Friday, January 17, 2014

මා ලියු මගේම අදහස්

15. පරතරය.....
එක වත්තක විකසිත වූ
එහෙත් වර්ග දෙකක් වේය
සිටියත් දෙන්නා එක ලග
අහස පොළව ලෙස දුරකය......
    ඔබෙ අප්පා එතෙර රටේ
    මගෙ අප්පා පතල් වලේ
   එහෙත් ඇත්තෙ එක පැතුමයි
   උගතෙකු කර ජය ලබන්න....
කෙළඹ නගරෙ ඔබ උගත්තෙ
අප්පාගෙ නුඹෙ බලය නිසා
ගමේ පාසැලින් එපිටට
නැහැනෙ වරම් මට යන්නට....
   දිවා රැයේ පාඩම් කොට
   උත්සහ කල මුත් ලබනට
   නැහැ දැනුමක් එහෙම අපට
   එන්නේ අප පරිසරයෙන්....
වසරින් වසරත් ගෙවිලා
අනාගතය විසදෙනවා
ඔබ ඉන්නව ඉහල පෙලේ
මම ඉන්නව පතල් වලේ.....

16. ස්භාවධර්මය
උඩ කරණම් - බිම කරණම්
කොහොම කලත් - ගුණමකුනම්
ලෝක ධර්මෙ - සත්‍යයනම්
ලැබෙයි එයට - පිලිතුරැනම්......
   මහ ලොක්කෙක් - තැනක උනත්
   වැටිල යාවි ගොඩ නොඑන්න
   එහෙම කරන ලොකු ලොක්කන්
   මදකට සිහි කෙරිය යුතුය.......

17.   කඩිසර කම සහ එකමුතු කම     
මී මැස්සගෙ එකමුතුවෙන්                                                                       මලින් මලට රොන් අරගෙන                                      
එකතු කරල මල් පැණි රොන්                                      
දිවි ගෙවනව සතුටු සිතින්.............                              
    කළු කුහුබියො කඩිසර වී                                                  
    එකමුතු වී මහන්සියෙන්                                                    
    ටික ටින ගෙනවිත් තබමින්                                            
    ගන්නයි වැහි කාලෙ හොදින්.......                                        
මී මැස්සගෙ එකමුතුවෙන්
කුහුබුවන්ගෙ කඩිසරයෙන්
ඇත පාඩම් ඉගෙන ගන්න
පොඩි සතුනගෙ ආදර්ශෙන්..........
 

                             18.   කහ ඉර                                       
                                                     මුදලට ගිජු  ලෝකය තුල                                    
                                   රැපියල දෙක උපයගන්න
                                   යයි නීතිය කඩා දමා
                                    විනාශ කරමින් ජීවිත...................
                                                     කහ ඉර ඇත්තේ මගියට    
                                                     පාර පැනල යන්න නොවෙද
                                                      එහෙමත් නැත්නම් මගියට
                                                      තම ජීවිතෙ බිලි දෙන්නද........???

19.   යහපත් කම
දෙනෙත් පියා ජීවත් වෙන මිනිසුන්නේ......
පිසදා හොදින් ඇස් විවරව බලපන්නේ.....
සිත තුල කුහක බව විසිකර දාපන්නේ....
ජීවත් වෙන්න එතකොට මග පෑ දෙන්නේ.....
     බිරිදව මරයි සැමියා වෙනතක බැදිලා
     දරැවකු මරයි මව වරදෙහි බැදිලා
     වැදු මව් මරයි පුත මත් කුඩු උරලා
     සමාජයේ වැදගත් අය වල් වැදිලා
ගම හදන්න පෙර පවුලෙන් පටන් ගෙන....
ඉන්පසු ගමෙන් රට වෙත පිය නගාගෙන....
ගොඩ නැගු වොතින් රටටම සෙත සදාගෙන......
උදම් වෙන්න යහපත් කම සිතා ගෙන.....

20.    යහපත් චේතනා..........
අපහාස උපහාස හා ගැරහිලි            මැද්දේ
ජයගන්නට සිතයි  සැම  ජීවිත          යුද්දේ
හොද මනසකට ගත යුතුය ඒම         යුද්දේ
වටිනව ඔබට ජයගන්නට          නිශ්ෂබ්දේ
     සැමදා ජය මෙන්ම පැරදුම පිළිගත      යුතුය
     හොද හා නරක දෙක තේරැම් ගත       යුතුය
     දුක් කම් කටොලු භාධක ජය ගත        යුතුය
     ඔබ යන ගමන නිවැරදි ලෙස යා         යුතුය
ස්ථිර අධිටනක්  හා පැතුමක් තිබෙන   විට
කටු අකුල් හෙලා යන මාවත වසන     විට
එපා ගන්න එය හිත් වේදනා                වට
මාවත විවරව තිබේ යහපත් චේතනා   වට

21.    ලක් මවගේ පුතුනට..........
ඇස් ඇරලා බලපල්ලා....
කන් යොමලා අහපල්ලා....
සිතුවිලි තුල සිරව නොසිට
....
සාප නොකර මිය පලයල්ලා....
    ඉතිහාසය දන්න නිසා ....
    රටකට හිමි සම්පත් ටික....
    ගන්නට එයි තව රටකින්....
    හොදට නිදා ගනින් පුතා....
බලයට හා මුදල් වලට....
රට විනාශ කරපු යුගේ....
අතීත කාලෙත් තිබුනා....
වත්මනෙ තියෙනවා වගේ...
    තව රටකට ආ වඩනා ...
    තව රටකට ගියත් පුතේ...
    ලක්මව රැක ගන්න කියා...
    වැලපෙන විට උඔ හිටපන්....

22.    විශ්වයේ දඩුවම්..........
කුස තුලකින් එළීයට එන ....
විශ්වය තුල දිවි ගෙවනා ....
ජීවියො ටික හිතන් ඉනනෙ 
....
මනස දියුණූ ඔවුන් කියා .....
    ජලයට මනසක් තියෙනව...
    ගහ කොළ වැල් එය දන්නව ...
    මිනිසා යන සතා තමා ...
    එකම සතා එය නොදන්න  ...
සියල්ල වනසා දමනව ...
එදා වේල ගැන හිතලා ..
දඩුවම් එයි පසු පස්සේ ...
එනවිට උන් වල පල්ලේ ...
    මැරිලා ගියත් මහඋන් ටික ...
    දඩුවම් ටික දරුවන් හට ...
    නොදත් නිසා විශ්ව නිති...
    දැන ගැනීම යහපතක්ය ....
මගේ නිසදැස්
දිනය 2021 ජුනි 01
එස් ජූඩ් සිල්වා
සංස්කාරක එල්ලය පුවත් සහ www.srilankaelle.com වෙබ් පිටුව
යූ ටියුබ් Ellaya

    
   
    
    


ජිවිතයට මුහුණ දීම.....
..ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... ඔබත් බලන්න

අපේ ගම .........................





බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment