Friday, November 23, 2012

උසස් අධ්‍යාපනයට නැවතීම

උසස් අධ‍‍යයාපනට නැවතීම් තිත                  

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   
          
  එය 1981දී
                      උසස් අධ‍‍්‍යාපනට නැවතීම් තිත තිබ්බෙ ඉගෙන ගන්න බැරිව නම් නෙමෙයි .......ගෙදර තිබුන ආර්ථික පුශ්නයන්ට අම්මට තාත්තට මුහුණ දිමට බැරිඋන නිසා කිවවට වරදක්නම් නැහැ.....ඒ උනාට අම්මනම් මාර උත්සාහයක් ගත්ත අපට උගන්වන්න ඒ අයිය රංජිත් සිල්වා ,නංගි සුමිතා රැක්මල් සිල්වා සහ මම  අප තුන්දෙනා හොදට ඉගෙනන ගෙන ඉන්න්ව දකින්න ආසාවෙන් හිටපු නිසා හරි අපේ අනාගතය  දැකපු නිසා වෙන්න ඇති  කියල දැන්නම් හිතෙතනවා....අම්ම එහෙම හිතුවට .....  
     කොහොමද පාසැලට යන්නෙ අදින්න හරියට ඇදුමක්වත් නැහැ...අම්ම තාත්තට කරදර කරන්නත් බැහැ ... අනෙක් අය ඉස්සරහ මමත් ඉන්න ඕනැ කියන මහා මාන්නයක් මටත් තිබුනා... ඒක මට විතරක් නෙමෙයි ඕනෑම අයෙකුට එන්න ඔනෑ එහෙම නැතිනම් වැඩක් නැහැ ඒක මිනිසත් කම නෙමෙයි....ඒ වාගේ ඉගෙන ගන්නේ කියෙන් කී දෙනාද කියල හිතන්න තරම් දැනුමක් මට තිබුනේ නැහැ කිව්වොත් එක ඇත්ත.ඒ ඒ කාලේ .....
       තාත්තත් ගමේ තියෙන කුරැදු ඉඩම්වල මැරිගෙන වැඩ...අම්ම එහෙන් ඒ සමග මම ගියෙත් නරක මිතුරන් සමග නරක කිව්වට නරකමත් නැහැ....
    තව හොද වැඩක් උනා ...ඇත්තම කියන්න එපැයැ මගේ ඇත්තම ඇත්ත කථාවට ........මම දුප්පත් උනත් හරිම ලක්ෂනයි ...ඔය අතරේ අපේ නැන්දලාගේ ගෙදරට ආවා කුලියට සල්ලි තියෙන කට්ටියක් ඔය ගෙදර හිටියා හරිම ලක්ෂණ ගැහැනු ලමයෙක් සහ අපේ වයසේම පිරිමි ලමයෙක්....සහ අපේ නංගිලාගේම වයසේ ගැහැණු ලමයෙක් ....අපේ කාලෙත් හොද නැහැනේ .....ගමේ අපේ වයසේ හැම අයෙකුගේම උත්සාහය ඒ ලමයා සමග යාළුවෙන්න ...මමත් උත්සාහ නොකරාම නෙමෙයි .......එතකොට මගේ වයස ඇති හරියටම අවුරැදු දහසයක් විතර...    ඒ ගෑණූ ළමයාගේ අයියා මගේ හොදම යාළුවෙක් උනා අපි හැම තැනම යනවා ඒ අයට සල්ලි තිබුනා...අම්මා කොහේද හොද රටක හිටියේ....මම එහේ ගෙදර යනවා එනවා ඒ සමගම ඒ අයගේ ගමෙත් යනවා ....ඒ අය නුවර අපි පාසැල් කට් කරලා එහේ මෙහේ යන්න පුරැදු උනා....මම ඒ ගැහැණු ලමයාගේ අයියා සමග නුවර බතලේගල කියන කන්දත් නැගලා තියෙනවා....ඒත් පාසැල් කට් කරලා ගිහින්.....අපි එකට සෙල්ලම් කරනවා...අපේ හැම අයෙකුගේම යටි අදහස ඒ ගැහැණු ලමයා සමග යාළුවිම තමයි...කිහිප දෙනෙක්ම උත්සාහ කලා... මමත් ඒ අතර ඒ මොකද දන්නවද ඒ කාලය වනවිට ඒ පලාතටම ලක්ෂණම ගැහැනු ලමයා කිව්වට වරදක් නැහැ... .අන්තිමේදී ඒ ලමයා මා සමග යාළුඋනා ..
    මේ විදිහට යාළුවෙලා ඉන්නකොට එක දවසක් අපේ අම්මටත් අහු උනා.....ඒ මගේ යාළුවා ඇන්ටට කියලා අපේ ගේ ලගට ගෙනැවිල්ලා මුල්ලකට වෙලා කථාකර කර ඉන්න කොට අම්ම හොරෙන්ම ඇවිල්ලා අපි දෙන්නට හනස්සකින් ගහන තෙක්ම මම දන්නෙත් නැහැ.මුරට තියල තිබුන යාළුවා ඇන්ටනි දන්නේත් නැහැ....මට හැම දෙයක්ම එපා උනා කිව්වා වරදක් නැහැ...අම්මට මුහුණ දෙන්න...දුප්පත්කම....මේ හැමදෙයකම ප්‍රතිළුලය උනා උසස් අධ්‍යාපනයට නැවතීමේ තිත තියන්න...අම්මා ගොඩක්ම කණගාටු උනා කිව්වොත් නිවරදියි ඒ උනාට අම්මට කරන්න දෙයක් ඉතිරි වෙලා ගිබුනේ නැහැ ඒ තරමටම මමත් දරැනු වෙලා කිව්වොත් නිවැරදියි්.......
        අම්මල දුක්වදලා උගන්වන විට අපි එහෙම කරාම අම්මලාට කණගාටුවට කරැණක් තමා ...ඒව වැටහෙන කොට අපි ප්‍රමාද වැඩියි.
 . මම හිතපු විදිහටම තීරණය අරගන 1981 දී පාසැලින් අස්උනා.ඒ ගත්තු තිරණයෙ වැරැද්ද තේරැම්  අරගන්න කොට මම පහුවෙලා වැඩියි. 
  පාසැ‍ලින් අස්උනාට කරන්නම දෙයක්නම් තිබුනෙ නැහැ.එක එක වැඩනම් කලා ඒ උනාට ඒවා එකක්වත් හරි ගියෙ නැහැ. ඊට පස්සෙ අම්මටත් කරදරයක් උනා මාව...එක එක තැන රස්තියාදු ගහන එක තමයි වැඩේ.ගමේ ගනන් ගන්නෙත් නැහැ.යාලුවොත් ඉන්නෙ මරැ කොල්ලො ටිකක්.මම එහා ගමට ඒ කියන්නෙ හොරගොල්ලට ඉස්සර ගියෙ ඉදල හිටල උනත් ඊට පස්සේ දිගටම යන්න ගියා..
    අර ගැහැණු ළමයටත් මට වගෙම අපේ ආදරය නිසා කරදර විදින්න සිදු උනා .....ඒ වනවිට ඒ අයගේ තාත්තලා සහ අම්මලා කථාකරලා ගෙදරින් කුලිය ගෙවලා පාසැලින් අස්කරගෙන .....පිටවෙලා යන්න ගියේ අපි දෙන්නගේ ආදරය දුරදිග යන බව දන්න නිසා වෙන්න ඇති...ගිය ඉසව්වක් මට හොයා ගන්නවත් ඉතිරි කලේ නැහැ ඒ දෙමව්පියන් .....මම ටිකක් කාලයක් හෙව්වා....දන්න කියන හැම තැනකම ගියා ඒ උනාට මම කොහේ හොයන්නද  ඒ ගැන අන්තිමට මගේ අදහස අත්හැරලා දැම්මා....
 හොරගොල්ලෙ හිටියා කැමල් අයිය කියල එයා වයස විස්සෙදී විතර ලග ගෙදරක රඹුටන් ගහකට නැගලා රඹුටන් කඩන කොට වැටිලා කොන්ද කැඩිලා හිටියේ....අපි එහාට පුරැදු උනා උදේ ඉදල රෑවෙනතුරැ ඉන්නව සමහර දවස් වලට...කැරම් ගහනව එයාගෙත් තනි රකිනව ඒ එක්කම තව එක එක දේවල් කරනව කරන්න දෙයකුත් නැහැ ..ඔහොම ඉදල අලව්වෙ පොල් ගෙනත් ගනේමුල්ලෙ විකුනන්න ගියා මම සහ ඇන්ටනිත් සමග ඒක හරි ගියෙත් නැහැ දවසක් ගනේමුල්ලෙන් අලව්වට ටිකට් නැතිව ගිහින් අහුවෙලා...පොල් ගේන්න තිබුන මුදල් ටික දීල තමයි බේරිලා ආවෙ.ඊටපස්සෙ පොල් ගේන්න මුදල් නැතිව ඒකත් අතහැර දමන්න උනා.

    අපේ අම්ම සැහෙන්න වසයි ......බයක්නම් ගැවිලාවත් නැහැ....අපි මොන තරම් දගර දැම්මත් ...අම්මත් අත අරින්නෙම නැහැ ....පස්සේ මම ගැන කල්පනා කරලා මාව රාගම ගොකු අම්මාට බාර දුන්නා...මමත් හැම දුකක්ම හිතේ තියාගෙන ඉන්න නිසා ....මමත් ගියා අම්ම කියපු නිසා...ඒ එක්කම මටත් ගම එපා වෙලා තිබුනේ අර ගැහැණු ලමයාගේ ප්‍රශ්නය නිසා.....







බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)



No comments:

Post a Comment