Sunday, October 4, 2015

යුධ හමුදා පොලිස් නිළධාරින් සමග බහින් බස් වීම......



යුධ හමුදා පොලිස් නිළධාරින් සමග බහින් බස් වීම......

      .කෙසේ නමුත් මෙයට ප්‍රථම මෙම සලාක අංශයේ සොරකම් කදවුරේ නිළධාරින්ට අසුව තම නිළයන් පහත හෙලා දඩුවම් ලබා දුන්නද...මෙවර අත් අඩංගුවට පත්වුයේ යුධ හමුදා පොලීසියට විම ඉතාමත් බරපතල කරැණක් බව මා මෙන්ම කදවුරේ සිටිනා සැම දන්නා කරැණකි...විශේෂයෙන් එහි වරද කරැවකු වුවහොත් යුධ හමුදාවෙන් ඉවත් කිරිමට තරම් බලයක් එහි ඇති බැවිනි.......
             යුධ හමුදා පොලීසිය විසින් දීර්ඝ වශයෙන් පරික්ෂණ ආරම්භ කර තිබු අතර කදවුරේ සේනාවිධායක පවා මෙම ද්‍රව්‍යයන් මා විසින් ලබා දී ඇති බවට සැක කරන ලදී.එවකට පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක වශයෙන් කටයුතු කරන ලද්දේ බ්‍රීගේඩියර් ජිසේඑල් වඩුගේ යන නිළධාරියාය.එම නිළධාරි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් විය‍.
            පසුදින කදවුරේ කාර්්‍යය මණ්ඩලයද සාක්කි සටහන් කර ගැනීම සදහා ගිරිතලේ යුධ හමුදා පොලිස් කදවුර වෙත රැගෙන යන ලදී...එසේම බනි සහ සැරයන් නිවස්නයේ අරක්කැමියන්ද විය....මා වෙතටත් ක්‍රමක් ක්‍රමයෙන් ඇගිල්ල දිගු වෙමින් පැතින වබ මට පසක් විය.....මම මාගේ නිර්දෝශි භාවය පවසන ලද එකම තැනැත්තා මා අදහන ජිවමා දෙවියන් වහන්සේම පමණක් විය....
  මෙම සෙරකම යුධ හමු පොලීසියට අත්අඩංගුවට පත්වන දිනය වන විට මා විසින් පැවසු පරිදි මෙම සලාක අංශයෙන් ඉවත් විමට මං සොයමින් සිටි මා විශ්‍රාම පාඨමාලාවට ඇයදුම්කර මා මුදවා හැරිම සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් මාණ්ඩලික සැරයන් විජේසිංහ පැමින තිබු අතර එදින සලාක නිකුත් කරන ආකාරය ඉගැන්වමින් සිටි දිනයද විය...එසේම මා විශ්‍රාම පාඨමාලාවට රපෝර්තු කිරිමට ඇත්තේද දින කිහිපයක් විමද විශේසිත කරැණකි....
          මාගේ ජිවිතයේ වැදගත් සෑම අවශ්ථාවකදීම මා පහතට වැටෙන බව මාගේ ජිවිතයෙන් දැක ඇති සත්‍යයයි...මෙයත් එසේ වන්නේ නම් මා යුධ හමුදාවෙන් ඉවත් වන තරමට වරදක් වනු ඇත.එය මාගේ මෙන්ම මාගේ දරැවන්ගේද අනාගතයට මරැ පහරක් වනු ඇති බව මාගේ මනසට දැනෙන්නට විය....එහෙත් ....මම සොරකම් කර නැත‍....මම සොරකම් කරනනට අනුබල දෙන්නේත් නැත...... සොරකම් කරනා අයවළුන්ට පවසන්නේද අනුන්ගෙන් ශතයක් හෝ ලබා ගෙන ජිවත් විම නොකල යුතු බවයි..එසේනම් මේ අවසන් මොහොතේ සිදු වුයේ කුමක්ද මාගේ සෑම සාර්ථක අවශ්ථාවක සිදුවන අවසානයද යන්න කල්පනා කරන විට මණස අවුල් විය....එහෙත් දෙවියනි මා නිර්දොශයි කියන්න පමනක් මට ඉතිරිව ඇත...මේ සියල්ල මම මා අදහන ජීවමාන දෙවියන්ට භාර කරමි....අවශානයේ මගේ තීරණය එය විය.....
             කෙසේ නමුත් දින දෙකක පරික්ෂන වලින් පසු තෙවන දිනයේ මටද ගිරිතලේ යුධ හමුදා පොලීසිය වෙත යාමට සුදානම් වන මෙන් දන්වන ලදී.....මේ වන විට කදවුරේ එදින කාර්්‍ය මණ්ඩලය...බනි සැරයන් නිවස්නයේ ෂූප වේදින් මෙන්ම ප්‍රධන මුළුතැන්ගෙයට අයත් කිහිප දෙනකුගේ සාක්කි සටහන් කර නිම වී තිබුනි....සලාක අංශයට ඇගිල්ල දිගු වෙමින් පවතින බව මා හට පැහැදිලි විමට කරැනු කිහිපයක් විය ...ඒ අතරින් මා අපහසු තත්වයට පත් කිරිම පිණිස දුරකථන ලබා දුන් නිළධාරින් කිහිප දෙනකුද විය...සෙසු නිළයින් සිට නිළධාරින් වු එම අයවළුන් එසේ සිතිම සාධාරණ වන්නේ එම අයවළුන්ගේ කෝනයෙන්ද මා දෙස බලන බැවිනි.....මා එය බලා පොරොත්තු විය...
   ..එසේ විමට හේතු වුයේ මට විරැද්ධව සැරයන් කෙනකු සාක්කි දීමට ඉදිපත් විම සහ ඔහු විසින් මා එම ද්‍රව්‍ය පෙටියක දමා එම බළලත් නිළධාරිට ලබා දුන් බව පාබල පුහුණු මුලස්ථානයේ නිළධාරින්ට පවසා සිටිම නිසාය..එය එසේ වන්නට හේතුව වුයේ සොරකමට මා තදින්ම විරැද්ධව කටයුතු කිරිම නිසා යැයි මා විශ්වාස කරමි...එහෙත් මා කිසි විටකත් බියට පත් නොවන්නේ ඒ වන විට මා විසින් කිසිම හොරකමක් කර මුදල් ඉපයිමක් කර නොමැති බැවිනි..එය යුධ හමුදා පොලීසිය විසින් පිළිගනීවිද....???මා මෙම පුහුණු මධ්‍යස්ථානයේ සලාක අංශය භාරගැනීමට පෙර කිහිප දෙනකුම සොරකම් කර අසු වුවද...ඔව්නට එම වරදට චෝදනාපත් නගා දඩුවම් වශයෙන් නිළ පහත් කිරිමි කර ඇති බව මා දනිමි .මම ඒ වන විට පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන ලිපිකරැ වශයෙන් රාජකාරීන් කරමින් සිටි බැවිනි...එහෙත් මෙම සලාක අංශය භාර ගැනීමට ප්‍රථම මම විසින් එවකට සේනාවිධායක ලෙසින් කටයුතු කරන ලද බ්‍රීගේඩියර් එස්ඒඑන් වනගසිංහ යන නිළධාරිට පවසන ලද දෙය මා මනසේ සිහිපත් විය...මම කිසිවෙකුගේ දෙයක් හොරකම් කිරිමට හෝ එම මුදල් මාගේ පරිහරනයට මාගේ දරැවන්ගේ පරිහරනයට නොගන්නා අතර හොරෙකු වශයෙන් නම් පට බැද ගැනීමටවත් මා අකමැති බැව හා මා කොතෙක් හොදින් රාජකාරින් කළද මෙම සලාක අංශයේ එසේ රාජකාරින් කිරිම අපහසු බවය...කෙසේ නමුත් සේනා විධායක තුමාගේ බලවත් ඉල්ලීම මත සලාක අංශයේ රාජකාරින් භාර ගත්තද....සලාක භාර නිළධාරිත් සමග එක් එක් ඝස්ඨනයන් සමගින් වසර දෙකක් සලාක අංශ භාර බළලත් නිළධාරි වශයෙන් රාජකාරින් ඉටුකළද කෙසේ හෝ මෙයින් ගැලවී යාමට අවශ්ථාවක් යොදා ගනිමින් සිටියෙමි....
            මේ කදවුරේ සලාක අංශය නෙමේ යුධ හමුදා කදවුරක ඕනෑම සලාක අංශයක රාජකාරින් කරන අයවළුන් සොරකම් නොකලද සොරකම් කරනා අයවළුන් වශයෙන් ගනන් ගන්නා බැවින් මා ඒ තත්වයට පත්වීමට කැමති නැති බවත්...එසේ අනුන්ගේ මුදලක් හෝ නොගන්නා අයවළුන් සිටින්නේ නම් ඒ කළුනික සොයා ගන්නවාටත් අඩු බව මා දන්නා කරැණකි.මම අනුන්ගේ මුදලක් ගැනීමට කිසි සේත්ම අකමැති බැවි මා දන්නා කරැණක් වුවද...එය අනෙකුන් විසින් කිසි විටකත් නොසිතන පසු බිමක මා මාගේ රාජකාරින් නිසි ලෙස ඉටු කලේ කිසිදු වංචාවක් නොකරමිනි.ඒ බැවි කදවුරේ සියළුම දෙනා ඒ වනවිට දැන සිටියද අවසන් මොහොතේ සිදුවු මෙම සිදුවීමත් සමගින් සියල්ල කණපිට පෙරළුනි.....
        මාගේ පාඨමාලාව....මාගේ රැකියාව....බිරිද දරැවන් සිහිවිය.....අපහාසයන් උපහාසයන් මට හිමිවිය......මා කොතෙක් හොදින් රාජකාරින් කළද ..අවශානයේ සිදුවුයේ කුමක්ද නොකල වරදකට මට ශ්‍රී ලංකා යුධ හමුදා පොලීසියට යාමට සිදුවිය.....මම එක දෙයක් වශ්වාශ කර ගන්නෙමි ඒ මාගේ ජිවිතය බේරා ගන්නා ලද ජීවමාන දෙවියන් වහන්සේය...උන්වහන්සේට පමණක් මම එදින නිදිවර්ජිත රාත්‍රීයේ කොපමන කියන්නට ඇත්ද යන්න දන්නේ මා පමණකි....එය කිසිවෙකුටවත් කියන්නට බැරි වේදනාවක් විය...කොපමන කල්පනා කලද....තවත් අවශානයක් නැත හෙට දිනයේ යුධ හමුදා පොලීසියෙන් මා රැගෙන යාමට පැමිනෙන බව දැක දැක නොනිදා පහන් කෙලෙමි. එහෙත් සත්‍ය සිද්ධිය ඔවුන් විසින් පිලිගනිවිද...එසේ නොවුන හොත් කුමක් සිදු වේවිද ...දියයුතු පිළිතරැ කුමක්ද....මම ඇත්ත ඇති සැටියෙන්ම කියන්නේමි එන ඕනෑම දෙයකට මම උත්තර සපයන්නෙමි..මට බියක් නැත ඒ මම තබ සතයක් මෙම සලාක අංශයෙන් සොරකමි කර නොමැති බැවිනි සිත දැඩි කර ගතිමි.....දෙවියන්ට පමණක් කියමින් සිටියෙමි....
             දින දෙකකට පමන අවශ්‍ය බඩු භාහිරාදිය රැගෙන මා ඇතුළු තිදෙනෙකු එනම් මා එම හොරබඩු දුන් බව පවසන සැරයන් චන්දුසේන(සත්‍ය නම)මම සහ එදින කාර්ය භාර කොප්‍රල්ද විය...ඒ කිසිවකුත් මා සමග කථා නෙකරන ලද අතර මමද කිසිවකු සමගින් කථා කිරිමට මැලි විය...එයට හේතුව වුයේ එම සැරයන් විසින් මා වැරදි කරැ වහයෙන් යුධ හමුදා පොලීසිය ඉදිරිපිටදීද පවසන බව මා දන්නා බැවිනි.....
          ගිරිතලේ පොලීසිය වෙතට යන විට උදැසන නමය පමණ විය...අප ගිදෙනා යුධ හමුදා පොලියේ කෝප්‍රල් කෙනෙකු භාරයේ පැමිණි අතර ගිරිතලේ කදවුරට ඇතුළු විමේ සටහන් පොතේ නම සටහන් කරන විට පැවසූයේ පාබල පුහුණු මධ්‍යස්ථානයේ කුකුලන් සොරකමට රැගෙන යන අයවළුන්බවය...මා අත වතුර බෝතලය පමණක් විය.....ඒ යන සෑම විටම මා විසින් දෙවියන්ට පමණක් නිවරදි කරැ සොයා දෙන මෙන් කන්නලවි කරමින් ගියෙමි....
    අප තිදෙනා පරික්ෂනය පටන් ගන්නා තෙක් වෙන වෙනම ඉදගන්නට සලස්වන ලදී..බඩු සොරාගන යනු ලැබු බළලත් නිළධාරි ඇතින් මට පෙනෙන්නට ඇත..ඔහු අප සිටින පැත්තට එන්නට දෙන්නේ නැත...මට අතින් සංඥාවක් නිකුත් කරන ලදී..මට මා ගැන කෙසේ වෙතත් ඔහු ගැන අනුකම්පාවක් ඇති වුනි..මම මගේ සිත දැඩි කොට ගත්තේ උදැසන සිටය....අවශානයේ පැය දෙකකට පමණ පසුව අප තිදෙනාගෙන් ප්‍රශ්න කිරිමට යුධ  හමුදා පොලීසියේ මේජර් වරයෙක්,මාණ්ඩලික සැරයන් වරයෙක්සහ කෝප්‍රල් වරයෙක් යොදවන ලදී.මම කදවුරේ එක කෙරවලකට රැගෙන ගිය මේජර් වරයා මා ලගට පැමිණ ප්‍රශ්ණ කිරිම ආරම්භ කරන ලදී..අනෙකුත් මා සමග පැමිණි දෙදෙනා මාණ්ඩලික සැරයන් විසින් එක පැත්තකටත්.කෝප්‍රල් විසින් අනෙක් පැත්තකටත් ගෙන ගොස් ප්‍රශ්න කිරිම් ආරම්භ විය ..ඒ වන විට තවත් යුධ හමුදා පොලිසියේ කෝප්‍රල් වරයෙකුද මා ස්ථානයට පැමිණ පුශ්න අසන ලදී...
මුලින්ම මේජර් වරයා විසින් ඇත්ත කියන්න ඔබ නේද මේ බඩු ගෙනියන්න දුන්නේ..මම කිව්වා මම දුන්නේ නැහැ කියලා...බොරැ‍ෙකියන්න එපා ඒ බළලත් නිළධාරි අපිට කිව්වා සලාක අංශයේ බළලත් නිළධාරි ඒවා දුන්නා කියලා...මම කිව්වා මම කවදාවත් සලාක අංශයෙන් හොරකම් කරන්නේත් නැහැ කරලත් නැහැ එහෙම කරලා මගේ දරැවෙකුට කන්න දෙන්නෙත් නැහැ..මම කතෝලික ආගම හොදට අදහනවා මම හොකම් කරලා නැහැ කියලා....කිවිවා....නැහැ බොරැ කියන්න එපා අපි දන්නවා ඔය සලාක අංශයෙන් කරලා තියෙන හොරකම් එකින් එක කියන්නද කියලා මගෙන් ඇහුවා....එතකොට ටිකක් අමාරැවෙයි... යුධ හමුදාවේ ඉන්න කැමතිනම් ඇත්ත කියන්න.....කියලා මේජර් වරයා කිවිවා....මම කිව්වා පුළුවන්නම් කියන්න මම අවුරැදු දෙකක් පාබල පුහුණු මධ්‍යස්ථානයේ සලාක අංශයේ රාජකාරි කලා පුළුවන්නම් කියන්න කියලා මමත් කිවිවා ..ඇයි එහෙම කියන්න මම බය නැහැ ඇයි මම හොරකම් කරලා නැති නිසා ...ඒ බය නැති කම මට තිබුනා....
  එතකොටම ඇතින් අර සාජන්ගෙන් ප්‍රශ්ණ කරමින් හිටිය කෝප්‍රල් කැ ගහලා කාවිවා සර් සර් ඔක නතර කරන්න මේ සාජන් ඔක්කොම කියනවා දැන් ප්‍රශ්න කරලා වැඩක් නැහැ මම එන්නම් කිව්වා....කියලා මා ලගට ඇවිත් මේජර්ට කිවිවා ....අර සාජන් කියනවා මේ සාජන් මේජර් පෙට්ටියක දමලා දෙනවා දැක්කා කියලා.....දැන් වැඩක් නැහැ....ඔයා වොෂ්අවුට් යන්න අතනින් ඉදගන්න කියලා මාව වෙන තැනකින් තිබ්බා...මමත් කථා නොකරම ගියා යන්න ගිහින් ඉදගෙන ඉන්නවා ...අනික් අයගෙන් සියළුම දෙනා එකතු වෙලා විස්තර අහනවා.....මම දැන් වැරදි කාරයා වෙලා හා වැරදි කාරයා කරලා ඉවරයි.....
            මම ටිකක් වෙලා කල්පනා කරමින් ඉදලා එතන හිටපු යුධ හමුදා පොලීසියේ එක්කෙනකුගෙන් ඇහැවිවා මගෙන් ප්‍රශ්න අහන්නේ නැත්ද?ඇයි ඒ මම වැරදි කාරයා කරලා නිසාද කියලා....ඔහු ඒ ගැන දන්නේ නැහැ වැරැද්දක් කලානම් දඩුවම් විදින්නට වෙයි කියලා කිව්වා....මමත් ලෙහෙසියෙන් අරින්නට කැමති නැහැ...ටිකක් කල්පනා කරලා නැගිටලා ගියා...මේජර් සහ අනෙක් ප්‍රශ්න කරමින් සිටි තිදෙනා ලගට ගිහින් මම ඇහැව්වා සර් මිනිහෙක්ව මරනවා එක්කෙනෙක් පිහියෙන් ඇනලා .....එක දැකපු එක්කෙනෙක් සාක්කි දෙනවා ඔහුගේ තරහාකාරයෙක් මෙය කලා කියලා.ඇනපු එක්කෙනා පැත්තක.විභාග කරන්නේ නැතිව දඩුවම් නිවරදි කරැට දෙනවද කියලා.....මේ තමුසෙගේ කට වැඩියි....තමුසේ එනවාද ....අපිට නිතිය උගන්වන්න....තමුසේ වරැද්ද කරලා එනවද ..කට ගහන්න කියලා කෝප්‍රල් මා ලගට පැන්නා...
  මේ සාජන් කියනවා තමුසේ දෙනවා දැක්ක කියලා....ඇත්ත කියනවා කියලා මා ලගට යුධ හමුදා පොලීසියේ මාණ්ඩලික සැරයන් සහ කෝප්‍රල් ලගටම ඇවිත් මුණ ලගටම කරලා කියනවා...තමුන්ට අපි සර් කිව්වා ..ඇත්ත කියනවා...තමුන් දුන්නා නේද ..මේ සාජන් කියනවා තමුන් දුනනා දැක්කා කියලා...මම නැවත කිව්වා මම හොද රොමානු කතෝලිකයෙක් ..මම අනුනගේ දෙයක් අරතන්නෙත් නැහැ...හොරකම් කරන්නේත් නැහැ..හොරකම් කරලා මගේ දරැවෙකුට මේ වෙනකම් කන්න දීලත් නැහැ....ඉදිරියට කන්න දෙන්නේත් නැහැ ....කියලා.......
      ඇත්ත කිව්වොත් එහෙමයි නැත්නම් ඔය නිළයත් ගලවගෙන යුනිපෝඒ එකත් ගලවගෙන....ටිකක් ඇගපත රිදෙනකොට ඇත්ත කියන්න වෙයි ...නිකන් ඇගපත තලා ගන්නේ නැතිව ඇත්ත කියනවා කියලා....
      මම දැන් ඕනෑම දෙයකට සුදානම් ......මම මගේ අතේ පලදගෙන හිටපු නිළය(ඒකට කියන්නේ වඩේඑක කියලා)මම ඒක ගැගෙව්වා ගලවලා යුධ හමුදා පොලීසියේ කෝප්‍රල්ගේ අතට දුන්නා ..දිලා කිව්වා මට මේ නිළයෙන් වැඩක්වත් නැහැ...මේ වඩේ එක තියාගන්න.....මට මේ යුනිපෝම් එක වැඩක්වත් නැහැ ....ඒකත් ගලවලා දෙන්නම්...හැබැයි නිකරැනේ මාව වැරදි කරැවෙකුට අහුකරලා ...ඔබලත් මා පස්සෙන් එන්න සුදානම් වෙන්න...වෙයි කියලා ...කෑ ගහල කිව්වා.....ඒ වෙනකොට මම මගේ ජීවමාන දෙවියන්ට කියලා මගේ හිතේ මම බය නැතිව හිටියේ මම නිර්දෝශීබව දන්න නිසා....
     තමුසේගේ කට වැඩියි ටිකක් අඩු කර ගන්නවා කියලා සැර කලා...මම කියන්නේ ඇත්ත ඒ නිසා මේක හරියට විභාග කරන්න...මම කරලා තියෙනවනම් මාව අරගන්න...මට මේ නිළය ....යුනිපෝම් වැඩක් නැහැ....හොරකම් කරලා කාලා නැහැ මම.... ඒ නිසා මම බයත් නැහැ..... එක් එක්කෙනා කියන පලියට සැක කරන්න එපා...එහෙම උනොත් ඔක්කොවන්ටම අමාරැවේ වැටෙන්න වෙයි කියලා කිව්වා.......එපමනයි.....එහෙම කියලා මම නිෂ්ශබුද උනා ...ආපහු වචනයක් මගෙන් අහගන්න බැරි උනා.....
       ඒ අයත් කල්පනා කරන්න උනා....තමුසේ යනවා අර පැත්තට කියලා මාව පැත්තකට තියලා....කෝප්‍රල් කෙනෙක් මා ලගට දමලා  තිබ්බා මම කථා නොකර හිටියා මා සමග කථාකරන තෙක්.....පස්සේ කෝප්‍රල් කථා කලා....මොකද උනේ කියලා....මම කිව්වා....මම හොරකම් කරන්නේ නැහැ...කාගෙවත් දෙයක් ගන්නේ නැහැ..හොරකම් කරල මගේ දරැවෙකුට මේ වෙනතෙක්  කහට උගුරක් දීලත් නැහැ....මම මැරෙන තුරැ දෙන්නෙත් නැහැ..මම හොරකම් කරලා නැති නිසා  බය වෙන්නේ නැහැ කියලා...මගෙන් සාක්කි ලියා ගන්න කියලා මම කිව්වා....
      පැයකට විතර පස්සේ මගෙන් සාක්කි ලියා ගන්න කියලා ....කෝප්‍රල්ව මා ලගට එව්වා මම සාක්කි ලියන්න ආරම්භ කලා ..මම සිදුඋන දේ සියල්ල ඇත්ත මෙන්න මේ වාගේ එදා සිදුවීම කිවිවා....කෝප්‍රල් ලිවිවා.........
    මම පාබල පුහුණු මධ්‍යස්ඨානයට ඇවිත් ප්‍රධාන ලිපිකරැ වශයෙන් රාජකාරින් කරගෙන යද්දී එවකට හිටපු සේනාවිධායක බ්‍රිෙග්ඩියර් එල්ඒඑන් එස්  වනිගසිංහ යන ජේ්‍යෂ්ඨ නිළධාරි මම අකමැතිවෙද්දීම සලාක අංශයේ රාජකාරින් පවරනු ලැබුවා...එත් මම මගේ රාජකාරිය අවුරැදු දෙකක් කරගෙන ගියා.කිසිදු හොරකමක් කරන්නේ නැතිව...මම තමයි අවශ්‍ය පෝෂණ සංඛ්‍යාවට අනුව වියලි සහ අමු සලාක නිකුත් කරන්නේ ....එදිනට බනි සැරයන් නිවස්නයට.ප්‍රධාන මුළුතැන්ගෙට මෙන්ම කටුකැලියාව කදවුරට මම විසින් ආහාර දව්‍ය නියමිත පුමානයට නිකුත් කරනවා.......
 ඒ වියලි සලාක හා අමු සලාක නිකුත් කරද්දී සෑම විටකම දවසේ කාර්යය භාර නිළධාරි මන්ඩලය ඉන්න අවශයයි කියලා නියෝගයක් පනවලා තියෙනවා.ඒ නියේගයට අනුව මම සියල්ල නිකුත් කරන්නේ කාර්යය මණ්ඩලය ඇවිලා ඉන්න කොට පමණයි..
         එදා සිදුවීම දවසෙත් කාර්යය මණ්ඩලය නිසි පරිදි හිටියේ නැති නිසාත් මම මගේ රාජකාරිය බාරදී රෙජිමේන්තු මධ්‍යස්ථානයට යන්න සිටි නිසාත්....මාව මුදවා හැරිම පිණිස මාණ්ඩලික සැරයන් විජේසිංහ පැමිණ සිටි බැවින් ඔහුවත් සලාක අංශයට රැගෙන විත් සේනාවිධායක විසින් පනවා ඇති නියෝගයන්ට අනුව සියළුම කාර්ය මණ්ඩලය ආවාට පසු නිවරදි පෝෂණ සංඛ්‍යාවට අනුව සියළු ද්‍රව්‍ය බෙදා දෙන හැටි උගන්වමින් බඩු නිකුත් කාලා....
       මේ අවශ්ථාවේදී අදාල හොරකමට අත්අඩංගුවේ සිටින බළලත් නිළධාරි සලාක අංශයට පැමිණි අතර මා අමතා පෙට්ටි දෙකක් අවශ්‍ය බවත් ගන්න පුළුවන්ද යන්න මාගෙන් විමසා සිටියේ සියළුම කාර්ය මණ්ඩලය සිටින අවශ්ථාවේදීය යන්න සදහන් කරන ලදී...

           එවිට මා විසින් කෙසෙල් දමා තිබු පෙට්ටියක් හිස්කර එක් පෙටිටියක් ලබා දුන් බවත් පෙරදින රාත්‍රී ආහාරයෙන් පසු ලබා දී ඉතිරිව තිබු ඇපල් ගෙඩි කිහිපයක් දැමු පෙට්ටිය ඒවා අස්කර ලබා ගන්නා ලෙසද දන්වා සිටි අතර එහි ඇපල් ගෙඩි පහක් හෝ හයක් පමණක් තිබෙන්නට ඇති අතර ඒවා නරක් වෙන බැවින් කවරෙකුටහෝ දිම කරනු ලබන්නේ පෙරදින ලැබුනු ඒවා බැවිනි.එම ඇපල් ගෙඩි හිස් කර ගන්නා කියා මගේ රාජකාරිය කරගෙන ගියා..ඒත් ඒ  පෙට්ටියේ ඇපල් ගෙඩි කීපයක් ඇති බවත් ඒවාද එම බළලත් නිළධාරි විසින්  රැගෙන පිටත් ව ඇත.ඒ පිළිබදව මා විමසිල්මත් නොවුයේ ඔහු විසින් එලෙස රැගෙන යනු ඇතැයි මා විශ්වාස කල බැවින් යැයි පවසා සිටියා....එය හැර කිසිවක් මා විසින් ලබා දී නොමැති බවද පවසන ලදී.
මෙය මා අදහන ආගමේ හැටියට සත්‍ය පවත් නිවරදි බවටත් සහතික කරන ලදී....
එම සටහනින් පසු විමර්ඔනය තවත් දුරට යාමට විය.මා මුදවා හැරිමට සලාක අංශයට පැමිණි මාණ්ඩලික සැරයන් ඇතුළු එදින කාර්්‍ය මණ්ඩලයේ සිටි අයවළුන්ගේ සාක්කි සටහන් කර ගැනීම සදහා පසුදින යො ගත් අතර දින දෙකකට නැවතීමට බඩුත් සමග ගිරිතලේ යුධ හමුදා පොලීසිය වෙත ගිය මා ඇතුළු සියළුම දෙනා එදින රාත්‍රී දහයට පමණ කදවුර තුලට ගෙනවිත් භාර දෙන ලදී...
   පසුදින සාක්කි සටහන් කර ගැනීමට නියමිත මාණ්ඩලික සැරයන් විජේසිංහ ඇතුළු පිරිස ගිරිතලේ යුධ හමුදා පොලීසිය වෙල රැගෙන ගිය අතර මා මාගේ භාරදිම් භාරගැනීම් කටයුතු සදහා සියල්ල සුදානම් කරන ලද්දේ මොනදේ වුවත් දැන් මා යන්න සියල්ල සුදානම් කර ගත යුතු බැවිනි.
  එම අයවළුන්ගේ සාක්කි සටහන් කර ගැනීමෙන් පසුව හවස් වරැවේ යුධ හමුදා පොලිස් නිළධාරින් විසින් කදවුරට රැගෙන එන ලදී .මම කිසිවක් එම අයවළුන්ගෙන් විමසිමට උනන්දුවක් නොවු අතර මා මුදවා හැරිමට පැමිණී මාණ්ඩලික සැරයන් සමග පමණක් කාථා කරන ලදී.පසුව ඔහු විසින් පැවසුයේ එම රාජකාරින් භාර ගැනීමට නොහැකි බවත් නැවතත් රෙජිමේන්තු මධ්‍යස්ඨානයට යාමට අදහස් කරන බවය......
    කෙසේ නමුත් මා ගැන හොදින් දන්නා මාණ්ඩලික සැරයන් විජේසිංහ අකමැත්තෙන් වුවද එම රාජකාරිය භාරගැනීමට කැමැත්ත පුකාශ කරන ලද්දේ මා ගැන මොහොතක් කල්පනා කිරිමෙන් යුක්තවය......අවශානයේදී භාරදීම් භාරගැනීම්ට සියල්ල කටයුතු කර පසුදින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙ යාමට සුදානම් වුයෙමි........
මා හට අයත් සියළුම බඩු භාහිරාදිය හිතුරක්ගොඩ දුම්රිය පොලෙන් දුම්රියට පැටවීමට භරදිමෙන් අනතුරැව මම කදවුරට පැමින විවේක ගන්නා ලදී....

මින්නේරි කදවුරින් පිටත් වීම......
             
     




බොහෝ දෙනකුගේ වැටිම හා නැගිටීම පිනිසත් .......ප්‍රතික්ෂේපයට ලක්වන දේව සළකුණක් වන පිනිසත් නියමව සිටී..........ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාල වෙනු ඇත.....මෙසේ වන්නේ බොහෝ දෙනකුගේ සිත්හි රහස් කල්පනා එලිදරව් වන පිණිසත්ය..............(ශු; ලූක් 2:34-35)

No comments:

Post a Comment