Friday, November 23, 2012

ඉගනගත්තු පාසැල

                       
        තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයෙන් තමයි මුලික අධ්‍යාපනය ලබා ගත්තෙ.හොදින් පන්තිවල වැඩ කරගෙන ගියා.අම්මගෙ උත්සාහය නිසාම.අපිට ඉගෙන ගන්න පුළුවන් කම තිබුනා.ආර්ථික අපහසු කම් ගමේ හැම අයෙකුටම වාගෙ තිබුනා දැන් වාගෙම.අපිටත් එහෙමයි.අම්මට ටිචර්ලා පවා ආදරය කලා ඇයි හැම දෙයකටම මුලින් ඉන්නවා.ඒකට හොදම උදාහරණයක් තමයි පල්ලියට අයිති වෙලා තිබුන පාසැල රජයට පවරාගන්න නියෝග පනවපු වෙලාවෙ ඉස්සරහටම ගිහින් තියෙන්නෙ අපේ අම්මලු.පොලීසියටත් බය නැතිව ඉදලා තියෙනවා.පොලීසිය ආවත් ආපහු ගිහින් නැතිලු.
   
 ඒ වාගෙ හැම දෙයකටම යනවා ඒ නිසා පාසැලේ ගුරැවරැත් ආදරය කලා.ගුරැවරැත් අපි තුන්දෙනා ගැන අවධානය යොමු කලා කිහිප දෙනෙක් හැරෙන්නට.....අප කොපමන දගකාරයෝ උනත් අපි අපේ ගුරැ මෑණිවරැන්ට පියවරැන්ට හරිම බයයි.....ඇයි ඒ දන්නවද ගුරැවරැ කාටවත් බය නැහැ ඒ කාලේ ....හොදට දෙකක් දීලා තමයි අම්මලට භාර දෙන්නේ.......අම්මලවත් කථා කරන්නේ නැහැ......ඇයි ඒ දවස්වල අම්මලා දන්නවා මේ ගහලා තියෙන්නේ වරදකට ඒ දරැවන්ව හදා ගන්න කියලා..........
ඉතිං අපිවත් භාර දීලා තිබුනේ අපේ අම්මා පාසැලේ හිටපු හොදම ටිචර්ට........ඒ තමා විමලාවතී ටිචර් .......දැකකහමත් අපි බයයි.......ඒ උනාට අපිට හරිම ආදරයක් කරැණාවක් දැක්කුවා........මාව විතරක් නෙමේ අපි සියළුම දෙනාව  හොදට හදන්න මහත් වෙහෙසක් අර ගත්තා.....අධ්‍යාපනය ලබා දෙන්න වගේම විනයානුකුලව අපිව හදන්න...ඒ වාගේම තමයි අනෙක් ටිචර්ලාත් ගණිතය උගන්වපු අයිරංගනි ටිචර්.මයිකල් ගුරැතුමා...සයිමන් සර්.... උඩුගම ටිචර්... ...පෙරේරා ගුරැතුමා.....ටිටස් ටිචර්....කිහිප දෙනෙක් .....
ජිවිතයට නම් අමතක වෙන එකක් නැහැ.......අමතක කරන්නත් බැහැ.....අපි මෙහෙම හරි අද ජිවත් වෙන්නේ ප්‍රථමයෙන්ම අම්ම තාත්තට පිහිට වෙන්න..........ඊට පස්සේ ගුරැ මෑණි වරැන්ට හා .ගුරැ පියවරැන්ට පින් සිද්ධවෙන්න කියලා කිව්වාට කාටවත් කිසිදු වරදක් නැහැ..........
අපේ ගෙදර අයියට මට හා නංගිට ඉගෙන ගන්න හොදට පුළුවන් ගමේ අනික් අයට වඩා..... පන්තියේ ලකුණු අතර ඉදිරියෙන්ම හිටියා.......ඒ උනාට ටික ටික ඉස්සරහට යන්න යන්න වැරදි පැත්තට යොමු වෙන්න ගියා ...දැන්නම් පංතියෙන් පංතිය ඉස්සරහට යන්න යන්න උනන්දු වෙනවා වෙනුවට අපි කලේ ඒකේ අනික් පැත්ත...මම  ඉංග්‍රීසි පංති තියෙන වෙලාවට පංතිය කට් කරලා යන්නත් පුරැදු උනා....උඩුගම ටිචර් අම්මටත් කියලා.....ගුටිත් කාලා අම්මගෙන්....ඒ උනත් මම දවස ගානෙම පංතිය කට් කරන්න පුරැදු උනා.............ඉංග්‍රිසි මට එපා වෙලා ගියා මොකක්ද කියලා මම දනනේ නැහැ.......ඒකට විශේෂ වු හේතව නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි අනිවාර්ය විෂ්‍යයක් උනේ නැති එක තමයි........මට තරමක් අමාරැ උන එය අතහැර දැම්මත් ගෙදරින් ප්‍රශ්ණයක් උනේ නැත්තේ .....අත්‍යයවශ්‍ය විෂයයක් නොවුන නිසයි...නැත්නම් කොහේද අපේ අම්මත් එක්ක........
කිසිම දෙයක් පාඩම් කලෙත් නැහැ අපොස සාමාන්‍ය පෙළ පාස් උනා යාන්තමින්......කිසිම දෙයක් පාඩම් කලේ නම් නැහැ ....විභාගය පාස් උනත් යායුතු ඉලක්කයක්නම් තිබුනේ නැහැ...ඒක බරපතල වරදක් කියලා දැන් තමා තේරැම් යන්නේ .....එදා මම හොදට පාඩම් කලානම් .....මම ඉන්න තැන කොහේද කියලා හිතා ගන්නවත් බැහැ............

තිබ්බේටුගොඩ ඉස්කෝලෙන් අයින් වෙලා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ කරන්න මම ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් උනා.....මම සමග නිල් රැපස්...රංජිත් සිල්වා......මල්ලිකා කුඩාබොල්ලතේ හොදට ඉගෙන ගන්න පුළුවන් එයත් ගලහිටියාවට ගියා.........තවත් කිහිප දෙනෙක් ගියා........


මාගේ පාසැල් අවධිය.............

 ජිවිතයට මුහුණ දීම.....
..ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... ඔබත් බලන්න
...වැදගත් වේවි කවදා හරි.... 
ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment