Sunday, June 26, 2016

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට - 2020 පාර්ලිමේන්තු මැතිවරණ

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.එහි මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වසර විසි දෙකක් ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින බළලත් නිළධාර් 1 එස් ජේ සිල්වා විසිනි.මොහුගේ මව් එක්කය වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය.
එහෙත් දේශපාලනමය වශයෙන් මේ පිළීබදව කිිසිවෙකුත් මේ දක්වා සටහන් කර නොමැත් වුවද මෙම මැතිවරණයත් සමගින් විශාල වශයෙන් මහජනතාව මේ පිළීබදව උනන්දුවක් දක්වනු ඇති බවද සදහන් කිරිමට හැකියාවක් ඇත.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පිළිබදව විස්තර ඉදිරිපත් කරමින් සිටින පිරිස ඉතා විශාල වුවද එම අතීතය අමතක කීරිම එතරම් සුදුසු නොවන්නේ වර්තමානයේ අප රට පත්ව ඇති තත්වය අනුව බලන විටය.කෙසේ වෙතත් මෙම සත්‍ය ඉතිහාසය පිළිබදව ගවේෂණය කරනා විදේශ ජාතින් විසින් ඒ පිළිබදව දැන සිටියද?දන ගත්තද රටේ වත්මන් පාලකයින් ඒ පිළිබදව උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරණක් වුවද?අපගේ යුතුකම වන්නේ එම සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන අයවලුන් සමගින් එකමුතුව මෙම අතීතය හාරා ගොඩ දැමීමය.එසේ නොවන්නේ නම් වත්මන් මෙන්ම අනාගත පරපුර විසින් වර්තමානයේ දිවි ගෙවමින් සිටි සෑම දෙනකුටම සාප කරනු ඇත.ඉන් මිදිමට නම් තම තමන් විසින් මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා දැන ගත යුතුයි
දේශපාලන වේදිකාවට ගෙන ඒම
ශ්‍රී ලංකාව යටත් විජිතයක් වශයෙන් වසර 500 කට අධික කාලයක් සිටියද බටහිර ජාතින් විසින් මෙම ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් යට දමා හෙළ ජාතිය පහත හෙලීමට කටයුතු කරන ලද්දේ හෙළ ජාතියේ සිතිමේ ශක්තියද ජානයන්හි අති ශක්තිමත් භාවයද ඉතා හොදින් අධ්‍යයනය කිරිමෙන් පසුය.එමෙන්ම හ්‍රී ලංකාවේ පිහිටිම එහි ඇති සම්පත් විශ්ව ශක්තිය අවශෝසනය කිරිමේ හැකියාව පිළිබදව සොයා බැලීමෙන් පසුවය.
කෙසේ කොහොම කීවත් සිංහල ජාතිය ක්‍රමක් ක්‍රමයෙන් විනාශය කරා රැගෙන යාමට කටයුතු සැලසුම් කලද හෙළ ලේ ඇති මිනිසුන් ක්‍රමක් ක්‍රමයෙන් බිහිවෙමින් පවතින අතර එම අයවලුන් විසින් තම තමනගේ කාර්යය ඉටු කරමින් සිටින බැවින් එම සෑම අයෙකුටම තව තවත් දිරිමත් කිරිමක් වශයෙන් මෙවර මැතිවරණයට මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ ජාතියේ සත්‍ය ඉතිහාසයට පන දීමක් වශයෙන් බව සදහන් කල හැක.
See My Details ..මගේ පුද්ගලික විස්තර බලන්න..
අතීත මුතුන් මිත්තන් මෙන් මනස දියුණූ කර ගැනීඹ
වර්තමානයේ සෑම දෙයක්ම දේශපාලනීය කර ඇති බැවින් අපගේ සත්‍ය ඉතිහාසයද දේශපාලන කරලියට රැගෙන ආ හේතුව පිළීබදව විස්තර දක්වමින් එස් ජූඩ් සිල්වා සදහන් කරන ලද්දේ වර්තමානයේ සෑම දෙයක්ම දේශපාලනිය කරනයෙන් පමනක් ඉටුකර ගත හැකි කරුණක් වන බැවින් මේ සදහා කටයුතු කිරිමට තීරණයක් ගන්නා ලද බවය.විශේෂයෙන්ම අපගේ මනස දියුණූ කර ගැනීම තුලින් සියලුම දෙවල් කරගත හැකි බැවින් එයද ඉටු කිරිම මෙන්ම අතීත අප මුතුන් මිත්තන් විසින් මේ රටේ සිදුකර ඇත්තේත් වර්තමානයේ අනෙකුත් ධනවත් රටවල් තුලින් සිදුකරනු ලබන්නේත් එයම බැවින් එය තේරුම් කර දීමද මෙහි තවත් අරමුණක්.
කවුරු කොහොම කෙසේ කිව්වද අප රට තවත් වසර කිහිපයකින් විනාශය කරා යන බවක් දක්නට ලැබීම කණගාටුවට කරුණක්.ඒ උනාට එය දේශපාලන කෝණයකින් බලන කිසිවෙකුටවත් පෙනෙන්නේ නැහැ.ඒවා තේරුම් කර දීම මගේ යුතුකමක් ලෙසයි මම දකින්නේ.මගේ රාජකාරියත් එයයි.රටේ අතීතය පෙන්වා දෙන සෑම අයෙකුගේම සහය මේ සදහා ලබා ගන්නට අදහස් කරමින් සෑම දේශපාලන පක්ෂයකම නායකයෙකුටම මේ පිළිබදව අවධානය යොමු කරමින් කටයුතු කරන්නට අදහසක් දෙන්නට තමයි මම කටයුතු කරන්න අදහස් කරන්නෙ.
තවත් කරුණක් වන්නේ අපේ සත්‍ය ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් එක් එක් රටවල අවශ්‍යතාවය මත විනාශය කරා ගෙන ගොස් ඇතත් මටනම් එය බලාගෙන ඉන්න බැහැ මෙය දැනගත්තු සහ අධ්‍යනය කරන්න පටන් ගත්තු දින සිට කොහොමද මෙය කරන්නේ කියල හිත හිත හිටියත් ඒ සදහා මට මේ ලැබුන අවශ්ථාවෙන් මම ප්‍රයෝජන ගන්නවා.ඒ වාගේම අපේ රටට ආදරය කරන නායකයෙක් අපට ලැබිලා තියෙනවා එතුමාට සහය දෙමින් අපේ රට හා අනාගත පරපුර නියම මාර්ගයට යොමු කරමින් මහජනයා දනුවත් කිරීමට අදහස් කරනවා.හැබැයි හිතන තරම් ලෙහෙසිත් නැහැ ඒ වාගේම අමාරුත් නැහැ.මම දන්නවා මම විශ්වාස කරනවා නැහැ බැහැ කියලා දෙයක් මාගේ පොතේ නැහැ.හිතුවොත් එය කරන්න පුලුවන්.ඒ වාගේම විශ්වයේ සහය අනිවාර්්‍යයෙන්ම මට හා මේ යන ගමනට ලැබෙන බවත් මම දන්නවා.
බලන්න අපේ රටේ ලෝක උරුමයන් වශයෙන් හදුන්වනු ලබන සිගිරිය වාගේ ෙඓතිහාසික ස්ථාන දිහා මේවා කවුද නිර්මානය කලේ කොහොමද? වර්තමානයේ දියුණු තාක්ෂණයටවත් ඒව ගොඩ නගපු විදිහ හොයා ගන්න බැරිවෙලා තියෙනවා.එහෙනම් මොකක්ද මේ රහස. මේ රහස ගැන කථා කරන්න එන සෑම අයෙකුවම නිහඩ කරන්න වසර ගනනක සිට මාන බලමින් ඉන්නේ.ඒ උනාට එය කොහොම හරි දේ උඩට එනවා. හරියට දිය යට දමපු රබර් බෝලය වාගේ . 
ඒ වාගේම තමයි සංවර්ධනය මුවා වෙන් අපේ රටේ ඉතිහාසය කොපමණ දුරකට වල දාලා තියෙනවද?ඒ වාගේම අපේ රටෙන් අරගෙන ගිය ධන නිධානයන් තොගය තවත් තියෙනවා. ඒ උනාට මෙම නායකයින් අපේ මිනිසුන්ව ගොන්නුන්ට අන්දගෙන වැඩ ගන්නවා.ඒත් අමතක කරන්න එපා එහි ප්‍රති විපාකාපයන් ඒ අයටම එනවා. හරියට භුමරංගය වාගේ.දැන් එන්නට පටන් අරගෙන තියෙන බව අමතක කරන්න එපා අපේ රටේ ඉතිහාසය මෙන්ම වටිනා වශ්තුව කොල්ල කෑම,වටිනා පුස්කොළ පොත් විනාශ කිරීම සහ රැගෙනයාම. ඒවායේ තියෙන රහස් අනුව වැඩ කටයුතු කරමින් නව නව නිර්මාණයන් කරමින් ලොවට ඉදිරිපත් කිරිම. සදහන් කල හැකියි.මේවාට කවුද කථා කරන්නේ?අපිටම තමයි කථා කරන්න වෙන්නේ එහෙනම් අපි කථා කරමු. 
අපේ පරිසරය විනාශකරමින් කෘමිනාසක වැඩිපුර යෙදවමින් ජලය අපවිත්‍රකර අපේ මහජනතාව වෙත අසනී තත්වයන් අතිකිරිම අපේ ජාන ශක්තිය විනාශ කිරීම.මේවා කවුද කතා කරන්නේ මහ සඝරුවන කෝ කථා කරනවද? නැහැ ජාතියක් විනාශයට බලාගෙන සැන සෙන්නට පුලුවන් කාටද?මටනම් බැහැ කට විතරක් නෙමේ හරියට වැඩ කරන්න ඕනෑ.අපි ඉපදෙනව මිය යනව කී දෙනෙක් එහෙම මිය ගියාද?ඒ අයට කරන අගෘරවයක් කියල හිතෙනනේ නැතිද?බල්ලෙක් මී හරකෙක් වගේ ඉපදිලා තිරිසනෙක් වාගේ මිය යනවද?රටට ගෝකයට වැඩක් කරල මිය යනවද?කියල තීරණය කරන්න ඕනෑ වෙන්නේ ඔබ සහ ඔබගේ මනස විසිනුයි.
පරාගපෝෂණය කරන මී මැස්සන් විනාශ කරන ශාක ගෙනවිත් හිටවනව.කවුද මේවා නිවරදි කරන්නේ? කවදද මේවා කරන්නේ?හිතා ගන්නවත් බැහැ. එහෙනම් අපි එය කල යුතුමයි. 
ඒ වාගේම ක්ලෝරින් ජලය මගින් ජලය පිරිසිදු කරමින් අපේ මෙන්ම අපේ දරැවන්ගේද අනාගත පරම්පරාවේද සිතිමේ ශක්තිය ඇති තුන්වෙනි ඇස(Third eye)අක්‍රීය කරවීමට කටයුතු කරන්නේද? අපගේ හෙළ ජාතිය මහත් බලසම්පන්න වන බැවින් එය අඩපන කිරිමටයි.යන්න සදහන් කරන්න කැමතියි. මේ ගැන හොයන්න වෙනවා අද පටන් මෙය හොයන්න ඒ වාගේම ඔබගේ :ාතීන් මිතුරන්ට මෙය කියන්න හොයන්න ඇත්ත නැත්ත දැනගන්න මේවා නිවරදි කර ගන්නේ නම් අප කිසිදු ජාතියකට යටත් වීමට අවශ්‍යතාවයක් නැහැ අපගේ කෘෂිකර්මාන්තය තවත බොහෝ දේ ඇත අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට මේ සැම ඇතුගත් කර දී තිබෙනවා 
අපේ රට නිදහස් දවසේ ඉදලා රට පාලනය කරපු අයට මම බනින්න යනනේ නැහැ හැබැයි ඒ අය කරපු වැරදි එකින් එක කියලා දෙන්න මට පුලුවන්.එහෙම කියලා දෙන්න මම කිසි විටකත් පැකිලෙන්නේ නැහැ.මෙයට විරුද්ධව කටයුතු කරනා කවුරුන් හෝ ඉන්නවා නම් ඒ හැම අයෙකුම කරනු ලබන්නේ තම තමන්ගේ දරුවන්ට මෙන්ම අනාගත පරපුරටත් ශී ලංකාවටත් අපේ අතීත මුතුන මිත්තන්ටත් කරනු ලබන ද්‍රෝහී කමක් ලෙසටයි මම දකින්නේ ඒ විතරක් නෙමෙයි එය පෙන්වා දෙන්නත් මම සුදානම්. 
මම කිසිවිටකත් අපේ රටේ මජනතාවට බනින්නේ නැහැ එයට හේතුවක් තියෙනවා එය තමයි වසර 500 ක් අපේ රට එක් එක විදේශය ජාතින්ගේ ආක්‍රමණයන්ට ලක්වෙලා අපේ මනස විනාශ කරලා තියෙන්නේ.ඒ උනාට හොද අනාගත තරුණ පරපුරක් අපට ඉන්නවා කියලා මාගේ විශ්වායක් තියෙනවා.මම දන්නවා ඒක.ඔවුන් මනස දියුණූ කරමින් කටයුතු කරන්න දන්නවා.
මෙය මම කලයුතු දෙයක් නෙමේ මේක කරන්න ඕනෑ අපේ රටේ ආගමික නායකයො සහ වැදගත් උගත් බුද්ධිමත් කියන අයයි.ඒ උනාට ඒ අය නිහඩයි.මට නිහඩ වෙන්න බැහැ මම මැරෙන්න කලින් මගේ යුතුකම මගේ දරැවන්ට ඉටු කරන්න ඕනෑ.එහෙ කලේ නැත්නම් මම මගේ යුතුකම ඉටුනොකර මියයන ගොඩට මාවත් වැටෙනවා.මම ඒකට කොහෙත්ම කැමති නැහැ.මේ පිළීබදව ඕනෑම අයෙකුට මාත් සමග තර්ක විතර්ක කරන්න පුලුවන්.ඒ මේ පිළීබදව කතා කරන්නයි.ඒ තුලින් මටත් මම දනනේ නැති දෙයක් දැන ගන්න ලැබෙන බව මම දන්නවා. 
අවසන් වශයෙන් කියන්න රටේ මහජනතාවට කියන්න දෙයක් තනෙවා ඒ නම් විශ්වයත් සමග මෙන්ම තම සිතට අවංකව වැඩ කරන්න ඉගෙන ගන්න.නැතිනම් විශ්වය විසින් බරපතල ලෙසින් දඩුවම් දීමට බලාගෙන ඉන්නවා.එයට ලොකු පොඩි ධනවත් උගත් බුද්ධිමත් ප්‍රශ්නයක් වන්නේ නැහැ.
මේ රට නිසි අයුරින් හැදෙන්න නම් හදා ගන්න අවශ්‍යය නම් මෙන්න මේ අපගේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙන්න ඕනැ කියල මම අදහස් කරනවා.එය එහෙම වෙන තුරු මේ විදිහට මහජනතාව දැනුවත් කරන්න මම කටයුතු කරනවා .ඒ සදහා මතයක් නිර්මානය කරනවා.එය කොහොමද කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇති.ඒ උනත් මම විශ්වාස කරන දහමක් තියෙනවා එය තමා විශ්ව දහම.විශ්ව දහම කියන්නේ තම තමන් අදහන ආගම දහමයි.ඒ සෑම ඒ සදහා උදව් උපකාර කරන බව මම දන්නවා.
සමහර අයට මෙය හිතාගන්න බැරි වාව ගන්න බරි දෙයක් කියලා මම දන්නවා.එයට හේතුවත් මම දනනවා.එක් හේතුවක් තමයි තමන්ගේ ආත්ම අභිමානය සහ තමන් තුල ඇති ශක්තිය පිළීබදව නොදන්නා අයවලුන්.එය උගන්වන්න වෙනවා.අනික් කොටස තමයි මේ ක්‍රමයෙන් රටට හෙන ගැහුවත් පුද්ගලික වාසි ලබා ගන්නා අයවලුන්.මේ දෙකොටසටම වෙනනේ අවසන් වශයෙන් අවශානයේදී කණගාටුවට පක්වෙන්නයි.තමන්ගේම දරුවන් තම ජාතිය මෙන්ම තම පරම්පරාව පවා අදුරේ හෙලා ගන්නයි.වර්තමානයේ මේ සත්‍ය පෙන්වා දෙන් පුලුවන් බොහෝ අය ඉන්නවා මම ඒ අයව දන්නවා.මම දන්නේ තාමත් අල්පයයි.ඉන් මම රටට,ගමට,මගේ දරුවන්ට,අනාගත පරම්පරාව වෙනුවෙන් වැඩක් කරනවා.මොකද මම මෙයට පෙර කියලා ඇති මම මගේ යුතුකම් කොටස නිසි අයුරින් ඉටු නොකර බලාගෙන ඉන්න මිය යන්න මට බැහැ.දැන් බලන් හිටිය කාලය හොදටම ඇති කියල මම විශ්වාස කරනවා.
ඒ වාගේම තමයි මේ රට පාලනය කරන ලද සක්විති රාවණා රජතුමන් මෙයට වසර දහස් ගනනකට ඉහතදී මේ ලක්දිව මෙන්ම තවත් රටවල් කිහිපයක්ද යටත් කරගෙන මනස දියුණූ කරගෙන ඒ තුලින් මහා ශක්තියක් ඇති සක්විති රජ කෙනෙක් වුවත් වර්තමානයේ අමතක කර දමා සිටිම නම් එපමන හොදක් අප රටට වන්නේ නැත. 
එසේම මෙම රාවණා රජතුමන් ශ්‍රී ලංකාවේ නැතත් අනෙත් රටවල් තුලදී දකනට හැකියාව ඇත..ඉතාමත් කණගාටු දායක කරැණ නම් ඉංදියාවේ සමහර මිනිසුන් විසින් දුෂ්ඨ රාවණා යනුවෙන් සදහන් කොට "දුශේරා" නමින් රාජ්‍ය උත්සවයන් පවත්වා පඔයන් ලෙසින් සෑදු මහා රාවණා රජතුමන්ගේ ශරීරයට ගිනි තැබීම මහත් කණගාටුදායක කරුණකි එය එසේ වුවද අපේ පාලකයන්ට මෙය නොපෙනීම අභාග්‍ය සම්පන්නය.ඒ කෙසේ වුවත් මේ සදහා අප මින් ඉදිරියට ශක්විති ශේෂ්ඨ රාවණා යනුවෙන් සිහි ගන්වමින ""සශ්‍රේරා" යනුවෙන් නම් කරමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්සව මාලාවක් සංවිධානය කිරීමටත් එය වාර්ෂීකව පැවැත්වීමටත් සැලසුම් කර ඇත 
ඉංදියාවේ සමහර මිනිසුන් විසින් රාවණා රජතුමන්ට සමානව පඹයන් සාදා දුෂ්ඨ රාවණා යනුවෙන් සදහන් කර ඒවාට ගිනි තබමින් පවත්වනු ලබන "දුශේරා" රාජ්‍ය උත්සවය
දුශේරා උත්සවය ඉංදියාව
දුශේරා උත්සවය 2018
ඉංදියාව රාජ්‍ය නායකයින් සහ එහි මහජනතාව විසින් එසේ රාවණ රජතුමන්ගේ පඹයන් සාදා ගිනි තැබීම කිසිදු සදාචාරාත්මක බවක් නොගන්නා අතර,අප රටේ ජන නායකයින් විසින් රාවණ රජතුමන් සිහිකිරිමට කටයුතු නොකරන්නේ නම් අප විසින් හෝ රාවණ රජතුමන් සිහිකරමින් උපහාර පුද කිරීම.අපගේ පරම යුතුකමක් වන බව හොදින් මතක තබා ගන්න. 
.එසේම සත්‍ය ඉතිහාසය සදහන් සියත ගුවන් විදුලියේ ප්‍රචාරය වූ අපේ සත්‍ය ඉතිහාසයේ විඩියෝ පට ලක්ෂයක් බෙදා දිමටත් කටයුතු සකස් කරමින් සිටින අතර එම විඩියෝ පට ලබා ගැනීමට කැමැත්තේනම් වෙබ් පිටුව හෝ යූ ටියුබ් චැනලය බලන්න 
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සශ්‍රේරා උත්සවය
සශ්‍රේරා උත්සවය ශ්‍රී ලංකාව
සශ්‍රේරා උත්සවය ශ්‍රී ලංකාව
රාවණා සත්‍ය ඉතිහාස කථාව
දේශපාලන වේදිකාවට ගෙන ඒම

No comments:

Post a Comment