Saturday, March 21, 2015

සණස සමිතිය ගොඩනැගීම


මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

යුද හමුදාවෙන් ඉවත්වු මා මාගේ අරමුණ සාර්තක කර ගැනිම සදහා වෙහෙසෙන්නෙමි ....එය...කා හට හෝ නතර කරලිමට නොහැකි කරැණක් වනු ඇත....දුප්පත් අයවළුන් වෙනුවෙන් මා විසින් ගතයුතු ක්‍රීයා මාර්ගයන් කවරේද යන්න මා නිතර නිතර කල්පනා කාරිව සිටින්නේ මා පත්වු තත්වයන්ට අනෙකුත් අයවළුන් පත් නොකිරිම මාගේ යුතුකම වන බැවින් යැයි මා තදින්ම විශ්වාස කරගෙන සිටින්නෙමි.....
එයට පිලිතුරැ සෙවීමේදි මාගේ මතකයට නැගුනේ සණස සමිතිය පිළිබදවය.....ගමේ මුදල් ගමේ සංවර්ධනයට යන්න මුලික තේමා පාඨය වි තිබු සණස සමිතිය මාගේ සිත් ගත්තේය.... 
හබැවින් මා ප්‍රථමයෙන්ම නිවන්දම සණස සමිතියේ ගරැ සභාපති තමා නෙ හිටපු ගාමිණි විදුහල් විදුහල්පති වරයෙකු වූ විරසිංහ ස්කෝල මහත්මයා මුන ගැසී විස්තර විමසන ලදී.....එම මහතාගෙන් ලද විස්තරයට අනුව ගම්පහ සණස සමිතියේ පුහුණු කිරිම් කළමනාකාර ජීවන්දර මහතාගෙන්ද උපදෙස් ලබා ගතිමි....එම මහති පැවසුයේ තිබ්බොටුගෙඩ සණස සමිතියක් ආරම්භ කර ඇති බවත් එය අතර මග නැවතී ඇත බවත් එහි නිළධාරී මණ්ඩලය හමුවී සාකච්ඡාකර නව සණස සමිතියක් ගොඩ නගන්නේනම් ඒ සදහා පූර්ණ සහය ලබා දෙන බවය....එම සමිතියේ සභාපති වශයෙන් කටයුතු කර ඇත්තේ  සූරියපාල මහතාය .....මා ඒ මහතා හමු වෙමින් විස්තර විමසන ලදී ඔහු විසින් පවසා සිටියේ සණස සමීතිය පටන් අරගෙන ටික කලක් ගියද එය අතර මග ඇනහිටි බවත් ...එම මුදල් අයිත්කරැවන්ට ලබා දීමෙන් පසුව සමිතිය විසුරැවා හැර ඇති බවය....තවද ඒ මහතා පවසා සිටියේ මේ ගමේ කිසිම දෙයක් සාර්ථකව කරගෙන යාමට නොහැකි බවයි......එහෙත් එම අදහස කෙසේ වුවද.එය කලයුතු දෙයක් බැවින් නැවත ආරම්භ කරන්නේනම් මා ද ඒ සදහා කැමැත්තෙන් සිටින බවත් පවසන ලදී...නැවතත් අමාරැවේ වැටීමට ඔහු අකමැති බවත් ...එය අමාරැවේ වැටෙන කරැණක් බවත් පවසන ලදී.....එහෙත් ඔහු විසින් ගම වෙනුවෙන් ගන්නා ලද එම උත්සාහය අගය කල යුතු වන්නේ සණස සමීතියක අගය වටහාගෙන ගමේ අයවළුන් සදහා එසේ සමීතියක් ආරම්භ කිරිමට කටයුතු කිරිම නිසාය....
කෙසේ වෙතත් මාගේ සණස සමිතිය ආරම්භ කිරිමේ උත්සාහය අත්හැරිමට මා සුදානම් නොවන්නේ ගමේ නැති බැරි අය සදහා යමක් කල යුතුය යන්න මා සිත තුල තිබූ බැවිනි....
මෙසේ කාලය ගෙවි යද්දී මා අළුත් අවුරැදු කාල සීමාවට සුපුරැදු චාරිත්‍රයක් වශයෙන් මාගේ බිරිදගේ ගම වන කෑගල්ලට යන අතර එහිදී නැදැයින්ගේ ගෙවල් වල යාමද සාමාන්‍ය සිරිත විය...කෑගල්ලේ රංවල මාමා හිත හොද මහත්මයෙකු වන අතර පඨශාලාචාර්ය කෙනෙකු වේ .පලාතේ හොද සමාජ සේවක මහත්මයෙකු වන අතර මාද ඉතා සිත්ගත් මහත්මයෙකු වශයෙන් අදටත් සලකනු ලබන්නේ එවැනි මහත්වරැන් අපට හමුවන්නේ ඉතාමත් කලා තුරකින් වන නිසාය.......මොහු විසින් රංවල සණස සමිතිය පවත්වාගෙන යමින් එහි භාණ්ඩාගාරික තනතුර දරනු ලබන අතර අප සුහද කථා බහේදී මා හිත තුල තිබූ සණස සමිතිය පිළිබදව කරැණු විමසන ලදී......
අප දෙදෙනා දීර්ඝ වහයෙන් ඒ පිළිබදව කථා කල අතර ඔහු විසින් පැවසූයේද ගමකට සේවයක් කරන්නේනම්...දුප්පත් අයවළුන්ට සේවයක් කරන්නට කැමැත්තේනම් සණස සමීතිය එයට හොදම පිළිතුර බවය‍..එසේම ඒ පිළිබදව ඕනෑම උදව්වක් කිරිමට කැමැත්තෙන් සිටින බවත් මුදල් ගනුදෙනු පිළිබදව ඉගැන්වීමට හැකි බවත් ඒ පිළිබදව දැනුවත් කිරිමට දිනෙක පැමිණිමට හැකි බවද මා හට දැන්වීම මාගේ හිතේ තිබු අදහසට සුහද පිලිසරණක් විය.....
ඒ අනුව තවත් දිනෙක මම කැගල්ලට එන බවත් ඒ පිළිබදව මා හට දැනුවත් කරන මෙන්ද ....දන්වමින් අප එම වසරද සුහදව ගත කරන ලදී.......පසුව එක් දිනක් යොදාගත් මා කැගල්ලට ගොස් පොත් පත් පරික්ෂා කර ගනිමින් ...සියළු මුදල් ගනුදෙනු ඇතළු සැම දෙයකටම අවශ්‍ය ව්‍යවස්ථාව ඇතුළු් පොත්පත් ඉගෙන එම පොත් පත් හි පිටපත්  රැගෙන සතුටින් නිවසට පැමිනෙන ලදී.......
පසුව මා ගමේ ශාන්ත ඉසිදොරැ සමිතියේ අයවළුන් දැනුවත් කොට ගමේ තවත් ගම් වැසියන් කිහිප දෙනකු දැනුවත් කරන ලදී ..බොහෝ දෙනකු ඒ සදහා කැමැත් ප්‍රකාශ කිරිම මාගේ සතුටට කරැණක් විය...විස්තර ලබා දීමෙන් අනතුරැව සමීතිය ආරම්භ කිරිමට කටයුතු සලස් වන ලදී...එය ශාන්ත ඉසිදෝරැ සමිතියට අනුබද්ධිත සණස සමිතිය වශයෙන් නම් කරන ලද්දේ ප්‍රෙද්ශයේ තරැණ කොටස ඒ සදහා යොමු කර ගැනිමේ අරමුණ ඇතිවය......
නිවන්දම සණස සමීතියද දැනුවත් කොට....ගම්පහ ප්‍රධාන කාර්්‍යාලයද දැනුවත් කිරිමෙන් අනතුරැව සණස සමිතියේ ආරම්භයට දින නියම කර ගන්නා ලදී......මෙම සමිතියේ ගරැ සභාපති තුමා වශයෙන් එවකට පලාතේ සිටි හොදම සමාජ සේවක මහතා වන පාඨශාලාචාර්ය සාමවිනිසුරැ එස් ජේ වික්ටර් සිල්වා සුදුසු බව මා විසින් තිරණය කර තිබු නි.පසුව ඒ මහතා හමුවෙමින් ඒ සදහා කැමැත්ත මෙන්ම ඒ මහතාගේ කැපවීම මෙම සමිතිය ඉදිරිටය ගෙනයාමට අවැසි බව දන්වා සිටින ලද අතර  ඒ මහතා කැමැත්ත ප්‍රකාශ කිරිම මාගේ උත්සාහයට මහත් රැකුලක් විය...
ඉන් තව තවත් ක්‍රීයාශීලි වු මා සණස සමිතිය ආරම්භ කිරිමට සියළු කටයුතු සුදානම් කරන ලදී.....පොත්පත් මෙන්ම....ඇතුල්විමේ පත්‍රීකා මුද්‍රනය කරමින් හා දැන්විම් පත්‍රීකා ගම පුරා  ඇලවීමෙන් අනතුරැව සණස සමීතිය 2000 දින ආරම්භක මහා සභා වාරය පවත්වන ලදී....
මුල් සභා වාරය සදහා පණහකට ආසන්න සාමාජික මහත්ම මහත්මියන් පිරිසක් සහභාගී වන ලදී....එහිදී ප්‍රධාන නිළධාරි මණ්ඩලය වශයෙන් පාඨශාලාචාර්ය සාමවිනිසුරැ එස් ජේ වික්ටර් සිල්වා මහත් සභාපති තුමා වශයෙන්ද...ගරැ ලේකම් වශයෙන් සමන් නිලක්ෂ මහතාද...ගරැ භාණ්ඩාගාරික වශයෙන් මාද තෝරා පත්කර ගන්නා ලදී.....
ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වු සණස සමිතිය එක් එක් ක්‍රීයාකාරි ක්‍රීයාවන් ඉටු කරමින් දිනෙන් දින ඉදිරියට ගිය අතර ගමේ සාමානය වැඩ කොටසක් ඉටුකරමින් තවත් ඉදිරියට රැගෙන යාම මාගේ අරමුණ විය.....
ගමේ අයගේ මුදල් ගමේ සංවර්ධනයට යන්න මුලික තේමාපාඨය වු මෙම සණස සමිතිය විසින් එක් එක් ක්‍රියාවන් ඉටුකරමින් ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියට පැමිණිම..සාර්ථක ගමනක් යැමට මුල පිරිමක් විය.....ප්‍රථමයෙන් සාමිජික මහත්ම මහත්මියන්ගෙන් එකතුකර ගන්නා මුදලින් ණය ලබාදෙන ලදී එය වාරික හයකින් ගෙවිය යුතු විය ණය මුදල රැපියල් පන්දහසක් විය.....එය පන්දහස බැගින් විසි දෙනකුට පමණ ලබා දෙන ලදී ..ණය මුදල් නිසි අයුරින් ගෙවීම් කළ අතර...දිනෙන් දින දියුණු තත්වයකට පැමිනෙන බව පෙනෙන්නට ලැබුනි........
නැවතත් මහා සභා වාරයකදී ණය මුදල් ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කල අතර එය රැපියල් විසි දහස දක්වා විය.........එය ප්‍රථමයෙන් විශ්වාස වන්ත සාමාජිකයින් කිහිප දෙනකුට ලබා දෙන ලද්දේ සාමාජික මහත්ම මහත්මියන් දිරිමත් කිරිම පිණිසය......
මේ වන විට සණස සමිතිය විසින් ලොතරැයි පතක් මගින් යකඩ පුටු පනහක් සකස් කිරිමට කටයුතු කරන ලදී....මේ කාලසීමාව වන විට මුදලට ගමේ අවශ්‍යතාවයන් සදහා පුටු ලබාගැනීම කරගෙන ගිය බැවින් මෙම යකඩ පුටු ගමේ අයවළුන්ට මහත්  සහනයක් විය....
මෙසේ ණය මුදල් ලබාගන්නා ලද සාමාජික මහතුන් ක්‍රමක් ක්‍රමයෙන් ණය ගෙවීම පැහැර හැරිම මෙන්ම සමිතියේ සභා වාරයන්ට පැමිණීමද අත්හරින ලදී........වැදගත් තලයේ සිටිය මෙම සාමාජික මහතුන් පිළිබදව මා තුල ඇත්තේ වෛරයක් නොව ඉතාමත් කණගාටුවකි.....එය මා විසින් කෙදිනක හෝ පවසන බවනම් සහතිකය......කෙසේ නමුත් ක්‍රමක් ක්‍රමයෙන් ණය මුදල් ගෙවිම පැහැර හැරිම මත සාමාජික සංක්‍යාව අඩු මට්ටමක පැවතියද ඉදිරියට රැගෙන යාමට උත්සාහ කලද එය ඉටුකර ගත නොහැකි විය........ 
.වර්ථමානයේ පවා එම පුටු පනහා අප ප්‍රෙද්ශයේ යම් යම් කාර්යයන් සදහා පරිහරනය කරමින් ඇත.......ඒ පිලීබදව සතුටක් මෙන්ම මහත්වු කණගාටුවක් ඇත්තේ ගමේ අයවළුන් ගෙන් නිසි අයුරින් සහයක් ඒ සදහා නොලැබුන බැවිනි්‍........තවද එම සණස සමිතියට සහය නොදැක්වු පිරිස් වර්ථමානයේ සෙලින්කෝ ආයතනය වෙතින් පවත්වන ණය සමිතියේ සාමාජිකත්වය ලබමින් ණය මුදල් ලබා ගන්නා අතර ඔවුන්ගේ පොලිය සෙලින්කෝ ආයතනයට ගෙවමින් සිටින්නේය.......
සණස තුලින් අපේ මුදල් අපේ ගමට යන මුලික පරමාර්ථය ඇතව නිර්මානය වු අපේ සමිතිය...කඩා වැටුනි......එයට අයත් පුටු සියල්ල තිබ්බොටුගොඩ මරණාධාර සමිතියට ලිඛීතව භාර දන් ුතර කැමති අයවළුන්ට නිවන්දම සණස වෙත බැදීම සදහා නිවන්දම සණසට අයත් ප්‍රෙද්ශය තිබ්බොටුගොඩ දක්වා දීර්ඝ කිරිමට සාකච්ඡාකරමින් එය ක්‍රූුියාත්මක කරන ලදී........මා අතින්ද මුදල් වැය කරමින් සුරිපාල මහතා කියු පරිදි පාඩුව මා විසින් දරා ගන්නා ලදී.....එහෙත් අපේ සණස සමිතිය යම් වැඩ කොටසක් කරමින් ඉදිරියට ගිය බවනම් නොරහසකි....ඒ සදහා සාක්කි තවම ඇතත්..නැවතත් එවැනි දෙයක් නොකරන බවනම් මම සිතා ගතිමි..
මුදල් සොන්නට අවශ්‍ය වන්නේ මින්සුන්ට පිහිට වන්නටය යන්න මා නැවතත් සිතා ගන්නා ලදී...... 
එහෙත් මා විසින් කවදා හෝ දිනෙක අපේ ගමේ දුප්පත් අයවළුන් වෙනුවෙන් මා දෙමව්පියන් සිහිකරමින් අරමුදලක් සකස් කරන බව නම් ස්ථිරය.....ඒ සදහා දෙවියනි මට පිහිට වන්න......ජීවමාන ජේසුනී ..මා දුටු ජේසු..අනෙක් අයදුටු ජේසුට වඩා වෙනස් වන්නේ......ඔබවහන්සේගේ කරැණා මහිමය තුලයි.......මා ජිවත්වෙන බවනම් ඉර හද සේ විශ්වාසයි..........







බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment