Saturday, March 21, 2015

අනුරගේ පිස්තෝලයට මාගේ ප්‍රති උත්තරය............

අනුර කියන්නේ කුඩාබොල්ලතේ  අපිට වැඩිමල් අපේ අයියලාගේ වයසටත් ටිකක් වැඩිමල්  ..... අපි වාගේම දුප්පත් අම්ම තාත්තත් එහෙමයි ඒ උනාට මටනම් හරි හොදයි මොකද මමනම් දන්නේ නැහැ....උදව් පදවු අරගෙන නම් නෙමේ ....බයටත් නෙමේ....ටික ටික ඒ කාලයේ හැටියට දරැණු පුද්ගලයෙක් උනා ......හොර මැරකම් පස්සේ පස්සේ මිනිමැරැම් අරක්කු පෙරිම් වලටත් සහභාගී උනා......ඒ වාගේම ඒ කාලයේ දේශපාලනයේ එක් එක් දේශපාලකයිනට සහය දෙන්නත් ගියා.............
මේ ප්‍රද්ශයේ ගොඩක් අය බයයි........නැහැ කියන්න බැහැ කාටවත්.....ගමේ ගොඩක් අය බයෙන් හිටියේ ඒ උනාට මටනම් එහෙම දෙයක් දැනුනේ නැහැ............පෙනුනෙක් නැහැ ...... ඒ මොකද කියලා මම නම් දන්නේ නැහැ.....අපේ අයියා එක්කත් හොදයි.....හමුදාවට එකතු වෙන්න ඉස්සරත් එහෙමයි....
 මම යුධ හමුදාවේ හිටියේ අයියා ක්මාන්ඩෝ එකේ හිටියේ මම සමග අනුර ටිකක් හොදයි....ඒ මොකද කියලා විශේෂයෙන් කියන්න දන්නේ නම් නැහැ...අපේ අයියාගේ වෙඩින් එක දවසේ ජුඩ් ඔනැම දෙයක් තියෙනවනම් ඇවිත් අරගෙන යන්න ... මට කියන්න කියලා ඇවිත් කියලා ගිහින් තිබුනා ඒ දවස්වල වෙඩින් එකට මම උදව්වක් වශයෙන් අනුරගේ බයිසිකලය සහ අරක්කු ලබාගත්තා අරක්කු ගත්තේනම් සල්ලිවලට.......ඒ වෙනකොට මම පටන් ගත්තු අරක්කු වැඩේ අනුර පටන් අරගෙන......
එක දවසක් අනුර මට කථාකරලා ගෙදරට ඇවිත් කිව්වා ජූඩ් එනවකෝ යන්න බඩුවක් පෙන්වන්න තියලා මාව බයිසිකලේ දාගෙන ගියා ......ගිහින් ගෙදරට ඇතුල්වෙලා ඔහු ඇතුලට ගිහින් ඇවිත් ඉටි කොළයකින් ඔතල තිබුන අළුත්ම 9 මිලි මිටර් බ්‍රවුනින් අළුත්ම පිසිතෝලයක් කාමරයේ වැල් ඇද උඩට දැම්මා........දාලා මගෙන් ඇහැවිව් කොහොමද බඩුව කියලා........මම ඒ වන විට ගණේමුල්ල ක්මාන්ඩෝ පාසැලේ වැදගත් පුද්ගලයින් ආරක්ෂා කිරිමේ පාථමාලාවක් කරලා 9 බ්‍රවුනින් ගැන මනා දැනුමකින් හිටියේ......
.....මමත් කතාවක් නැතිව ඒ පිස්තෝලය අරගෙන කාමරයේ එහා පැත්තේ ජනේලය ඇරලා කෙහෙල් ගහක් තිබුනා....පතුරම් කොපුව බලලා කොක් කරලා ෂෙට් දෙකක් තිබ්බා... එහෙම තියලා ඉවර වෙලා පිස්තෝලය අන්ලෝඩ් කරලා අනුර පිස්තෝලය ඇද උඩට විසිකරපු ආකාරයටම මමත් ඇද උඩට විසිකරලා ..... අළුත් එක්ක් නේද කොහෙන්ද ගත්තේ යන්න විමසා සිටිය අතර.....කරැනු විමසන්නට නොගියේ මම දන්නවා ඒ වන විට අනුර විසින් කරගෙන යන ලද රාජකාරීන් කුමක්ද යන්න පිළිබදව.............

අනුරගේ මියයාම............


7 සිංහ සමගින් ක්‍රීයාන්විත රාජකාරින්






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment