.මියයන තෙක් මගේ එකම පැතුම....අරමුණ.....සහ ...කැපවීම ......
මම කුඩා කාලෙ.............
අපේ කුඩා කාලය
මම වගේ....දුප්පතෙකුව ඉපිද ........දුක් කම්කටොළු.........අසාධාරණයන් වලට මුහුණ නොදි .........ජිවිතය ගොඩනගන්න .....මගේ දරැවන්ටත්..... ඒ වාගේම.... මම ඉපදුන ගමේ මෙන්ම .....රටේ දුප්පත් දරැවන්ටත් මට හැකි පරිදි ...... හෝ ....අවම වශයෙන් වචනයකින් හරි සහයක් විම.....
මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් .........මා හට අකුරැ කියාදුන් ගුරැ මෑණිවරැන් සහ පියවරැන්ටත් මෙන්ම මා ඉගෙන ............ගත් පාසලටත් ........මාගේ හිතවත් ඥාති හිත මිතුරන්ටත් මෙය උපහාරයක් ලෙස පුදමි...................
"This life is a dream. Only a sleeper considers it real."
"ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."
මම කුඩා කාලෙ .....ආසයි දකින්නත්. අම්ම තාත්ත මෙය ගන්න උත්සහ නොකලනම් බලන්න හමුවෙන්නෙත් නැහැ.අපිත් ඒකම කරල තියන්න ඔනැ දරැවන් වෙනුවෙන්.මෙය දකින දකින වාරයක් පාසා හිතෙන දේවල් කියන්නනම් බැහැ අම්ම තාත්ත නැති උනත්........අපිත් එය කරල තිබ්බහම ඒ අයටත් අපිව මතක් වෙයි.......අපි නැතිව ගිය දවසක හරි.........
මොකද හැම දරැවෙක්ම එක වාගෙ නැහැ.විස්වාස කරන්නත් බැහැ.... ඒත් අවිස්වාස කරන්නත් එපා.....
මේ වාගෙම අපි හතර දෙනාගෙම කුඩා කාලෙ ගත්තු ඡායාරැප තියෙනවා....ඒව ටික පස්සෙ බලන්න පුලුවන්...
ඔයාල ලගත් ඇති ඔයාල කුඩා කාලෙ අම්ම තාත්ත විසින් ගත්තු පින්තුර මොකද හිතෙන්නෙ......එක පින්තුරයක් හරි ඉතිරිව තියෙන්නම ඔනැ.ඒ පින්තුරය දිහා බලල අම්ම තාත්ත කියපුව මතකයිද.......? කියල.... බලන්න ටිකක් අතිතයට ගිහින්......මට නම් හොදටම මතකයි .....මේ ජායාරැපය අම්ම බලපු හැම විටකම කියපු කතාව ......
"උඹ.... (උඹ කිව්වෙ ආදරයට කියල අමතක කරන්න එපා) .....උඹ...ඔය ජායාරැපය ගන්න කියල ගෙදරින් පිටවන කොටම අඩන්න ගත්ත ඇඩිල්ල ජායාරැපය ගන්න කොටත් අඩනවලු......ආයිත් දවසක යන්න බැරි නිසා අරගන ආව කියල කිව්ව.........ඒ කතාව මට අදවාගෙම මතකයට එනවා ඔයාලටත් ඒ වාගෙම ඇති කියල මම හිතන්නෙ මොකද දන්නවද......?.......හැම අම්ම තාත්ත කෙනෙක්ම දරැවන් ගැන ඒ විදිහටම හිතනව කියල මම දන්නව......ඇයි මමත් දරැවන්ගෙ තාත්ත නිසා.......
මට මතක තියෙන කුඩා කාලය ගැන ලියන්න ඔනැ උනත් ඒක දිග කථාවක් ඒකත් ලියන්නම ඔනැ කතාවක් තමයි...
කථාව මුලින්ම පටන් ගන්න නම් අපි හතරදෙනයි අපේ පවුලෙ අයිය මම මල්ලි සහ නංගි....මල්ලිනම් අවුරැදු දොලහවෙන කොටම වාගෙ නැතිඋනා.... ඒකත් මහ දුක හිතෙන කථාවක්...එක අතකින් බලන කොට ඒකත් මහ සැපතක් කියල හිතෙනව
ජිවත් වෙන එකත් මහ යුද්ධයක් වෙලා දැන් ...මමනම් දුක සතුට සැප හැම දෙයකම අත්විදිමක් ලබන්න ලැබුන එක ගැනනම් සතුටට පත්වෙනව ඒ උනාට.........ඕ අපි අපේ කථාවට යමු.... . ..
මම අයිය සහ මල්ලි ඉස්කොලෙ ගියෙත් එකටම තමයි ගෙදරදී තුන් හතර දෙනා ගහ ගන්නව දැනුත් එහෙමම තමයි ගෙවල් වල .අයිය ගහනව මල්ලිට,මල්ලි ගහනව අයියට ඔහොම තමයි.අපිත් ඒ දවස්වල ඒ උනාට පාසැල් ගියාට පස්සෙ අපි තුන් දෙනාම එකයි.අයියට කවුරැ හරි මොකුත් කලොත් මම මල්ලි එතන,මට මොනව හරි කලොත් අයිය මල්ලි එතන ඒ වාගෙම මල්ලිට මොනව හරි කලොත් මම අයිය එතන ඉන්නවා.පාසැලේ මොනම ගෝරියක් තිබුනොත් අපි තුනදෙනාගෙන් එක් අයෙකු ගෑවිලා.මල්ලි ටිකක් ගෝරියට බරයි.
ඒ උනාට අපි දෙන්නත් ඒ පස්සෙන්මයි අම්මත් එනව ගෝරි බේරන්න සමහර දවස් වලට ඉස්කෝලයට.අපිව හදන්න කියලා අම්ම ටිචර්ලට හා සර්ලාට වෙන වෙනම බාරදීලා තිබුනා.එක ටිචර් කෙනෙක් තමයි විමලාවති ගුරැතුමිය ගුරැතුමා තමයි පෙරේරා ගුරැතුමා ඒ දවස්වල පාසැලේ හිටපු සැරම දෙන්නා.ළමයි පැත්තකින් යන්නෙ නැහැ.
පාසැලේදී වගෙම ගමේදීත් එහෙම තමයි....පාසැල් කාලය ඉවර උනාම දැන්වාගෙ ටියුසන් පන්ති යන්න නැහැ.කාපු ගමන් දුවන්නෙ සෙල්ලම් කරන්න.ගමේ මගෙ වයසෙ,අයියගෙ වයසෙ සහ මල්ලිගෙ වයසෙ අය එක්කහු වෙන්නෙ එක්කො අපේ ගෙදරට එහෙමත් නැතිනම් බොනිලගෙ ගෙදරට එහෙමත් නැතිනම් නිශ්සංකලාගෙ ගෙදරට(ඉස්සර නම තිබුනෙ ජෝන් පිටර් අපි ඔක්කොම එකතු වෙලා එක අදහසකට ඇවිත් මොකක්ද කරන සෙල්ලම කියලා තීරණය කරනවා.ගොඩක් අය කැමැත්තක් දක්වන්නෙ එල්ලෙ කීඩා කරන්න.ටික දෙනෙක් ජිල් ගහන්න,හොරා පොලිස් කරන්න,තාච්චි පනින්න වගෙ සෙල්ලම් ඒ උනාට වැඩි කැමැත්තට අනුව කීඩාව තෝරගන්නවා.
අපි එල්ලෙ ගැහැව්වෙ නිශ්සංකලාගෙ වත්තෙ ඒකෙ තිබුනෙ පොල් වත්ත අනික් පැත්තෙ තිබුනෙ කුරැදු වත්ත.රබර් බෝල ගහන්න ටිකක් ඉඩනම් මදි ඒ උනාට සෙල්ලම් කරනවා.ගොඩක් දුරට සෙල්ලම් කරන්නෙ ප්ලාස්ටික් බෝල.අපේ අයිය තමයි එල්ලෙ ගහන්න දක්ෂකම් දක්වන්නෙ එයාගෙ පැත්තට යන්න ඔක්කොම උත්සාහ ගන්නවා.ඇයි හැමදාම වාගෙ දිනන්නෙ එයාගෙ පැත්ත නිසා.
මොනදේ කලත් පල්ලි තියෙන දවස් වලට අපි පල්ලියට යන්න ඔනෑ නැත්නම් අම්මගෙන් හොදට ගුටි කන්න වෙනවා.ඒදිනවලට පල්ලියට හොරගොල්ල,කුඩාබොල්ලත,විලේගොඩ,පන්සල්වත්ත ගමදිහෑ,යන ගම්මානවල ගැහැණු පිරිමි ලමයි එනවා .අපි වේලාසනින්ම යනවා.පල්ලියට මොකද දන්නවද සෙල්ලම් කරන්න.එතනට ගියත් වැඩේම සෙල්ලම් කරන එක තමා.පල්ලියෙ ෆාදර්ගෙන් බැනුම් අහලම ඉවරයක් නැහැ.වැරදි වැඩ වලට කී පරක් නම් අල්තාරයට ගෙනිහින් ගුටි කාල ඇතිද?ඒ දවස්වල හිටිය ෆාදර් ඉතාලියෙ ඉදල ආපු සුදු සුවාමි කෙනෙක් එයාගෙ නම ගල්ලෝ බල්ම පියතුමා.කටේම තියෙන්නෙ අපි වැරදි වැඩක් කලහම යක්කු ...යක්කු කියන එක තමා...දවසක් මමයි අයියයි තව කිප දෙනෙයි ඇතට ගිහින් හූ කිව්ව කියලා ...ඊලග දවසෙ පුජාව වෙලාවෙදී සෙනග ඉන්න වෙලාවෙදීම අල්තාරයටම අරගෙන දෙන්නටම ඇති වෙන්නම ගැහුවා..එත් අපේ අම්මල තාත්තල මොකුත් කිව්වෙ නැහැ... දැන් එහෙම නම් කොහොම තියෙයිද කියල හිතෙනවා.ඒ උනාට වරදක් කලොත් අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්නට ඕනැ කියල මමනම් දැන් උනත් කියනවා.ඇයි අපේ මෝඩ කමට බෙහෙත් නැහැනෙ.ඒ නිසා තමයි අපිට පනිස්මන්ට් එක ලැබුනෙ.ඔබලත් මේක කියවල බලලම තේරැම් ගන්න.හරිදේ තෝරගන්න වැරදි දෙය ඉවත් කරන්න.
අම්ම කොපමන කිව්වත් පල්ලි ගියත් සෙල්ලම් කරන එකම තමයි.ඔය කියන කාලය වෙන කොට අයියට පහලොවක් විතර මට අවුරැදු දහතුනක් විතර මල්ලිට එකොලහක් විතර ඇති නංගට අවුරැදු හතයක් විතර ඇති අමතක නොවන සිදුවිම් තමයි හැම එකක්ම...මේකත් ඊට එහා දෙයක් එක දවසක් පල්ලියට ගිහින් එල්ලෙ සෙල්ලම් කරන අතරෙ මම පල්ලියෙ වැට ලගටවෙලා බෝල ඇහිදින්න හිටියා.පල්ලියෙ වැට දිගටම තිබුනෙ එඩෙරැ ගස් දැන්නම් බේතකටවත් හොයා ගන්න නැහැ.ඒ දවස්වල එඩෙරැ ගස් දිගටම තිබුනා.මමත් නිකම් ඉන්න ගමන් වේලිච්ච එඩෙරැ ඇටයක් අරගෙන පොත්ත ඇරලා කන්න ගත්තා හරියටම රටකජු වාගෙ රහයි.මම එකක් කාල ඉවරවෙලා තවත් එක්කෙනෙකුට කිව්වා එයත් එකක් කාලා එතන හිටපු යාලුවන්ට කිව්වා.ගැනු ලමයිනුත් එනවනෙ පල්ලිටය ඒ අයටත් මේ එඩෙරැ ඇටවල පනිවිඩය ගිහින් ඒ අයත් ඇති තරම් කාලා.අපි සෙල්ලම් කරලා ඉවර වෙලා පල්ලියේ පුජාව අහන්න ඇතුලට ගිහින් ටික වෙලාවයි ගියේ එක්කෙනෙක් වමනය දාන්න අරගත්තා තව ටික වෙලාවකින් තව එක්කෙනෙක් ඔය වාගෙ ඔක්කොම වාගෙ වමනය දානව පල්ලි ඇතුලෙ මාර වැඩේ ඇවිල්ල හිටපු අම්මල තාත්තල මොකද උනේ කියල විස්තර ගන්න කොට මාව කර මුලටම අහුවෙලා.මමත් දැනගෙන කරපු දෙයක් නෙමෙයි.ඒ වුනත් වැඩේ දරැණුවටම ගියා.අන්තිමේ පොලිසියට ගිහින් තමා නතර උනේ.ඒ තමයි පොලිසි ගිය පලමු අවශ්ථාව.අම්ම මාවත් අරගන ගියා පොලිසියට එතනදි විස්තරය ඇහුවා මම ඉතින් කිව්වා උන විස්තරය මම නොදැනගෙන කරපු දෙයක් නිසා මට සමාව ලැබුනා පොලීසියෙන් එහෙම පොලීසියෙන් සමාව ලැබුනත් අම්මගෙන්නම් ලැබුනෙ නැහැ කිසිම සමාවක් දඩුවම ලැබුනා හොදට.අර ගැනු ලමයින්ගේ ගෙවල් ලගට අරගන ගිහින් තමයි මට දඩුවම් කලේ...ඒ අයම ඇවිත් මාව බේරගත්තා.
ඉතින් මම කිව්වනෙ මෝඩ කමට බෙහෙත් නැහැ කියල.ගහගන්න ගියාම තැනක් බලන්නෙ නැහැ පාසැල පල්ලිය කියල වීශේෂයක් නැහැ.එක දවසක් ගණේමුල්ල පල්ලියේ මංගල්ලය දවසක් අයිය මම සහ තවත් යාලුවො වගයක් ගියා මංගල්ලයට.ඒ මොකද ගණේමුල්ල පල්ලියේ මංගල්ලය තියෙන ඉරිදා දවසෙ පුජාව අපේ පල්ලියේ නැහැ ඒ නිසා අම්මම කියල තිබුනා අපිට යන්න කියලා අපිත් ගියා.කෙහොම හරි අපේ කට්ටිය ගෝරියක් දාගෙන මිදෙල්ලවිටින් ආපු අයවලුන් සමග පල්ලිය ඇතුලෙ.ඒ නිසා ඒ අය පල්ලියේ පුජාව ඇරිලා එනකම් අපි රැකගෙන හිටියා.එනකම් ඉදලා ඒ අයට ගැහැව්වා හොදටම.ඒ ගහල ඉවර වෙලා මම තනියම එක් අයෙකුට එලවගෙන ගිහින් ගලකින් ගැහුවා.ඒ ගල එයාගේ ඇහැ උඩට වැදුනා.එයා ඇහැ අල්ලගෙන බිම ඉද ගත්තා.එතන හිටපු තවත් එක්කෙනෙක් ලොකු ගලක් අරගෙන මට ගැහැව්වා.ඒක හරියටම මගෙ ඔලුවටම වැදුනා මගෙ ඔලුව පැලිලා හොදටම ලේ එනවා.කොහොම හරි ලේ එන එකත් නවත්වාගෙන ගෙදර ආවා.ඇවිත් සදද නැතිව ඉන්නවා.අම්මට කිව්වෙත් නැහැ.අම්ම දන්නෙත් නැහැ.අයිය කිව්වෙත් නැහැ අම්මට.
සතියේ හැම දවසකම අපේ අම්ම තමයි පහල නාන ලිද ලග පලමුවෙන්ම වැඩ අරබන්නේ.රෙදි හෝදල නාල ඇවිත් තමයි ඉතිරි වැඩ පටන් ගන්නෙ.ඉරිදාට අපිට නිවාඩු නිසා එදාට අම්ම උයල ඉවර වෙලා අපිට කන්න දෙන්න ඉස්සර වෙලා අපි හතර දෙනාව නාන්න එක්කරගෙන යනවා.එදත් අපි හතර දෙනාව නාන්න එක්කර ගෙන යන්න හැදුවත් මම බැහැ කියලා නතර වෙන්න හැදුවත් නතර වෙන්න හමුඋනේ නැහැ.කොහෙ නතර වෙන්නද?බලෙන්ම ඇදගෙන ගියා.ගුටි කෑවෙ නැති ටික විතරයි.කියන්නත් බැහැ ලිද ලගටත් ගියා.දැන් අයිය මල්ලි කිසිදෙයක් දන්නෙ නැති විදිහට නානවා.මමත් සද්ද නැතිව නාන්න බැහැලා නාන්න ගත්ත.
කොහෙම නෑවත් අපි තුන් දෙනාට සබන් ගාන්නෙ,කුණු අතුල්ලන්නෙ අපේ අම්ම තමයි.ඉස්සර වෙලාම අයියට ඊලගට මට පිලිවෙලට තමා ඒකත්.මට එන්න කිව්වම මම යන්නෙ කොහොමද?දැන් තමා අහුවෙන වෙලාව..මම බැහැ කියල පැත්තකට දුවන්න ගත්ත.ඒව කොහේද...අපේ අම්මත් එක්ක මාව අල්ලගෙන සබන් ගාන්න පටන් ගත්ත.ඔලුව කොහෙ බේරගන්නද?ඔලුව පැලිච්ච එක අහුඋනා.
දැන් නෑම ඔක්කොම ඉවරයි.ඉස්සර වෙලාම කුරැදු කෝටුවක් කඩාගන තමයි විස්තර අහන්න පටන් ගත්තෙ.ඉතින් ඇත්ත නොකියා වෙන මොනව කරන්නද?ඇත්තම කිව්වා අයිය මල්ලිව අහු නොවෙන විදිහට.පොලිසි යනව කියල මාව එක්කර ගෙන ගිහින් අරගෙන ගියෙ මිදෙල්ලවිට අර අපි ගහගත්තු අයගෙ ගෙදරට ඒ යනකොට ඒ අයටත් බෙහෙත් දාගෙන ඇවිත් ඇහැ බැම්මට උඩින් මම ගහපු පාරට මැහුන් තුනක් දාලා.ඒ අම්මලත් සමග කථාකරල මටත් තව දෙක තුනක් එතනදිම දිලා ඒ හරියෙම තිබුන බෙහෙත් දාන තැනින් මටත් බෙහෙත් දැම්මා.එදා මගෙ ඒ තුවාලයට මැහුම් පහක් දැම්මා.ගෙදර එනකන්ම අම්ම මොකුත්ම නොකියා ආවා.ඇවිත් මට මතකයි වෙනිවැල් ගැට එකක් හදලා දුන්න මට බොන්න.
තව මොන තරම් දේවල් උනාද....?මට පිහියෙන් ඇන්න එක......
අපේ තාත්ත හරිම අහිංසකයි...සමහර විට මම වාගෙම... නැහැ නැහැ... මම ටිකක් දරැණුයි.. ඒ ඒ දවස්වල දැන්නම් ....නැහැ දැනුත් ටිකක් දරැණුයි...ඒ ඒ අවශ්ථාවන් අනුකුලව නැත්නම් බැහැ ජීවත්වෙන්න..තාත්ත වැඩ කලේ කොළඔ හාබර් එකේ කම්කරැවෙක් විදිහට හැමදාම දවල් වැඩ ඉවර වෙලා එනකොට සවස කෑම එකක් ගෙනෙනවා හාබර් එකේ කෑම පැකට් එක.අපි තුන් හතර දෙනා එක කන්නෙ පොර කකා තමා.ඒ කැම හරිම රහයි.ලොකු මාලු කැල්ලක් තියෙනවාමයි.දවසින් දවසට මෙනු එක වෙනස් ඒ නිසාද මන්ද හැමදාම තාත්ත එනකම් බලාගෙන ඉන්නවා .....
තාත්ත අහිංසකයි .... ඒ උනාට හිටපු ගමන් පොඩි අප්සට් එකක් ගහනවා....මොලේ අමාරැවක් හැදෙනවා.....ඒ මොකද දන්නවද මම අර කිව්ව නේද අපේ තාතත ඉස්සර වෙලා බැදල හිටපු අම්ම සහ අක්ක ගැන ඒ අය නාන්න ගිය වෙලාවෙ වාන් වළ ලග දියේ ගිහින් මැරැණ කියලා .අන්න ඒ සිදුවිමත් එක කරැණක්.එ හෙමෙ හිටපු ගමන් මොලේ අමාරැව හැදෙනවා.
ඒ හැදුනම ගම හැම තැනම කියව කියවා යනවා... ඒ උනාට කාටවත් කරදරයක් කරල නම් නැහැ.එතකොට අපේ ගමේ හැම අයෙක්ම දන්නවා ....අන්න වේලියට පිස්සු හැදිලා කියලා......ඇයි අපේ තාත්තගෙ නම වේලිස් සිල්වා නිසා.. ඉතිං අම්ම කරන්නෙ පොල්ලක් අරගෙන පස්සෙන් දුවන එක තමයි......අම්මත් ගම වටේ කොහේ හරි ගිහින් තාත්තව හොයාගෙන එනවා.....තාත්තත් අම්මට ටිකක් බයයි... පිස්සු තිබුනත්.... ඒ දවස්වල කොහොමද කියල හිතා ගන්නකො එතකොට .....එහෙම පිස්සු හැදුනා කියලා අපිටනම් අතක්වත් උස්සලා නැහැ.අපි දිහා ආදරෙන් බලන් ඉන්නවා.කියවන ඒවනම් මට තවම මතකයි....එක එක්කෙනා කරපු දේවල් කියවනවා.....සමහර දවස් වලට නිදාගන්න නැහැ....කියවන එක ඉවරයක් නැහැ.....
.ආ ඒ එක්කම අපේ තාත්ත නැති වෙලා අවුරැදු ගනනක් ගියත් ඒ බත් පතනම් එදා අපිට ලැබුන වගෙම මගෙ දරැවන්ටත් ලැබෙනව.වරදින්නෙ නැතිවම.ඒ කොහොමද දන්නවද.....මම බැදල ඉන්න කෙනාගෙ මල්ලි ඉංජිනේරැවෙක් එයා වැඩ කරන්නෙ කොළඹ ඩොක් යාර්ඩ් එකේ නැව් හදන එකේ ඉංජිනේරැවෙක් විදිහට.ගම කැගල්ලෙ නිසා අපේ ගෙදර තමා සතියේ දවස්වලට ඉන්නෙ.සති අන්තයෙ තමයි ගෙදර යන්නෙ.ඉතින් හැමදාකම ගෙදර එනකොට බත් පාර්සලය අරගෙන එනවා.මාම එනකම් අපේ ලමයි කන්නෙ නැහැ.අපි අපේ තාත්ත එනකම් බලාගෙන ඉන්නව වාගෙ.සමහර දවස් වලට මම ලමයින්ට කියනව අපිත් තාත්ත ගේන බත්එක කන්න බලන් හිටපු විදිහ.
එස් අනුර සිල්වා |

දියේ ගිහින් මැරැණ ස්ථානය |

තාත්තගෙ පඩිය ඒ තරම්ම නොතිබුනත් අම්ම අපි තුන්දෙනාටම උගන්වන්න සෑම කැපකිරිමක්ම කලා..තාත්තගෙ පඩි දවස අපි දැනගන්න එක විදිහක් තිබුනා.පඩි දවසට ගෙදර ඇවිත් අපි සේරවන්වම එකතු කරලා මාරැ කාසි සීනිබෝල සහ ඒ දවස්වල අනුව බුල්ටෝ කියන ටොෆී අරගන එකතු කරලා අපි ඔක්කොවන්ටම ඇහිද ගන්න කියලා උඩ දමනවා.අපි පොරකකා ඒවා එකතු කර ගන්නවා.තාත්ත හිනා වෙවි බලාගෙන ඉන්නවා....දැන්නම් එහෙම කරන අයෙක් ඉනනවද කියල අහන්නත් සතුටුයි.....
අපෙ අම්මනම් හරිම සැරයි.අපිට වගෙම ගමේ අයටත් අපේ නෑදැයන්ටත් එහෙමම තමයි..අපේ යාලුවො කියන්නෙ පොලීසිය කියල.ඒ අපි මොන තැනට ගියත් අම්ම එතනට කඩා පාත් වෙන නිසා. තාත්ත අහිංසක වෙනකොට අම්ම සැරයි...තාත්ත සැර වෙනකොට අම්ම අහිංසක වෙන්නම ඔනෑ..පවුලක තිබිය යුත්තෙත් ඒකම තමයි.අපේ ගමේ වෙන ඕනෑම දුකකදී කරදරයකදී උත්සවයකදී අම්ම එතන මූලිකය.ගමේ මිනිස්සු දෙන්නෙක් ගහ ගත්තත් ඒක බෙරන්න යන්නෙ අම්ම. ..
හැම නත්තලකටම අලුත් අවුරැද්දකටම අපේ අම්ම තාත්ත අපි සියලුම දෙනාව එක්කරගන යනව නැදැයන්ට කතා කරන්න.ඉස්සර වෙලාම ගමේ තාත්තගෙ ඥාතින් ලගට ඊට පස්සෙ අම්මගෙ ඥාතින් ලගට හැමදාම නොගියත් තාත්තගෙ ඥාතින් අම්මගෙ ඥාතින් ලගට අරගෙන ගිහින් නත්තල් සහ අවුරැදු කතා කරලා එනව.අම්මලගෙ ඥාතින්ගෙ ගෙවල් වලින් වැඩි හරියක්ම යන්න කැමති මාමලාගෙ ගෙදර තමයි.ඒ මොකද දන්නවද මාම මැකැනික් බාස් කෙනෙක්.එයා ලමයින්ටයි ගමේ අයටයි සෙල්ලම් කරන්න.ගෙදර හදලා තිබුනා මෙරිගෝ රවුමක්,කතුරැ ඔන්චිල්ලාවක්,සීසෝ එකක් ඒව පදින්න බලාගෙන තමා යන්නෙ.ඒ එක්කම තව පොඩි බයිසිකල් එකකුත් තිබුනා ඒක පදින්න ඔක්කොටම වඩා. මම බයිසිකල් පදින්න ඉගෙන ගත්තෙ ඒ බයිසිකල් එකෙන්.ඒ යනකොට අරගන යන්නෙ කොස් බැදලා ඒවට පැණි දමල හරිම රහයි.මම අදටත් කන්නට හරිම ආසයි.අනික් ඒව තමයි අටු කොස් ඇට හා වැලි කොස් ඇට කඩෙන් මොකුත්ම අරගන්නෙ නැහැ.ඒ ඒකාලෙ හැටියටද එහෙම නැත්නම් මුදල් නැති නිසාද කියලා මමනම් දන්නෙ නැහැ.අම්ම ඉතින් මාස ගනන් සති ගනන් ඉදල ඒව සූදානම් කරන්න කටයුතු කරනවා.කොහොමත් ඒ ගෙනියන දේවල් යන හැම තැනකින්ම ඉතා අගේ කරමින් භාර ගන්නා බවද මම දන්නවා.ඒ පුරැද්ද මටත් පිහිටලා.මම හැම නැදැ ගෙදරකටම වාගෙ මගෙ ලමයින්වත් ඒ වාගෙම එක්කරගෙන නත්තල් අවුරැදු කථාකරන්න යනවා.හැබැයි කොස් බැදලා පැණි දාලනම් නෙමෙයි.කඩේ තියෙන දෙයක් තමයි අරගෙන යන්නෙ.
ඔන්න ඔය වාගේ දේවල් එක්ක කාලය ගෙවිලා ගියා.ඉතාමත් අයහපත්ම කාලය ආවෙ අපේ තාත්ත රැකියාවෙන් වීශාම ලැබ්වට පස්සෙ කියල කිව්වොත්නම් එහි වරදක් නැහැ.එයට ඉස්සර මහ ලොකු දෙයක් තිබුනෙ නැහැ.ඒ නැතත් සාමාන්‍ය විදිහට ජීවත් උනා කියමුකො.ඔන්න එතන ඉදල ගත කරපු ජීවිතය......ඉතාමත් කනගාටුදායකම දිවිය තමයි... අපේ නම් නෙමේ අම්මගෙයි තාත්තගෙයි......
අපිටත් හොද තේරැම් ගන්න පුලුවන් වයස උනත් හරි දේ මොකක්ද කියල අම්ම ඇරැනම කවුරැවක් වත් නැහැ කියලයි මම නම් හිතුවෙ.හැබැයි අම්මට ආදරය කරන ගොඩක් හිටියා.....ඒ අම්ම අපි ගැන කියල තිබුන නිසායි.ගොඩක් අය හිටියේ අපහාසයි උපහාස කරන්න පමනයි.... කවුරැ හරි ඉන්න ඔනැ ඇත්තටම බැරි අවශ්ථාවන් වලදී පිහිට වෙන්න....
මාසික වැටුපකුත් නැතිව කොහොමද අපිට උගන්වන්නෙ ...ඒක අම්මනම් පශ්නයක් කර ගත්තෙ නැහැ...
අපි පාසැල් යනකන් ඉදල ගෙදර වැඩ කරල තියල අම්ම යනව ගෙවල් වල කුලී වැඩ කරන්න..ඒ ගිහින් අපි තුන් දෙනාටත් එක්ක කෑම අරගෙන එනව කන්න....තාත්ත ගමේ තියෙන කුරැදු වතුවල යනව වත්ත උදලු ගාන්න.....ඒ අතරෙ අපිත් යනව අම්මගෙ කෑගැහිල්ලට තමා ඒ යන්නෙ කැමැත්තෙන්නම් නෙමෙයි....
දැන් ජිවත් වෙන්න අමාරැ උනත් අම්ම තාත්ත මොනව හරි කරනව ජීවත් වෙන්න.මම මුලදි කිව්වනෙ අපේ ගමේ තිබුනෙ කුරැදු ඉඩම් කියලා.අපිටත් තිබුන පොඩි කුරැදු ඉඩමක් ආර්ථික පශ්ණ එන කොට ඒකත් ඉතිං වෙන අයෙකුට විකුනන්න උනා...ඒ මුදලුත් ඉතිං ටික කාලයයි.ඔය කුරැදු ඉඩම් හැම එකකින්ම කුරැදු කපල ඒව තලල තමයි අපේ ගමේ වැඩි කොටසක් ජීවත් උනේ....දැන් සමහර අයට ඒව මතකත් නැහැ...මටනම් කිසිම දෙයක් අමතක නැහැ....
ඉතිං මේ කුරැදු ගස්වල කද විතරයි අර ගන්නෙ කුරැදු තලන කට්ටිය.අනික් අතු කොටස ඉතිරි වෙනව කුරැදු වත්තෙ.ඒ කොටසින් තලන්න පුලුවන් කට්ට කියල තමයි ඒවට කියන්නෙ.ඒව බර අඩුයි ඒ උනාට ගමේ හිටපු දුප්පත්ම අයවලුන් තමයි ඒව කඩන්න යන්නෙ.මට මතකයි අපේ අම්ම ගමේ කොහෙද කුරැදු කපන වත්ත එතනට ගිහින් අහල කට්ට කඩා ගෙන එනවා.සමහර අයගෙන් බැනුම් අහලත් ඇති .මිටි ගනන කියන්න බැහැ.පහල ලිද ලග කට්ට මිටි ගොඩ ගහල දකින කොට අප්සට් ඒ දවස්වල ඇයි ඒව ඉවර වෙනකන් සෙල්ලම් කරන්න යන්නත් නැහැ.ඔන්න අම්ම තිත්තත් එපා වෙන දවස් .....තාත්ත උදේ වත්ත උදලු ගාලා කට්ට තලනවා එලිවෙන තුරැ.නිදිගන්නෙත් පැය කිපයයි.අම්මගෙ බල කිරිමට අපිත් කරනවා.ඒ කට්ට ගෝනි හෙක්ටර් බාප්පලාගෙ කඩයට දීලා අපි ගෙදරට නයට ගත්තු මුදල් කපා ගන්නවා.සමහර දිනවලට ඒ තලල වේලන ලද කට්ට වෙනුවට කන්න අරගන එනවා.ඔන්න ඔහොම ඉතා අපහසුවෙන් කාලය යනවා .හැබැයි අම්ම අපිව බඩගින්නෙ තියන්නේ නැහැ කොහෙන් හරි කන්න දෙනවා...අපි තුන් දෙනා සෙල්ලම් කරන්නත් නැතිව කට්ට තලන ගමන් කට්ට ලී ගොඩ අඩු කරගන්න තලන්න ඉස්සර ලගම තියෙන කැලයට විසිකරනවා එහෙම නැත්නම් වල කක්කුස්සියට දමනවා.එහෙම දාලා කී පාරක්නම් ගුටි කන්න ඇතිද?
ඔන්න ඔය කාලය වෙන විට නෑදැයො යාලුවො ඔක්කොම ටික ටික අපෙන් ඇත්වෙන්න උනා.ගොඩක්ම කියල යාලු මිතුරො නැති උනත් හිටපු අයත් අපෙන් ඈත් උනා....හැම පශ්නත් එක්කම අපිව ගමෙන් කොන්වෙලා වාගෙ උනා.....ඒ අතරෙ අපේ මල්ලිටත් බඩේ අමාරැවක් හැදුනා ...මොනවා කාලද කියල දන්නෙ නැහැ...අම්මටත් නැගිටින් බැරි අමාරැ ලෙඩක්... මමනම් දන්නෙ නැහැ කිව්වෙනම් අම්ම පෙරමෙයිය කියලයි.නැගිටල ඇවිදින්න බැහැ.මල්ලිගේ අසනිපයත් උස්සන්න වෙලා එයා නැති උනා...
....ජිවිතයට මුහුණ දීම.....

.....ඇත්තම ඇත්ත කතාවක ආරම්භය පමණයි...... ඔබත් බලන්න
...වැදගත් වේවි කවදා හරි....
...වැදගත් වේවි කවදා හරි....
ඉගනගත්තු පාසැල..........
ඇත්තම ඇත්ත කථාවක්(My True Story............)
බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)