Saturday, March 21, 2015

ඉක්මනින් මුදල් හොයන්න ආසාවක් පැන නැගීම

ජීවත් වෙන්න දන්නේ නැති කාල සිමාවක්...........ඒ උනාට අම්ම ..තාත්ත කියපු දේවල්නම් ඔළු කට්ට ඇතුලත නොතිබුනාම නෙමෙයි..........හැම වෙලාවකම කියන දෙයක්නේ............හැදියන් .........හොදමිනිහෙක් වෙයන්.....රටට දැයට සේවයක් කරපන්..........නිකරැනේ මැරිලා යන්න එපා........ඉගෙන ගනින් ......හොදට හිටියොත් උඔට තියෙනවනම් කාටහරි උදව්කරන්න පුළුවන්......නැත්නම් නැහැ.......තමන්ට තමන් විතරයි...........අයියෝ ඒ කාලෙනම් පිස්සු වාගේ........ඒ උනාට ඒවා මගේ ඔළුකට්ට තුල.........නොතිබුනා නෙමෙයි...........ඇයි හැම වෙලාවේම කියනකොට ඒව තැම්පත් වෙනවා...........නරක දෙයක් කිව්වනම් ඒවත් එහෙම තමයි..........

මේ වාගේ දේවල් කියන්න........ඒ අයට දැනුම කොහෙන්ද...........?මම....මමත් මගේ දරැවන්ට තමයි දැන් කියන්නෙත්...මටත් දැනුමක් ලැබුනෙ කොහෙන්ද.??

තිබිබොටුගෙඩ පලාතේ සියළු දෙනාටම කලින් අරක්කු පෙරන්න ගෝඩා බැරල් එක දැම්මෙත් මම ....එහෙම පටන් ගත්තු ජීවිතය ඒ විදිඑට ගියානම් කොහොම තියෙයිද....අපි දෙන්නෙක් ඒක කලේ.....මෙලහකට අපි දෙන්නම නැහැ දැනට අපි දෙන්නම ජිවත් වෙනවා..
ඒ 1985 අවුරැද්දේ මම බ්ලුඩයමන්ඩ් එකට ගිහින් ටික කාලයයි...ඒ වෙනකොට අරක්කු පෙරන්න තිබුනේ වැලිකඩ සහ මිදෙල්ලවිටයි කුඩාබොල්ලතේ අනුර කියලා ටිකක් බරපතල පොරක් හිටියා ඒ ගැන පසුවට ලියන්නම් ඔහුවත් ඒ කාලේ අරක්කු පෙරැවේ නැහැ .....
 මට පඩියක් ලැබුනත් එය අපේ වියදමටවත් ප්‍රමාණවත් උනේ නැත්තේ අපේ වියදම් සැර උන නිසයි......මටත් ඔනෑ උනා ඉක්මනට පොහොසත් වෙන්න මාර්ගයක්..ඒ වාගේම මගේ යාළුවටත් අවශ්‍යය උනා ඒ වාගේම මුදල් හොයන්න....දෙන්නම එක දවසක් කථා කර කර ඉන්න ගමන් අරක්කු වඩියක් දමන්න කථා උනා..... එය ස්ථිර කරගෙන මගේ බ්ලුඩයමන්ඩ් එකේ පඩියක් අරගෙන සිනි මිටියක් ඊස්ට් සහ අවශ්‍ය වෙන ජාති ගෙනවිත් බැරල් එහෙකට දමලා පල් වෙන්න තිබ්බා ..... සතියක්ද දෙකක්ද තියන්න ඔනෑ පල්වෙන්න..........පල්වෙන්න තිබ්බෙත් මගේ මිතුරාගේ ගෙදරම කැලයට වෙන්න...ඒ දවස් වල දැන්වාගේ එපමන දුර දිගක් කල්පනා කලේ නැහැ.....
........මම දන්නේත් නැහැ ගෝඩා හැලිය මතක් උනෙත් නැහැ.... මම මටම හිතිලා යුධ හමුදාවට බැදුනා ඒ 1985 මැයි මාසේ ..යුධ හමුදාවට බැදෙන්න පහල උන සිතුවිල්ල ක්ෂණිකව ආපු සිතිවිල්ලක් නොවුනත් දින දෙකක් තුලදී පුහුණුවට අම්පාරටත් ගිහිල්ලයි නතර උනේ ..ගෝඩා හැලිය මතකයට ආවේ වත් නැහැ.....මම හමුදාවට ගියා කියලා කවුරැවත් දන්නේවත් නැහැ........බැරි වෙලාවත් මම ඒ මාර්ගයට යොමු උනා නම් මම අද මෙහෙමවත් නැහැ....එහෙම නොවෙන්න මම කොයි සිමාවේ ඉන්නවද කියලා මමවත් දන්නේ නැහැ.....හැබැයි ගෝඩා හැලියට කරපු දේ මේ මැත වකවානුවක තමයි අහගත්තේ.......
මිනිසකුගේ තිරණයක් කොපමන දුරකට වෙනස් විම් සිදු වෙනවාද කියල හිතාගන්නත් බැහැ......












No comments:

Post a Comment