Tuesday, November 20, 2012

යුධ හමුදාවේ මා මුහුණ දුන් ප්‍රථම උසස් කිරිමේ පරීක්ෂණය

යුධ හමුදාවට සම්භන්ධවීමෙන් අනතුරැව අතිතයේ සියලුම දේවල් අමතක කරමින් නියම විනයක් තුල ජිවත් විමට ලැබිම ඇත්ත වශයෙන්ම වාසනාවක් ලෙස අදටද මම කල්පනා කරමි.
     එහෙත් මා හට යුධ හමුදාව තුල යාමට තිබු බොහෝ දුරක් යාමට නොලැබීම ගැන කණගාටුවට පත්වුවද ඒ කිසිවකින් වත් අධ්‍යෛයට හෝ ආපස්සට යාමට තරම් මා පහත් තත්වයකට නොවැටිමට මා මුහුන දුන් අතිත සිදුවිම් මට මහගු පිටු වහලක් විය.
        මා යුධ හමුදාව වෙත ඇතුලත් වි මා හට පැවරෙන රාජකාරින් නිසි ලෙස ඉටු කරමින් විනයානුකුලව හමුදා ජිවිතය ගෙන යන ලදී.යුධ හමුදාවට බැදී වසර තුනක් ඉක්මවා යන අවශ්ථාවේදි යුධ හමුදා ජිවිතයේ සෙසු නිළයින් වෙනුවෙන් පවත්වනු ලබන උසස් කිරිමේ පරිෂණය සදහා තෝරාගැනිමේ විභාගය ඒකක මට්ටමින් තිබු අතර ඉන් තෝරා ගන්නා අයවලුන්ගේ පරික්ෂණයෙන් මා ද සමත් වුයේ ඒකකයේ තබන ලද විභාගයෙන් වැඩි ලකුනු ලබා ගත් නිසාය.මටවඩා ජ්‍යෙෂ්ථ අයවලුන් සිටියද මා රයිෆල් සෙබල සිට ලාන්ස් කෝප්‍රල් නිළය දක්වාවු රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් පැවැත්වීමට නියමිත පරික්ෂණයට පෙනීසිටිමට සුදුසු කම් ලබා ගන්නා ලදි.එම පරීකෂණය තබන ලද්දේ මාදුරැඔය කදවුරේය.
       1988 වසර වන විට එවකට තිබු සියලුම ඒකකයන් වෙතින් උසස් කිරිමේ පරික්ෂණට පෙනී සිටිම පිනිස  එක් ඒකකයකින් පහලොස් දෙනකු බැගින් හතලිස් පස් දෙනකු රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් පැවැත්වෙන උසස් කිරිමේ පරික්ෂණය සදහා තෝරා ගන්නා ලදී.ඒ අනුව සියලුම ඒකක වල පරික්ෂණයට මුහුණ දුන් දෙසියයක පමණ ප්‍රමානයකින් හතලිස් පස් දෙනා අතරට මට එන්නට ලැබීම ඇත්තන්ම මා ලැබුයේ මාගේ උත්සහය මත කැපකිරිම් කරමින්ද....ස්ථිරවු අධිෂ්ථානයක්ද මා තුල තිබූ බැවින් යැයි කිව්වාට වරදක් නොමැත.
  එම උසස් කිරිමේ පරික්ෂණයද සාර්ථක ලෙස මුහුණ දුන් මා පරික්ෂණය අවශානයේ  ප්‍රතිළුළ අනුව මා සහ බළඇණි මුලස්ථාණයේ මුතු බංඩා රත්නායක පලමුවනියා වීම ඇත්තෙන්ම සතුටට කරැණක් විය.අප දෙදෙනාගේම ලකුණු එක සමාන විම මත අප දෙදෙනාම පලමු වෙනියන් ලෙස නම් කරන ලදී.එපමණක් නොව අප දෙදෙනාම  සෙසුනිළයින් සිට නිළධාරින් වශයෙන් උසස් කිරිමට නිර්දේශ කරන ලද අතර ඒ බැව් අප දෙදෙනාගේ වාරවා පත්හිද සටහන් කරන ලදී

ඇත්තෙන්ම එවැනි අවශ්ථාවක් ලැබෙන්නේ යුධ හමුදාව තුල ඉන්නා සෙසුනිළයින්ගෙන් දාහෙන් හෝ ඊටත් වැඩි ගණනකින්  එක් අයෙකුට ලැබෙන අවශ්ථාවක් වශයෙන් සදහන් කලද වරදක් නොමැත.
  ඒ අවශ්ථාව මට ලැබිම ඇත්තෙන්ම සතුටුදායක පුවතක් නොවන්නේද?හමුදාවක සිටිනා ඔනෑම සෙසු නිළයෙකු ප්‍රාර්ථනා කරනු ලබන දෙයක් මාගේම උත්සාහය මත මා හට ලැබෙන්නේ නම්  ඇත්තෙන්ම සතුටට කරැණක් විය.

     යුධ හමුදා නිළධාරයෙකු හා සෙසු නිළයෙකු අතර බොහෝ වෙනස් කමක් ඇති අතර එය විධායක ශ්‍රේනියට අයත් රැකියාවක් වනු ඇත.ඒ අනුව සෙසු නිළයින්ට වඩා වැඩි වැටුපක් ලැබෙන අතර වගකිම සැපපහසුකම් ද ඒ අතරට ගත හැක.එය මා හට ලැබෙන්නේ නම් මාගේ වාසනාවක් ලෙසද මා කල්පනා කරන ලදී.
     කෙසේ වෙතත් උසස් කිරිමේ පරික්ෂණයට සාර්ථකව මුහුණ දුන් මා හා අප සියලුම දෙනා ලාන්ස් කෝප්‍රල් නිළයට උසස් විම් ලැබ අප අයත් කණ්ඩායම් වෙත පිටත් කර යවන ලදි.මා අනාගත බලාපොරොත්තු සහගත සිතින් යුක්තව මගේ කණ්ඩායම වෙත ගොස් ක්‍රීයාන්විත රාජකාරින්හි සුපුරැදු පරිදි යෙදුනෙමි.
    අවශානයේදි  අවාසනාවට මෙන් නිළධාරියෙකු වශයෙන් පුහුණුවීම සදහා මා තෝරාගෙන නොතිබු අතර මා සමග එකම පරික්ෂණයේ සම ලකුනු ලබා ප්‍රථමයන් වු අප දෙදෙනා අතරින් බළඇණි මුලස්ථානයේ මුතු බංඩා රත්නායක පමණක් නිළධාරියෙකු ලෙස පුහුණුවිම් කටයුතු සදහා දියතලාව වෙත ගොස් සිටින ලදී.
       
    මා මානසික වශයෙන් කොපමන පහලට ගියාද කිවහොත් දින ගනනක් ආහාර පවා නොගෙන කල්පනා කරමින් සිට අවශානයේදී කොයි දේ වෙන්නෙත් යහපතට යැයි කල්පනා කිරිමෙන් පසු අවශානයේදී "මාගේ දෙවියනි ... මාගේ දෙවියනි......මාගේ කැමැත්ත ලෙස නොව.......ඔබගේ කැමැත්ත ලෙස සියල්ල සිදුවේවා" යන්න කිහිප විටක් පවසමින් මාගේ මනස පියවි තත්වයට ගෙන මා හට අයත් රාජකාරින් නිසි අයුරින් ඉටු කරන ලදී..නැවත යථාතත්වයටද වඩා හොදින් රාජකාරින් ඉටුකරන ලද්දේ කිසිවක් නොවු පරිද්දෙනි.වර්ථමානයේ 2013 දෙසැම්බර්  වන විට එම නිළධාරියා ලුතිතන් කර්නල් නිළයේ සිටි.


7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එක්වීම
ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)
   





කෝප්‍රල් නිළයේ උසස් කිරිමේ පරික්ෂණය.......
        ලාන්ස් කෝප්‍රල් සිට කෝප්‍රල් නිළය දක්වා උසස් කිරිමේ පරික්ෂණය 1990 වසරේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් පැවැත්විමට කටයුතු සුදානම් කර තිබු  අතර ඒ සදහා මා  අයත් ඊ කණ්ඩායමෙන් පහලොස් දෙනෙකුද අනෙක් කණ්ඩායම් වලින්ද ලාන්ස් කෝප්‍රල් වරැන් පැමිනෙන ලදී.
     මා යුධ හමුදාවට පැමින පුහුණු විමමේදි හොදම ආධුනික සෙබලා තේරිමේ තරගයට සහභාගී විය එහෙත් එයින්ද සාර්ථක ප්‍රතිළුලය මා හට නොලැබුනද ඉන් අධ්‍යෛයමත් නොවු මා....ඉන් වසර තුනකින් පැවැත්වු
උසස් කිරිමේ පරික්ෂණයෙන් මා  සමග ප්‍රථම ස්ථානය ලබාගත් දෙදෙනා සෙසුනිළයින් නිළධාරින් සේ උසස් කිරිමට නිර්දේශ ඉදිරිපත් කර තිබුනද (Recomended Filed Commision) එසේම නිළධාරීන්සේ උසස් කිරිමට නිර්දේශ කරන ලද අනෙක් අය නිළධාරියෙකු වශයෙන් තරැ ලාංඡන පැලද ඇති කාලසීමාවක එනම් 1989 වසරේ දි මා යුධ හමුදාවට පැමිණ වසර හතරකින් පසු පවත්වන ලදි.
     මාගේ එකම අධිෂ්ථානය වුයේ නැති වු දෙය නැවත ලබා ගැනිමයි.එම නිසා මෙම උසස් කිරිමේ පරික්ෂණයට ඉතා සාර්ථකව මුහුණ දීමට මා සිතා ගතිමි.මෙම උසස් කිරිමේ පරික්ෂණය සදහා පෙනිසිටින සෑම අයෙකුටම වැදගත් කමක් ගනු ලබන පරික්ෂණයකි.එයට හේතුව වන්නේ මුලු රෙජිමේන්තුව තුල සෙසු නිළයාගේ ජ්‍යෙෂ්ථ තාවය තීරණය වන්නේ මෙම උසස් කිරිමේ ප්‍රතිළුළ මත බැවින් ඉතා තරගකාරි පරික්ෂණයක් කිව්වද වරදක් නැත.එය යුද හමුදාව තුල සැම අයෙකුම දන්නා බැවින් ඉතා සාර්ථකව ජයගැනිමට ඉටාගෙන සෑම අයෙකුම එයට මුහුණ දිමට පැමිනෙති.එසේම මුහුණ දෙති.
     කෙසේ වෙතත් මෙම පරික්ෂණය තරගකාරි මුහුණු වරක් ගත්තද අවසන් ප්‍රතිළුළ අනුව මා දෙවනියා විය.ප්‍රථමයා වශයෙන් කෝප්‍රල් අනුරද එයට ලකුණු දෙකක් අඩුවු මා දෙවනියාද විය.
       මෙවරද පළමුවෙනියා සහ දෙවනියා සෙසු නිළයේ සිට නිළධාරියෙකු වශයෙන් උසස් කිරිමට නිර්දේශ (Recomended for Filed Commision) කරන ලදි.එසේම එදින සිට කෝප්‍රල් නිළයේ නිළ ලාංඡන පැලදීමටද අනුමැතිය ලබා දි තිබුනි.
    යුධ හමුදාවට පැමින වසර හතරක් වැනි කෙටි කාලයක් තුලදී කිසිදු විනය කඩ කිරිමක් නොකොට මාගේ උත්සාහය මත කෝප්‍රල්  නිළය දක්වා උසස් වුවද මාගේ තවත් අධිෂ්ථානයක් තිබුනි.එය මා විසින් ඇතිකර ගත්තක් නොව මාගේ උත්සාහය මත මා වෙත යුධ හමුදාව තුලින් දිය යුතු යැයි නිර්දේශ කර තිබු දෙයක් බැවිනි. (Recomended for Filed Commision) යැයි දෙවනි වරටත් මාගේ වාර්ෂක රහස්‍ය වාර්ථාවේ සදහන් කර ගැනිම තවත් එක් දක්ෂතාවයක් වශයෙන් සැලකු මා ඊ කණ්ඩායම සමග එකතුව ක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන ලදී.
    .මේ වනවිට එම වකවානුවේදී වසර හතරක් වැනි කෙටි කාලයකින් කෝප්‍රල් නිළය දක්වා මාගේ උසස් විම පිළිබද විවේචාත්මකව කථා කළ පිරිසක්ද සිටි බව මා හොදාකාරවම දැන සිටියද එය මට ප්‍රශ්ණයක් කර නොගෙන මට අයත් රාජකාරින් නිසි පරිදි ඉටු කරන ලදී.එබැවින් මෙවර සෙසුනිළයින් සිට නිළධාරින් දක්වා උසස් කිරිම සදහා සෙසු නිළයින්ගේ නාමයෝජනා ලබාදෙන ආකාරය පිළිබදව මා අවධානයකින් පසුවු අතර මා අයත් කණ්ඩායම් මුලස්ථානයෙන් කිහිප වරක් විමසන ලද අතර කිහිප විටක දිම මා හට ලබාදුන් පිළිතුර වුයේ මෙතෙක් නාම යෝජනාවන් කිසිවක් ඉදිරිපත් කර නොමැති බවකි.
   අවශානයේදි රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් විමසිමේදී මා හට දැන්වු දෙයින් පසු මුළු යුධ හමුදාව පිළිබද කලකිරිමක් මා තුල ඇතිවිය.එය නම් මා කෝප්‍රල් දක්වා උසස් කිරිම් කර ඇතත් කෝප්‍රල් නිළය ස්ථිර කර නොමැති බැවින් මාගේ නාම යෝජනාව ඒ සදහා ඉදිරිපත් කර නොමැති බවත් වෙනත් අයෙකුගේ නාමයෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවත්ය.
    මින් පෙර උසස් කිරිමේ පරික්ෂණයෙන් සාර්ථක ප්‍රතිපළ ලබා ගත්තද  නිළධාරියෙකු ලෙස උසස් කිරිමට නිර්දේශ කලද? ඒ සදහා මාගේ නාමයෝජනාව ඉදිරිපත් නොකරන ලදී. ඒ සදහා බළඇණි මුලස්ථානයේ මා සමග උසස් කිරිමේ පරික්ෂණයට පෙනි සිට ලාන්ස් කෝප්‍රල් වශයෙන් සිටි අයවලුන් නිළධාරියෙකු විම සදහා නම් කල අතර මෙවර මා ඉන් කිරිම සදහා වෙනත් ක්‍රමයක් අනුගමනය කොට උසස් නිළධාරින් නොමග යවා ඇති බව මා හට අවබොධ විය.එසේම බළඇණි මුලස්ථානයේ අයවලුන් හා ඔවුන්ට හිතවත් අයවලුන් ඒ සදහා නිර්දේශ ඉදිරිපත් කිරිම කෙතරම් අසාධාරනයක් දැයි මා විසින් කල්පනා කල අතර ඒ සදහා වාද විවාද කිරිමට ඉදිරිපත් නොවි කොයි දේ වෙන්නෙත් යහපතට යැයි කල්පනා කිරිමෙන් පසු අවශානයේදී "මාගේ දෙවියනි ... මාගේ දෙවියනි......මාගේ කැමැත්ත ලෙස නොව.......ඔබගේ කැමැත්ත ලෙස සියල්ල සිදුවේවා" යන්න කිහිප විටක් පවසමින් මාගේ මනස පියවි තත්වයට ගෙන මා හට අයත් රාජකාරින් නිසි අයුරින් ඉටු කරන ලදී.... 2013 වන විට මේජර් නිළයේ සිටීය යුතුය.....


        ඇත්තෙන්ම මේ වෙනකොට සිටිය ස්ථනයන් කරපු රාජකාරින් නම් කියන්න ගියොත් සමහරවිට ඒව විශ්වාශ කරන්නත් අපහසු අමාරැ දේවල් ......සමහර විට විශ්වස කරන්නත් බැහැ.... සමහර විට අපටවත්.....ඒ තරමට පුදුමයි .... මම විතරක් නෙමෙයි මුළු යුධ හමුදාවම....... පස්සෙ බලමු.......

ජිවිතයට මුහුණ දීම.....

..ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... ඔබත් බලන්න
...වැදගත් වේවි කවදා හරි.... 
. ඉතිරි ටිකත් බලන්න.....
.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

මීලගට මගෙ ඉතිරි කොටස..............................
සියලුම අයවලුන් අභිබවා සැරයන් නිළයට උසස් කිරිමේ පරික්ෂණයෙන් පලමු වෙනියා විම..................


More Read my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment