Friday, January 17, 2014

මගේ ඥාතීන්

මගේ ඥාතීන් බොහොමයක් අපේ  ගම තුල සිටී........මගේ ඥාතින් වශයෙන් සලකනු ලබන්නේ කවරෙක්ද යන්න සදහන් කිරිමට නම් මට නොහැක.........ඒ ඇයිද යන්න මට කිසිම විටෙක කිමට හැකියාවක් නැත......මම ඇත්ත වශයෙන්ම දකින්නේ මේ රට තුල වෙසෙනා සෑම අයෙකුම සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් වේවා මා දකින්නේ මාගේ ඥාතියෙකු ලෙසය.........මෙසේ දකින්නට හිතන්නට බැරි මිනිසා ගැන මට කිමට දෙයක් නැත..........

මිනිසා කවරකු හේ ජිවත්කරවීම සදහා ජීවත් වෙයි........එයට මිල මුදල්ද .............වශ්තුවද......උසස් තානාන්තරද............ජාතියද...............කුලයද..............ආගමද ........මුලිකත්වය ගෙන කටයුතු කරනා යම් කෙනෙක්වේද ...............ඔහු හෝ ඇය කිසිදු දිනෙක තම ආගමට දහමට ගරැනොකරනා පුද්ගලයෙකු වන්නේය...................මා කතෝලිකයෙකුනම් ...................මා  තුලින් ජේසුස් වහන්සේ දැකිය යුතුයි................මා බෘද්ධයෙකුනම් මා තුලින් බුදුහාමුදුරැවන් දැකිය යුතුයි.................ඒ කිසිදෙයක් නොදැක ............ජිවත් වන්නේ නම්..............................??.
කතෝලිකයෙකුනම් අනිවාර්යෙන්ම බයිබලය කියවිය යුතුයි.......මා හැකි සෑම අවශෟථාවකදීම දෙවියන් වහන්සේගේ වචනය ඇති බයිබලය කියවීමට ප්‍රීය කරමි්‍......මා සිටින සෑම කදවුරකම මාගේ කුඩා පොකට් බයිබලය මා ලග ඇත.....එය හැකි වේලාවක කියවා වචනයක් ගැනීමට පුරැදු වුවද රාජකාරි බහුලත්වය මත දිනපතා කිරිමට නොහැකි වීම පිළීබදව කනගාටුවට පත්වන්නෙමි.
විශේෂයෙන් අපේ ඥාතීන් අතර එපමණ ධනයක් ඇති අය සිටියේ යැයි කිමට හැකියාවක් නැත.එහෙත් ජිවත් විම සාමාන්‍ය පරිද්දෙන් කරගෙන ගිය ඥාතීන් පිරිසක් අපටද අනෙක් අයවළුන්ට වාගේම සිටියේය. ඒ සිටි අයවළු්න් අතරික් කිහිප දෙනකු  මාගේ  මතකයේ වර්ථමානයේ පවා රැදී ඇත.
.....................අපේ තාත්තාගේ පැත්තේන් ගම පුරාවට ඥාතීන් සිටියද ඉන් කිහිප දෙනකු පමණක් අප දෙස අනුකම්පා සහගතව බැලීමට පුරැදුව සිටියද බොහෝ දෙනෙක් සිටියේ ටිකක් ඇතට ගොසිනි.එයට හේතුව වුයේ අපගේ නැති බැරි කමය......ඒ අයටත් එපමණ දෙයක් නොතිබුන බැවින් එය ........වර්ථමානයේ එපමන ගනන් ගත යුතු කරැණක් නොවනු ඇත යන්න මාගේ මතයයි.
කොපමන ආර්ථික අපහසුතා මැද දිවි ගෙව්වද .....අම්මාත් තාත්තා සැම සිංහල දිනකම මෙන්ම සෑම නත්තල් දිනකදීම අප සියළුම දෙනා රැගෙන ඒ ඒ ඥාතීන්ගේ ගෙවල් කරා ගෙන යනු ලබන බැව් මා හට සාමාන්‍ය මතකයක් තිබේ.
එම උත්සව කාලසීමාව වර්ථමානයේ මෙන්ම අපහටද සතුට දනවන ක්‍රීයාවක් වු අතර එසේ ඥාතීන්ගේ ගෙවල් කරා යාමේදී අම්මා විසින් කොස් කඩා බැද පැණී දමා හෝ අටුකොස් ඒ ආකාරයට සකස් කරගනු ලබන්නේ සතියක පමණ කාලයක සිටය.
එම කාලසීමාව වන විට මාගේ මතකයේ හැටියට සැම අයෙකුම වර්ථමානයේ මෙන් කේක් වැනි දෑ මිලදී ගනු නොළඔන අතර යම් යම් කැම ද්‍රව්‍යයන් සකස් කර ගැනිම සාමාන්‍ය සිරිත වුයේද අගහිගකම් නිසා එසේ කලේද යන්න මා සමහර අවශ්ථාවන්හි කල්පනා කරනු ලබන්නේ සිංහල චාරිත්‍ර සමරනු ලබන නිවෙස් වලින් අපහට කැවුම් කොකිස් මස්කට් බුංදි කළුදොදොල් (මම කැමතිම කැමක්)කිරිබත් වැනි රසවත් ආහාරයන්ගෙන් අප සැමට ලබාදෙනු ලබන බැවින් අප සැම ඉතාමත් සතුටට පත්වන්නෙමු....
වර්ථමානයේ පවා මමද එම ක්‍රමයම අනුගමනය කරමින් මා දූව පුතා සමගින් ඒ ඒ ඥාතින් සොයා යාම පුරැද්දක් වශයෙන් කරනු ලබන අතර ඔවුන් පත්වෙන සතුට ඇත්තෙන්ම මාගේ දෙව්පියන්ද ලබන්නට ඇතැයි මා කල්පනා කරන්නෙමි
එහෙත් එදා මෙන්ම කිසිදු අවශ්ථාවක අපගේ නිවසට ඉන් කිහිප දෙනකු හැරෙන්නට උත්සව අවශ්ථාවන් හීදී මෙන්ම සාමාන්‍ය ජිවිතයේදිත් පැමි ඇති බවට මාගේ මතකයක් නැත.වර්ථමානයේදීත් එය එසේම වි ඇති අතර යමෙකු ගෙදරට ගෙන්වා ගැනීමද ඉතාමත් අපහසු කටයුත්තක් වි ඇත.එදා ඇත්තෙන්ම අප ඉතා දුප්පතුන්ව සිටි බැවින් කිසිවකුත් නොපැමිණී අතර වර්ථමානයේදි පවා අපට යමක් ඇතත් කිසිදු ඥාතියෙකු අප නිවසට ගෙන්වා ගැනිම හෝ අපහසු කරැනක් වි ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මම නොදනිමි.ඒ පිළීබදව මාගේ දරැවන් පවා කිහිප විටක්ම මා වෙතින් මෙන්ම මාගේ බිරිද ගෙන්ද අසනු මා අසා ඇත්තෙමි.ඒ ඇයිද යන්න මමවත් නොදන්නා කරැනක් වි ඇත.
අපගේ දුකේදීත් සැපේදීත් අප අසලින්ම සිටි කිහිප දෙනකු විය ඉන් බොනිපස් කුමාර සහ රසල් රැවන් හැදින්වීමට හැකි අතර මා අසල නිවසේ සිටි බාප්පා මම්මා සහ සමන්ත එදා මෙන්ම අදත් සතුටින් කාලය ගත කරමින් සිටින්නෙමි.ඔහුගේ දරැවන් මෙන්ම මාගේ දරැවන් වර්ථමානයේ හැසිරෙන්නේද හරියටම අප හැසිරැන පරිද්දෙන් සහෝදර ලීලාවෙනි ඇත්තෙන්ම එය දකින්නට අසන්නට ඇත්නම් එය කාට හෝ සතුට දනවන කරැණක් නොවන්නේද.....
මෙයට වසර ගනනකට පෙර සමන්තව ඇමතීමට අප විසින් නම් කර තිබුනේ කුක්කා යන නමයි එය මා විසින් ආදරයට දමන ලද අතර එය අප නිවසේ සිටි සෑම අයෙකු විසින්ම භාවිතා කරනු ලැබු සුරතල් නම විය.වයස අවුරැදු තිහක් පමණ යනතුරැ එය භාවිතා කල අතර මා විසින් මැතක් වන තුරැම එම නම භාවිතා  කරන ලදී.එහෙත් එය ඔහුගේ ඉල්ලීම මත මා විසින් ඉතා අපහසුවෙන් නතර කර ගන්නා ලදී.එසේම අපේ අම්මා ඔහුට දැක්වුයේද ඔහු විසින් අම්මාට දැක්වුයේද පුදුමාකාර ලෙන්ගතු බවකි.එය ඇයිද යන්න මමවත් දන්නේ නැත.අම්මා විසින් පිසින ආහාර අනුභව කිරිමට ඉතාමත් කැමැත්තක් දැක්වු අතර  අප විසින් දෙමව්පියන්ට කරදර කරන අවශ්ථාවන් හි දීද ඔහු අම්මාගේ සහ තාත්තාගේ පැත්තේ විය.එසේම මම මැරෙන්නට පෙර උඔ ඉක්මනට බැදපන් දරැවෙක් බලල මට මිය යන්න අම්මා විසින් ඔහුට කියපු වාර ගනනනම් මට මතකයක් නැතත් එය මා දෙසවනට කිහිප විටක්ම ඇසී ඇති බැවින් ඇයගේ ආදරය කොපමනද යන්න ඉන් ඔනැම අයෙකු හට තේරැම් ගැනීමට අපහසු නොවනු ඇත.
එය එ් ආකාරයෙන්ම වර්ථමානයේදීත් සිදුවිම දෙස මා බලමින් සිටින්නේද...ඉතාමත් සතුටු වු මනසකිනි...එය කවරකුහට හෝ ලබන්නට හැකිනම් එය කවරකු විසින් ලබනා මහත් වු වාසනාවක් ලෙස මම විශ්වාශ කරන්නෙමි. 
මාගේ දියණීය සහ ලොක්කා සහ චුක්කී 
ඔහුගේ දරැවන් තිදෙනකු සිටින අතර අප දරැවන් විසින් ඔවුන් අමතන්නේ ලොකු.... චුක්කා... සහ චුක්කී වශයෙනි ඔවුන්ද එසේමය මා බිරිදට මෙන්ම මට  ඔවුන් තිදෙනා දක්වන්නේද අතිතයේද ඔහුගේ පියා වු සමන්ත විසින් අප මවට සහ තාත්තාට දැක්වු හා ඒ සමාන ආදරයකි.අපද එසේමය...ඉදිරියටද එය එසේම වනු ඇතැයි මා විශ්වස කරන්නෙමි. 
එසේම සිංහල අවුරැදු කාල සිමාවට ගමපුරා තාත්තාගේ ඥාතීන්ගේ නිවෙස් වලට නැගම් රැගෙන යන අපව නත්තල් කාල සීමාවට කැදවගෙන යනු ලබන්නේ අම්මාගේ ඥාතීන් සිටින නිවෙස් වෙතයි.එම ඥාතීන් සිටින නිවෙස් පිහිටා තිබෙන්නේ අප ගමට කිලෝ මිටර් හතක් අටක් එපිටින් පිහිටා ඇති රාගම පේරලන්ද කියන අම්මාගේ ගමටයි.එහි මහ  ගෙදර ජිවත් වුයේ අම්මාගේ අයියා වු සනි ප්‍රනාන්දු යන අයයි
මොහු ගැන සදහන් කරන්නට විශාල කරැනු සමුහයක් මා මතකයේ ඇතත් විශේසිතවු කරැනු කිහිපයක් සටහන් කිරිමට උත්සාහ ගන්නෙමි අපේ අම්මාගේ තාත්තා එනම් අපගේ සියාගේ පටන් අම්මාගේ පෙලපතේ සියාගේ නම රැගෙනයාමට සිටි දක්ෂතම මිකැනික් වරයෙකු වශයෙන් සදහන් කළද එහි වරදක් නොමැත..
එම කාල සිමාව වන විට ට්‍රැම්ප් වර්ගයේ මෝටර් සයිකලයක් හිමිව තිබු එකම පුද්ගලයා වශයෙන්ද....එක් දිනක් පේරලන්ද ස්ටේෂන් එක දැනට පිහිටා ඇති ස්ථානයේ හලාවත දක්වා දිව යමින් තිබු දුම්රියක් ක්‍රියා විරහිත වි ඇති අතර එය සකස් කර ගැනිම සදහා දුම්රිය දෙපාර්ථමේන්තුවට අයත් මිකැනික් බාස් වරැන් පැමිණ සවස් වන තුරැත් උත්සාහ ගෙන තිබු අතර එය රැගෙන යාමට පවා නොහැකි තත්වයක් පැනනැගි මහත් අපහසු තත්වයකට මගීන් මෙන්ම දුම්රිය දෙපාරතමේන්තුවද පත්ව තිබු අවශ්ථාවකදී ඔහු විසින් ඉදිරිපත්වි පැය ගනනක් දුම්රිය දෙපාර්තමේන්තුවේ මිකැනික් බාස් වරැන්ට සොයා ගත නොහැකිවු ආභාධය සොයා ගැනීමෙන් පසු එය නිවරදි කර දුම්රිය නිසි පරිදි ධාවනය කරලීමට සැලැස් විමෙන් එම පලාත තුල පමනක් නොව දුම්රිය මගින් පවා වර්නනාත්මකව කථ කරන ලද බැව් මා අසා ඇති සත්‍යයකි. එසේම දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව සදහා ඔහුට ආරාධනා කර ඇතත් ඔහුගේ පැරණී රැකියාවම ඔහු විසින් කරගෙන යන ලදී.
මාගේ මාමා වු මොහු සැර පරැස පුද්ගලයෙකු වශයෙන් පෙනුනද මල් වැවිමට මහත් වු කැමැත්තක් දක්වන ලදී..නිවස පුරා අලංකාරව මල් වර්ගයන් මෙන්ම වත්ත වටාද එක් එක් වර්ගයේ මල් වර්ගයන් වගාකර තිබූ අතර වත්ත අක්කරයක් පමණ වට ප්‍රමානයක් පමණ ඇති බැවින් ඉන් හරියටම හතරෙන් එක් කොටසක ඔහුගේ ලමුන්ට මෙන්ම එම අසල්වැසි ලමුන්ට සෙල්ලම් කිරිම පිනිස කතුරැ ඔංචිල්ලාවක් මෙරිගෝරවන්ඩ් එකක් සීසෝ එකක් මෙන්ම ලෙස්සා යන එකක් ඔහු විසින්ම නිර්මානය කරමින් සකස් කර තිබු අතර මෙය මා සිත් ගත් එසේම ලංකාවේ කිසිම තැනක එම වකවානුව වන විට මෙලෙස ලමුන් සදහා සකස් කර නොතිබෙන්නට  ඇත යන්න මාගේ හැගීම වනවා මෙන්ම එය මා දුටු ප්‍රථම ලමා විනෝද උද්යානය වශයෙන් මා විසින් සටහන් කරන්නෙමි.
නිවාඩු කාලය මෙන්ම නත්තල් කාල සීමාව සහ එක් එක් අවශ්ථාවන්හි මෙම ගෙදරට යාමට සිත් ගන්නේ ඇයිද යන්න ඔනෑම අයෙකුට වටහා ගැනීම අපහසු නොවනු ඇත.අප සියළුම දෙනා එහි ගියවිට පුථමයෙන් දිව යන්නේ එම ස්ථානයටය එසේම අප ආ බව දැනගන්නා අසල් වැසි ගෙවල් කිහිපයක් ඒ වනවිට පිහිටා තිබු අතර එම ලමුන් පවා දිව එන්නේ එහි සෙල්ලම් කිරිමටය..ජුඩ් සුමිත් ඔහුන්ගේ අක්කා සහ ඉවෝන් ලාගේ ගෙදර අයයි. 
නැන්දා යනුවෙන් මා විසින් හදුන්වන ලද මාමාගේ බිරිදගේ නම බ්‍රයට්‍රීස් සිසිලියා ප්‍රනාන්දුයි.ගෙදරදී අප යන සැම අවශ්ථාවකම මා දකින සිත් ගන්නා ප්‍රියමනාප පෙනුම මෙන්ම සිනහව අප ඔවුන්ගේ නිවසට යන විට පිලිගන්නා ආකාරය ගිරවියක මෙන් කියවන ආකාරය මාමාගේ වැරදි කියමින් අඩන ආකාරය මට මැවි පෙනෙන අවශ්ථාවන් නැත්තේ නොවේ...එය එසේ දක්නට ලැබෙන්නේ සත්‍යතාවයෙන් ඒ දෙස බලන්නකුට පමණක් යන්න මාගේ හැගීමයි...
අම්මා සහ අම්මාගේ අක්කා (අපේ ලෙකු අම්මා)
තවද මාමාට රැමත් දියණිවරැන් සය දෙනකුද එක් පුතකුද විය.ලොකු අක්කා කාන්ති ගෙදර මව මෙන්ය  මාලනි අක්කා පත්මි අක්කා ලාලි රිටා රෑටා  අයිවන් අයියා යන නමින් මා විසින් අමතන ලදී ...එකල මාගේ අයියාද නංගාද මෙලෙස ඔවුන් අමතන ලදී.......මෙම අයවළුන්ද අපහට ලෙන්ගතුව කටයුතු කරන අතර මා වර්ථමානයේදී පවා ඔවුන් පිළිබද ගරැ කරන්නේද හැකි සැම අවශ්ථාවකදී මාගේ දරැවන්ට ඔවුන් හදුන්වා දෙන්නේද එම නිසායැයි මා සිතමි.
මාමාට යකඩ බඩු දමන ස්ථානයන් කිහිපයක් විය ඒවා අතපත ගැම එක එක ඒවා පිළීබද විමර්ෂණය කිරිම මා එහි ගියවිට මාගේ තවත් එක් විනෝදාංශයක් විය.....එවැනි සමහර අවශ්ථාවන් හිදී බැනුනම් ආසා ඇති අතර දියණියන්ට කුඩා බයිසිකලයක්ද තවත් ලොකු බයිසිකලයක්ද විය.කුඩා බයිසිකලය මා සිත්ගත් තවත් වැදගත් වු දෙයකි....එය පැදිම මාගේ තවත් රාජකාරියකි..නිවාඩු කාල සිමාව සමහර අවශ්තාවන්හි ගෙදර අනෙකුත් අය නොමැති වුවද මා එහි නතර විමට තරම් සිත් ගත් ස්ථානයක් වුයේ එම නිසාය....කුඩා බයිසිකලය මා බයිසිකල් පැදීමට හුරැ පුරැදු වු යේ එම බයිසිකලයට පින් සිදු වන්නටය... එසේම බිම වැටුන අවශ්ථාවන්ද බයිසිකලය කැඩි බැනුම් අසනලද අවශ්ථාවන් ඇතත් මා කිසිවක් ගනන් නොගන්නේ මාගේ සිත බයිසිකලය පිලිබද වන නිසාය...එසේම මාගේ වයස් සීමාවේ සිටි රෑටා සැම විටකම මාගේ පැත්තගෙන කථා කිරිම මා හට වාසි සහගත විම මෙන්ම අපේ අම්මාට සැම අයෙකුගේම බය පක්ෂපාතී කම මට සෑම ස්ථානයකම වාසි සහගත විය....නැන්දා එපමන සැර පරැෂ නොවන්නියක නිසා අම්මා එම දරැවන් සදහාද නිසි ඔවදන් දෙන්නියක වූ වැවින් අම්මා මිය ගියද  ඔවුන් විසින් අදටත් ගරැ කරනු ලබන්නේ එබැවිනි.....






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment