Friday, January 17, 2014

හදිසියේ මින්නේරිය යුධ හමුදා කදවුරට මාරැ කර යැවීම............

ශ්‍රි ලංකාව තුල 2010 වසරේ පවත්වන ලද ජනාධිපත් වරණයේ ප්‍රතිළුල නිකුත් විමෙන් පසුව ලංකාව තුල පමණක් නොව අප ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තුලද වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් පැවතුනි .රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජි අඥාපති තුමා   ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින් කිහිප දෙනකුට හදිසි මාරැවීම් ලැබුන අතර එක් එක් නිළධාරින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරින් භාරගැනිමට පැමිණෙන ලදී කිහිප දෙනකු මාරැ කර යැවූවද තවත් කිහිප දෙනෙකු  යුධ හමුදාවෙන් අනිවාර්‍ය නිවාඩු යැවීමට තිරණය කර තිබුනි.
රෙජිමේන්තු මධයස්ථානයේ ජෙිමේන්තු ආඥාපති තුමා වශයෙන් එවක් පටන් සිටි ලුතිතන් ජෙනරාල් සරත් පොන්සේකා ඉවත් කරමින් මේජර්  ජෙනරල් බොනිපස් පෙරේරා පත්විම් ලැබූ අතර රෙජිමේන්තු  වශයෙන් සේවය කරමින් සිටි ඩී සී කැප්පේටිවලාන යන නීළධාරී අනිවාරය නිවාඩු ලබා දෙමින් කර්නල් ධර්මසිරි යන නිළධාරි හට එම පත්වීම්ද රෙජිමේන්තු විධායක නිළධාරි තනතුර සදහා ලුතිතන් කර්නල් කේටිආර් කොඩිප්පිලි පත්වීම් ලබා පැමිනෙන ලදී
      ........ඉන් ටිකකලකට පසු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසු නිළයින් හටද එය ක්‍රියාත්මක විය.කාර්යාල ප්‍රධාන ලිපිකරැවන්ද ක්‍රම ක්‍රමයෙන් වෙනත් ස්ථානයන් කරා මාරැ කිරිම ක්‍රියාත්මක විය.

       කිසිදු ජ්‍යෙෂ්ඨ හෝ කණ්ෂ්ඨ නිළධාරියෙකු මා හට ප්‍රශ්නයක් නැත ...එය නිළධාරී හෝ සෙසුනිළ කියා මා හට බේදයක් නැත.........මා හට පුද්ගලිකව කිසිදු නිළධාරියෙකුට ගැතිකම් කිරිමට පුරැද්දක් එදත් නැත අදත් නැත....මෙම ප්‍රතිපත්තිය මත සමහර නිළධාරින් මා සමග අමනාපයක් ඇත.... ඒ එසේ වුවද මට ප්‍රශෟණයක් නැතතේ මම මගේ රාජකාරීන් නිසි අයුරින් ඉටු කරනා බැවිනි.........මම යුධ හමුදාවට අනුකුලව මාගේ වැඩ කොටස කරමින් සිටින්නෙමි එහෙත් මා කාගේ හෝ ගැත්තෙකු නොවන්නෙමි........ මතුවටත් එය කොහොමටවත් පිහිටන්නේ නැති අතර මා මාගේ රාජකාරිය අකුරට ඉටු කරමින් සිටින බැවින් මා ඔනෑම දෙයකට සූදානම් ව සිටිමි

     මේ අවශ්ථාව වන විට පාලන ශාඛා ප්‍රධාන ලිපිකරැ වන බලලත් නිළධාරි 11 යන අයවළුන් හදිසියේම අනුරාධපුරය සුනාථ කදවුර වෙත මාරැ කර යවන ලදී.මේ වන විට මා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙ ප්‍ර ශාඛාවේ ප්‍රධාන ලිපිකරැ රාජකාරින් නිසි අයුරින් ඉටුකරගෙන යමින් සිටි අතර වසර දෙකක් පමණ රාජකාරින් කර ඇති බැවින් මාගේ ඉල්ලීම මත  යුධ හමුදා මුලස්ථානයේ ගමන් පාලන මධ්‍යස්ථානයේ රාජකාරින් සදහා යාමට ඉල්ලීම් කර තිබුනි ඒ මාහට මාගේ නිවසට ආසන්න කදවුරක් බැවිනි...ඒ සදහා අනුමැතිය ලබා තිබුනි. රාජකාරින් සදහා යුධ හමුදා මුලස්ථානය වෙත ඇතුළු විම පිණිස අවසර ඉල්ලා  දොරටු අවසර පතක්ද යවා තිබුනි.
     කෙසේ වෙතත් රෙජිමේන්තු විධායක නිළධාරිගේ අණ පරිදි ක්ෂණිකව මා ප්‍ර ශාකාවෙන් ඉවත් කොට රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් ඉවත් කළ යුතුයැයි නියෝගයක් නිකුත් විය.මේ බැව් පාලන ශාඛාවේ මාණ්ඩලික නිළධාරියෙකු විසින් මිා හට පවසන ලදි ඒ වන විට හා හට යුධ හමුදා මුලස්ථානයේ රාජකාරින් සදහා අනුමැතිය ලැබි තිබුනද කෂණිකව යැවිය යුතු බැවින් වෙනත් ස්ථානයකට යන්න ප්‍ර ශාඛාවේ රාජකාරින් ශාරදීම් භාරගැනීම් දෙදිනක් තුල සිදුකර සැරයන් පෙරේරා වෙත භාරදීමට ක්‍රීයා කරන මෙන් දන්වන ලදී.
      මමද කිසිම දෙයකින් කිසි විටකත් නොසැලෙන පුද්ගලයෙකු බැවින් ඒ සදහා ක්‍රීයාත්මක විය.සිළුම භාරදීම් භාරගැනීම් සිදුකර දින දෙකක් තුලදි මා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් ඉවත්ව මාගේ සුපුරැදු වචනයන් සිතට කොදුරා ගනිමින් කොයි දේ වෙන්නෙත් හොදටයි.............දෙවියනී මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත් පරිදි සියල්ලම සිදුවේවා යන්න සිත තුල ධාරනය කර ගනිමින් පාබල පුහුණු මධ්‍යස්ථානයේ රාජකාරින් ඉටු කිරිම පිණිස පිටත්වව යන ලදී

මින්නේරය කදවුරට පැමිණීම
......... කටුකැලියාව යුධ හමුදා කදවුර අප විසින් ප්‍රථමයෙන් ආරම්භකර එහි වනගත සටන්ක්‍රම පිළීබද පාථමාලාවන් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබු බැවින් එක් එක් පාලනමය කටයුතු කරගෙන යාම සදහා කිහිප විටක් පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත පැමින ඇතත් නිත්‍ය කාරයමණ්ඩල රාජකාරින් සදහා පැමිණිමේදි මද චකිතයක් ඔනැම අයෙකු හට පැමිණිම ස්භාවකයි එය මටද ඒ ආකාරයෙන්ම විය......

ප්‍ර ශඛාවේ ප්‍රධාන ලිපිකරැ තනතුර භාරගැනීම
.........යුධ හමුදාව තුල ඔනැම රාජකාරියක් භාරගැනීම මා හට එතරම් අබහසු කටයුත්තක් නෙවන බැවින් එය භාරගැනීමටද මම මැලි නොවීය.....රෙජිමේන්තු මුලස්ථානයේ ප්‍ර ශාඛාවේද මෙයට ප්‍රථම යුධ හමුදා මුලස්ථිනයේ එතෙර පාඨමාලා භාර ප්‍රධාන ලිපිකරැ රාාජකාරින් කර ඇති මා හට එය එතරම් අපහසු කටයුත්තක් නොවිය.සැරයන් අරඹේගෙදර මුදවා හැර මා එම රාජකාරින් භාර ගතිමි.එවකට පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක වශයෙන් රාජකාරින් ඉටු කරමින් සිටින ලද්දේ  බ්‍රෙග්ඩියර් අමුණුගොඩ විසිනි.
පාබල පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන ලිපිකරැ වශයෙන් රාජකාරින්  භාර ගැනිමට සිදුවිම
වසරක පමන කාලයක් එම රාජකාරින් ඉටු කරමින් සිටින විට පාබල පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන ලිපිකරැ වශයෙන් රාජකාරින්  භාර ගැනිමට සිදුවය.එය

No comments:

Post a Comment