Friday, November 23, 2012

1985 මැයි 17 දින යුධ හමුදාවට ඇතුලත් විම

   .මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
  ඉතින් බ්ලුඩයමන්ඩ් එකට 1985 මැයි මාසෙ 15 දින උදේ වැඩට යන කොටත් අහන්න ලැබුනෙ අනුරාධපුරයේ තස්ත පහරදිම ගැනම තමයි.සිදුඋන විනාසය නැතිඋන ජීවිත ගනන සහ තුවාල විස්තර.ඒ එක්කම තවත් ටික වේලාවකින් කියන්න අර ගත්තා යුධ හමුදාවට තරැණයින්ගේ අවශ්‍යතාවය සහ රට වෙනුවෙන් තරැණයින්ගේ යුතුකම ඉටුකලයුතු කාලය පැමිණ ඇත කියලා.ඒ සමගම දැනුම් දුන්නා හැදුනම්පත,ගාමසේවක සහතිකය,පාසැල හැරයාමේ සහතිකය,පොලිස් සහතිකය සමග චරිත සහතික සහ පුහුණුව සදහා සූදානමින් සියලු ඇදුම් පැලදුම්ද සමග යුධ හමුදා මුලස්ථානය වෙත පැමිණ යුධ හමුදාව වෙත බැදෙන ලෙසත් බදවා ගන්නා අයවලුන් එදින සිට පුහුණුව සදහා යාමට සූදානමින් පැමිනෙන ලෙස වැඩි දුරටත් දන්වන ලදී.
   ජා -ඇල සිට ලියනගේමුල්ල බ්ලුඩයමන්ඩ් ආයතනය වෙත යමින් සිටි මා හටස එය විට කිහිප වරක් ශවනය කිරිමට ලැබෙන ලැබෙන වාරයක් පාසා මගේ හිත කිව්වෙම මටත් ඒ සදහා යන්නම කියලයි.
     එදා ලියනගේමුල්ල වෙත යනවිට මගේ සිත පැති දෙකක නතර වෙලා.ඩයමන්ඩ් එකේ ඉන්නවද ..?රට වෙනුවෙන් සේවය කරනවද..යුධ හමුදාවට ඇතුළු වනවාද යන්නයි.මේ සදහාද ප්‍රධානම චේතනාවන් කිහිපයක් විය. ප්‍රථමයෙන් සදහන් කල හැක්කේ යුද්ධය සදහා මුහුණ දීමේ සියුම් ආසාවයි.දෙවැන්න ගෙදරට අම්මට තාත්තට හා ගමට බරක් විමට තිබූ අකමැත්තයි තෙවැන්න මා හට පිහියෙන් අනිනු ලැබූ සුමතිගෙන්  පලි තැනීමේ චේතනාවයි ....
      අවසානයේදි මම ගත්ත තිරණය යුධ හමුදාවට බැදෙන්නට.....හැම පැත්තක්ම ම කල්පනා කලා....තෝරගන්න ටිකක් අපහසු කරැණක් වුනේ බ්ලුඩයමන්ඩ් රැකියාව අත්හැර දැමිම.
        අවශානයේදී එක තීරණයකට ආව... ඒ... යුධ හමුදාවට බැදෙනව කියන තීරණය.
 1985.මැයි මාසෙ 16 වෙනි දින....
 මම ගියා බ්ලුඩයමන්ඩ් එකට අස්වෙනව කියලකියන්න.අවශානයේදී බර්නාඩ් මහත්මයාට කියලා ආව.ඒ මහත්තය කණගාටු උනා.ඇයි යන්නෙ ඉන්නමගෙ අංශයට එන්න කියලා කිව්වා.එයා හිතුවෙ මම යන්නෙ මාව මේකබල් අංශයට දාපු නිසා කියලයි.අවශානයේදී මම කිව්වා මම තීරණයක් අරගෙන ඉවරයි මම හෙට හමුදාවට බැදෙන්න යනව කියලා.මොකුත් වැඩියෙ කිව්වෙ නැහැ ඒ මහත්තය දෙමළ නිසා වෙන්න ඇති කියල මම හිතුවා.
1985 මැයි 17 වෙනි දින...........
පාන්දරින්ම ගියා යුධහමුදා මුලස්ථානයට පෝලිම තිබුනා යුධ හමුදාවට බැදෙන්න.මමත් බැග් එකත් අරගන පෝලිමට එකතු උනා.කොහොම හරි මම හිටියේ තුන්සියයක් හාරසියයක් විතර පිටුපසින්...උස බලලා,බර කිරලා සියලුම දේවල් ඉවර වෙන කොට සවස දෙක තුන විතර උනා.හවස හය හත වෙන විට එක් එක් කොටස් වශයෙන් බස්වලට දාගෙන අරගෙන ගියා.කෙහේ යනවද අපි දන්නෙ නැහැ.මම සමග හතලිහක් විතර බස් රථයකට නගින්න කිව්වා අම්පාරෙ යන්න තමන්ල පුහුණු වෙන්නෙ අම්පාරෙ කියල කිව්වා.අපිත් නැග්ගා සියලුම බඩු සමග.බස්රථය පිටත් උනා.සියලුම දේවල් කල්පනා කර කර ගියා.දවස් දෙකක් තුනක් තුලදී සිදුඋන දේවල් ගැන.
 අම්මටනම් කිව්වා මොකුත් කිව්වෙ නැහැ.අයියත් එතකොට යුධ හමුදාවෙ.මෙහෙ හිටියත් මාව එපමණ ව්ශ්වාසයක් අම්මට තිබුනෙ නැහැ.කරපු සහ උන දේවල් වල හැටියට..
බස් එකත් යනව....හිතත් එහෙ මෙහෙ යනව ..කට්ටිය සිංදු කියනව .... නින්ද යනව ... අවදි වෙනව...පැය ගානක් ගියා....අම්පාරට එන කොට 

1985 මැයි 18 වෙනි දින....
 අපිව කණ්ඩායම් වලට බෙදල තිබුනෙ... එදා රැම අපිට අපි අයත් කණ්ඩායම ඉන්න ස්ථානයටම ගිහින් භාරදුන්නා මම සහ තව කිහිප දෙනෙක් අයත් උනා ගජබා කියන කණ්ඩායමට.අම්පාර කොන්ඩුවටුවාන යුධ හමුදා කදවුරේ ප්‍රථම කණ්ඩායම ලෙස මා පුහුණුවීම ආරම්භ කරන ලදී.ඒ 1985 මැයි මස 25 වෙ දින සිටය.පුහුණූව ඉතාමත් සතුටින් කරගෙන යන ලද්දේ කාරනා කිහිපයක් මුල් කර ගනිමින්ය.ඉන් ප්‍රධනම චේතනාව වශයෙන් සදහන් කල හැක්කේ යුද්ධය සදහා මුහුණ දීමේ සියුම් ආසාවයි.දෙවැන්න ගෙදරට අම්මට තාත්තට හා ගමට බරක් විමට තිබූ අකමැත්තයි තෙවැන්න මා හට පිහියෙන් අනිනු ලැබූ සුමතිපාලගෙන් පලි තැනීමේ චේතනාවයි

මෙන්න මේ චේතනාවන් තුන මා හිතට තදින්ම කා වැදී තිබු බැවින් මාගේ පුහුණු කාලසීමාව ඉතාමත් හොදින් කරගෙන යාමට හැකි වු අතර පුහුණුව ලැබූ පන්සියයක්වු ආධුණික සෙබළුන් අතරින් හොදම සෙබලා තෝරා ගන්නා පස්දෙනා අතරට එන්නට මට හැකියාව ලැබුනි.

   මගෙ ආධුනික සෙබළ අංකය 17159 පුහුණු විම් ආරම්භ වුනා.උපදේශකයින් වශයෙන් හිටියා කෝපල් පේමරත්න සැරයන් රණලාල් සහ ශාරීරික අභ්‍යාස උපදේශක ධනසිරි සිල්වා කියල.නිළධාරි වශයෙන් හිටියේ ලුතිතන් ලැනරෝල් කියලා නිළධාරියෙක්.පුහුණුවත් හොදින් කරගෙන ගියා.අමාරැයි කියලා ගෙදර යන්න බැහැනෙ. මොනයම් භාධක මැද වුවද මාගේ චේතනාවන් මුදුන් පමුනුවා ගැනීම වස් මාගේ පුහුණු කාලසීමාව මා ඉතා උසස් අන්දමින් සිදුකරන ලදී.ගජභා කණ්ඩයේ සිටි කැපිපෙනෙන්න් අතර මමද පෙරමුණේ විය.කියන ඕනෑම දෙයක් කිරිමේ හැකියාව මා සතු විය.

             එක් එක් අයවළුන් ගැන විස්තර කරදිමට තරම් වැදගත්කමක් ගත්තද විශේෂයෙන් සදහන් කළ හැක්කේ කෝප්‍රල් රණලාල් ගැනය.එයට විශේෂීත චරිතය විය.එයට හේතුව වුයේ සෑම දිනකම එක් එක් වැරදි වශයෙන් වැවදි පහත් සොයා ගන්නා ඔහු රාත්‍රී කාල සීමාවේදී අප සිටින ස්ථානයට පැමිණිම සහ ඒ වැරදි හඩ නගා පවසමින් කණ්ඩායමේ සිටින ලොකුම පුද්ගලයා වන අප විසින් තඩියා යන නමින් හදුන්වනු ලබන අයවෙත ඉතාමත් වේගයෙන් වැරදි ප්‍රකාශයට පත්කරමින් පිටුපසට පහර දිමයි.එය ඔු විසින් පහර දෙනු ලබන්නේ මෙය ඩිමෝ එක(උදාහරණයක්) වශයෙන් සදහන් කරමිනිතඑසේම යම් හෙයකින් කිසිවෙකුට හෝ හෙමින් එම කෝටු ප්‍රහාරය සෙමින් එල්ල කරන බැව් ඔහුට නිරික්ෂනය වුව හොත් තඩියාට තවත් කෝටු පහර පහකට මුහුණ දීමට සිදුවෙන බැවින් ඔහු විසින් එල්ල කරනු ලබන පහර කෝප්‍රල් රණලාල් විසින් දෙනු ලබන පහරට වඩාත් දෙගුණ තෙගුණ වනු ඇත.එම කෝටුවල පුමානය සදහන් කරන්නේ නම් හරියටම කොසු මිටකට සමානයි. 
මෙම කෝටු සකස් කිරිමටත් ඔහුගේ ප්‍රතිපත්තියක් තිබුනි.දිනපතා නම්කරන අයවළුන් විසින් එම කෝටු සකස් කළයුතු අතර එම කෝටු නියමිත ප්‍රමානයට නොතිබුන හොත් නැවත කෝටු සකස් කල පුද්ගලයා විසින් නියමිත ප්‍රමානයේ කෝටු සකස් කල යුතු අතර ඔහුට හිමිවන කෝටු ප්‍රහාරය දෙගුණ වෙන බැවින් කිසිවකුත් කුඩා කෝටු කැපිමට උත්සාහ ගන්නේ නැත.එම නිසා එම කෝටු විශාල වුවද කුඩානම් වෙන්නේ නැත.
දිනපතා මෙය පුරැද්දක් විය එසේ පහර දිමක් නැතිව යන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකින් එක් දවසක් වනු ඇත.එවැනි දිනයක් මතකයේ ඇත්නම් ඒ රාත්‍රී වෙඩි තැබීම් සහ රාත්‍රි පුහුණු විමි තිබු දින වලදී පමණි.
     ඒ වෙලාවෙනම් මට හිතුනා අම්ම තාත්ත කියනදේ අහල ඉගෙන ගත්තනම් මොකද කියලා....ඒ එක්කම බ්ලූඩයමන්ඩ් ඒකේ දියමන්තියක් ඔපදමාගෙන හිටියනම් මොකද වෙන්නෙ කියලත් හිතුනා ....දැන් ප්‍රමාද වැඩියි පසුතැවිලි විමෙන් පලක්  නැත.......
   දැන්නම් එහෙම ගහන්නෙ නැහැ.ඒ ඉස්සර ........තව පනිෂ්මන්ට් නම් ඕන තරම් දුන්නා පුහුණුවේදී ....ඒව පස්සෙ ලියන්න ඕනෑ.....
     ආධුනික සෙබල පුහුණුවත් මම හොදට කලා... විසිර යාමේ පෙළපාලිය තියන්න පෙර තෝරන්න ඔනෑ හෙදම සෙබලාව(Beast Recruit)ඒ විසිර යාමේ පෙළපාලිය දින තැගි දෙන්න. අපි එක්ක පුහුණු උන පන්සියයෙන් පස් දෙනෙකුව අරගත්තා ඒ හොදම පස් දෙනා අතරට මමත් සිටියා.තෝරන තරගයට අපිව පුහුණු කලා සරඹ තමයි අරගත්තේ.එතනින් ඒක අවශාන උනා.හොදම ආධුනික සෙබලා වශයෙන් මාව නෙමේ තේරැනේ මට වැඩිය උසට හිටපු අපේ කණ්ඩායමේම පුෂ්පකුමාරයි.
            විසිරයාමේ පෙළපාලිය අම්පාර ගුවන් හමුදා කදවුරේ ගුවන් පථයේ තමයි තිබුනේ.අපේ ගෙදරින් නම් කවුරැවත් ආවේ නැහැ.මම කිව්වෙත් නැහැ.අම්මට තාත්තට කරදර කරන්න බැරි නිසා කියලා හිතුනා.අනික් හැම ගෙදරකින්ම ඇවිත් තිබුනා.අනික් අයගේ ඥාතින්,සහෝදරයො ඇවිත් සතුටින් කථා කර කර හිටියා මම තනියම හිටියා පැත්තකට වෙලා.
         ඊලග දවසේම අපි සියලුම දෙනාව අපි ඉල්ලපු ඒකක වලට ඇතුලත් කලා.මම ඉල්ලවෙ සිංහ රෙජිමේන්තුව පමණයි.ඒකට එක හේතුවක් තිබුනා.අනෙක් සියලුම ඒකකයන්ට වඩා වෙනසක් එහි තියෙනවා.අදටත් එහෙමයි.අපි කෙලින්ම අඹේපුස්සට ආවා.
     

මේ ඉන්නෙ බැච්ජ් එකේ එකට පුහුණු වෙලා අඹේපුස්සට ආපු අයගෙන් කිහිප දෙනෙක්......
රෙජිමේන්තුවේ සති දෙකක පුහුණුවකින් පස්සෙ අපි සියලුම දෙනාව රෙජිමේන්තුව තුල තිබෙන ඛන්ඩායම් වලට ඇතුලත් කලා......මම අහු උනේ බී ඛණ්ඩායමට......
ජිවිතයට මුහුණ දීම.....
1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට ඇතුලත්වීම...................






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)



. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................





No comments:

Post a Comment