Thursday, April 2, 2015

යාපනයේ ප්‍රථම රාජකාරි ස්ථානය

යාපනයේ ප්‍රථම රාජකාරි ස්ථානය
නාවට්කුලි යාපනය......1985.10 මස
 මේ තමයි නාවක්කුලි කදවුර හැබැයි මේ තියෙන ඡායාරැප ඊට වසර දොළහකට විතර පස්සෙ ගත්තු ඒවා.... මේ අපි යාපනය අල්ල ගත්තට පස්සෙ ගහපු පොටෝස් වගයක් ඒ වනවිට ත්‍රස්ත්‍රවාදීන් විසින් කදවුර විනාශ කරලා තිබුනා.
             නාවක්කුලි කදවුර ගැනත් මට වැදගත් ඇයි දන්නවද අපේ යාපනයේ ආජකාරි කළ පලමු අත්දැකීම නිසා.ඒ දවස්වල ඒ කියන්නෙ 1985 විතර යාපනයට යන්න බැහැ ඒ  09 මාර්ගයෙන් යන්න තියෙන්නෙ ප්ලයිට් එකෙන් පලාලි ගිහින් එතනින් චොපර් එකේ.
             තවත් එකක් තමයි නාවට් කුලි කදවුරේ ඉදල මිටර් විස්සක් විතර එහා තියෙන්නෙ ඇන්ඩ්‍රස් කියන ඉස්සො පැක්ට්‍රය එතනින් දකුණු අත පැත්ත ඩොක්ටර් ගේ ගෙදර ඔය දෙකට හැර එතනින් එහාට යන්න දෙන්නෙම නැහැ.ගියොත් වෙඩි තියනවා ආපහු එන තුරැ කැම්ප් එකට...
හැම දවසකම වාගෙ වෙඩි තියන එක තමයි උන්ගෙ වැඩේ. ඉතින් අපිත් නිකන් ඉන්න බැහැනෙ අපි ඉන්නෙ හැම දවසකම බංකරයේ තමයි.
ඊ කණ්ඩායම භාරව හිටපු නීළධාරියා තමයි ඒ දවස් වල මේජර් මිය යන විට බ්‍රෙග්ඩියර් බීබීඑස් මෙන්ඩිස්  දැන් ඉන්න බ්‍රෙග්ඩියර් කුමුදු පෙරේරා ඉස්සෙල්ලම ආවෙ නාවට්කුලි කදවුරට මට අදවාගෙම මතකයි.
          ඉතින් අපි නාවට්කුලි කදවුරෙන් එලියට යන්නෙ නැතිව රාජකාරි කරගෙන යනවා.වතුර බවුසරය අපිට එවනවා...නාගන්න බොන්න එහෙම  ඒවා නතර කලේ නැහැ කිසිම අවශ්ථාවක ඒ ඇයි කියලා දන්නෙ නැහැ.වතුර බවුසරය ඒ දවස්වල නතර කලානම් අපිට වතුරත් නැහැ.
       අපි එලියට ගිය හැම දවසකම අපිට ලගටම ඇවිත් ගහනවා.එලියට ගියොත් .තුවාලයක් වෙනවමයි කාගෙ හරි ....ආ ඒ දවස් වල ආටලරි ගන්ස් තියෙනව හැම කදවුරකටම කාලතුවක්කු හමුදාවෙන් හිටිය නිළධාරියා තමයි.දැන් ජෙනරල් සුමිත් මානවඩුගේ ඒ දවස් වල කපිතන්
හැම දවසකම කාලතුවක්කු වලින් වෙඩි එකක් දෙකක් ගහනවමයි.
  කදවුරට ඉස්සරහින් තිබුනෙ දියළුණු පැක්ට්‍රය ඒ පැත්තට යන්නවත් බැහැ.කොහොම හරි කදවුරේ ඉදල මිටර් එකසිය පනහක් දෙසීයයක් කදවුරෙන් එලියට යන්නම බැහැ.කෑම ගෙනවිත් දෙන්නෙත් චොපර් එකේ .නිවාඩු යන්නෙත් චොපර් එකේ(චොපර්එක කියන්නෙ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් එකට)
අපි ශාරිරික අභ්‍යාස සදහා යන්නෙත් මිටර් සියයක් එකසිය පනහක් විතර එලියට.ඒ ගිය දවසක ක්ලේමෝ එකක් හයි කරල තිබිල අනූනවයෙන් බේරැණ නිසා එදා ඉදල එයත් නතර උනා.

නාවට්කුලි කැම්ප් එකෙත් අමතක නොවන සිදුවිම් ගෙඩක් තියෙනවා.....


....................පටුන........................





No comments:

Post a Comment