Thursday, April 2, 2015

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට එකතුවීම .........



 7 ශ්‍රී ලංසිරෙ ඒකකය සමග යාපනය නැවත අල්ලා ගැනිමේ මෙහෙයුමේ  වෙත්තලයි කර්නි,සංකත්රයවායිල් හි ක්‍රීයාන්විත රාජකිරින්හි යෙදි සිටි මා කපිතන් නිළයේ නිළධාරියෙකු සමග ආරවුලක් ඇතිකර ගැනීමේ හේතුවෙන් එදිනම මා අලුතින් නගා සිටුවිමට නියම්ත 8 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදී.මාගේ සියලුම බඩු භාහිරාදිය සමග වෙත්තිලයිකර්නි මුහුදු වෙරලින් එල්සීඑම් (LCM) එකක නැග ත්‍රිකුණාමලය වෙත පැමිණ මා ආධුනික පාථමාලාව හදාරන ලද කොන්ඩුවටුවාන සටන් පුහුණු පාසැල -අම්පාර වෙත පැමිනෙන ලදී.වසර හයකට ඉහතදි පුහුණුව ලද පාසැලට සැරයන් නිළයෙකු වශයෙන් පැමිණිම සැබවින්ම සතුටට කරැණක් විය.
     8 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ  අණදෙන නිළධාරියා වශයෙන් පත්ව සිටියේ එවකට මුළු යුධ හමුදාවම නම කියූ පමනින් හදුනනු ලැබූ ලුතිතන් කර්නල් ජේ සී කොතලාවලය .විශේෂ වු කරැනු කිහිපයක් නිසා එම නිළධාරී යුධ හමුදාව තුල විශේෂ ස්ථානයක් ගෙන තිබුනි.
    ඒකකය ආරම්භ කරන අවශ්ථාවේ අණදෙන නිළධාරි වශයෙන් වැඩ භාරගන්නා දින පිලිගැණිම සදහා තිබු සම්මාන මුරයේ(Guard Turnout)එකෙහි මුර අණදෙන්නා වුයේ මාය.එය මා පුහුණුව ලැබු ස්ථනයේදී පැවතිම මා හට විශේෂත කරැණක් විය. නව ඒකකයේ පුහුණුවීම් වලින් අනතුරැව නුගේලන්ද,පිල්ලුමලේ,මහඔය.ටැම්පිටිය ,වෙල්ලාවලි සහ මන්ඩූර් යන ස්ථානයන්හි රාජකාරින් ඉටුකරන ලදී.



ඉතිරි ටිකත් බලන්න....කොටස් වශයෙන් බලන්න..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
....................පටුන........................
මා ලියූ මගේම අදහස්............

මා මියයන තුරැ .....අවසානය මෙය නොවේ .............මතු සම්භන්ධයි...................

බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

.. This will be useful for someone.or not ... if you like .. see all ........කාටහරි  මෙය  වැදගත්....... වුවද..... නැතුවද..... කවුරැන් හරි එකග නම්.....කැමති නම්........ බැලිමට හැකියාව ඇත.....

Read More my True Story (ඇත්තම ඇත්ත කථාව ඉතිරි කොටස)

No comments:

Post a Comment