Sunday, October 4, 2015

ඉරාකයේ රාජකාරින් සදහා යෑමට තීරණය කිරිම.........(සම්මුඛ පරික්ෂණ සදහා හාරදහසකට අධික හමුදාවෙන් විශාම ගොස් සිටි අයවළුන් සිටි අතර මා ඉන් දසවෙනියා වී සමත් විය).....



ඉරාකයේ  රාජකාරින් සදහා යෑමට තීරණය කිරිම.........(සම්මුඛ පරික්ෂණ සදහා හාරදහසකට අධික හමුදාවෙන් විශාම ගොස් සිටි අයවළුන් සිටි අතර මා ඉන් දසවෙනියා වී සමත් විය).....

මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....

මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................

"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."   

         ඉරාකයේ රාජකාරින් සදහා ගොස් සිටි හමුදාවට අයත් අයවලුන් විසින් ඉටුකරනු ලැබු රාජකාරින් මාස හයකට පමණක් සීමා විය.....එයට හේතුව වශයෙන් සදහන් කල හැක්කේ ලක්ෂයකට ඉහල වැටුපක් ලැබීම ඉතාමත් ඉහල සැප පහසුකම් ලැබීම තුලදී අපගේ අයවදුන්ගේ මනස් වෙනස්වීමේ ස්භාවය වශයෙන් සදහන් කළද එය නිවැරදිය..අපගේ අයවලුන් විසින් කරනු ලැබු එක් එක් විනය කඩකිරිම් නිසා එම සේවය මාස හයකට පමණක් සීමා කරමින් එම ආරක්ෂක අංශය විසුරැවා හැරීමෙන් අනතුරැව සියළුම අයවළුන් ශ්‍රී ලංකාවට පිටත් කර එවීමයි......මෙම සියළුම ආරක්ෂක අංශයන් එවකට පැවති රජයයන්ට නොදන්වා හොර රහසේ ක්‍රීයාත්මක වු බව නම් සදහන් කළ හැක‍.......මේ සදහා මුලිකත්වය ගන්නා ලද අයවළුන් පිළිබදව සදහන් කිරිමට මා කැමැත්තක් නොදක්වන අතර ඇත්ත වශයෙන්ම එම අයවළුන්ගේ එම සේව පැසසිය යුත්තේ දුප්පත් අයවළුන් වෙනුවෙන් යම් වැඩ කොටසක් කර ඇති බැවින් යැයි මා සදහන් කළද ඒ මාගේ මතය පමණකි......ඒ අනුව දිවියෙන් ගොඩ ගිය අයවළුන් බොහොමයක් පිළීබදව මා දන්නා බැවිනි........කෙසේ වෙතත් එම සේවය ඉදිරියට පවත්වා ගැනීමට තරම් ඒ සදහා සහභාගී වූ භට පිරිස් සහය නොදක්වමින් විනය කඩ කරමින් හැසිරී ඇති බැවින් එම ආරක්ෂක අංශය විසුරැවා හැරීමට කටයුතු කරන ලදී.....
     ඉන්පසු ඇමරිකන් හය දෙනකු පැමින යුධ හමුදා සෙබළුන් ඉරාකයට රැගෙන යාම සදහා සම්මුඛ පරීක්ෂනයන් පවත්වන ලදී මෙම සම්මුඛ පරික්ෂණයන් එවකට පැවති රජයන්ට හොර රහසේ සිදු බවට දන්වා සිටියද එය එසේ නොවන්නට ඇති බවට සිතා ගත හැක... ඒ කෙසේ වුවත් මෙම සම්මුඛ පරික්ෂණයන් සදහා මූලික දායකත්වයක් ලබා දී  තිබුනේ යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය ක්මාණ්ඩො රෙජිමේන්තුවට අයත් මේජර් සේනාධිපති හා පාබල හමුදාවේ විශාමික මේජර් ඈපා යන අයවළුන් විසින් යැයි මාගේ විශ්වාසයයි....
    මෙම පණිවිඩය ලැව් ගින්නක් මෙන් පැතිර ගිය අතර මා හටද හම පුවත අසන්නට ලැබුනි.....මේ වන විට මා විසින් මෙන්න මේ අරමුණ ඇතිව මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
 මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම.....ගමේ ගොඩ නැගු ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය හා සණස සමිතිය ගමේ ජනතාවගේ සහයක් නොමැති කම නිසා බිද වැටී තිබුනි.........සෑම අයෙකුටම අවශ්‍ය වන්නේ මිල මුදල්ය .....මිල මුදල් ඇත්නම් ඔනෑම දෙයක් කළ හැකිය යන්න තේරැම් ගත් මා මිල මුදල් සොයා හෝ මාගේ අරමුණ කරා යන්නෙමියි සිතා ......ඉරාකයේ රාජකාරින් සදහා සම්මුඛ පරික්ෂණයන්ට සහභාගී වීමට තිරණය කලෙමි.......ෙම් වන විට මා ගලධාරී හොටලයේ ආරක්ෂක නියාමකයෙකු වශයෙන් රාජකාරීන් කරමින් සිටින ලදී.....
               ප්‍රථම සම්මුඛ පරික්ෂණය මේජර් සේනාධිපති යන විශ්‍රාමික නිළධාරි සහ තවත් කිහිප දෙනෙකු විසින් පැවැත්වූ අතර ......ඒ සදහා දාහක් දෙදහකට අතර සංඛ්‍යාවක් සහභාගී විය .ස්ථානය පිළීබද මතකයක් මා හට නොමැත....එක් එක් ස්ථානයන් මේ සදහා යොදි ගන්නා ලද්දේ රජයට නොදන්වා දුරකථන මගින් පණිවිඩයන් යවා ගන්නා බැවිනි.........මේ සදහා වීශ්‍රාමික මේජර් වරැන් පවා සහභාගී විය....යුධ,ගුවන් හා නාවික යන සේවාවන්වග වසර 22 ක් සේවය කොට ව්‍රීම ගිය අයවළුන් මෙන්ය වසර 12 ක් සේවය කර නීත්‍යනුකුලව අප මෙන් ඉවත්ව ගි  අයවළුන් මෙන්ම නිවාඩු නොගෙන නොපැමින සිටි අයද  සිටින ලදී.......මෙය ඉතාමත් තරගකාරී ස්වරැපයක් ගන්නා ලද අතර එහ මාසි වැටුප රැපියල් එක් ලක්ෂ අසුදාහක් බවද......වසර දෙකක ගිවිසුම් කාලයක් ඇති බවද ඉන් පසුව.... විනය විරෝධීව කටයුතු නොකරන්නේනම් තවත් සේවය කළ හැකි බවද...කැම බීම නවාතැන් පහසුකම් නොමිලයේ ලබා දෙන බවද.....රක්ෂණය රැපියල් පණස් ලක්ෂයක් බවද පවසනු ලැන ලදින් සඅම අයෙකුගේම උත්සාහය කෙසේ හෝ මෙම අරමුණ ජය ගැනීමය........මාගේ අරමුණද එයම විය....මුදල් ඉපයිම මාගේ අරමුණ වුවද.....එය අනෙක් අයවළුන්ට වඩා හාත් පසින්ම වෙනස් වු අරමුණ මාගේ හදවතෙ විය.......
       දෙවන සම්මුඛ පරීක්ෂණය හා ශාරිරික අභ්‍යාස පරික්ෂණය සදහා මහරගම පුදේශයේ ක්‍රීඩා පිටියකට ගිය අතර හැතැප්ම හතරක්  දිවිමේ සම්මුඛ පරික්ෂණය පවත්වන ලදී.........ඉන් සමත්වු අයවලුන් සදහා නැවතත් දුරකථනයෙන් දැනුම් දෙන ලෙස දන්වා සැම අයෙකුම පිටත් කර හරින ලද අතර ප්‍රථමයෙන් තෝරා ගන්නේ විසිපස් දෙනකු බවත් ඉන් දසදෙනකු පමණක් ප්‍රථමයෙන්ම රැගෙන යන බවත් සැම අයෙකු හටම මෙහිදි දන්වන ලද බැවින් සැම ස්ථානයක්ම තරගකාරි ස්වරැපයක් ගන්නා ලදී........
   මා සමග මිතුරන් කිහිප දෙනෙකු ගියද සමහර අයවළුන් ප්‍රථම සම්මුඛ පරික්ෂණයෙන්ද...සමහර අයවළුන් දෙවන ශාරීරික අභ්‍යාස පරික්ෂණයෙන්ද අසමත්ව සිටි අතර ඒ කිසිවක් දැනුවත් කිරිමට නොහැකි වුයේ .දී......සම්මුඛ පරික්ෂණ පැවැත්වු අයවළුන්ගේ ඉල්ලීම මතය.......
     ඉන්පසු සම්මුඛ පරික්ෂණය සදහා සියදෙනකු පමණක් සහභාගී විය ඒ සදහා මාගේ දුරකථන අංකයට පණිවිඩ ලැබුන බැවින් මා එයට සහභාගී වන ලදී එදින හැතැප්ම එකක් දිවිම....ආම් බෙන්ඩින් ....සිතප්.......ඩිප්ස් හැකි පමණ ගැහිම සිදුකරන ලදී මා විසින් ආම් බෙන්ඩින් 12 ක්.... ආම් බෙන්ඩින් 12 ක් පමණ ගැසිමේදි සම්මුඛ පරික්ෂණය සදහා සහභාගී වු ඇමෙරිකන් හමුදා නිළධාරියා විසින් වෙල්ඩන් බෝයි යනුවෙන් පවසනු මට ඇසුනි..... සිතප් විනාඩියකට අවශ්‍ය ප්‍රමානයද......ඩිප්ස් 65 ක්ද සමග හැතැප්මය දිවිම වේලාවට කලින්ම සිදු කරන ලදී......
 එම ශාරිරික අභ්‍යාස පරික්ෂණය සමත්වු මා අවසන් සම්මුඛ පරික්ෂනය සදහාද සහභාගිවන ලදී ...එය පැවැත්වුයේ උසස් හෝටලයක විය එහිදි .. පැමිණ සිටි සංඛ්‍යාව පනහක් පමණ විය....අප සැමට රැපියල් දස දහස බැගින් රැගෙන එන ලෙස දන්වන ලදී......ඉන් තෝරා ගන්නේ විසිපහක් පමණක් බැවින් වුවද එහි සම්පූර්න තේරීම වන්නේ සම්මුඛ පරික්ෂණය මෙහෙයවන ඇමෙරිකානු යුධ හමුදා නිළධාරින්ය........මාගේ ඉංග්‍රීසි දැනුම  අනෙක් අයවළුන්ට වඩා ඉදිරියෙන් විය.....මෙතෙක් පැමිණි ගමන් මග අනුව මා ඉදිරියෙන් සිටින බව මා හට අවභෝධ විය....මම සාමාන්‍ය පරිද සැම දෙයක්ම කරගෙන ගිය අතර අප විසිපස් දෙනෙකු බොහෝ අමාරැවෙන් තෝරාගත් අතර ඉන් මා දස වැන්නා විය......එක් අවශ්ථාවක මාගේ ඇතුළු කිහිප දෙනකුගේ නම් නොමැති විය.....වෙනත් අයවළුන්ගේ නම් ඇතුලත් කර නාම ලේඛණය ඇමෙරිකානු නිළධාරිනට ලබා දුන්නද....ඇමෙරිකානු නිළධාරින් විසින් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ ඔවුන් විසින් තෝරා ගන්නා අයවළුන් අවශ්‍ය බව දන්වමිනි......
    කිහිප විටක්ම නාම ලේඛනය එහාට මෙහාට වෙනස් වුවද....අවසන් තීරණය වුයේ ඇමෙරිකානු හමුදා නිළධාරින් විසින් තෝරාගන්නා ලද අයවළුන්ගේ නාමලේඛණය අනුව ඉරාක ආරක්ෂක අංශයට සෙබළුන් බදවා ගන්නා බවය ......ඇත්තෙන්ම මම මා ගැනම ඇති වුයේ විශාල ආඩම්බරයෙකි ...මම ඒ දහස්  ගනන අතරින් දස වෙනියා වී ප්‍රථමයෙන් ගමන් ගන්නා කණ්ඩායමට ඇතුලත්ව ඇති බැවිනි.......
    පසුදින නැවතත් කොළඔ සම්පත් බැංකුවේ ගිනුමක් ඩොලර් වලින් ආරම්භ කිරිමට අවශ්‍ය බැවින් එතනට ආ යුතු බවත් ඒ එන විට ඩොලර් හෝ  රැපියල් පන්දහසකට වැඩි මුදලක් රැගෙන ආ යුතු බවටත් .......ගමන් බලපත්‍රයේ පිටපතක් ගෙනවිත් දෙන මෙන්ද දන්වන ලදී.
 ඒ අනුව 2009  දින සම්පත් බැංකුවේ ප්‍රධාන කාර්යාලය අසලට ගිය අප බැංකු ගිනුමක් ආරම්භකරන ලදී .....ගමන් බලපතුයේ ඡායා පිටපත් ලබා දෙන ලදී...
  විසිට් විසා වලින් ගමන යන ආකාරයත්.....ගමන  පිටත්වෙන ආකාරයත් පිළිබද අපට විස්තර කර දීමෙන් අනතුරැව දිනයක් දන්වා එදින රාත්‍රී අටට යාමට සුදානමින් සියළුම අවශ්‍ය ඇදුම් පැළදුම් සුදානම් කර ගන්නා මෙන්ද එදින රාත්‍රි අටට දුරකථන ඇමතුමක් ලබා දෙන මෙන්ද පිටත් වෙන වේලාව පිළිබදව දන්වන බවද අප දසදෙනාට දන්වන ලදී.... 
  සතුටු සිතින් නිවෙසට පැමිණිමා සියළු බඩු භාහිරාදිය රැස්කර ගනිමින් අළුතින් ට්‍රැවලින් බැග් එකක්ද රැගෙන සියළුම ඇදුම් පැළදුම් සකස්කර නියමිත දින රාත්‍රී අට වෙන තෙක් සිට දුරකතන ඇමතුමක් ගන්නා ලදී.....
  .....අවාසනාව කරපින්නාගෙන පැමිනී මා ඒ අවශ්ථාවේදීත් අවාසනාවට ගොදුරැ වුයේ මාගේ ගමන් බලපත්හි කාලය අවසන් ව තිබූ බැවින් එය දීර්ග කරන ලද රිනුවල් පේජ් එක යවා නොමැති බැවින් මා හට වීසා රැගෙන විත් නොමැති බවයි......මට දැනුන වේදනාව කොතෙක්ද යන්න සිතා ගැනිමට අපහසු විය.....හිස කැරකවෙන්නට විය ...සියල්ලක්ම එපා විය......දෙවියනි....ඇයි මට මෙහෙ වෙන්නේ අනේ දෙවියනී  .....අනේ දෙවියනී යන්න කිහිප විටක් ..... පැවසු මා ඇදට වැටුනෙමි හදවතින්  ඇඩුවෙමි.......බිරිද මා සනසවන්නට උත්සාහ ගත්තද ....එය ප්‍රමාණවත් නොවිය....මැරෙන්න තරම් වේදනාවක් හදවතට දැනුනද ..අවශානයේදී මාගේ එකම වදන වු සියල්ල වෙන්නේ යහපතටයි යන්න සවනට කොදුරා ගත්තෙමි......ඇස් තද කරගෙන අදේ සිටියද ...නින්දක් නොමැත......දෙවියනී මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත මත සියල්ලම සිදුවේවා ......යන්න සිහිකර ගනිමින් ........එලිවෙන තෙක් ඇදට වී කල්පනා කරමින් සිටියෙමි.........එහිදී යුධ හමුදා ජීවිතය මෙන්ම සැම දෙයක්ම මතකයට මැවි මැවි පෙනෙන්නට විය.........
යුධ හමුදා ජීවිතයේදිත් වාසනාව අත ලගටම පැමින ඇතට ගිය ආකාරය සිතට මවා ගත් මා මේ අවශ්ථාවේදීත් එය සිහි කර ගනිමින් සැනසුනේ සියල්ල වන්නේ යහපතට යන්න පසක් කර ගනිමිනි.........
  නැවත දින කිහිපයකින් අප වෙතින් ලබා ගන්නා ලද රැපියල් දස  දහසක මුදල රැගෙන යාමට පැමිනෙන මෙන් අපවෙත උපදෙස් ලැබුන බැවින් එය ලබා ගැනීමට කොළඔට ගිය අප මේජර් සේනාධිපති විසින් රැපියල් දසදහසක මුදල අප වෙත ලබා දෙන ලදී.....එහිදී මට මෙන්ම ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ අනුර කුමාරට,පොලොන්නරැවේ ප්‍රනාන්දුට මෙන්ම මටද එකම සිදුවීම සිදු වී ඇති බවත් අනෙකුත් අයවළුන් ඉරාකය බලා පිටත්ව ගිය බවත් දැන ගන්නා ලදී......... 
සියල්ල වෙන්නේ යහපතටය යන්න සිතමින් .....නැවතත් ගලධාරි හොටලයේ රාජකාරින් සදහා පිටත් වූයෙමි........
  


නැවත ඉරාකයට යාමට උත්සාහ කරමින් ඩුබායි බලා පිටත් වීම......


See My True Story....Home...

ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment