Saturday, March 21, 2015

ලී කොට තොගයක් සමග ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් භාරයට පත්වීම

අම්පාරට ගොස් පිල්ලුමලේ කදවුරට ගොස් මා විසින් රැගෙන යා යුතු වාහනය සොයා ගැනීම පිණිස එහි අණදෙන නිළධාරි හමුවිය. ඔහු විසින් මා රැගෙන යා යුතු වාහනය පෙන්වීමෙන් අණතුරැව මාගේ ඇගේ හීන්දාඩිය පිටවිය.
එයට හේතුව වුයේ වාහනය පුරවා තිබූයේ කොට  එම පලාතේ නිවෙස් වලින් ගලවා ගන්නා ලද ඉතා නවීන පන්නයේ ඉරන ලද ලී තෙගයක් මෙන්ම කළුවර කදන් කිහිපයක්ද එයට ඇතුලතින් දැක ගන්නට විය.
හොරකම හෝ අනුනට අයත් දෙයක් ලබා ගැනීමට අනුබලදීම මා කිසි විටකත් අනුමත කරනු නොළබන අතර බලලුන් ලවා කොස් ඇට බැවීමේ යුධ හමුදා  සමහර ඉහල නිළධාරින්ගේ පුරැද්ද අණදෙන නිළධාරි කර්නල් ජේසී කොතලාවල විසින් ඉටු කිරිම පිළීබදව මා පුදුමයට පත් වුයේ නැත....
ඔහු පිළීබදව ඉතා හොද අත් දැකීම් සමුහයක් මා සතුව ඇති බැවිනි.එහෙත් එය මා විසින් සදහන් කිරිමට අකමැත්තක් දක්වන්නේ අනෙකුත් අයවළුන් හට ඉතා කෘර ලෙස සැලකුවද මා හට එසේ සැලකිමට තරම් ඔහු විසින් ක්‍රියා නොකිරිමයි.

එයටද එක් හේතුවක් ඇත එයනම් එක් දිනක් මා අතින් සිදුවු වරදක් සම්භන්ධයෙන් යුධ ඇදුම ඇදිම(යුධ ඇදුම යනු යුද්ධය සදහා යනවිට රැගෙන යා යුතු සියළු බඩු ඇතුලත් කොට ඇති පැක් එක) සදහා නියෝගයක් ලැබි තිබුනි.මෙම නීළධාරියා විසින් කණ්ඩායමේ සිටි නිළධාරින් වරදක් කළද යුධ ඇදුම අන්දවා ඉදිරිපිට පිට්ටනියේ පැක් ඩ්‍රිල්(පැක් ඩ්‍රීල් යනු  යුධ ඇදුම ඇද මධ්‍යග්නයේ සරඹ කිරිමයි) ලබා දීම සාමාන්‍ය සිරිත විය.කපිතන් නිළයේ නිළධාරින් පවා මෙම දඩුවමට යටත් වෙමින් එම දඩුවම විද දරා ගනු ලබයි.
එය එසේ නොවන්නේ නම් ගුටි කැමටත් සිදුවේ.ඔහුගෙන් පහරක් කන්න තියා හිතන්නවත් නොහැක් වන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිටි උසින් මහතින් මෙන්ම යෝධයෙකුට සමාන කයක් හිමි පුද්ගලයෙකු බැවිනි.මෙම නිළධාරිකා පිළීබදව යුධ හමුදාවේ 1970 -1990 සිටියෙකු නෙදන්නේ නම් එය ඉමහත් පුදුමයක් වනු ඇත.සමහර නිළධාරින් මොහු නිසා යුධ හමුදාවෙන් පලා ගිය අතර සමහර නිළධාරින් මොහු අනුගමනය කිරිමට ගොස් නම් පටබැද ගෙනද ඇත.
 මා හට දඩුවම නියම වන වට මා සැරයන් නිළයේ සංඥා අංශ භාර ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරි විය.ස්ථානය අම්පාර කොන්ඩුවටුවාන කදවුර මා සැරයන් නිළයෙකු නිසා එය ප්‍රතික්ෂේප කරන ලදී.මා වෙත පහර දීමට පැන්න ඔහු පහර එල්ල නොකර මා දෙස බලා ඉවත්ව යන ලදී.මා හට එම පහර එල්ල වුයේ නම් මා හැතැප්ම ගනනක් ඉතා දුරකට විසිවෙන පහරක් විමට ඉඩ තිබුනි.පහර නොදිම සම්භන්ධ එයට හේතුවක් මම දන්නේ නැත. 

මෙම වාහනයේ පුරවා ඇති බඩු සියල්ලම හොරබඩු බව මා දන්නා කරැනක් වුවද සෘජුව හෝ වක්‍රුා කාරයෙක් හොරකමකට සහය ලබා දිම දඩුවම් ලැබිය හැකි වරදක් වුවද....? පුතා දකින්නට ඇති ආසාව මා සිත තදින් වෙලාගත් බැවින් හොරබඩු සහිත වාහනය රැගෙන අඹේපුස්සට යාමට තීරනය කෙලෙමි.එසේ නොකර මා විසින් එය ප්‍රතික්ෂේප කලෙහි නම් ලැබෙන පිලිතුරද මා දන්නා බැවින් හවස් වරැවේ වාහනයද රැගෙන පිටත් විමි. 

පිල්ලුමලේ පිහිටා ඇත්තේ අම්පාර මහඔය  හා මඩකලපු මාර්ගය අතරය එම කාලසිමාව තුල එම ප්‍රෙද්ශයේ එක් එක් අවශ්ථාවන් හිදි ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙමින් පවතින කාලසිමාවක් වු බැවින් එක් එක් ස්ථානයන් හි යුධ හමුදාවන් ස්ථාන ගත කර තිබුනි.

බිරිද රෝහලේ සිටින ආකාරය .....මා දුටු විගස ඇය පත්වන තත්වය පිළීබදවත් ...බිරිදගේ තනි රකිමින් රෝහගේ වරැ තුනම මුරකරමින් සිටින අපේ අම්මාගේ කථාව ....පිළිබද පුතා බලන්න සතුට හිත තුල රැවා ගනිමින් හා සිහින මවමින් පැමිනෙන මා රියදුරැ සමග කථා කිරිම සීමා වී තිබුනේද.....එසේම හැතැප්ම කිහිපයක් පැමිණීයද ඒ බව පවා මා හට මතකයක් නැත්තේ .....මාගේ සිත ක්ෂණයකින් රොහල වෙත දිව යන බැවිනි.... 

මාගේ සිහිනය බොදව ගියේ මහඔය හංදිය අසල සිටි  යුධ හමුදා පොලිසියේ සැරයන් වරයෙකු විසින් වාහනය නවත්වා වාහනය පරික්ෂා කිරිමට එනලෙස දැන්විමෙන් පසුවය.වෙන්නේ කුමක්ද යන්න හා මට සිදුවෙන්නේ කුමක්ද...රෝහලේ සිටින .... බිරිද.....මගේ මනස ...මොකක්ද දෙන උත්තරය....මට කියන්නට වචනයක් නැත .....මෙයද මම දෙවියන්ට භාර කරමින් ....මගේ සිත දිරිමත් කරගත් මා වාහනයෙන් බැස යුධ හමුදා සැරයන් සමග වාහනය පරික්ෂා කිරිමට පිටුපසට ගියෙමි

එක් එක් ප්‍රශ්නයන්ට මුහුණ දිමට මා හට සිදුවිය.කෙසේ වුවත් සත්‍ය පවසන ලදී.එහෙත් එය විස්වාස කිරිම හෝ නොකිරිම තිරණය වන්නේ විභාග කිරිමකින් පසුව බවත් එතෙක් සාක්කියක් ලබා දෙන ලෙසත් දන්වා වාහනයත් රැගෙන මා සමගින් මහඔය යුධ හමුදා පොලිස් කදවුර වෙත රැගෙන යන ලදී....යාල්දේවි ක්‍රීයාන්විතයට යන අතරතුර .රෝහල් ගතකර ඇති බිරිද බලන්නට පැමිණී මා පත්වු තත්වය....

මා පත් වු තත්වය කවුරැන් හෝ පත් වුනි නම් එය ඔහුට තේරැම් ගැනිමට හැකිවනු ඇතත්.....කවරෙකුට කෙසේ තේරැම් කර දෙන්නේද යන්න මා හට වුවද ප්‍රශ්ණයකි.එහෙත් සියල්ල ඉවසීමෙන් විද දරා ගත් මා සියල්ල සටහන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ සාක්කි සටහන් කර ගැනීම පිණිස පැමිනි කෝප්‍රල් වෙත ප්‍රකාශයක් ලබා දෙන ලදී....ගෙදර යාම කෙසේ වෙතත් එදින මහඔය ශ්‍රී දංකා යුධ හමුදා පොලිස් කදවුරේ රාත්‍රී කාලය ගත කිරිමට සිදු වුයේ ..ප්‍රශ්ණය පසු දිනට කල් තබමින්ය...කිහිප දෙනකු මා පිළීබදව අනුකම්පා සහගතව කථා කිරිම මෙන්ම ඉහල නිළධාරින්ගේ ක්‍රීයා කලාපය විවේචනය කලද මා හට දෝෂෘරෝපනය සහ යුධ හමුදා නීතියට අනුව වැරදි කරැවකු වන්නේ හොරකමකට අනුබල දීම යන කරැන මතය.

එදින නිනදක් නොමැතිව රැය පහන් කරන ලද්දේ රෝහල් ගතකර දින තුනක් හෝ හතරක් ගතව ඇති බිරිද සහ ඒ වෙනුවෙන් බිරිදට තම දියනියටත් වඩා ආදරයක් කරැණාවක්දක්වනු ලබන මාගේ මැණීයන් කෙසේ කටයුතු කරන්නේද යන්න සිහි කරමිනි.

මෙම කාල සිමාව තුලදී පණිවිඩ හුවමාරැව සදහා දුරකථන පහසුකම් නොතිබු අතර නිවෙස් හා සම්භන්ධ පණිවිඩ හුවමාරැ වුයේ ලිපි මගිනි.ඉතාමත් හදිසි පනිවිඩයක් හැරෙන්නට සැම පණිවිඩයක්ම ලිපි හුවමාරැව මගින් විය.එවැනි වාතාවරණයක් තුලදී කෙසේනම් පණිවිඩයක් දෙන්නේද.....? පණිවිඩයක් ගන්නේද යන්න සිතා ගැනිමට අපහසු නොවනු ඇත.

පසුදිනය අදාල නිළධාරියා විභාගය පිණීස එන්නේද ....දැන් එන්නේද යන්න සිතා සිටියත් එදින පැමිණියේද නැත......දින කිපයක් ඉන්නට සිදුවන බව මා දන්නා කරැනක් විය.....යුධ හමුදා පොලීසියද කුමක් හෝ පරික්ෂණයක් එනතුරැ බලන් ඉන්නේ අපේ  ැජයේ පොලිස් දෙපාර්තමේන්තව මෙන්ය.කෙසේ හෝ මා කල්පනා කරන්නේ මෙතනින් ගැලවි යන්නටය ....දන්නා කිසිවකුත් නැත ....කියන්නට කෙනකුත් නැත....පරික්ෂනය අවසන් වන තුරැ කා සමගවත් කථා කිරිමටවත් බැරිය....පුදුම ප්‍රශ්නයක් මා හට සිදුවිය.......ඔළු ගෙඩිය පුපුරන්නට තරම් වේදනාවක් .....දෙවියනී මට පිහිට වෙන්න ....ඇයි මා අත හැරියේ දෙවියනේ....එත් ඒ මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත මත සියල්ලම සිදු වේවා .....යන්න කී පාරක් නම් කියන්න ඇත්ද....?සාජන් කෙනෙක් උනත් කාටවත් නොපෙනෙන්න කී පාරක්නම් අඩනනට ඇත්ද...?.රෝහලේ ඉන්න බිරිද බලන්න ....බිරිදට කථාකරන්න දරැව ලැබෙන්න කලින් බිරිද බලන්න දැන් දින කියක්ද බිරිද රෝහල් ගත කරලා.මම දන්නව අපේ අම්ම මගේ බිරිදට දක්වන ආදරය එසේනම් අම්මාගේ තත්වය...ඔළුව විකාරයක් වාගේ....කරන්න දෙයක් නැහැ කොයි දේ වෙන්නෙත් හොදටයි....මගේ අනික් සිතුවිල්ල.....එහෙම හිතලත් බැහැ....

මෙම යුධ හමුදා පොලිස් කදවුර අසල ඇති මුරපල වෙතට පිල්ලුමලේ කදවුරේ සිට ගමන් ගන්නා වාහන යාම සහ ඒම පෙනෙන්නට ඇති අතර මාගේ පනිවිඩය යැවිමට ක්‍රමයක් සකස් කිරිම මා සතු කාර්ය වු අතර එය රියදුරැ ලවා ඉටුකර ගැනිමට මා හට හැකිවුයේ යුධ හමුදා පොලිසියේ පොලිස් නිළධාරින් ඔහු පිළීබදව සැලකිලිමත් නොවු නිසාවෙනි.මාගේ පණිවිඩයේ සටහන් වුයේ පිල්ලුමලේ සිට ලී ගෙනා වාහනය මහඔය යුධ හමුදා පොලිසියේ....සී ඔි ට දන්වන්න යනුයි.මෙම පණීවිඩය කොළ කැබැල්ලක ලියා රියදුරැ අත පිල්ලුමලේ කදවුරේ අණදෙන නිළධාරි වෙත ලැබෙනනට සැලැස්විමට හැකිනම් එම පණිවිඩය ලුතිතන් කර්නල් ජේසි කොතලාවලට ලැබෙන බවත්  ඒ සදහා පියවරක් කඩිනමින් ලැබෙන බව මා විස්වාස කරමින් .....ඒ අවශ්ථාවේදීම ක්‍රීයාත්මක වු මා එය ක්‍රියාවට නන්වන ලදී......
පසුදිනද කිසිදු පියවරක් හෝ විසදුමක් නැති දිනයක් විය ....මගේ සිත කෙසේ විද යන්න සිතාගන්න....හැකි අයෙකුට එය සිතා ගැනිමට හැකියාව ඇත......සිතන්නට බැරි අයවළුන්හට එය කියවා කිසිදු පලක් නැත...සටහන් ගැනීම... පරික්ෂණ පැවැත්විම .....ප්‍රශ්ණයන්ට උත්තර දිම ....එක් එක් ප්‍රශ්ණ...කෙසේ කොහොම වුවත් මා හට කියන්නට ඇත්තේ එකම දෙයනම්.....අපේ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව යාල්දේවි ක්‍රීයාන්විතයට සහභාගි වෙන්න යාපනයට යන්න සූදානම් වෙන කොට ......මගේ බිරිද දරැවා ලැබෙන්න රෝහල් ගත කල බව ගුවන් විදුලි පණිවිඩයක් මගින් දැන  ගන්නට ලැබුනා......මම අණදෙන නිළධාරිට කිව්වා ....අණදෙන නිළධාරි නිවාඩ් දෙන්න බැහැ කියලා .....පස්සේ නිවාඩුවක් දමලා අම්පාර පිල්ලුමලේ කදවුරට ගිහින් වාහනයක් ඇති ඒකත් අරගෙන අඹේපුස්සේ යන්න කිව්වා......එහේ ගිහින් නිවාඩු යනලෙස දැනුම් දුන්නා....එය මා විසින් ඉටු කලා.....

එ අනුව සටහන් කර ගත්ත පුශනයන් ඉවරයක් නැහැ.......එකක් දෙකක් ලියන්නම්.....ඔබත් මෙයට සම්භන්ධයි නේද...? නැහැ මම කිසිම දෙයක් දන්නේ නැහැ........මේ හොරබඩු කියලවත් දන්නේ නැතිද.......? නෑහැ අණදෙන නිළධාරි කියපු නිසා මම හිතුවා මෙය එහෙම දෙයක් නොවනු ඇත කියලා.....හොරබඩු පුවාහනය කිරිම වරදක් කියල ඔබ දන්නවද....? ඔව් දන්නවා........හොරබඩු ප්‍රවාහනය ගෙනයාම හොරකම් කිරිමට උදව් දීම දඩුවම් ලැබිය හැකි වරදක් කියලා ඔබ දන්නවද......? ඔව් මම දන්නවා......එහෙනම් ඔබත් මෙයට හවුල් කරැවෙක් කියල පිලි ගන්නවද.....? මම එරැන ප්‍රශ්නය මමත් දන්නවා වරදක් කියලා ඒ උනත් මම කියන්න ගියා ..... නැහැ මම හවුල් කරැවෙක් නෙමෙයි.....මට ඔනැ උනේ මගේ දරැව ලැබෙන්න ඉන්න බිරිද බලන්න රෝහලට යන්න මිසක් මේකෙ තියෙන්නේ හොරබඩුද මොනවද යන්න නෙමෙයි..මම මේක ගෙනියන්න බැහැ කිවිවනම් මට ආපහු යාපනයට යන්න වෙනවා ....ඒ වාගේම මට ඉපදෙන්න ඉන්න දරැවා බලන්න බැරි වෙනවා ....ඒ නිසා මම අරගෙන ආවා..මම හිටියේ ගෙදර යන මානසිකත්වය මිසක් වෙන දෙයක් නෙමෙයි..... 

බිරිද රෝහල් ගතකර දැනට සතියකට ආසන්න කාලයක් ගතව ඇතත්...මා තවමත් රෝහලට යාමට නොහැකිව ලතවෙමින් අම්පාර මහඔය යුධ හමුදා පොලීසියට වි සිටින අතර හදිසියෙම මට කථාකරන ලදී ....එහෙත් එසේ කිහිප විටක්ම මට කථාකර ඇතත් ....මෙවර මා හට පවසන ලද්දේ සාක්ක් සටහන් කර අවශානයි දැන් ගෙදර යන්න සුදානම් වන ලෙසයි.....එය සවස 0500 ට පමණ ඇත....මෙය ඇත්තක්ද බොරැවක්ද....?එලෙස වන්නේ කොහොමද.....මා විසින් යවන ලද ලියුම් කැබැල්ල අණදෙන නිළධාරිට ලැබී ඒ සදහා ක්‍රියාත්මක වී ඇත්ද....? මට අදටත් ප්‍රශ්ණයක් වි ඇත්තේ අදටද ඒ පිළිබදව සාක්කි සටහන් කිරිමකට කැදවිමක් නොලද බැවිනි.

මාගේ සිත ගෙදරට.....රෝහලට.....එහෙත් අම්පාරේ සිට කොළඔට කොපමණ වේලාවක් යනවද අවම වශයෙන් පැය හයක්වත්......




පුතා බලන්න ප්‍රමාදව පැමිණිම ගැන අම්මාගෙන් බැනුම් ඇසීම

No comments:

Post a Comment