Saturday, March 21, 2015

මිතුරන්ගේ උදව්වට ගොස් පිහියෙන් ඇනුම් කෑම .........

           Turning point of my life මගේ ජීවිතය වෙනස් මගකට යොමුකල .....එමෙන්ම හදවතින්ම දෙවියන්ට කන්නලව් කරනා ලද ප්‍රථම අවශ්ථාව.....අම්මාගේ බලකිරිමට පල්ලිනම් ගියා තමයි හැම දවසකම ඒ ගියේ දෙවියන් අදහන්න නම් නෙමේ අම්මාගේ බලකිරිමට....කියලයි මට දැන් හිතෙන්නේ....ගොඩක් අය එහෙමයි.......පිහියෙන් ඇනුම් කාපු වේදනාවට වඩා වේදනාවක් මම අත්වින්දා ඉන් පස්සේ .........එතකොට තමයි දෙවියන්ව මතක් උනේ.........
...මගේ ජිවිතයට අත්විදි නපුරැම නපුරැ අත් දැකීමක් කවුරැවත් මේ වාගේ අත් විදිමක් නම් ලබන්න හිතන්නත් එපා.............මෙයන් මම දැකපු අත් වදිම තරම් අත්විදිමක් කාටවත් දකිනනම් ලැබෙන එකක් ....නැහැ.............නමුත් ඇත්ත ජයගන්න බවනම් ..........එය සත්‍යයක් ......අපි කාට උදව් උපකාර කලත්  හොදක් අහන්නනම් කවදාවත් ලැබෙන එකක් නැහැ.............හැබැයි මමනම් කිසිවිටකත් සැළුනෙනම් නැහැ..........මානසිකවනම් විදවපු  වාර ගනන කියල වැඩක් නැහැ........ඒ උනාට මගේ හිත දිරිමත්........ඕනෑම දෙයකට........ 
         මම ඒ කාලෙත් හරිම හොදයි .......ඒ උනාට කාටවත් බයක් නම් නැහැ......දැනුත් ඒ දෙයම මට තියෙනවා......හරිම කරැමයක් තමයි.....අපේ අයියත් මට වැඩිය චන්ඩිපාට් දැමිමත්.... මමත් බයක් නම් නැහැ......අපේ මල්ලිත් එහෙම තමයි....තුන්දෙනාම හිටියනම් ලක්ෂනට තියෙයි.....
                   මම කියන්න ගියේ ඒක නෙමෙයි පිිහියෙන් අනුම් කාපු එක ගැන මට අද වාගේ මතකයි.........මම මේ හැම සිදුවිමක්ම මගේ බිරිදට දරැවන්ට කියල සැනසිමක් ලබනව වාගේම මුළු ලෝකයටම කියල සැනසිමක් ලබනවා.....
                    මම සහ අපි ඔක්කොම එදත් සතුටින් සංගීත සංදර්ශනය නරඹන්නට ගියා...අපි ඔක්කොම කියන්නේ ඒ කාලයේ අපිව ගනන් ගත්තු නෙමේ....ඒ කාලයේ  අපි සමග හිටපු කණ්ඩායම.....ඒ ගැන මම කියන්න යන්නේ නැහැ.....කියන්න ගියොත් මොනවා කියන්නද.....අපි මම අද ඉනනවද කියලත් හිත්නන බැරි කණ්ඩායම........ගමේ ගනන් නොගත්ත කණ්ඩායම...ඒ උනාට අම්ම තාත්ත අත නොහැරපු කණ්ඩායම......මොනව කලත් තමන්ගේ දරැවෝ කියල හිතපු දුප්පත්ම කණ්ඩායම......මමත් එක සාමාජිකයෙකු වශයෙන් එදා සංගීතය බලන්නට ගියා.......කොහොමත් ආසම දෙයක්නෙ තරැණ පරපුරේ........අදත් එහෙමනේ ඒ නරක ආදර්ශයෙන් පස්සේ මගේ දරැවෙකුවත් යනවට අකමැති අතර මම සංගීත සංදර්ශවයක් බලන්න යන්නෙත් නැහැ.......ගිය කාලයක් මතකත් නැහැ.....
ඒ සිදුවීම....................

මමත් කැමල් අයියත් තවත් කණ්ඩායමක් නම් වශයෙන් ලියන්නම්..........මමත් වර්ථමානයේ කරන කරකම වැඩක් කරලා කැමල් අයියාගේ වීල් චෙයාර්එක ලග කොස්ගස ලගට වෙලා ඉදගෙන හිටියා සංගීත සංදර්ශනය නරඔමින්........ඒක අපේ විනෝදාංශය නිසා.........අල්කාන්ත සහ ආනන්දත් අපිත් එක්කම ගියා..ගහගන්න උණ ගතියක් තියෙන කට්ටිය තමයි ඒ අපි සමග හිටියේ.....එදා සංගීත සංදර්ශනය දවසේ මම කැමල් අයිය ලගින් වාඩිවෙලා හිටියා... එතනින් යනවිටත් මට හැමදවසකම මතක් වෙනවා ආනන්ද අල්කාන්ත සංදර්ශනය තියෙන ස්ථානයේ ඇතුලේ නටන්න ගිහින් ....කොහොම හරි නටන ගමන් කුඩාබොල්ලතේ සුමතිපාල සමග රංඩුවකට ගිහින් තියෙනවා මමනම් දන්නේ නැහැ මම ඉදගෙන හිටියේ කැමල් අයියා ලග නිසා එතන කැමල් අයිය ලග තුන් හතර දෙනෙක් හිටියා......මමත් කථා කර කර හිටියා.....

 හදිසියේම අල්කාන්ත දුවගෙන ඇවිත් මට කිව්වා ජූඩ් ආනන්දලා ගහ ගන්නවා පාරේ එන්න කියලා මම කැමල් අයියට කියන්නෙත් නැතිව නැගිට්ට ගමන් එතනට දිව්වා.....කවුද කියලා මම දන්නෙත් නැහැ....මම යනවිට ආනන්ද සහ ඒ පුද්ගලයා ගහ ගන්නවා එකට එක මම සහ අල්කාන්ත ගිය ගමන් තවත් ඒකට ගහන්න ගත්තා ...මොකක්ද කියලා බැළුවෙත් නැහැ මමත් ගහන්න ගත්තා ......ඒකට මුහුණ දෙන්න බැරිඋනා අපි තුන්දෙනාට... මම බදාගත්ත ආනන්ද සහ අල්කාන්ත ගහන්න ගත්ත එක පාරක් මාව ගැලවුන ගමන් සුමතිපාල නැවුනා නැගිට්ට ගමන් ආනන්දට ඇන්නා ආනන්ද දිව්වා...ටිකක් එහාට.....මම නැවත බදාගත්තා...මගේ අත් පිට හා එක් එක් තැන් හිරි වැටෙන්න උනා...දන්නෙම නැතිව අත් ගැලවිලා ගියා ....සුමතිපාල පැනලා දිව්වා.....මගේ ඇග රත්වෙලා ලේ පෙරෙන්න ගත්තා....මම තුවාල අල්ලාගෙනම මම හිටපු කැමල් අයියා ලගට දිව්වා ...දුවලා ගිහින් කැමල් අයියට කිවිවා අපිට පිහියෙන් ඇන්නා කියලා.......ඒ වෙන කොටවත් මම දන්නේ නැහැ කවුද ඇන්නේ කියලා...........මට ටික වේලාවකින් සිහිය නැතිව ගියා....මට මතකයි මාව අරගෙන යනවා සුගත්ලාගේ ගෙදර හුඩ් එක යටට.....සිහි නැති වේගන යනවිට කවුදෝ පොලිස් කාරයෙක්ද කොහේද කියනවා බයට සිහි නැතිවෙන්න යනවා කියලා...ඊට පස්සේනම් මට කිසිම දෙයක් මතක නැහැ මතකයට ආවේ රාගම ඉස්පිරිතාලේදී......
          කෙසේ වෙතත් අන්තිමේදි මෙම සිද්දියේ සියළුම වැරැද්ද මා පිට පැටවී තිබුනි.ගමේ ප්‍රෙද්ශයේ අයවළුන් විසින් මෙන්ම මියගිය අයවළුන්ගේ පවුලේ උදවිය පවා මා පිට වරද පටවමින් ආනන්දගේ මියයාම පිළිබදව මා පිට වරද පටවමින් ගම පුරා ප්‍රශිද්ධියක් මා රෝහලෙන් පැමිනෙන විට ලබා දී ගිබු අතර එය නිවරදි කිරිමට මා කිසි විටකත් උත්සාහ නොගතිමි්‍...
        මින් අසරණභාවයට පත්වුයේ මා පමණක් නොව මාගේ පවුලේ සියළුම අයවළුන් මින් මහත් සේ අපහසුතාවයට පත්වු බව නොරහසකි.එහෙත් මාගේ මව ඉතාමත් ධෛය්‍ය සම්පන්න අයෙකු වු බැවින් සියළුම අපහාස හා උපහාසයන් විද දරාගත්තද මා විසින් පැවසූ වදන් කෙරෙහි ඇය විශ්වාසය තැබීම මා ලද මහත් භාග්‍යයක් විය.
           මා රෝහලින් බැහැරව දින කිහිපයක් නිවසේ සිටියද ...එහිදී මා විදි අපහාසයන් මා හට වචනයෙන් විස්තර කර දීමට නොහැක.කොහේ හෝ වරදක් සිදුවී ඇත. එය නිවරදි කරලිමට මා උත්සාහ නොගතිමි..මම දිනපතා දෙවියන් ඇදහීම පිණීස පුරැද්දක් වශයෙන් හා මාගේ අම්මාගේ පෙරැත්ත කිරිම මත දෙවියන් ඇදහිමට පල්ලියට ගියද කිසිදු දවසක දෙවියන් ඇදහිම නියමාකාරයෙන් කර නොමැති බව මා හට පසක් වූයේ පිහියෙන් ඇනුම් කෑ දිනයෙන් හා ඉන් පසුවය...මා හට කිසිවකුත් නැත ... ඉන්නේ දෙවියන්ම පමණක්ය......
  නිවසේ සිටි දින කිහිපය තුල මෙන්ම ගමේ එලියකට හෝ පල්ලියට යාමටවත් මා හට නොහැකි තත්වයක් උදාවිය...එයට හේතුව නම් මියගිය ආනන්දගේ නිවසියන් මෙන්ම අසල් වැසියන් විසින් මා හට දරැණු ලෙස චෝදනාපත් නගා තිබූ බැවිනී.........මා විදි මානසිකත්වය කොතෙක්ද යන්න පැහැදිලි කරදීමට මා ලග වචනයන් නැත ......ආනන්ද සමගම මාද මිය ගියේනම් යහපතකැයි සිතුන වාර ගනනද අනන්තය අප්‍රමාණය....ඒ ගැන හිතමින් අඩපු වාර ගනනද අනන්තය අප්‍රමාණය....
       අවම වශයෙන් මේ වනවිට මා හට පිහියෙන් ඇන්නේ කවුරැන්ද යන්නවත් මා දැන නොසිටි අතර ගැහැණු ළමයෙකුගේ ප්‍රශ්ණයක් මත මේ මිනිමැරැම සිදු වී ඇති බවත් මා එහි මුල්ම වැරදි කරැ බවත් ආනන්දගේ මව විසින් ප්‍රෙද්ශය පුරා මෙන්ම මා හමුවන සෑම අවශ්ථාවකදීම මහා  ජනකායක් ඉදිරියේ පවා මා හට අපහාසයට ලක් කිරිම වයස අවුරැදු 17 ක් වන මා කෙසේ ඉවසා දරා ගන්නද..ඇත්තෙන්ම මා කිසිම දෙයක් දන්නේ නැත .....කුමක්ද හේතුව....ඇයි ගහ ගන්නේ ....කා සමගද ගහගන්නේ .... කියා මා දන්නේ නැත ....මට කථා කලා මමත් ගියා ....ගහ ගන්නව ...මමත් ගැහුවා .....ගහගන්න යනතැන්වලදී පෙරට යාමේ මාගේ පුරැද්දට ප්‍රතිළුලය මාහට ලැබී ඇත.අපහාසය මා පිටය....උපහාසය මා පිටය....කෙසේ නම් මා දරා ගන්නද....කාට කියන්නද...අම්මා කියන්නද....කිව්වත් හොද දෙකක් අහගන්න පුළුවන් බව මා දනිමි...එහෙත් කිව්වොත් එයට විසදුමක් ඇති බවද මා දනිමි....
      අම්මාට එය කියන්නට ප්‍රථමයෙන් මෙය නිවරදි කර ගත යුතුයි.... යන්න මම හිතුවා එහෙම හිතලා කෙලින්ම ආනන්දලාගේ ගෙදරට ගියා.......ගිහින් මම ඇත්ත විස්තරය කිව්වා ...ගෙදර සියළුම දෙනා හිටියා..මම කියන දෙය අහගෙන හිටියා ....අල්කාන්තට මම කිව්වා උඔ ඇත්ත කියපන් අම්මට ....උඔනේ මාව එක්කරගෙන ගියේ.....මම දන්නේත් නැහැ මොකක්ද ප්‍රශ්නය කියලත්....මම හිටියේ කැමල් අයිය ලග ...උඔ කථාකල නිසයි මම ආවේ .....උඔලාගේ අම්මා එක එක තැන ගිහින් කියනවා....මගේ ගැනු ලමයෙකුගේ හුට පටයකට කියලා....ආනන්ද ගිහින් මම නිසා මැරැනා කියලා....මෙය නිවරදි කරන්නේ නැතිනම් මම කිසිම දවසක මේ ගැන කථා නොකරන බවත් ....මට සාක්කි දෙන්න තියෙන්නේ ....මම දන්නේ නැහැ ආනන්ද ගහගන්න තැනට  අල්කාන්ත මව එක්කරගෙන ...ගියා කියලයි ...මට කියන්න තියෙන්නෙත් එපමනයි.....මමනේ ප්‍රධාන සාක්කිකරැ....... 
                 එහෙම කියලා මම ඇවිත් ටික දවසක් ගියේ නැහැ ආනන්දගේ කඩේ ලගදී මට ආනන්දගේ අම්මා හමු උනා .....එතන කැගහන්න ගත්තා ...මම නිෂ්ශබ්දව ආවා...කඩේ හිටපු අදුනන අය බලන් හිටියා....ඒ වේදනාවට කැගහන්නේ ඒත් මම කුමක් කරන්නද...මට පව් නැහැ මම කරපු දෙයක් නැහැ...ඒක මම සහ උඩ ඉන්නා දෙවියන් දන්නා බව මා විශ්වාස කලා.........
       මේක මට දරාගන්න බැරි අපහාසයක් උනා....මම කල්පනා කලා අනුන්ට උදව් කරන්න ගිහින් මට උන විපතක මහත.....සියල්ලටම මුල යාළුවන් බවත් ..අම්මා තාත්තා කියන දෙයක් ඇහැව්වනම් මෙය නොවන බවත් තේරැම් ගියා ..ඒ උනාට සියල්ල සිදුවී හමාරයි...... දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි......
             අම්මාට මා විදින අපහාස මෙන්ම උපහාසයන් කීමට ප්‍රථමයෙන් මා එ් සෑම දිනකම කියූ එක දෙයක් ඇත .....මා අදහන දෙවියන් ඉදිරියේ මෙසේ කියා සිටින ලදී..... අනේ මාගේ දෙවියනී මම මේ කිසිම දෙයක් දන්නේ නැත....මා හරි අසරණයි...මේ සියළුම දෙයට මා වරද කරැවකු වී ඇත...මම කිසිදු දිනෙක මෙය නිවරදි කරන්නට නොයන්නමි....එහෙත් දෙවියනී කෙදිනක හෝ මාගේ නිවරදි තාවය පෙන්වා දුන මැනව......
     මට ගමේ ජීවත් විම එපාම විය...අවශානයේදී අපහාස උපහාසයන් ඉවසා දරා ගැනීමට නොහැකිම තැනකදී.....මා අම්මාට පැවසූයේ මට ගමේ ඉදලා එපා වෙලා....මල මගුල මැරිලා යනවානම් මීට වඩා සැපතක් තවත් නැහැ එක වෙලාවකට මැරෙන්න හිතෙනවා....කියන වචනය පමනයි.....
      අපේ අම්මාගේ ඥානය ....දෙවියන් වහන්සේ අපේ අම්මාට දුන් ඥානය....... කොතෙක්ද කියනවානම් මම දින දෙක්කවත් යන්න මත්තෙන් මා ඉපදුන ගමින් පිටමන් කරන ලද්දේ කිසිවකුටත් නොදැනෙන පරිද්දෙනි.එසේම මටද ගම එපා වි තිබූ බැවින් මමද අම්මා ගන්නා ලද තීරණයට එක පයින්ම කැමති විය....

දෙවනි වරට ගමෙන් පිටවීම 

බ්ලුඩයමන්ඩ් ආයතනයේ රැකියාව ලැබීම



No comments:

Post a Comment