Friday, January 17, 2014

මින්නේරිය කදවුරේ සලාක අංශයේ රාජකාරි කිරිම පැවරීම...........



මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

.පාබල පුහුණු මධ්‍යස්ථාන මින්නේරිය කදවුරේ ප්‍රධාන ලිපිකරැ වශයෙන් රාජකාරි කරමින් සිටින අතර තුර සලාක අංශයේ රාජකාරින් භාරගැනිමට සූදානම් වෙන ලෙස සේනාවිධායක තුමා වෙතින් දන්වන ලදී......එයට හේතු වූයේ සලාක අංශයේ රාජකාරින් ඉටුකරන ලද කිහිප දෙනකු සොරකම් කිරිමේ හේතුවෙන් සලාක අංශයෙන් ඉවත් කිරිමයි......විශේෂයෙන් යුධ හමුදාවේ සලාක අංශය යනු සොරකම් කිරිමේ පුධානම ස්ථානයක් බවට මා විසින් කිසිදු බයක් නැතිව ප්‍රකාශ කිරිමට හැකියාවක් ඇත. සොරකම් කිරිමේ  මං කොපමන ඇහිරීම් කළද ......කෙසේ හෝ හොරකම් කරමින් අමතර මුදලක් සොයා ගැනිමේ හැකියාවක් එම අංශයභාර ප්‍රධානීන්ට ඇති බැව් සෑම අයෙකුම දන්නා බැවිනි.......
...........කෙසේ වුවද යුධ හමුදාවේ ඔනෑම රාජකාරියක් කිරිමට මට හැකියාවක් ඇති බව මා දන්නා කරැණක් වුවද..... හමුදාවේ සලාක අංශයක රාජකාරින් කිරිමට මා කැමැත්තක් නොදක්වන්නේ සලාක අංශයේ කොපමන හොදින් හොරකම් නොකර සෙසුනිලයින්ට කැම සකස් කර දුන්නද........හොරකම් නොකරන අයකු සොයා ගැනිම අපහසු කටයුත්තක් බව සෑම අයෙකුම සිතන බැවිනි.........එය යුධ හමුදාවතුල පමණක් නොව වර්ථමානයේ මෙන්ම අතීතයේ  රටතුල පවා හොරකම් කිරිම ....අනුන්ගේ දෙයක් අයිතිකර ගැනීමට වැඩි කැමත්තක් දක්වන පිරිසක් රටතුල ජීවත්වන බැවිනි......... මමද ඒ හා සමායැයි අනෙකුත් අයවළුන් විසින් සිතිම පවා මා කැමැත්තක් නොදක්වන ..කරැණක් වු ...බැවින් යුධ හමුදාවේ සලාක අංශ රාජකාරියට මා කැමැත්තක් දැක්වූ යේ නැත.....
.......එහෙත් ඉහල නිළධාරියෙකුගේ කිමට පිටුපැමට මා කැමැත්තක් දක්වන්නේද නැත.......මම එම තනතුරට කැමැත්තක් නොදැක්කුවද  මාගේ අදහස ඉදිරිපත් කර ඉල්ලීමක් කිරිමට මා අවශානයේදි තිරණය කලේ එසේ ඉහළ නිළධාරියෙකුගේ ඉල්ලීමකට මට පිටු පෑමට බැරි නිසාය......
...අවශානයේදී සේනාවිධායක තුමා හමුවි ඒ බැව් පැවසීමෙන් පසුව ගන්නා තිරනය මා ඒකමතිකව තිරණය කර ගනිමියි සිතා ගනිමින් සේනාවිධායක තුමා බැහැදැකිමට අදහස් කලෙමි.......එසේ හමු වි මා විසින් පැවසූයේ ......මම කිසි දිනෙක සලාක අංශ රාජකාරියට කැමැත්තක් දක්වන්නේ නැති බවත්..........එයට හේතව කාගෙවත් දෙයක් අර ගැනීම...... හොරකම් කිරිම.....හොරම් කරපු දෙයක් මගේ දරැවෙකුට කන්න දෙන්නවත්......මගේ ප්‍රයෝජනයක් සදහා යොදා ගන්නවත් මගේ කැමැත්තක් නැහැ...... ඒ උනත් සලාක අංශයට ගියත් මම එසේ නොකලත් මට ඒ අවනම්බුවට මුහුණ දීමට සිදුවන බැවින් වෙනත් ඕනෑම රාජකාරියකට යාමට කැමති බවත් සලාක අංශයෙන් ඉවත් කරන මෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටින ලදී.....
......එහෙත් සේනාවිධායක තුමාගේ එකම අදහස වුයේ තව නොබෝ දිනකින් නායකත්ව පාඨමාලා සදහා සරසවිි සිසුන් දාහසකට ආසන්න පිරිසක් එන බැවින් සලාක අංශයට නියම සුදුස්සා තමන් බව ප්‍රකාශ කරන ලද...අතර හොදින් රාජකාරින් කරන ලෙසත් . දන්වා සිටින ලදී....
..........අවසානයේදි සලාක අංශයේ රාජකාරින් භාරගැනිමට මම තිරණය කර ගතිමි.....
.........පාබල පුහුණු මධ්‍යස්ථාන සලාක අංශය භාර බලලත් නිළධාරි වශයෙන් රාජකාරින් නිසි අයුරින් ඉටු කිරිම මාගේ ඒකායන බලාපොරොත්තුව විය...එසේම සෙසු නිළයින්හට නිසි අයුරින් ආහාර පාන කලට වේලාවට ප්‍රමානවත් පරිදි හා රසවත්ව ලබා දීම මාගේ අනෙක් අරමුන විය.......තවද මේතාක් කලක් කිසිවකුට අයත් කිසිම දෙයක් මා සන්තක කර ගෙන නොමැති අතර මගේ දහඩිය මහන්සියෙන් සොයා උපයන දෙයක් මම මෙන්ම මගේ දරැවන්ගේ පයෝජනය සදහා යොදා ගත් බවද  මෙම සලාක අංශයෙන්ද කිසිවක් ලබා ගැනිමට මා බලාපොරොත්තු වන්නේද නැත යැයි මා දන්නා කරැණක් වුවද .අනෙකුත් අයවළුන් කෙසේ සිතාවිද......එහෙත් මම නිවරදිනම් මම කිසිවිටකත් කිසිවෙකුටත් බය නොවෙමි......යැයි සිතා ගතිමි.....අභියෝගය මා භාර ගතිමි...............

..........ඹ්නෑම යුධ හමුදා කදවුරක සලාක අංශය භාර අයවළුන් කුමන ආකාරයකින් හෝ මුදල් සෙවිමට ක්‍රීයා කරනු ලබන අතර එසේ වංචා සහගතව මුදල් සොයන ආකාර ඕනෑ තරමක් මෙම සලාක අංශයේද තිබෙන බව මා හොදාකාරව දනිමි.....මගේ එලෙස කිසිදු අදහසක් නොවිය.....එයට හේතුවනම් මාගේ දෙමව්පියන්ගේ ප්‍රතිපත්තිය අනුව මමද ජිවත් වීමයි.මේ තාක් කාලයක් මාගේ ශ්‍රමයෙන් හා දහඩියෙන් උපයන ලද දෙයින් මාගේ දරැවන් පෝෂණය කල ආකාරයට කිසිදු වංචාවක් ඉටු නොකිරිම සලාක අංශයට පැමිණියද මගේ පැතුම විය එය එසේම කිරිමට හැකිබව මට හොදහැටි විශ්වස කරන්නේ අනුන්ට අයිති වන කිසිම දෙයකට මම ආසාවක් ඇල්මක් නොදක්වන බැවිනි.


...........සලාක අංශයට පැමින රාජකාරින් භාරගත් පසු සියළුම අයවළුන් දැනුවත් කිරිම මාගේ අදහස විය.සලාක අංශයේ සිටින අයවළුන් අතරින් සැරයන් අබේරත්න හැර කිහිප දෙනකු සොරකම් කිරිම සදහා අනුබල දුන් කොටක්ද සිටින බව මා දන්නා අතර සියළුම දෙනා දැනුවත් කරමින් මාගේ ප්‍රතිපත්තිය විස්තර කර දුනිමි...විශේසයෙන් සදහන් කරන ලද්දේ මෙම සලාක අංශය පිළිබද හා වැඩකරනා අයවළුන් පිළිබදව මෙම කදවුර තුල විවිධ කටකථාවන් ගොඩනැගී ඇති බැවින් එය නිවරදි කිරිම හා අනුන්ගේ කිසිදු දෙයක් ගන්නට මා කැමැත්තක් නැති බැවින් සියළුම දෙනා ඒ ආකාරයට කටයුතු කිරිම මාගේ රාජකාරියට සහයෝගයක් වන බවත්.....මෙම සලාක අංශයට ලැබෙන සියළුම සලාක ද්‍රව්‍යයන්හි අයිතිය ඇත්තේ සෙසු නිළයින් වන අප සැමට බවක් ඒවා වංචා කරමින් සෙසුනිළයාගේ කැමට ලැබෙන දෙයින් අපි ගසා කන්නේ නම් එය අප අප විසින් කරගන්නා බලවත් වු වරදත් බවද........මා කිසි වටක්ත් හොරෙක් හෝ වංචා කාරයෙක් වෙන්නට  හො ඒ හංවඩුව ගසා ගැනිමට අකමැති වනවා මෙන්ම මා යටතේ සේවය කරනා අයවළුන් පවා එම තත්වයේ සිටිමට අකමැත්තක් දක්වන බවයි.....එමනිසා මා යටතේ සිටින කිසිවෙකුත් එසේ කරනු දැකිමට අකමැති බවත් .......මෙතෙක් කලක් එසේ කර ඇත්නම් ඒ සෑම දෙයකින්ම වලකින ලෙස දන්වන ලද අතර රසවත්ව ප්‍රමානවත්ව හා නියමිත වේලාවට ආහාර ලබාදීමට කටයුතු කිරිම අපගේ රාජකාරිය බැව් වටහා දෙන ලදී......

..........කිහිප දෙනකු ඒ පිළිබද අවධානය යොමු කරමින් වැඩකටයුතු කිරිමට කටයුතු කල අතර කිහිප දෙනකු විසින් පසුගිය කාලසිමාව තුල සිදුකල දේවල් ඒ ආකාරයෙන්ම කරගෙන යාමට පෙළඔුනද මා වෙතින් ඔවුන්හට කිසිදු බුරැලක් හිමි නොවීය....එබැවින් කිහිප දෙනෙකු මා සමග අමනාප විම පවා දින කිහිපයක් තුලදි සිදු වුනි.එහෙත් මා මාගේ ප්‍රතිපත්තියේම මාගේ රාජකාරින් කරගෙන ගියෙමි....... 

.....මා මෙන්ම මාගේ ප්‍රතිපත්තියේ සිටි කිහිප දෙනකු විය ඔවුන්ගේ අදහසද මාගේ අදහසට සමාන විය ඒ අතරින් සැරයන් අබේරත්න මාගේ සහයක විය ....සෙබල සුපසහයක වශයෙන් රාජකාරි කරන ලද ලක්ෂිත නම් තවත් අයෙකු විය...සැබවින්ම ඔහුද මාගේ අදහස් වලට සමාන වුවද....පසගිය කාල සිමාවේ සිටි අයවළුන්ගේ කිමට පිටුපැමට නොහැකි බැවින් එක් එක් සොරකම් සදහා සහය දී ඇති බවත් එය එලෙස කරන ලද්දේ තමන්ට වඩා උසස් අයවළුනගේ කිම මත බැව් මා සමග පවසන ලදී......

......ලක්ෂීත ඒ අනුව මාගේ සහය සදහා යොදාගත් අතර ඔහුගේ සහයද මා හට නොඅඩුව ලැබුනි..සලාක අංශයේ සැම කටයුත්තක්ම පැවරිමට තරම් වශ්වාස වන්ත පුද්ගලයෙකු වශයෙන් කෙටි දිනකින්ම මා හට අවභෝධ විය.එසේම ලක්ෂ ගනනකට අධික ආහාර ගබඩාකර ඇති සලාක අංශයේ සලාක භාර ගබඩාවේ යතුර භාරදෙමින් මා හට විවේකයක් ගැනීමට තරම් විශ්වාස වන්ත පුද්ගලයෙකු විය...ඔහුද එය ඒ ආකාරයෙන් මටත් වඩා හොදින් මටද උපදෙස් ලබා දෙමින් ඉටු කිරිම සලාක අංශය වෙත තිබු කැත නාමය කෙටි දිනකින් අවසන් කිරිමට මා හට සහය දැක්වීය....එය ඒ ආකාරයෙන් සිදුවිය.....සැම අයෙකුගේම විශ්වාසයත් හොදනමත් ගොඩනගා ගනිමින් කටයුතු කලද කදවුර තුල සිටි කිහිප දෙනකු මා සහ සැරයන් අබේරත්න සමග අමනාප වී ඇත්තේ හොරකම් කිරිම සදහා තිබු මං ඇහැරී ගොස් තිබු බැවිනි...එය මා හට ප්‍රශ්නයක් නොවීය.. 

.....පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතට ගෙන එනු ලබන අමු සලාක සහ වියලි සලාක ස්ථාන කිහිපයකට නිකුත් කිරිමට අපහට සිදුවිය...ඒවා නම් බලලත් නිළධාරි සහ සැරයන් නිවස්නය මෙන්ම කටුකැලියාව කදවුර වෙතයි......එම ස්තානයන්හි සිටින සෙබළුන්ට හිමි ආහාර ප්‍රමානය දිනපතා අප ගබඩාව වෙතින් නිකුත් කිරිමට අප ක්‍රීයා කල යුතු අතර ඒ සදහා ප්‍රධාන ගබඩාවෙන් මැන කිරා දෙනු ලබන්නේ මා විසින් හෝ සැරයන් අබේරත්න එසේත් නැතහොත් මාගේ විශ්වාශය දිනාගත් ලකෂිත නැමති අයවළුන් විසිනි...

.......පොත්පත් හැදීමේදි පවා මා විසින් එම පොත්පත් නිසි අයුරින් නඩත්තු කරගෙන ගිය අතර එක් එක් වැරදි  ක්‍රමයන් ඉදිරිපත් කරමින් පොත්පත් සකස් කිරිමට උපදෙස් දෙනලද භකාස නිළධාරි සමගද වාද විවදයන් කරගෙන බහින් බස් විමට පවා මට සිදුවය.......අවසානයේදි  සේනාවිධායකතුමා සහභාගීවන සාකච්ඡා මේසයේදී සලාකභාර නිළධාරි සමග වැඩ කිරිමට නොහැකි බවත් එම නිළධාරි පවසන ආකාරයට සලාක අංශයේ රාජකාරින් ඉටු කිරිමට ගියහොත් අනිවාර්යෙන්ම අමතර මුදල් ගෙවිමට සලාක අංශයට සිදුවන බවත්...එය සිදුවන ආකාරය පිළිබදව විස්තරයක් ඉදිරිපත් කරමින් පවසා සිටින ලදි..........

යුධ හමුදාව තුල සලාක නිකුත් කිරිම එක් ක්‍රමයකට සකස් කර ඇති අතර උදේ දිවා සහ රාත්‍රී ආහාරය සදහා ආහාර වට්ටෝරැවක්ද.....එක් එක් වේල් සදහා එක් සෙබලකුට හිමි අමු සහ වියලි සලාක ප්‍රමානයක් නිශ්චිතව යුද හමුදාව විසින් සදහන් කර ඇති බැවින් එය කදවුර තුල සේවය කරනා සෙසු නිළයින් ප්‍රමානය අනුව නිකුත් කිරිම ......ඒවා නිසි අයුරින් සකස් කර නියමිත වේලාවට ලබා දිම සලාක භාර බලලත් නිළධාරි වන මාගේ යුතුකම විය. 

ආහාර නිසි අයුරින් හොරකමක් හෝ වංචාවක් සිදු නොකරමින් වසර දෙකක කාලයක් ඉටු කරන ලද අතර මා විසින් විශ්‍රාම යාමට නියමිත කාලසීමාවේදි සෙසු නිළයින් හට ලබා දෙනු  ලබන විශ්‍රාම පාඨමාලාවක් යෑමට තීරණය කලේද සලාක අංශයේ රාජකාරින් සදහා මා යොමු වු බැවින් ඉන් ගැලවී යාම පිණිස කිව්වද එහි වරදක් නැත

ඒ අනුව මා විසින් සියළු කටයුතු සුදානම් කර රෙජිමේන්තු මධ්‍යස්ථානය හරහා මාගේ රාජකාරින් භාරදීම පිණිස මාණ්ඩලික සැරයන් වදිරිසිංහ යන මාගේ ගෝලයකු ගෙන්වා ගන්නා ලදී.ඔහුද මාගේ නම දුටු පමණින් කැමැත්ත පුකාශ කිරිමද මාගේ වාසනාවක් විය. එසේම මා ඉල්ලා ඇති විශ්‍රාම පාඨමාලාව සදහා යාමට ලැබීම මෙන්ම පාබල පුහුණූ මධ්‍යස්ථානයේ සලාක අංශයේ වසර දෙකකට ආසන්න කාලයක් ඉතාමත් හොදින් සේවය කර ඉවත්ව යාමට ලැබීම ගැන සතුටු සිතින් යුක්තව සිටියෙමි.

 සලාක අංශයේ රාජකාරින් භාරදීම් සහ භාරගැනිම් සිදුකිරිමට කටයුතු කරන මෙන් ලද අතර ඒ සදහා 2013 දෙසැම්බර් මස 13 වන දින මාණ්ඩලික සැරයන් එදිරිසිංහට සලාක අංශය භාරදිමටත් සලක අංශයේ රාජකාරින් මා විසින් සිදුකල ආකාරයට කරගන යන්නේ කෙසේද යන්න හා පාබල පුහුණූ මධ්‍යස්ථානයේ සේනා විධායක කැමති ආකාරයට හා ලබා දී ඇති උපදෙස් අනුව එය ඉටුකරන්නේ කෙසේද යන්න පැහැදිලි කර දිමට සුදානම් වුයේ එදිනට හිමි සලාකයන් නිකුත් කිරිම ආරම්භ කරමිනි.


වෙනත් අයෙකුගේ හොරකමක් නිසා ශ්‍රී ලංකා යුධ හමුදා පොලීසිය භාරයට පත්වීම 






බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment