Friday, January 17, 2014

ගාමිණි විදුහල් ආදී ශිෂ්‍ය සංගමය නැවත ආරම්භ කිරිම

මගේ එකම පැතුම......සහ කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........ දුක් කම්කටොළු.........අසාධාරනයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....


        මෙම ඒකායන අභිමතය ඇතිව මා යුධ හමුදාවෙන් ඉවත්වුවද එය පිලි ගැනිමට තරම් වු ජන කොටසක් අප ගමේ තබා ශ්‍රී ලංකාව තුලවත් නොමැත ...... එහෙත් හොද මිනිසුන් මා කොතෙක් දැක ඇතත් එය ඉතාමත් අතලොස්සක් වනු ඇත.එය එසේ පැවසීමට මා හට කොතෙකුත් හේතු සාධකයන් ඇතත් ඉන් කිහිපයක් පමණක්  සදහන් කරමින් මෙය පැහැදිලි කිරිමට මා උත්සාහයක් ගත්තද එය කොතෙක් දුරකට සාර්ථක වේද යන්න මා හට කිමට නොහැකි වුවද මා මාගේ  කොටස ඉටුකරමි ...
  
               මා විසින් 2000 වසරේ මා  ඉහත සදහන් මාගේ අරමුන අනුව මා ඉගෙනගත් ගාමිණි විදුහල් ආදී ශිෂ්‍ය සංගමය ආරම්භ කලද ඒ සදහා පැමින සිටි පිරිස ඉතාම අතලොස්සක් විය නිළධාරි මණ්ඩලය ක්‍රම ක්‍රමයෙන් ගම තුල සිටි එක් එක් පුද්ගලයින්ගේ අදහස් නිසා ක්‍රම ක්‍රමයෙන් ඉන ඉවත්ව ගියද මා හට .නිවම එය කරගෙන යැමට නොහැකි බැවින් ආදි ශිෂ්‍ය සංගමයද සණස සමිතිය මෙන්ම අඩපනව ගියේය......
                    මා හට කරන්නට දෙයක් නොමැත.....මා කෙතරම් උත්සාහ ගත්තද එය සාර්ථකතත්වයකට ගෙනයැමට නොහැකි විය.කෙසේ වෙතත් කවදා හෝ මේ ගමේ සැම අයෙකුටම ඒ පිළිබද වැටහිමක් එන දිනය වනවිට  එය ප්‍රමාදයට කරැණක් වි හමාරය .....මා සිතින් කණගාටුවට පත් වුවද මා කෙදිනකහෝ මෙය ඉටුකරන බව එදා සිතා ගත් ආකාරයටම 2015 ජනවාරි මස 22 වන දින මාගේ පණස්තුවන උපන්දිනය දින සිහි කරමින් තිබ්බොටුගොඩ ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කිරිම සදහා පෝස්ටර් ගැසිමට තීරණට කරමින් පෝස්ටරයක් නිර්මාණය කර ගම පුරා ඇලවීමට ක්‍රීයා කරන ලදී.
                 ඒ සදහා පාප්ප බාල්දිය සකස් කර දෙන ලද්දේ මා බිරිද වන අයිරංගනීය...ඇයද ඒ සදහා මට අදව් උපකාර කරන ලදී.....පෝස්ටර් ගැසීම සදහා මා සමග ගම පුරාවට ගොස් සැම තැනකදීම පෝස්ටර් ඇලවිමට උදව් දුන්නේ මාගේ දියණිය වන චමෝදි අශ්මිලායි... ඇත්තෙන්ම ඇය මටත් උපදෙස්  දෙමින් ඇලවිය යුතු ස්ථානයන් පෙන්වා දෙමින් මා දිරිමත් කරන ලදී ඇත්තෙන්ම ඇය මට ආඩම්බරයක් වන්නේ ලමේ කිහිප දෙනකුඩ ඒ සදහා සහභාලි වන ලෙස ඉල්ලා සිටියද ඒ කිසිවකුත් ඉදිරිපත් නොවන අවශ්ථාවක කථාකල විගසින්  පාප්ප සාදා දෙමින් මා දිරිමත් කල එම දෙදෙනාට ඇත්තෙන්ම මම  ගරැ කරන්නේ අත්‍යවශ්‍ය වැද/ත් වැඩක් සදහා මා හට උදව් උපකිර කල නිසාවෙනි........


මාගේ දියණිය විසින් සහ පුතනුවන් විසින් මා වෙතින් කිහිප අවශ්ථාවකදී අසා ඇති ප්‍රශ්ණයක් නම් ඇයි අප දෙදෙනාව මෙම පාසැලට නොදැම්මේ සහ මෙම පාසැලෙන් ඉගෙනගෙන ඉහලට ගියානම් එහි වැදගත් කමක් ඇතිබව දෙදෙනාම කිහිප අවශ්ථාවකදී අසා ඇති අතර ඒ සදහා මාගේ ජීවිත කථාව මෙන්ම මට සිදුවු අසාධාරනය පැවසීමෙන් පසු මම මගේ දරැවෙකුටවත් ඒ අසාධාරණයට ලක් නොවන්නට  ඒ තිරණය එදා ගත්ත  බවද ඒ තීරණයට මම කවදත් බියක්  නොදක්වන්නේ මාහට හොදහැටි අත්දැකිමි ඇති නිසාසැසි මම පෙන්වා දිමෙන් අණතුරැව දෙදෙනාම එය පිලිගෙන නිහඩ වුවද එක් එක් අවශ්ථාවන් වලදී මා විසින් එම ප්‍රශණයම අසන වෙලාවන් තුලදි මාගේ පිළිතුරද එයම වෙි... පුතා එය පිළී/ත්තද දියණිය එය පිළීගැනීමට මහත් මැල්කමන් දක්වයි 

               කෙසේ වෙතත් ප්‍රථම දැන්විම ගමපුරා ඇලවීමෙන් අනතුරැව මා හිතවත් කිහිප දෙනෙකු දැනුවත් කරන ලද අතර ඒ සැම අයෙකුගේම දිරිමත් කිරිම මා හට ලැබුනි ඉන් ප්‍රධාන තැනක් ගන්නා කවදත් මා හට සමාජ සේවයට සහ පල්ලියේ වැඩ  වලට එන ලෙස දන්වන බොනිපස් කුමාරපේලි ජූඩි දේවප්‍රියද විය....තවද ෂර්ලි කැමන් ඇනස්ටා ටිචර් නිතිඤ සේනද සිල්වා සිසිර කුමාර  පීටර් ලක්ෂ්මන් එස් ඩබ්ලිව් විල්සන් සිල්වා රංජිත් සිල්වා තිලකසිරි පරණගම සැම්සන් මයිකල් අනුර චන්ද්‍රසිරි කුඩාබොල්ලතෙන් රෝහිත අපේ ජිවිත කිලයේදී අප සමල එකට සිටි බොනිපස් අසෑම පැත්තක්ම ආවරණය පරිදි දැනුවත් කිරිමද කරන ලදී

             ඉන්පසුව මා විසින් සියල්ලන්වම දැනුවත්කර 2015 පෙබරවාරි මස 01 වන ඉරැදින මහා  ආරම්භක මහා සභා වාරය කැදවන ලෙස දැනුම් දී පෝස්ටරයක් සහ ලිපියත් සකස්කරන ලදී.ප්‍රථමයෙන් දැන්වීම ප්‍රෙද්ශය පුරා ඇලවීමට කටයුතු කරන ලදී දැන්විම් සියයක් හොරගොල්ල තිබ්බටුගොඩ පන්සල්වත්ත පත්තිනිපිටිය ලමදිහෑ ඇලවිම සදහා මම සහ දියණිය ත්‍රීවීලර් රථයෙන්  ඉටු කරන ලදී. මෙසේ මෙම දැන්විමි අලවන ලද සෑම ස්ථානයකින්ම යහපක් ප්‍රතිචිරයන් ලැබීම මාගේ සිත තව තවත් ප්‍රෙභා්ධමත් විය ඒ හා සමානවම මාගේ දියණියද සතුටක් ලැබු බව මා හොදාකාරවම අත් විදින ලදී .එය මා හට ඉතාමත් සතුට දනවන කරැණක් විය.එම සතුට කිසිම මුදලක් වැයකර ගන්නට බැරි නිහතමානී සතුටක් විය.
            ඉන්පසු මාගේ වියදමින් මාගේ දරැවන්ට බිරිදට විය පැහැදැම් කරලීමට ඇත් මුදලින් තවත් එක් ලිපියක් සකස් කර එය පිටපත් හිරසියයක් මුද්‍රනය කර ප්‍රෙද්ශය පුරා එක් එක් මිතුරන් හරහා බෙදාහරින ලදී.එසේම විදුහල්පති තුමියට ඉන් ලිපි 150 ක ප්‍රමාණයක් ලබා දුන්නේ විදුහලේ ඉගෙනුම ලබන දූ දරැවන්ගේ දෙමවි පියන් වෙත භාරදෙන ලෙස දන්වමිනි.
  
                 මා තවදා හෝ දිනක සතුටට පත්වන්නේනමි ඒ මාගේ ප්‍රෙද්ශයේ නීතිඥ සේනකද සිල්වා ඩොක්ටර් පර්ල් පොලිස්පරික්ෂක නිලන්ත කපිතන් සුසන්ත සමන් නිලක්ස වැනි ඉහල ශ්‍රේණියේ එක් අයෙකු හෝ බිහිකර ගැනිමට මා දරන මේ උත්සාහයෙන් ලැබුනහොත් එය මා ලැබූ විශාල ජයග්‍රහනයක් වනු නියතයි.....එය කෙසේ හෝ ඉටු කිරිම මාගේ එකම අභිලාසයය.................


             ප්‍ර්‍ර්‍රථම මහා සභා වාරය සදහා සියල්ලම ස්‍රදානම් විය .විදුහල්පති තුමියද දැනුවත් කරන ලද අතර මුලාසනය මට අවශ්‍ය නැත ක්‍රීයාව සාර්ථක කර   ගැනීම  මාගේ උත්සාහය විය.මා දැනුවත් කල අයවළුන් අතරින් පැමිණ සිටියේ ඉතාමත් අතලොස්සකි.එය මා ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වු කරැණකි.එය අපේ ගමේ හැටිය.ඒ ගැන එපමනට සිතිය යුතු කරැණක් නොවන බව මා දනිමි..එහෙත් පනහකට ආසන්න පිරිසක් පැමින සිටිම සැබවින්ම සතුටට කරැණක් වූයේ එවැනි පිරිසක් පැමිණිම මෙහි සාර්ථකත්වය පෙන්වන බැවින් යැයි මට අවබෝධ විය.ඒ පැමිණ සිට සැම අයෙතුම ගමට ප්‍රෙද්ශයට අවංකවම වැඩක් කළහැකි වැඩක් කමින් සිටිනා අයවළුන් වශයෙන් මට සිතා ගැනිමට අපහසු කරැණක් නොවීය. එතරමි වේලාවක් නොගිය අතර මාගේ උත්සාහයේ සාර්ථකත්වය පිළිබදව මම ඉතාමත් සතුටට පත්විමි...එදින නිළධාරි මණ්ඩලයක්ද පත්කර ගන්නා ලදි..එදින තරම් මා මනසින් සතුටට පත්වු දිනක් ඇත්නමි ඒ මාගේ ජිවිතයේ ඉතාමත් ස්වල්පයකි...එම මිල කල නොහැකි ආත්ම තෘප්තිය ලැබිමට සැබවින්ම වාසනා වන්තයෙකු විය යුතුය යනු මාගේ හැගීමයි.  එය වචනයකින් කියා නිමකිරිමට මා හට හැකියාවක් නැත.

                    මම ගෙදර පැමිණියද බිරිද දියණියට ඒ පිළිබදව කිමට උත්සාහ කිරීමට ප්‍රථම ඔවුන් විසින් ඒ ගැන සමිතියේ සිදුවීම් හා සිදුවු  දේවල් පිළිබදව මා වෙතින් අසා දැන ගැනීමට උත්සුුක විමද මාගේ සතුටට තවත් හේතුවක් විය..එය එසේ නොවන්නට මම මෙසේ කෙසේ කරන්නද.....?




No comments:

Post a Comment