන්වන බැවිනි එහෙත් එසේ හදුන්වා දීම අනෙක් රටවල් වෙත එය පෙන්වා දිමට තරම් එම දර්ශනයෙන් ප්‍රයෝජනයන ගන්නා ලද අදහන්නන් සමත් වී නොමැති බවට හෙදම සාධකය වන්නේ අප රටෙහි ඇති දේශපාලනික කුලල් කා ගැනීමයි එය කණගාටුවට කරැණක් වන අතර එය අදහන දහමටද නිගරැවක් වනු ඇත.
              සෑම ආගමකටම ජාතියකටම පොදු කරැණක් වන්නේ දැහැමින් දිවි ගෙවිමයි එහෙත් එසේ සිතනා අයවලුන් ඇත්නම් එම ප්‍රමාණය ඉතා අතලොස්සක් වන බව මා සදහන් කරන්නෙමි.
     යහපත් සිතුවිල්ලෙන් දිවි ගෙවනා ජාතියක් ආගමක් ඇති රටක් වන්නේ නම් ප්‍රඥා වන්තයින්ගේ බිහි විමේ සිට රටක සංවරධනය දකවාම ස්භාවයෙන්ම සාරථක ප්‍රතිපල ලබා දිමේ ක්‍රමය මා විසින් අත් විද ඇත
එය සත්‍යයකි නිවරදිය
            
                  

No comments:

Post a Comment