Monday, November 19, 2012

අපේ ගම

 අපේ ගම
         තිබ්බොටුගොඩ,ගණේමුල්ල
    බස්නාහිර පලාතේ ගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය.
  වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත,විලේගොඩ,පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය.
     මෙම රමණිය ගම්මානයන්  දෙක රමණිය කදු කිහිපයක් පිහිටා ඇති අතර ඒ සමගාමිව ගැමි ජිවිතයට නෑකම් කියන සරැසාර කෙත් යායකින් සමන්විත වන අතර කෙත් යාය මැදින් ගලා බස්නා උරැවල් ඔය කාගේත් නෙතට එක්කරනුයේ දැකුම්කලු මනහර දර්ශණයකි.
ගැමි ජනයාගේ ප්‍රධානම ජිවනෝපාය කුඹුරැ ගෙවිතැන විය.


   මෙම ගම්මානයන්හි අතීතය හාරා අවුස්සාන්නාවු ඔනෑම අයෙකු හට දක්නට ලැබෙන්නේ පළමුවන රාජසිංහ රජ සමයේ  දිවයින ආක්‍රමණය කොට සිටින ලද පෘතුග්‍රීසින් පලවා හැරීම සදහා යුධ සේනා මෙහෙයවද්දී මෙම පලාත් භාරව ඩිංගිරි නම් රජ කුමාරයෙක් මේ පදේශය භාරව ක්‍රීයාකර ඇති බවත්,සතුරන් හා සටන් කිරිම පිනිස ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙහි පිහිටි කදු ගැටයක් භාවිතා කළ බවට මුඛ පරම්පාරානුගත වංශ කථාවල පැවසේ.එසේ නම් නිරානුමානව රජ පවුලට අයත් කුමාරවරැ නිළමෙවරැ  මෙන්ම රාජකීය පනිවුඩකරැවන් සහ රට ආරක්ෂාකිමට සහය වු රණවිරැවන් මෙම ගම් පියස් හරහා කොතෙකුත් ගමන් කොට ඇත්ද යන්න අප හට සිතාගත හැක.
   තවද ඒ සදහා ඇති කදිම උදාහරණය වන්නේ මෙතෙක් ඉතිරිව ඇති නාම මාත්‍රයක් වශයෙන් හදුන්වනු ලබන ඩිංගිරි කඩුව නමින් පදේශයේ සෑම අයෙකුගේම සිත් ඇදගත් ඇල මාර්ගයක් වන ඩිංගිරි කඩුව යන ඇල මාර්ගයයි.
  ඒ අනුව බලන කළ මෙම ගම්මානය ‍‍‍ෙළුතිහාසික වටිනාකමක් ඇති පසුබිමක් අනුව ගොඩනැගී ඇති පැරණි ගම්මානයක් වශයෙන් හදුන්වා දීමට අප කිසිවිටකත් පසුබට නොවිය යුතුය.


     1815 දී ඉංග්‍රීසින් අතට සිරකරැවකු බවට පත් තුන් සිංහලයේ අන්තිම සිංහල රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ නම් වූ මහ නිරිදුන් සිරකරැවකු ලෙසින් මහනුවර සිට කොලොම්තොටට රැගෙන යන ලද්දේද තිබ්බොටුගොඩ මායිමක්  ගෙස සැලකෙන එමෙන්ම සභාවක් ලෙස 1999 ඔක්තෝම්බර් මස 01 වන තෙක් පැවති  ප්‍රධාන දෙව් මැදුර අසලින් බව මුඛපරම්පරානුගත කථාවන්හි සදහන් වීම ද විශේෂත්වයකි.

මම ඉපදුන ගම,ජිවත්උන ගම

ගම ගැන නම් කියන්න දෙයක් නැහැ... ඒත් අපේ දරැවන්ට නම් ඒ ගමේ අසිරිය දැකගන්න්ට විදගන්නට නම් ලැබෙන එකක් නැහැ ....නැහැ නැහැ ලබන්න බැහැ ... ඒ කාලය ලබාගන්නත් බැහැ ... කුඹුරැ යාය.... ඒකනම් තාමත් ති‍යෙනව ඉස්ස්ර තරම් වගා නොකලට,ඒ දහස්වල ගෙවල්නම් ඒ තරම් නැහැ . ගෙවල් පහක් හයක් ඇරැනහම.වටපිටාවම කුරැදු ඉඩම් හැම තැනකම වගෙ හැම තැනකම කජු ගස් ... කජු වාරය ආවහම කජු පුහුලම් කාලා එපා වෙනව .ඇදුම් නම් ගන්න දෙයක් නැහැ.කජු ඉදුනු පුහුලම්  කඩල කපල ලුණු ගම්මිරිස් දාලා ඇතිවෙන්න කනවා..පේර ,වෙරළුත් ඒ වාගෙම තමයි.එදා තිබුන පරණ ගෙවල් කිහිපයක් අදටත් තියෙනවා.සමහර ඒ ගෙවල් දිහා මම ආදරයකින් බලාගන යන්න පුලුවන්....අතීතය මතක් වෙනව නිකන්ම.......

 කුඹුරැ යාය මැදින් ගලාගන යනව උරැවල් ඔය අපි නාන්න යන්නෙත් ඒකට තමයි... ඒ අම්මට තාත්තට හොරෙන්.....අම්මයි තත්තයි කැමති .......නැහැ ඔයට නාන්න යනවට ....ඇයි දන්නවද...එක බිලිගන්නවලු ඒකයි.තාත්ත ඉස්සර බැදල හිටපු අම්මයි අක්කයි එයට බිලිඋන නිසා කියල කිව්වට අපිනම් බය අහලකවත් නැහැ..අයිය මම සහ මල්ලි අම්ම නැති උනහම පැනල යනව නාන්න... .ඒව විශ්වාස කෙලෙත් නැහැ.... ඒ කාලෙ ....දැන්නම් එය විශ්වාස කරන්න උනා...ඒ ගොඩක් අයව බිලිගත්ත නිසා.....

ගිල්ම මැද ඉදිවි ඇති කීඩා පිටිය
                 මම පිනන්න ඉගෙන ගත්තෙ පන්සලවත්තෙ ගිල්මෙ දැන් ඒක පුරවල පාරක් කරල . ඒ දවස්වල ඒ පැත්ත හරිම ලකෂණයි දැන්නම් හිතන්නත් බැහැ.ඒ පැත්තටම ගෙවල් දෙකයි තිබුනෙ.. ඉන් එකක් ඇඩ්වින් බාප්පලාට අයිතියි.වත්ත පුරාම කජු ගස් කජු පුහුලම් හැම ගහකම.... පේර ගස් ඒ තරමටම තිබුනා.....අපිට හිටිය අසල්වැසි ලගම නෑදෑයින් තමා ඒ අය ..අපිට යමක් කමක් නැති උනාට ඒ අයට තිබුනා...අපිට නැත්තෙමත් නැහැ. තාත්ත වැඩට යන නිසා.. අම්ම අපිව බාරදිල යනව පන්සලවත්තට අපිත් යන්න හරිම ආසයි..
.ඒහාට ගිහින් දානකම් බලාගන ඉන්නෙ. ගෙවල් දෙක  වටටම තිබනා කුරැදු ඉඩම් යායක් දැන්නම් නැහැ....
      ඒ දවස්වල අඩි පාරක් නැහැ ගණේමුල්ල ටවුමට යන්න ගිල්ම මැදින් තමයි යන්න ඔනෑ එක මැදින් තමයි ඇඩ්වින් බාප්ප වැඩට යන්නෙ එන්නෙ ඇයි ගණේමුල්ලට යන්න තියෙන ලගම පාර නිසා. අන්න ඒ පාර අඩි දෙකක් තුනක් විතර  හැමදාකම වතුර පිරිල තමයි තියෙන්නෙ.ඒ වතුර තියෙන අඩි පාර  හරිම පිරිසිදු වතුර නිල් පාට වතුර මාලුවොත් ඉන්නවා.ඒ විදිහටදැන් කොහේද මාලුවෙක් දකින්න තියා එහෙම වතුර පාරක්වත් දකින්න නැහැ.අපිව පන්සලවත්තට අම්ම බාරදිල ගියපු ගමන් කරන්නෙ වත්ත වටේ හොදට සෙල්ලම් කරනවා.පස්සේ හොදට වෙහෙස උනාම එතනට දුවන එක තමා.
       ඉස්සර වෙලාම යන්නෙ එකට බැහැල මාලුවන්ව අල්ලන්න.ඊට පස්සෙ අපි කරන්නෙ නාන එක.නාන ගමන් පිනන්න පුරැදු වෙනවා අත්දෙක බිම ගහගෙන තමයි පීනන්නෙ.කවුරැවක්වත් කියල දීල නම් නෙමෙයි.නෝනමම්ම නම් බැනල ඉවරයක් නැහැ.. අපිව බලන්න ලගට වෙලා ඉන්නව.නැත්නම් ඒ අක්කලව හරි අයියව හරි එවනව අපිව බලාගන්න.ඔන්න ඔය ඇලට බැහැලම අපිට පිනන්න පුරැදු උනා.ඒ පිනන්න පුරැදුවිම අපිටවත් හිතාගන්න බැහැ.
        උරැවල් ඔය නාන පැති කිපයක් තිබුනා අම්ම එක්කරගන ගියම අපිව අරගන යනව වැල්ලට ඒ තැන ගැඹුරැ නැහැ.හැම තැනම එකම උස මඩ ටිකක්වත් නැහැ.හැම තැනකම වැල්ල ඒ නිසා හැම අයම ඒතනට කිව්වෙ වැල්ල කියලා.අපිව හැම දවසකම එක්කරගන යන්නෙ නැහැ.ඉදල හිටල දවසක නාන ලිදේ වතුර අඩු උනහම තමා අපිව එක්කරගන යන්නෙ .නැත්නම් ඉතින් ලිදෙන්ම තමයි.ඒ දවසනම් පුදුමාකාර සතුටු දවසක්.
            අනික් තැන තමයි කොට්ටුන්න කියන්නෙ එතනට නම් අපිව එක්කරගන යනව තියා පැත්තටවත් යන්න දෙන්නෙ නැහැ.එතන ඒ තරම් භයානකලු.ගොඩක්ම එතන ඉන්නෙ පිනන්න පුලුවන් අය වාගෙම මාලු අල්ලන ගමේ අය,වැලි ගොඩ දමන අය.මටත් එතනනම් භයානක කම එදා ඉදලම හිතට දැනුන හින්දද මංදා මමත් එතන නාල ඇත්තෙ වාර තුනක් හතරක් විතර ඇති ජිවිත කාලයටම ඒත් ඒ හොදට පිනන්න පුරැදු උනාට පසුව තමයි.
          ඊලග තැන තමයි මම අර කිව්ව බිලි ගන්න ස්ථානය.එතනට කිව්වෙ වාන්වල කියලයි.ඉස්සර රජ කාලෙ එතන වානක් බැදල තිබිල තියෙනවා ගොවිතැන්  කරන අයට වතුර අරගන්න.ඒ නිසා එතන ටිකක ඈතට යනවිට එහි ජබුර ගැන කියන්නත් බැරිලු.ඒ දවස්වල එතන මාලු අල්ලන අය අතුරින් කිහිප දෙනෙක් හිටියා පතුලටම ගිහින් දැල් හිර උනහම මාලුත් අරගන දැලත් බේරගන එන කට්ටිය.දැන්නම් එහෙම අය නැත්තටම නැති තරම්.එතනට තමයි අපි ආසම ස්ථානය.දන්නවද එතන ඉස්සර පාලමක් නැහැ.පොල් කදන් දමල තමයි එහා පැත්තට කුඔරැ වැඩට එහා පැත්තට යන්නෙ එන්නෙ.දැන් වාගෙ ගොවිතැන් වැඩට ටැක්ටර් මැෂින් එහෙම තිබුනෙ නැහැ.හරක්ගෙන් තමයි හැම වැඩක්ම කර ගත්තෙ.
   ඒ පොල් කදන් බැදල තිබුනෙ උස අඹ ගහක ඒ අඹ අතු අර ඇල පැත්තට නැමිල තමයි තිබුනෙ.උස කියන්නෙ එක එක උසට හැදිල තිබුන හරියටම අපිට කියල හැදුව වාගෙ.අඩි දහයක් එක අත්තක්,අඩි විස්සක් විතර අනෙක් අත්ත,අනිකඅඩි තිහක් විතර උස වාගෙ ඇති. සමහර විට ඊටත් වඩා උස ඇති.ඒ ගහට නැගීම පැනීම පිනුම් ගැහීම තමයි අපෙ රාජකාරිය.


උඩටම නගිනව පිනුම් ගහනව.පැය ගනනක් දියේ ඉන්නෙ වෙලාව යනව දන්නෙත්  නැහැ. ඒ වාගෙම මට පිනුම් ගහන්න හොදටම පුලුවන්... ඒ වගෙම අනික් අයටත් පුලුවන්.ගමේ ගොඩක් අය වැඩිහිටි බාල මහලු සෑම කෙනෙක්ම එතනට එනව නාන්න.අපිත් ඇති තරම් නානව ඒත් අම්ම තාත්තනම් දන්නෙවත් නැහැ අපි කරන දේවල්......අම්ම තාත්තව රවටන්න හොද නැතිලු වචනයකින්වත් ඒක ඇත්ත තමයි ..ඒව වැටහෙන කොට අපි පරක්කු වැඩියි.

ඊලග කොටස.....................................
ජිවිතයට මුහුණ දීම.....
..ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... ඔබත් බලන්න
...වැදගත් වේවි කවදා හරි....  


. ඉතිරි ටිකත් බලන්න..... 

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

මීලගට මගෙ ඉතිරි කොටස..............................


ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment