Saturday, March 21, 2015

ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනාකම අවභෝධ විම.......

පුහුණු වීම් අවශානයේ පළමුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට ඇතුලත් කිරිමෙන් අනතුරැව මා සමග පනස් දෙනෙකු  අඹේපුස්ස කදවුරවෙක රැගෙන එන ලදී.
        සති කිහිපයක රෙජිමේන්තු පුහුණු විම් නිම කිරිමෙන් පසුව කොළඹ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරින් සදහා පිටත් විය.කොළඹ 07 දැනට නිදහස් චතුරශ්‍රය පිහිටි මාවතේ එක් ගොඩනැගිල්ලක අප කණ්ඩායම නැවතී සිටි අතර අප කණ්ඩායමට ඉටු කිරිමට ඇති රාජකාරිය වුයේ ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලය (JOC)ආරක්ෂා කිරිමයි .එහෙත් මා ආධුණිකයෙකු වු බැවින් මා හට පැවරැනු මුර රාජකාරි වුයේ සෙබළුන්  නැවතී සිටි ගොඩනැගිල්ල ආරක්ෂා කිරිමයි.

එසේ මුර කරමින් සිටින එක් දිනක මා අසලට පැමිණි කොළඹ කාන්තාවක් වෙයාර් ඊස් ඉනර් පල්වර් රෝඩ් යනුවෙන් විමසන ලදී.එහෙත් ඒ කිසිදු දෙයක් පැහැදිලිව මට තේරැම් ගැනීමට ශක්තියක් නොමැති වුයේ ඉංග්‍රීසි  භාෂාව පිළිබදව මට කිසිදු දැනුමක් නොමැති වු බැවිනි.මා ඉංග්‍රීසි පංතියෙ උඩුගම ටිචර් පංතියට එනවිට ඉංග්‍රීසි භාෂාව මගහරිමින් ගිය හැටි මතක් විය.මට මා ගැනම මහත් වු ලැජ්ජාවක් ඇතිවිය.


ඉන් අනතුරැව දින කිහිපයක් ඒ පිළිබදව සිතමින් සිට ඉංග්‍රීසි පිළිබද දැනුමක් තිබු එවකට කෝප්‍රල් නිළයේ සිට පසුව බනි 1 නිළයෙන් විශ්‍රාම ගිය බංඩාර ගෙන් හ් පිළිබදව විමසන ලදී.ඔහු විසින් එහි තේරැම මා හට පවසන ලදී.කොහේද ඇතුලත මල් පාර යනුවෙන් අසා ඇති බවත් එම පාර පෙන්වීම සදහාද මා රැගෙන යන ලදී....මා සිටි තැන සිට මිටර් පහක් හෝ දහයක් ගියවිට එම පාර හමුවේ....මට මා ගැනම ලජේජාවක් මෙන්ම කේන්තියක්ද පැමිණි අතර අප ගාමිණි විදුහලේ උඩුගම ටිචර් මට මැවි මැවි පෙනුනි.අදටත් එහෙමයි...ඒ පාර .....ඒ වචනයන් කිසි දිනෙක අමතකව යන්නේ නැත.

එදින සිට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට මහත් ලැදියාවක්ද....අවශයතාවයක්ද ඇතිවිය..එම නිසා කුඩා ඩික්ෂනරියක් මා අත තබා ගැනීමටත්....එක් එක් වචනය බැගින් ඉගෙන ගැනීමටත් මා හුරැ පුරැදු විය....මෙය දුටු ඇතමුන් සිනහ විමටත් ...දැන්මම කොමිසන් යන්නට දගලන්නේද යන්න හා උපහාසාත්මකව එක් එක් වචනයන් කිමට පෙළඹුනද මම සිතු හා කරගෙන යන වැඩ පිලිවෙල කිසිදු අවශ්ථාවකදී නතර කරලීමට උත්සාහ නොකරන ලද අතර ඒ ඒ අනුව තව තවත් දිරිමත්ව කටයුතු කරන ලදී...

මිලග මාගේ අරමුණ වුයේ  අපොස (සාපෙ) විභාගය ඉංග්‍රිසි විෂයට ඉදිරිපත්වි අවම වශයෙන් ඉංග්‍රීසි විෂය සමත් ලෙස සටහන් කර ගැනිම විය.ඒ සදහා මම තනිවම මා විසින්ම පුරැදු පුහුණු වන ලදී....එක් එක් වචනයන් නෙදන්නා අයවළුන්ගෙන් අසා දැන ගන්නා ලදී

මීලගට අපොස(සාපෙ) ඉංග්‍රීසි විෂය යටතේ පෙනි සිටිම


මා මුහුණ දුන් යුධ හමුදාවේ උසස් කිරිමේ පරික්ෂණය ...................

ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment