Saturday, March 21, 2015

ඉන්පසු ජීවිතය

ජීවත් වෙන්න දන්නේ නැති කාල සිමාවක්...........ඒ උනාට අම්ම ..තාත්ත කියපු දේවල්නම් ඔළු කට්ට ඇතුලත නොතිබුනාම නෙමෙයි..........හැම වෙලාවකම කියන දෙයක්නේ............හැදියන් .........හොදමිනිහෙක් වෙයන්.....රටට දැයට සේවයක් කරපන්..........නිකරැනේ මැරිලා යන්න එපා........ඉගෙන ගනින් ......හොදට හිටියොත් උඔට තියෙනවනම් කාටහරි උදව්කරන්න පුළුවන්......නැත්නම් නැහැ.......තමන්ට තමන් විතරයි...........අයියෝ ඒ කාලෙනම් පිස්සු වාගේ........ඒ උනාට ඒවා මගේ ඔළුකට්ට තුල.........නොතිබුනා නෙමෙයි...........ඇයි හැම වෙලාවේම කියනකොට ඒව තැම්පත් වෙනවා...........නරක දෙයක් කිව්වනම් ඒවත් එහෙම තමයි..........

මේ වාගේ දේවල් කියන්න........ඒ අයට දැනුම කොහෙන්ද...........?මම....මමත් මගේ දරැවන්ට තමයි දැන් කියන්නෙත්...මටත් දැනුමක් ලැබුනෙ කොහෙන්ද.??

පාසැලින් අයින් වුනා කියලා කරන්න නම් විශේෂ බලාපොරොත්තු කිසිවක් තිබුනේ නැහැ.....එපා වෙල් හිටියේ ජිවියත් එක්කම......
....මගෙ  තවත් මිතුරෙක් හිටියා ඒ තමයි ඇන්ටා ඒකට කිව්වෙ අපි දොඩමා කියලයි ඇයි ඒ දන්නවද ඇන්ටගේ තාත්තා දොඩම් විකුනන නිසා.... ඒ උනාට ඇන්ටව තාත්ත දාල ගිහින් තිබුනා....මම සහ ඇන්ටනි ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ කැමල් අයියලාගේ ගෙදරදී තමයි..මම සහ ඇන්ටා ගියා රක්ෂාවක් හොයා ගෙන මාකවිට පැත්තේ තියෙන කොහු මෝලකට දිනකට වැටුප දෙනවා ..කොහු තලන්න පටවන්න ...කොහු ලෙලා ගොඩ දමන්න සතියක් දෙකක් ගියා  එපා උනා....සති දෙකේ පඩි අරගෙන ඉවර වෙලා අපි ගියේ නැහැ....ඒ මුදල් අරගෙන අලව්වේ ගියා පොල් අරගෙන ඇවිත් විකුනන්න කිහිප වාරයක් පොල් අරගෙන ඇවිත් වික්කා ගණේමුල්ල නගරයේ ඒ උනාට එපමණ ලාබයක් නම් ලැබුනේ නැහැ......
එක දවසක් සුපුරැදු පරිදි අලව්වට ගියා පොල් අරගෙන එන්න...ගම්මානයන් වලට යන්නෙ පොල් එකතු කරන්න මට මතක හැටියට ඒ ගමේ නම පින්තාලියද කොහේද...? ...ඒ දවස්වල අපි අලව්වට පුරැද්දක් වශයෙන් දුම්රියේ ටිකට් අරගෙන යන්නේ නැහැ...හොරට තමයි යන්නේ...ඒ මුදල අලව්වෙන් තේ දෙකක් බොන්න දෙන්නටම ප්‍රමානවත්...ඔහොම ගිය අපි දෙන්නව එක දවසක් අලව්වේදි චෙකර්ලාට අහුඋනා....කොපමන කන්නලව් කලත් අපි දෙන්නට නම් බේරැමක් ලැබුනේ නැහැ . අන්තිමේදි පොල් ගෙනෙන්න තිබුන මුදල් දීලා අපි දෙන්නා බේරිලා ආවා........එදායින් පස්සේ පොල් ගෙනෙන්න මුදල් නැහැ....කාගෙන් ඉල්ල ගන්නද..?අපිට කවුද ඒ දවස්වල ශතයක්වත් දෙන්නේ.......
ඉන් පස්සේ දෙන්නම ගම්පහ තේ කඩයක වැඩට ගියා....දෙන්නම දවස් කිපයක් වැඩකලා .හොදට  කන්න බොන්න තියෙන නිසා දෙන්නම සතියක් දෙකක් හිටියා....ඇන්ටට කන්න දන්නේම නැහැ....කොහෙන් ගියත් මුදලාලිට හොරෙන් මොනවා හෝ අරගෙන එනවා ඇවිත් දෙන්න එක්ක කනවා...එහෙම හොරෙන් කාල අහු උනොත් ඉදල ඉවරයි ඇන්ටවනම් කිහිප පාරක් අහුඋනා....කොහොම හරි මුදලාලිට ඇන්ටව තව පාරක් අහුඋනා..ඒ පාර ඇන්ටට සමාවක් ලැබුනේ නැහැ එතනින් එලවලා දැම්මා....මම එතන තනියම තවත් සතියක් වැඩ කලා නැත්නම් පඩි නැහැ.....ඒ සතිදෙකට ඉතාමත් සුළු මුදලක් ලැබුනත් අපි දෙන්නට පොල් ගෙනෙන්න එම මුදල් මදි....ඒ නිසා එයත් එතනින්ම අවසන් උනා.......
මේ දවස්වල අපේ තාත්තට රක්ෂාවක් නැහැ...මුදලුත් නැහැ...මමත් එක එක තැන්වල යනවා.සමහර අවශ්ථාවල ගෙදර එන්නෙත් නැහැ...කොහොම හරි අපේ අම්ම පල්ලියේ කාටහරි කියලා වේයන්ගොඩ පල්ලිය බලාගන්න වැඩක් හොයල දිලා තිබුනා..තාත්තට.ඒකට හේතුව වේයන්ගොඩ පල්ලියේ හිටියේ අපේ පල්ලියේ සේවය කරලා ගිය පිලිප් කියන සුවාමියි.එතුමා පල්ලිය බලාගෙන ඉන්න වයසක එක්කෙනෙක්ව හොයලා තිබුනා අපේ අම්මට පණිවිඩය කිව්වේ කවුද දන්නේනම් නැහැ...අපේ තාත්තා වේයන්ගොඩ පල්ලිය මුරකරැ වශයෙන් ගිහින් හිටියා....පිලිප් පාදර් නැවතිලා හිටියේ නිට්ටඔුවෙ තිබුන පල්ලියේයි..



මිනිසකුගේ තිරණයක් කොපමන දුරකට වෙනස් විම් සිදු වෙනවාද කියල හිතාගන්නත් බැහැ......


මිතුරන්ගේ උදවිවට ගොස් පිහියෙන් ඇනුම් කෑම


. ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................







No comments:

Post a Comment