Saturday, March 21, 2015

ඇත්තම ඇත්ත කථාවක්

මගේ එකම පැතුම......සහ කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........ දුක් කම්කටොළු.........අසාධාරනයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
........දුප්පත් දෙමව් පියන් දෙන්නට පින් සිදු වෙන්නට ...........ඉගෙන ගැනීමට හැකියාව ලැබූ... මා .......දෙමව් පියන්ගේ කීම නොඅසා දුප්පත්කම මගේ හිත තදින් වෙලා ගත් බැවින් ඉගෙනීමට  නැවතීමේ තිත තැබුවෙමි........ දුක් කම් කටොළු මැදින් පැමිණ  ඉතා අපහසුවෙන් සොයාගත් බ්ලු ඩයමන්ඩ් ආයතනයේ රැකියාවට ආයුබෝවන් කියා ..........යුධ වාතාවරණය ඇති 1985 කාලසීමාවේ .... යූධ හමුදාවේ සෙසු නිලයෙකු ලෙස එක්වී.....උසස් කිරිමේ පාඨමාලාවන්.තුනකදී.ප්‍රථම හා දෙවන ස්ථනයන් ලබා සාර්ථකව  සමත් වී ......තෙවරක්  නීළධාරියෙකු ලෙස උසස් නිරිමට නිර්දේශ ලබා ....තෙවෙනිවර .......දියතලාව යුධ හමුදා විද්‍යාපීඨයේ officers' quality test එකට සහභාගී වී ..... කෙඩෙටි නිළධාරි  භෝජනාගාරයෙන් එක් වේලක් ආහාර ගෙන ........නිළධාරියෙකු විමට නොහැකි වූ නිසා .....වසර දෙළහකින් යුධ හමුදාවෙන් නිත්‍යානු කුලව ඉවත්ව ..........ධනපත් පන්තියට අයත් තරැපහේ හෝටලයක වසර 07 ක් සේවය කිරිමෙන් පසුව.....අණවසරයෙන් විදේශීය රටකට ගොස් ..දිවයිනක සිරවී සිට පිටුවහල් කිරිමෙන් අනතුරැව ........ නැවතත් යුධ වාතාවරණය ඇති කාළසීමාවේදී ...........යුද්ධය අවසන් කිරිමට දායක විමෙන් පසු .........සෙසු නිළයෙකු විසින් ලැබිය හැකි.......උසස්ම තනතුර වන බළළත් නිළධාරී 1 තනතුර දක්වා ....පැමීණිම සහ ඉන්පසු.........??? ........................??
වාසනාව අවාසනාව පොදි බැදනෙ එන අපේ ජිවත කාලය තුලදි මොන කරදර දුක්කම් කටොලු ආවත් ඒ හැම දෙයකටම සාර්ථකව මුහුණ දෙන ආකාරයක් අප දැනගත යුතු වෙනවා...නැත්නම් වෙන්නෙ පරාජිතයෙක් වාගෙ බලාගන ඉන්න තමයි....
වාසනාව අත ලගටම ගෙනවිත් දෙන්නෙත් නැහැ ...මෙන්න කියල.. වාසනාව හොයාගන යන්නත ඕනැ...වාසනාව හොයාගන ගිහින් ලැබුනෙ නැහැ කියලා ආපසු හැරෙන්නත් එපා...එහෙම හැරැනනම් ඒ අය ජිවිතයෙන්ම පරාද වෙනව....
උත්සහය සමග වාසනා මහිමයත් එකතු උනානම් නවතින තැන කියන්න බැරි වෙනවා ..ඒ වගේම වාසනාව නැහැ කියල ආපහු හැරෙන්නත් එපා...
ගත්තු උත්සාහයේ ප්‍රතිපලය භුක්ති විදින්නට ලැබෙනවා
වාසනාව අතින්ම අරනෙ එන අය ඉන්නවා ඒ අය දිහා බලල ඊර්ෂියා කරන්න නම් එපා තමන්ටත් වාසනා මහිමය තියෙනව කියල පොඩි විශ්වාසයක් පමනක් තියාගෙන උත්සාහයෙන් යුතුව කටයුතු කිරිම තමයි වැදගත් වෙන්නෙ.මෙහෙම ලියන්න හේතු ගොඩක් මට තියෙනවා ටිකින් ටික තමා ලියන්න වෙන්නෙ
           There will be times in the very near future I am sure that I will need to come back ... because I can't hide behind my feelings and also facing my lifetime .  but I never  forget every thing............... 
 if I am  hidden. I don't know why.... I thought that.....  

.......මට එය ස්ථිර වශයෙන්ම කීමට හැකියි.... මට සගවන්න බැහැ මගෙ ජිවිත කාලය තුලදි   මම මුහුණදුන් ,දැනුන හා මගෙ අදහස් ඒ දෙවල් කිසිම විටක මට අමතක නැහැ .........මම කවදාවත් අමතක කරන්නෙත් නැහැ....එහෙම කරනවනම්.... 
        මම හිතුවා මෙයත් ඒ හැම දෙයකම මතකය සහ විසදුම කියලා.. 

 I never shy to tell our family  and whole my lifetime ,,,, We faced and how to solved everything.I can tell.............. no anyone faced crucial time like me...........and before us.......,
      මම සහ අප තරම් මුහුණ දුන් කරදරකාරි ජිවිතයකට කවුරැත් මුහුණ දී නැතිව ඇති කියල මම තවමත් හිතනවා......මම සහ අප කොහොමද ඒ සෑම  දෙයක්ම   විසදගත්තෙ හා ජය ගත්තෙ කියලා ...අතිතය ගැන කියන්න..මම  කිසිවිටකත් ලැජ්ජාවට පත්වන්නෙ නැහැ....එය මට සතුටක් .....මිහිරි අත්දැකීමක්.
..ඇයි අතිතය අමතක පුද්ගලකුට අනාගතයක්ද නැහැ කියල අහල තිබුන මම..
                 Life is funny sometimes, or always.What you plan doesn't  work out or go as scheduled. 
....ජිවිතය එක් අවශ්ථාවකදී හරි හැම විටම  හරිම විනෝදකාරියි....අප සිතන පතන ඒවා සිදුවෙන්නේත් නැහැ...ඒත් අමතක කරන්න එපා නොවෙන්නෙත් නැහැ කියල මතක තියා ගන්න. සිනැහැ ඒ විදිහටම.....
        .මම මගෙ මතකය අළුත් කරගන්නත් එක්කම මගෙ දැනුම දියුනු කරගන්න කරන වැඩක් කිව්වත් වරදක් නැහැ... ඒ එක්කම මම හිතනව එය කාටහරි වැදගත් වෙයි කියල....
  අපිට අම්ම තාත්ත මෙන්න මේ ටික  උගන්වල තිබුන.....කන්න බොන්න නැතත් අනුනට අයිති කිසිම දෙයක් ගන්න එපා කියල......තමන්ට නැතිනම් හිගාකැවත් කමක් නැහැ......කුලී වැඩක් කරල කියක් හරි හම්බුකරගන කාපන් කියන එක......තවත් එකක් කිව්ව ඒ මොකක්ද දන්නවද  ??කාටවත් ඔලුව පාත්කරල එක එකා පස්සෙ ගිහින් ජිවත් වෙන්න පුරැදු වෙන්න එපා කියල ...පුළුවන්  විදිහට නැතිබැරි අයට උදව්කරන්න පුරැදුවෙන්න .......එක එදා ඉදලම අම්ම තාත්ත කියපු දෙයක්..........ඒ වාගෙම මැරෙන තුරැ ඒ ප්‍රතිපත්තියෙම හිටියා....ඉගෙන ගනිල්ලා......කියපු එක කියපු වාර ගනන නම් මතකයේ නැහැ.හැම දවසකම කටේ තිබුන වචනය....
       ජිවිතේ දුක් කරදර කම්කටොලු මැද ආපු ගමනනම් මහත් විඩාකාරියි.....මානසිකව මම කොයි තරම් පිඩා වින්දද ....මියගියානම් කියල හිතුන වාර ගනන ......ඒ හැම වේලාවකම මට...... මගේ මතකයට ආවේ .... ජේසුනී ඔබව .........දෙවියන් වහන්සේව ..........මරිතුමියව ...... ජපමාලය ...............,.,දෙවියනී......දෙවියනී  ඔබගේ කැමැත්ත මිස මාගේ කැමැත්ත නොම වේවා ....කියපු වාර ගනන කියන්න බැහැ.........ඊට පස්සෙ ඒ කිසිම දෙයකින් මමනම් සැලුනෙ නැහැ.මොකක්ද කියල මමවත් දන්නෙ නැහැ..........ඒ උනාට මොකක්ද ලොකු බලවෙගයක් මා තුල තියෙනව කියල මටනම් විශ්වාසයක් තියෙනව.නැත්නම් මේහෙම ලියන්නවත්  කවදාවක්වත් මට හමුවෙන එකක් නැහැ......

මගේ එකම පැතුම......සහ........කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ...... දුක් කම්කටොළු......අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන්... වචනයකින් හරි  සහයක් විම..... 
...............ටිකක් දිගයි කථාව ඒ උනාට කරන්න දෙයක් නැහැ......කවදා හරි එක් අයෙකු හෝ බැලුවනම් ඒ මට ඇති.....
 ජිවිතයට මුහුණ දීම.......ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... 
...වැදගත් වේවි කවදා හරි.... 
. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
අපේ ගම .........................
දෙමව්පියන්.........
මගේ ඥාතීන් ...........
පළමුවන ත්‍රස්ත්‍රවාදියාගේ මුණ ගැසීම .............
ජීව්තයෙන් ගැලවීම නාවට්කුලි....යාපනය ......
සාර්ථකව මුහුණ දුන් ලාන්ස් කෝප්‍රල් දක්වා උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම සහ තවත් අයෙකු එකම ලකුණු ලබාගත් අතර දෙදෙනාම නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය...හේතුව .....????)
7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එකතුවීම .........
අනුරගේ පිස්තෝලයට මාගේ ප්‍රති උත්තරය............
ක්‍රියාන්විත රාජකාරින් ...........
සාර්ථකව මුහුණ දුන් කෝප්‍රල් දක්වා   උසස් කිරිමේ විභාගය..........(එම උසස් කිරිමේ විභාගයේදි මම දෙවන ස්ථානය ලබාගත් අතර එක සහ දෙක ලබා/ත් දෙදෙනාම  නිළධාරින් කිරිමට සුදුසු යැයි නිර්දේශ කරන ලදී...එහෙත් මාගේ නම කපා හරින ලදී.....හේතව...????)
යාපනය ක්‍රියාන්විත රාජකාරීන් සදහා සහභාගී වීම ........
නිළධාරියෙකු සමග ගුටි බැට හුවමාරැවක්.........
8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එකතුවීම .........
නැගෙනහිර පලාතේ ක්‍රියාන්විත රාජකාරීන් සදහා සහභාගී වීම .......
පූනරින් බේරාගැනිම සදහා ගුවන් මගින් පිටත් විමේදි ගුවන් යානය අනතුරකට ලක්වී  දිවි ගලවා ගැනීම.....
සාර්ථකව මුහුණ දුන් තෙවන උසස් කිරිමේ විභාගය...........(එම උසස් කිරිමේ විභාගයේදි මම ප්‍රථම ස්ථානය ලබාගත් අතර  නිළධාරියකු කිරිමට සුදුසු යැයි තෙවන වරටත් නිර්දේශ කරන ලදී.....මා හට යාමට නොහැකි විය .....හේතුව...???)
දියතලාව යුධ හමුදා විද්‍යා පීථයේ සති දෙකක Officers Quality Test විභාගය සාර්ථකව නිම කිරිම......
දියතලාව යුධ හමුදා විද්‍යා පීථයේ කෙඩෙට් භෝජනාගාරයෙන් ආහාර ගැනීම ...........
අවාසනාවන්ත සිදුවීමක් නිසා නැවතත් ඒකකයට යෑම..............
මාගේ විවාහය..........
චූටි පුතුගේ උපත.............(මට ජිවත් විමට වාසනාව උදාකරදුන් සිදුවීමකි)
ලී කොට තොගයක් සමග යුධ හමුදා පොලීසියට අසුවීම
 පුතා බලන්න ප්‍රමාදව පැමිණිම ගැන අම්මාගෙන් බැනුම් ඇසීම
සුදුසුකම් සියල්ල සපුරා තිබූ මා සිටියදී ආධුණික සෙබලකු හට නිළධාරියෙකු විම සදහා නාමයෝජනා ලබා දීම
යුධ හමුදාවෙන් ඉවත්ව යෑමට තීරණය කිරිම...........
යුධ හමුදා මුලස්ථානයේ එතෙර පාඨමාලා භාර ලිපිකරැ රාජකාරින් භාරගැනීම...........
විවෘත විශ්ව විද්‍යාලය වෙතින් මුලික ඉංග්‍රිසි පාඨමාලාව හදාරා උසස් ලෙස සමත් වීම...
දියණියගේ උපත සිදුවීම........
වසර 14 කුත් මාස 01 ක් සේවය කර යුධ හමුදාවෙන් නිත්‍යානුකුලව ඉවත්වී යෑම......
ගලධාරී හෝටලයේ රාජකාරියට යෑම..........
අමුතුම පුද්ගලයෙකුගේ හමුවීම...............
මාගේ සමාජ සේවය
ගමේ සමාජ සේවය කරන ලද සහ සමාජ සේවය කරමින් සිටින අයවළුන්
එල්ලේ ක්‍රීඩාව  වෙනුවෙන් පුවත්පත් නිර්මාණය කිරිම.......... 
සණස සමිතිය ගොඩනැගීම
ආදී ශිෂ්‍ය සංගමයක් ගොඩ නැගීම
දීපශිකා ක්‍රීඩා සමාජය සහ ශාන්ත ඉසිදෝරැ ක්‍රීඩා සමාජය නැවත ගොඩනැගිමට උත්සාහ කිරිම
රණවිරැවන් වෙනුවෙන් දිවයින පුරා පිලිගත් සමීතියක් ගොඩනැගීම
රණවිරැවන් වෙනුවෙන් රණහඩ නම් පුවත් පතක් එලිදක්වීම
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලියේ විදේශීය නිළධාරින් සමග සාකචිඡාවක්
එක් එක් දේශපාලන පක්ෂ නායකයින් මුණ ගැසීම............
ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට මිතුරන්ට උදව් කිරිම..............
ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට තීරණය කිරිම.........(සම්මුඛ පරික්ෂණ සදහා හාරදහසකට අධික හමුදාවෙන් විශාම ගොස් සිටි අයවළුන් සිටි අතර මා ඉන් දසවෙනියා වී සමත් විය).....
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑම...........
වීසා නොමැතිව ක්‍රිස්ට් නැමති  දූපතකට පිටුවහල් කිරිම.....
ආහාර සහ මුදල් නොමැති විට හිගා කෑම...........
පොලිස් අත්අඩංගුවට පත්වීම.....සහ රටින් පිටුවහල් කිරිම ............
ලංකාවට පැමිණි පසු ගමන් බලපත් අහෝසි කිරිම...........
ජීවිතය විනාස කර ගැනීමට අදහස් කිරිම.............
දරැවන් ගැන සිතා නැවතත් යුධ හමුදාවට එක් විම.....
රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍ර ශාඛාවේ  ප්‍රධාන ලිපිකරැ විම.............
අලියෙකු විසින් පහරදිම නිසා ගෑස් ටැංකි ගිනි ගැනීම....හා ..භෝජනාගාරය ගිනි ගැනිම.....
වෙනත් අයෙකුගේ හොරකමක් සම්භන්ධයෙන් යූධ හමුදා පොලීසියෙන්  අඩංගුවට ගැනීම........
යුධ හමුදා පොලිස් නිළධාරින් සමග බහින් බස් වීම......
මින්නේරිය කදවුරෙන් පිටත් විම ...........
විශ්‍රාම යන අයවළුන් සදහා ලබාදෙනු ලබන වෘත්තිය පාඨමාලාව තෝරා ගැනීම
ගාමිණි විදුහල් ආදී ශිෂ්‍ය සංගමය නැවත ආරම්භ කිරිම
වෘත්තීය පුහුණුව සදහා ආයතනයකට යෑම
රටේ අතීතය වර්ථමානය  අනාගතය පිළිබද සහ දේශපාලනය පිළිබද මගේ මතය


මා ලියූ මගේම අදහස්............

අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)


.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....
Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment