Tuesday, November 20, 2012

මගේ දෙමව්පියන් සහ සහෝදර සහෝදරිය...

අපේ අම්ම තාත්තා My Father And Mother
අපේ තාත්තා
එස් වේලිස් ජෝශප් සිල්වා...
කොළඹ වරායේ කුලී සේවකයෙකු වශයෙන් රාජකාරී කරන ලදී.එපමණ වැටුපක් නොලද මොහු නවාඩු දිනවලදී වෙනත් කුලී වැඩක නිරත වෙන්නේ යම් මුදලක් උපයා ගෙන අප තිදෙනාගේ කුසගිනි නිවීම සදහාය.
ඉතාමත් අහිංසක ගතිගුණ වලින් හෙබි මොහු මාසයේ වැටුප් ලබා ගෙන නිවසට පැමිණී විට අප සියල්ලම කැදවා ටොපී හෝ සීනි බෝල කිහිපයක් සියල්ලන්ටම බෙදා ගන්නා පිණීස උඩ දමන්නේ යම් සතුටක් විද දරා ගැනීම පිනීස විය යුතුයි...ඒ සිනහව මට අද මෙන් මගේ මනසේ රුව් පිලි රැව් දුන්නද?මම මගේ යුතුකම් කොටද පියානන් වෙනුවෙන් ඉටු කලද එය ප්‍රමානවත් නොවන්නේ යැයි දැන් සිතේ...
එලෙසින් වැටුප් ලබන දිනය අප විසින් දැන ගත්තද?එදින යම් මදුවිත ස්වල්පයක්ද තොල ගෑම ඔහුගේ යම් සිරිතක් වුවද?වෙනත් කිසිදු දිනෙක එලෙසින් කටයුතු කර නොමැති බව සදහන් කල යුතුයි...
මෙම කාල සීමව වෙන විට මට යමතම් මතකයක් පමණක් වුවද රැකියාවෙන් අනතුරුව යම් වත්තක හෝ නිවසක කුලී වැඩක යෙදීම කරන බව මම විසින් සදහන් කර ඇත.එවන් අවශ්ථාවන් වලදී ඔහු නිතරම අමුඩය ගසා ගෙන එම වැඩ කටයුතු සිදු කරන අතර කොපමණ දුරක් ගතකර හෝ එම අමුඩය පිටින්ම තම වැඩය කරන ස්ථානය කරා පිටත්වීම හෝ එම වැඩය අවසන් කර වාන්වල යන ස්තානයේ හෝ කොට්ටුන්න යන ස්ථානයන්ගෙන් ජලය ස්නානය කර නැවත නිවසට එන්නේද තම අමුඩය පිටින්මය.එසේම ඔහුගේ සරම ඔලුවේ ජටාවක් මෙන් බැදගෙන පැමිණීමද විශේෂිත කරුණක් විය.
එහෙත් මෙලෙසින් අමුඩය පිටින් පාරේ පැමිණීම එම කාල වකවානුව තුල එපමණකට සිතිය යුතු කරුණක් නොවූයේ තවත් බොහෝ දෙනෙකු එලෙසින් කටයුතු කරනා බැවිනි...
ඉතාමත් අහිංසක චරිතයකට හිමිකම් කියනා මගේ තාත්තා කිසිම විටෙක මට  හෝ මගේ සහෝදරයන්ට අතක් ඔසවා පහර දීමක් කිසිදු  අවශ්ථාවකදී සිදුකර නොමැති අතර අප විසින් යම් යම් අවශ්ථාවන් හිදී යම් යම් බහින් බස් වීම් සිදුවී ඇතත් එය බොහෝ දුරකට ඇදී නොයන්නේ තාත්තා විසින් එය මගහැර යන බැවින්ය...
කොතෙක් අහිංසක යැයි පවසන්නේද කවුරුන් හෝ කුමක් කීව්වාද එය කිසිම ගනනකට නොගෙනමින් තමන්ගේ පාඩුවේ තම ගමන හා තමන්ගේ වැඩය කර අවසන් කරන බැවිනී....
මට හොදින් මතක ඇති කාලය වෙන විට වරාය කම්කරු රැකියාවෙන් විශ්‍රාම යන අවශ්ථාවෙන් අනතුරුව ඉතාමත් අපහසු කාල පරිච්ඡේදයකට ලක් වුවත් ඉන් කිසිදු අවශ්ථාවකදී නොසෙල් වෙමින් තම කටයුතු කරන ලදී.
එහෙත් සියල්ල තම මනසේ දරා ගැනීම කොතෙක් දුරකට බල පෑවේද යන්න සදහන් කරන්නේ නම් කාලයෙන් කාලයට මනසේ ආබාධයක් ඇතිවෙන ලදී..ඒ කුමණ කරුණක්ද යන්න පැහැදිලි කිරීමට තරම් ශක්තියක් එකල නොවුවද වර්තමානය වන විට මා හට පසක් කර ගැනීමට හැකියාවක් ඇත. කිහිප අවශ්ථාවකදීම මානසික රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇතත් අම්මා විසින් වැඩි කලක් නොගොස් ගෙරට ගෙවිත් බෙහෙත් හේත් කිරීම පිළීබදව මාගේ මැණීයන්ට ස්තුතිය පුද කරන්නෙමි..එසේම අසනීප වුවද බෙහෙත් ලබාදීම හෝ ඔහු රැක ගැනීම ඇයගේ එක් රාජකාරියක් විය.එම කාලය වන විට මුලු ගම් පලාතම ඒ බැව් දැන ගත්තද අපට ඒ පිළීබදව වැඩි අවධානයක් යොමු කිරිමට නොහැකිව ඇත්තේ අපද එම කාලය වන විට එක් එක් අනවශ්‍ය කාර්යයන්හි  නිරතව සිටිනා බැවින් යැයි දැන් දැන් මගේ මනසට නැගේ..

අපේ අම්ම තාත්තව නම් මතක් වෙන වාර ගනන කියල නිම කරන්න බැහැ හරිම දුප්පත් ඒ උනාට කාටවත් අතපාන්නනම් ගියේ නැහැ .........අතපාල ජිවත් උනත් ඒක කොාහාම හරි ගෙවනවා......පුදුම දුක් කන්දරාවක් අපි හින්දා වින්දා ඒ උනාට සැප ගන්න තියෙන කාලය එනවිටම මිය ගියා දෙන්නම ....කාටවත් කරදරයක් නොකරම.........
අදටත් අපි මම බිරිද පුතා දුව දෙන්නව හැම වෙල්වකම මතක්කරනවා............හැමදවසකම..............
.....
ඒ වාගේම තමයි මගේ බිරිදත් අම්මට තාත්තට පුදුම ආදරයක් ...ඒකනම් කාටවත් දකින්න ලැබෙන එකක් නැහැ....මමත් හරිම වාසනාවන්තයි ......ඒ අතින්නම්.......මම හදවතින්ම සතුටුවෙනවා ඒ අත්දැකීමට නම්...එය කාට කොහොම කියන්නද කියලනම් මම දන්නේ නැහැ....කියලා තේරැම් කරල දෙන්නත් මට බැහැ......එහෙම කියන්න  ගියත් අද ලෝකයේ හැටියට ඒක හීනයක්...............
      Father's name S W V Silva and mother H Mary Hariyat Fernando both of this two poor parents dedicated their all time to protect other three children..................
  Father  -    S W V Silva               Mother - H Mary Hariyat Fernando 



සහෝදර සහෝදරිය...

මගේ සහෝදර සහෝදරියන්.........

මට සහොදරයින් දෙදෙනෙක්ද එස් සහෝදරියක්ද විය...

වැඩිමලා එස් රංජිත් සිල්වාය.ඉන්පසු මම එස් ජූඩ් සිල්වා..මට බාල සහොදරයා එස් අනුර සිල්වාය..සහෝදරිය එස් සුමිත්‍රා රුක්මල් සිල්වාය....

කුඩා අවධිය ඉතාමත් දුක්බර උවවත් කිසිදු විටෙක අප බඩගින්නේ නොතබමින් කටයුතු කිරීම පිළීබදව මාගේ මෑණීයන්ට සහ පියානන්ට ස්තුති වන්ත වන්නෙමි.

එසේම පාසැල් ජීවිතය කෙතම් සුන්දර අත්දැකීමක් වුවත් එහි හරයක් තේරුම් ගැනීමට තරම් අපොහොසත් වීම පිළීබදව වර්තමානයේ පවා කණගාටුවට පත්වුවද?පැමිණී ගමන් මග පිළීබදව සතුටට පත්වීමට හැකි කානාවන් බොහෝ පුමාණයක් නැත්තේ නොවේ...

පාසැල් ජීවිතයේ අප තිදෙනාටම හොදින් ඉගෙන ගැනීමට හැකියාවක් තිබූ බැව් සෑම ගුරු මහත්ම මහත්මියකගේම අදහස විය.එසේම සෑම පන්තියකදීම සැහෙන ලකුණූ ලබා ගනිමින් පන්තියේ යම් ස්ථානයක් ගැනීමටද හැකි වුවත් නැතිබැරි ක්‍රම වේදයක් තිබු බැව් වර්තමානයේ පසක් වේ ඒ කෙසේ වෙතත් අපගේ අම්මා නම් නිතරම පාසැලට පැමීණීම සහ පාසැල ගුරු මහත්ම මහත්මියන් සමගින් සම්භන්ධව කටයුතු කිරීම නිසා පාසැලේ ගුරු මහත්ම මහත්මියන්ගේ වැඩි අවධානයක් අප තිදෙනාට ලැබූ බව නම් නොරහසකි.අපද අපගේ අම්මාගේ ආකාරයට කටයුතු කලද ඉතාමත් දඩබ්බර ගති පැවතුම් ඇත්තා වූ අයවලුන් වූයේ සෑම දිනකදීම කවුරුන් හෝ සමගින් රංඩුවක් පටලවා ගන්නා බව මා දන්නා බැවිනි...

අප තිදෙනා නිවසේදී රංඩු වීම දෙමව්පියන්ට කරදරයක් වුවද පාසැලේදී තිදෙනාම එකමුතුව ක්‍රියාත්මක වු ආකාරය මාගේ මතකයේ හොදින් සටහන්ව ඇත.







මගේ ඥාතීන්


ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment